පුංචී බෙන්
එකල මා කොලරාඩෝ ප්‍රාන්තයේ ලිට්ල්ටන් නම් වූ කුඩා ගම්මනයක පිහිටා තිබුනු රෝහලක හෙදියක් ලෙස සේවය කලෙමි…හිතාමත් සුන්දර කදුපන්තියක් මධයයේ පිහිටා තිබුනු ලිට්ල්ටන් ගම්මානය හිතාම සුන්දර ස්ථානයකි…තවමත් මා ඒ සුන්දරත්වයට ප්‍රිය කරමි..මා මේ කියන්නට යන සිදුවීම සිදුවුයේද මෙම මනරම් ස්ථානයේදීය…
මා සේවයේ නියුතුව සිටි රෝහලට ” බෙන්” නම් වූ කුඩා දරුවෙකුව ඇතුලත් කලේය…වයස අවුරුදු 6ක් පමන වූ ඔහුට හරිම ලස්සන සිනහවක් තිබින. ලස්සන නිල්පාට දෙනෙතක් සහා ලා තබ පැහැ කොන්ඩයකින් යුක්ත වූ ඔහුගේ මුහුන හිතාමත් ශාන්ත ප්‍රියමනාප එකකි…. ඔහුව දකින ඕනැම කෙනෙකු ඔහුව අතට ගෙන මොහොතකට හෝ නලවනු ඇත….ඔහු ඒ තරමට සියුම් ය… සුන්දරය…. එහෙත් දෛවය ඔහුට මිනිසුන් තරමටවත් ආදරය කොට නැත…ඔහුට ලියුකේමියාව වැලදී තිබින…
පිලිකා ප්‍රතිකාර දරුනුය…එවන් දරුනු කිමියෝ ප්‍රතිකාර මෙවන් කුඩා දරුවෙකු කොහොම දරා ගන්නද….එහෙත් මේ පුංචී දරුවා ඒ සියල්ල දරාගත්තේය…මාසයක් පමන ප්‍රතිකාර කරද්දි ඔහුගේ ලස්සන තබ කොන්ඩය ගැලවී ගියේන් එය සම්පුර්නයෙන්ම කපා දමන්නට අපිට සිදුවිය..ඔහුගේ නිල්පැහැති දෙනෙත් වල තිබුනු සුන්දරත්වය නිමී යන්නට විය..එහෙත් ඔහු ඒ සියල්ලටම මුහුන දෙමින් ශක්තිමත් ව සිටියේය…
බෙන්ට කුඩා සහෝදරියක් සිටියේය… අමේලීයා නම් වූ ඇය වයස අවුරුදු 8ක පමන කුඩා දැරියකි…පියාත් සමග නිතර නිතර රෝහලට පැමිනෙන ඇය බෙන් සමග රෝහල් වාට්ටු වේ සෙල්ලන් කරමින් සිටිනු අපට නිතරම දැකගත හැකි විය… දින කිහිපයක් ගෙවී යද්දී අමේලීයාත් එක් වරම රෝගාතුර විය… බෙන්ගේ මවත් මියගියේ ලියුකේමියා රෝගයෙන් නිසාවෙන් මෙය ජානමය හේතුවක් විය හැකියැයි සැක කල අපි අමේලීයාව පරික්ෂාවට ලක් කලෙමු… එහිදි ඇයටත් ලියුකේමීයාව සැදි ඇති බැව් අපට සොයා ගත් හැකි විය..
මෙහින් ඔහුන්ගේ පියා හොදටම අසරන විය…බිරිද මියගොස් මාස කිහිපයකට පසු තම පුතාටත් දැන් තම දුවටත් මෙම මාරාන්තික රෝගය සැදීම තාත්තා කෙනෙක් කොහොමනම් ඉවසන්නද…ඔහු තම සේවයෙන් පවා අස්වී රෝහලේම නැවතී තම දරුවන්ව රෑකබලා ගත්හ…
දිනක් මා වාට්ටුවට යන විට පුංචි බෙන් තම ඇදට එහා පසින් ඇදේ සිටි තම සොහොයුරිය දෙස බලාගෙන සිටියේය…
” අක්කට තවම සනීප නැහැ ” මාව දුටු ඔහු සෙමෙන් මිමිනුවේය..
” ඉතින් ඔයාටත් සනීප නැහැනේ ” මා ඔහුට කීවෙමි..
