මහ එකා
“සුදු හාමිනේ..බඩත් උස්සගෙන මහන්සි වෙන්න හොඳ නෑ නොවැ..ඉන්ඩ..මම ඔය රෙදි ටික වනන්නම්..” “මට මහන්න්සියක් නෑ අයියණ්ඩි..මහන්සි නොවී ඉන්ඩත් හොඳ නෑ..” එහෙම කියල බෑ..ඔය කුසේ ඉන්නෙ මගෙ ලේ ධාතුව..මම මැරුණත් කමක් නෑ..ඒත් උඹල දෙන්නට අතුරු අන්තරාවක් වෙන්න නාකයි..ඉදින්කො..හීන් නඟාටවත් එන්න කියන්නම් මම උඹව බලාගන්ට..මමත් හේනට ගියාම උඹ තනියමනෙ මගෙ මැණිකේ” ………………………………………………………………………………………. මේ 1970 දශකයයි..එකල හද්දා පිටිසර ගම්මාමනක් වූ ඇතිලිවැව ගම්මානය මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත..අද මෙන් නොව එකල ප්‍රවාහනය හා විදුලිය ඉතා අඩු මට්ටමක පැවතිණ.කෘෂිකාර්මික වගාව ජීවනෝපාය කරගත් උක්කුවා තරමක හැඩි දැඩි පුද්ගලයෙකු විය..හේන් වගාවටත්,දඩයමටත් ඔහු තරම් හපනෙකු අහල ගං හතකවත් නොවීය.තල,කුරක්කන්,බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගත්,වට්ටක්කා,බටු,තක්කාලි මිරිස් වැනි එළවලු වර්ගත් වසර පුරා වගා කර සෑහෙන ආදායමක...