Posts

Showing posts with the label එරන්ද වාකිෂ්ඨ

රදළතැන්න - එරන්ද වාකිෂ්ඨ

Image
අද පොත්මී “අලුත් පොතක්” සාකච්චාව තරුන ලේඛකයෙකු වන එරන්ද වාකිෂ්ඨ සමග, මේ ඔහුගේ අලුත්ම පොත “ රදළතැන්න “   මෑතකදී ඔබේ අලුත්ම කෘතිය රදළතැන්න නිකුත් වුනා. රදළතැන්න කියන්නේ ලංකාවේ වලව් පැලැන්තිය කියන සමාජයේ “බැස්ම” ගැන කතිකාවක් ගොඩ නගන ත්‍රාසය සහා කුතුහලයෙන් පිරුනු කතාවක්, මෙවන් කතාවක් ලිවීමට හේතු වුනේ කුමක්ද? ඔව්. ඒ කතාව හරියටම හරි රදළතැන්න කියන නවකතාව එකිනෙකට වෙනස් ශානරයන් දෙකක එකතුවක් වගේම සමාජය ඇතුලේ ක්‍රමයෙන් නැතිවී යන සංස්කෘතිකමය කාරණාවන් කිහිපයක් පෙන්නුම් කරන නවකතාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. රදළතැන්න නිර්මාණය වෙන්නේ මගේ මිතුරියකගේ හිතේ මැවුණු අදහසක් විදියට. ඇය මට ඉදිරිපත් කළ කතාවේ මුලිකම සිදුවීම් කිහිපය සහ චරිත වලට මම මගේ ශෛලිය අනුව පණ දුන්නා කිව්වොත් වඩා නිවැරදි.   ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝමයක් නවකතා ප්‍රකාශයට පත් කර ඇති කෙනෙක්, ඉතින් ඇයි අනිත් කතා අභිබවා රදළතැන්න මුද්‍රනය කරන්න හිතුවේ? රදළතැන්න කියන්නේ මම මුද්‍රිත මාධ්‍යයෙන් එළිදක්වන මගේ දෙවෙනි නවකතාව. ඒ වගේම මම නිර්මාණකරණය ආරම්භ කරාට පස්සේ මට වැඩිම ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණු , මම ...