” මට සනීප වුනොත් අක්කටත් සනීප වෙයිද ” ඔහු මගෙන් ඇසීය..
මා සිනාසුනිමී..දරුවන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දීම සමහට විටෙක හිතාමත් තීරනාත්මකය..
” ඔව්… ඔයාට සනීප වුනොත් අක්කටත් සනීප වෙනවා… ” මා සිනා සී කීයෙමි…
” එහෙනම් මමත් සනීප වෙනවා ” ඔහු කීවේය.
මේ කතාවෙන් දින කිහිපයකට පසු අපූරූ දෙයක් සිදුවිය…බෙන්ගේ තත්වය කෙමෙන් කෙමෙන් යහපත් වන බැව් අපිට දැකගත හැකි විය…. මේ කුතුහලත් එක්කම අපි බෙන් ගේ රුධිරය පරික්ෂාවට ලක් කලේමු…
ඔහුගේ රුධිරය ලියුකේමියා සෙයිල විනාශ කරත හැකි සුදුරුධිරානු නිපදවිම වීම වේගවත් වී ඇත… ..එය නම් හාස්කමක් විය යුතුය… බෙන් තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ප්‍රතිකාර ගත හොත් ඔහුව අනිවාර්යෙන්ම සුව වන බව වෛද්‍යවරුන් තීරනය කලේය…
මෙයින් අමේලීයා ගේ ජිවිතයත් බේරාගැනීමට අපිට හැකිවනු ඇත… බෙන්ගේ රුධිරය අමේලීයාට ලබා දීම තුලින් ඇයගේ රුධීරය පිරිසිදු කිරීමටත් හැකිවෙනු ඇත.. බෙන්ගේ තත්වය ගොඩක් හොද අතට හැරෙද්දී අමේලීයාගේ තත්වය තවත් දරුනු වන්නට වූයෙන් මෙය ඉක්මන් කල යුතු විය…අප මේ සදහා බෙන්ගේ පියාගෙන් අවසර ලබාගත්තෙමු …. මෙය බෙන්ටත් කිව යුතු බැව් ඔහු සිතීය… අපි එය ඒ ආකාරයෙන්ම කිරීමට තීරනය කලෙමු…
” පුතේ …ඔයාට මතකද මම කිව්ව ඔයාව සනීප වුනොත් ඔයාගේ අක්කවත් සනීප කරන්න පුලුවන් කියලා… ”
” ම්ම් ” ඔහු හිස සැලීය..
දැන් ඔයාට සනීපයි…. ඒ නිසා ඔයාගේ ලේ අක්කටත් දුන්නොත් අක්කවත් සනීප වෙයි… ඔයා ඒකට කෑමතිද ..
ඔහු සිනාසින…ඒ සිනාව තුල වචනයෙන් කිව නොහැකි අවයාජ වූ ආදරයක් ගැබ් වී තිබින..
” මගේ ලේ දුන්නොත් අක්කව සනීප වෙනවද ”
” ඔව් ”
” එහෙනම් මම අක්කට ලේ දෙනවා ” ඔහු සිනාසෙමින් පැවසීය….
” එහෙත් ඊට කලින් මට අම්මව බලන්න යන්න ඕන… ” ඔහු ඔහුගේ පියාට කීහ… ඔහුගේ පියා විමතියෙන් මෙන් මා දෙස හැරී බැලීය..
බෙන් ගේ ඉල්ලීම පරිදි බෙන්ගේ පියාත් මමත් ඔහුව මවගේ සොහොනට එක්කර ගෙන ගියෙමු..බෙන් ඔහුගේ මවගේ සොහොන බලා යලිත් රෝහලට එන අතරතුර මගෙන් මෙසේ ඇසීය…
” මාව මැරුනම මාවත් අම්ම ලගට යනවද ”
” ඔයා විතරක් නෙමේ පුතේ අපි හැමෝම මැරුනම එතනට තමා යන්නේ… ” මා ඔහුව තුරුලු කර ගතුයෙමි…
එතැන් සිට බෙන් සිටියේ බොහොම සතුටිනි…ඔහු නිතරම අක්කගේ ඇද ලගට ගොස් ඇයගේ හිස අතගාන්නටත් ඇයදෙස බලා සිටින්නටත් පටන් ගත්තේය… අමේලීයාගේ තත්වය දරුනු වෙද්දි ඇයට කතා කල නොහැකි වූයෙන් තමන්ට අවශය දේවල් කීමට ඇය පොතක් භාවිතා කලේය… බෙන් සහා අමේලීයා එකට සිටින විට ඔහුන් මේ පොතේ විවිද චිත්‍ර අදිමින් සෙල්ලන් කලෝය.
