රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ "මාධවී ජයසිංහ" අද "පොත්මී" අලුත් පොතක් සමග
අද “පොත්මී” අලුත් පොතක් විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ, රොබරෝසියා රැගෙන ඔබ වෙත ආ “මාධවී ජයසිංහ” 1. ඔබ කොයි කාලයේ කොයි ආකාරයෙන්ද ලේඛන කලාවට යොමුවුනේ..?? මට මතකයි මං පුංචි කාලේ කෙටි කතා , කවි, නිසදැස් ලියන්න පුදුම තරම් ආසයි. ඒත් කවි, නිසදැස් කාටහරි පෙන්නුවට කෙටි කතා නම් කිසිම කෙනෙක්ට පෙන්වලා නැතුව ඇති. ඊටත් බොහෝ කාලයකට පස්සේ මං මානසික බිඳ වැටීමකට ලක් වෙලා ඉන්න දවස්වල මං සයිබර් නවකතා කියවන්න පෙළඹෙනවා. මීට අවුරුදු තුනකට විතර කලින් මං මගේ ප්‍රියතම සයිබර් කතුවරිය ඇලානා මදුරාගොඩ අක්කට මං යෝජනා කරනවා අක්කා මටත් කතාවක් ලියන්න ආසයි කියලා.. එදා අක්කා ඉදන් මේ අවුරුදු තුන පුරාවටම මං ලිව්වා. එන්න එන්නම ලේඛන හැකියාව දියුණු කරගනිමින් විවිධ ශාණරයේ කතා ලිව්වා. ඒ හැමදේකටම පස්සේ මගේ තෙලි තුඩින් රොබරෝසියා ලියවෙනවා. අද ඒ ලස්සන රොබරෝසියා මල පොතක් වෙලා. 2. ‘රොබරෝසියා ‘ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්.. රොබරෝසියා කියන්නේ ආදරය ගැන අලුත් විදියට හිතන්න ආරාධනාවක් ගෙනෙන කතාවක්. හරියට මෙන්න මේකයි කියලා සීමා ...