අලුත් පොතක්" කතා බහා සමග "හීන මායිම්" කෘතිය රචනා කල තරිදු අමිල
අද පොත් මී “අලුත් පොතක්” කතා බහා සමග ඔබ හමුවට එන්නේ “හීන මායිම්” කෘතිය රචනා කල තරිදු අමිල මහතා. 1. ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බ්ඳක්..? ගම්පහ අලුත්ගම ප් රදේශයේ තමයි මගේ ගම් පලාත වෙන්නේ..මම තමයි එක් සහෝදරියකින් යුතු පවුලේ බාලයා. එක වසරේ සිට පහ වසර දක්වා ගම්පහ බණ්ඩාරවත්ත පරාක් රම විද් යාලයටත් පහ පවසරේ සිට දහතුන වසර දක්වා ගම්පහ බණ්ඩාරනායක විද් යාලයටත් තමයි මම පාසල් ගියේ. 2.”හීන මායිම” ඔබේ පළමුවැනි නවකතාව වුවත් ඔබ කලාවට නම් අලුත් කෙනෙක් නොවෙයි. දක්ෂ පද රචයෙක් වෙන ඔබේ මේ කලා ජීවිතය ආරම්භ උනේ කොයි කාලයේදීද ? එයට පසුබිම හැදුනේ කොහොමද? කවියෙක් සහ ගී පද රචකයෙක් විදිහට තමයි හුගක් අය මාව සමාජ මාධ් ය ඔස්සේ හදුනා ගන්නේ .. 2011 දී මම ලියපු පලවෙනි ගීතය පටිගත කරනවා. එතැන් පටන් ගී පද රචකයෙකු ලෙස බොහොම හිමින් ගමනක් තමයි මම එන්නේ.. අද වෙනකොට ප් රවීන සහ නවක නිර්මාණකරුවන්ගේ ගීත රැසකටම ගී පද රචනාවෙන් දායක වෙන්නට අවස්ථාව ලැබී තියෙනවා.. මේ වෙනකොට ගීත විස්සකට වඩා වැඩි ප් රමාණයක් මම රචනා කරලා තියෙනවා.. පවුල් පසුබිමත් එක්ක නම් ලේඛන කලාවට ලොකු සම්බ...