බෙන්ගේ රුධිරය පාරිවිලනය කරන දින පැමිනියේය..මෙහින් බෙන්ට වේදනාවක් ඇති විය හැකි බැවින් මමත් ඔහුගේ පියාත් ඔහු ලගින්ම සීටීමට තීරනය කලෙමු…
“අක්කව සනීප වෙයි නේද ” ඔහුව මේ සදහා සූදානම් කරද්දි ඔහු මගෙන් ඇසීය…මා ඔහුව වැලද ගතුයෙමි..
” ඔව් පුතේ ..ඔයාගේ ලේ අක්කට දුන්නම අක්කව සනීප වෙනවා.. ” මා කිවෙමි…
ඔහු මේසය මත වූ අක්කගේ පොත මා අතෙහි තැබීය….
” අක්කා ඇහැරුනාම අක්කට මේක දෙන්න… එයා දැන් නිදිනේ… ඒ නිසා මම ලිව්ව දේ එයාට කියවන්න බැහැ… ” පොත අතට ගත් මම ඔහුගේ හිසට හාද්දක් දුන්නෙමි..
” පුතා බය වෙන්න එපා… මේකෙන් ඔයාට රිදෙන එකක් නැහැ.. ” එන්නත් කටු දැකීවෙම් දරුවන් බියට පත් වෙන නිසාවෙන් මා සිතුවේ ඔහුද බියට පත්වී ඇතැයි කියාය..
රුධිර පාරිවිලනය ආරම්භ විය… විනාඩී කිහිපයක් දෙනෙත් වසාගෙන සිටි බෙන් විටින් විට දෙනෙත් විවර කර වටපිට බලන්නට විය… මෙය ඔහු කිහිප වතාවක්ම සිදු කලෙන් ඔහු ලගට ලංවුනු මා
” ඇයි පුතේ ඔයාට රිදෙනවද ” යි ඇසිමි..
” නැහැ ” ඔහු කීහ..
” එහෙනම්… ”
” මාව මැරෙන්න තව කොච්චර වෙලා යනවද ” ඔහු ඇසීය…
මෙය අසා සිටි බෙන්ගේ පියාටත් මටත් හිනා ගියේය… ඔහු මෙතෙක් සිතා සිටින්නට ඇත්තේ රුධීරය දීමෙන් ඔහු මිය යන බව විය යුතුය…ඔහු මවගේ සොහොන බලන්නට යන්නට අහන්නට ඇත්තෙත් ඒ නිසා විය යුතුය…මට එක්වරම බෙන් දුන් පොත මතක් විය…බෙන්ගේ පියා ඔහුවත් බදාගෙන සිනාවෙද්දි මම හීන් සීරුවේ අර පොතත් අරගෙන වට්ටු කාමරයෙන් පිටතට ආයෙමි..
එය ” අමේලීයාත් – බෙනුත් ” ඇදපු චිත්‍ර සටහන් වලින් පිරී ඇත…එහි පිටු කිහිපයක් එක දිගට බලාගෙන ගිය මගේ දෙනෙත් එහි තිබුනු බෙන්ගේ අත් අකුරු මත නැවතින… එය කියවූ මගේ දෙනෙතින් කදුලු කඩා වැටින… ඒ කදුලු තුලින්ම සිනහවකුත් නැගින…මා සිනාසුනිමි,,, ඇඩුයෙමි… පුංචී දරුවන්ගේ සිතුවිලි පුදුමාකාරය…ඒ සිතුවිලි ඔහුගේ පුංචී හදවතට දෙන ශක්තියත් පුදුමාකාරය… මා වාට්ටුවේ ඇදෙහි වැතිර දෙනෙත් වසාගෙන සිටින පුංචි බෙන් දෙස බැලුවෙමි… මට ඒ දරුවා කෙරෙහි නැගුනේ වචනයෙන් කිව නොහැකි තරම් වූ දයාබර සෙනෙහසකි..
” අක්කා මගේ ලේ අරගෙන සනීප වෙන්න…මම අම්මා ලගට යනවා”
එහි ඔහුගේ කුඩා අත් අකුරු වලින් ලියා තිබින….
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment