Posts

Showing posts with the label shyamika jayashani basnayake

ඉදිරියේදි පොඩි දරුවෝ වෙනුවෙන් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

Image
සංවේදනා සමග යළිත් ඔබ වෙත එන ශ්‍යාමිකා ජයශානී බස්නායක අද පොත්මී “අලුත් පොතක්” සමග,    1. සංවේදනා කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ තුන්වන කෘතිය. ඒ වගේම මෙය කෙටි කතා සංග්‍රහයක්. ඉතින් මෙහි ඇතුලත් වෙන කෙටි කතා ගැන පොදුවේ හැඳින්ව්මක් කරමු මුලින්ම. සංවේදනාවේ කෙටි කතා 17 ක් අන්තර්ගත වෙනවා. විවිධ ශානරයන්ගෙන් ලියවුණ, විවිධ තේමාවන් කිහිපයක් ඔස්සේ තමයි සංවේදනාව නිර්මාණය වෙන්නේ. හැම අංශයක්ම නිරූපණය වෙන ආකාරයට විවිධ හැඩ රාමු ඔස්සේ නිර්මාණය වුණ සංවේදනා කෘතිය ඇතුළේ සමාජයට යම්කිසි පණිවුඩයක් ලබාදීම මගේ අරමුණක් වුණා.   2. මේ කෘතිය මුද්‍රනය කිරිමේ කාර්යට බොහෝමයක් දෙනාගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්නට ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු… සංවේදනා මගේ විතරක් හීනයක් නෙමෙයි. මේ හීනයට ඇප කැපවුණු ගොඩක් අය ඉන්නවා. මගේ අම්මටයි තාත්තටයි ගොඩක් පින් මම ළඟින් හෙවනැල්ල වගේ ඉදගෙන හැමදේටම පාර පෙන්නුවට.. මුලින්ම හීනයට පාර කැපුවේ මාධවී නංගි, මිලින්ද මල්ලි… ඊට පස්සේ ටයිප් සෙටින් එකේ ඉදන් හැම වැඩකටම උදව් කළේ චතූ. ලස්සන කවර් එකක් හදලා දීපු මගේ මල්ලි, නලින් අයියා මේ වෙලාවේ මතක් කරන්නම ඕන. තව සංවේදනාවත් එක්ක ලස...