දෙව්දුවක් ඇවිදින් සමග ඔබ වෙත එන සවිනි සුලක්ෂනා
“මම ගොඩාක් කැමති මගේ කතා හරහා පාඨකයාට ධනාත්මක අදහසක් දෙන්න “ – දෙව්දුවක් ඇවිදින් සමග ඔබ වෙත එන සවිනි සුලක්ෂනා 1. “දෙව්දුවක් ඇවිදින්” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ? මේක සරල ආදර කතාවක්.දෙමාපියන් අහිම සිටින තරුණියක් වන මන්දෝදරීට ඉන්න එකම සහෝදරියත්, සහෝදරියගේ සැමියත් හදිසි අනතුරකින් අහිමි වෙනවා.සහෝදරියගේ දියණිය වන කුඩා කැමිලියා වෙනුවෙන් දියණියගේ ලොකු තාත්තා ද ඉදිරිපත් වෙනවා.ඔහු තේජස්.මන්දෝදරී හා තේජස් දෙදෙනාටම කැමිලියාව අවශ්‍ය වෙනවා.ඉතින් ඒ මන්දෝදරී තේජස්ගේ ආදර් කතාව තමයි දෙව්දුවක් ඇවිදින්.බැඳිම් වල වටිනාකම,සැමියාගේ සාර්ථකත්වය වගේම ඔහුගේ පසුබෑමකදී වුවද ශක්තියක් වන බිරිඳක් ගැනත්,දෙමාපියන්ගේ අනවශ්‍ය ආදරයක් හා වැරදී නොපෙන්වා දීම නිසා දරුවෙකුට වෙන විපතත් මේ කතාවෙන් කියවෙනවා. 2 ඔබ මුහුණු පොතේ නිර්මාණ ඉදිරිපත් කලත් මුද්‍රණයට ගෙන එන්නෙ අලුත්ම කතාවක්. එයට විශේෂ හේතුවක් තිබෙනවද.. මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ නිර්මාණ මුද්‍රිත මාධ්‍යට ගේන්න අදහසක් නැද්ද..? දෙව්දුවක් ඇවිදින් කියන්නෙ හදිස...