දෙව්දුවක් ඇවිදින් සමග ඔබ වෙත එන සවිනි සුලක්ෂනා
“මම ගොඩාක් කැමති මගේ කතා හරහා පාඨකයාට ධනාත්මක අදහසක් දෙන්න “ – දෙව්දුවක් ඇවිදින් සමග ඔබ වෙත එන සවිනි සුලක්ෂනා
1. “දෙව්දුවක් ඇවිදින්” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ?
මේක සරල ආදර කතාවක්.දෙමාපියන් අහිම සිටින තරුණියක් වන මන්දෝදරීට ඉන්න එකම සහෝදරියත්, සහෝදරියගේ සැමියත් හදිසි අනතුරකින් අහිමි වෙනවා.සහෝදරියගේ දියණිය වන කුඩා කැමිලියා වෙනුවෙන් දියණියගේ ලොකු තාත්තා ද ඉදිරිපත් වෙනවා.ඔහු තේජස්.මන්දෝදරී හා තේජස් දෙදෙනාටම කැමිලියාව අවශ්‍ය වෙනවා.ඉතින් ඒ මන්දෝදරී තේජස්ගේ ආදර් කතාව තමයි දෙව්දුවක් ඇවිදින්.බැඳිම් වල වටිනාකම,සැමියාගේ සාර්ථකත්වය වගේම ඔහුගේ පසුබෑමකදී වුවද ශක්තියක් වන බිරිඳක් ගැනත්,දෙමාපියන්ගේ අනවශ්‍ය ආදරයක් හා වැරදී නොපෙන්වා දීම නිසා දරුවෙකුට වෙන විපතත් මේ කතාවෙන් කියවෙනවා.
2 ඔබ මුහුණු පොතේ නිර්මාණ ඉදිරිපත් කලත් මුද්‍රණයට ගෙන එන්නෙ අලුත්ම කතාවක්. එයට විශේෂ හේතුවක් තිබෙනවද.. මුහුණු පොතේ ජනප්‍රිය වුණු ඔබේ නිර්මාණ මුද්‍රිත මාධ්‍යට ගේන්න අදහසක් නැද්ද..?
දෙව්දුවක් ඇවිදින් කියන්නෙ හදිසියේම මගේ හිතට ආ අදහසක්.ඒ කාලයෙම මුද්‍රිත පොතක් කරන්න අදහසක් තිබුන නිසා මුහුණ පොතේ පල නොකර අලුත්ම කතාවක් විදියට පිටු හරහාම මගේ ආදරණීය පාඨකයින්ට තිළිණ කරා.
මුහුණේ පොතේ ජනප්‍රිම උන කතාවක් මේ අවුරුද්දේ පොතක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා.
3. ” දෙව්දුවක් ඇව්දින් ” කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
0778207730 යන දුරකථනයට වට්සැප් පණිවිඩයක් තැබිමෙන් හෝ කතා කර හෝ නැති නම් dheer publishers ෆේස් බුක් පිටුවට පණිවිඩයක් තැබිමෙන් පාඨකයින්ට පොත මිලදී ගන්න පුලුවන්.
4. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…?
මගේ දෙමාපියන් මගේ අයියා ඇතුළු මගේ පවුලෙ අය තමයි මගේ ලොකුම සහයෝගය.ඒ වගේම දෙව්දුවක් ඇවිදින් මුද්‍රිත මාධ්‍යට ගෙන්න මටත් වඩා වෙහෙස මහන්සි දුනේ සචෙන්යා ප්‍රනාන්දු මහත්මිය,ලස්සන පිටකවරයක් සදාදුන් චමී තියඹරාහේන ගෙදර මහත්මියත් පරිඝණක පිටු නිර්මාණය කල මිලානි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් පොත මුද්‍රණය කර දුන් රංගන මහත්මයත් ආදරයෙන් මතක් කරනවා.ඒ වගේම මගේ පාසල් මිතුරියෝ මෙන්ම මුහුණු පොතේන් හමු වු ආදරණිය මිතුරියෝ සියලු දෙනත්. විශේෂයෙන්ම මගේ ආදරණිය මුහුණ පොතේ පාඨක පිරිස.ඔවුන් නැත්නම් මම කිසිදිනෙක මුද්‍රිත පොතක් කරන්නට නොසිතාවී.
5. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුණේ…?ලේඛිකාවක් වීම කාලයක් තිස්සේ ඔබේ අරමුණක් වී තිබුණ දෙයක්ද..?
මම ලේඛන කලාවට යොමු උනේ මුහුණු පොත හරහා.කවදාවත් ලේඛිකාවක් වීමට අරමුණක් තිබුනේ නැහැ.මම සිංහල විෂයක් ලෙස ද හැදැරුවේ සාමාන්‍ය පෙළ වෙන තෙක් විතරයි.එත් මම පොඩි කාලේ ඉඳන් කතා මවන්න ආසයි.ෂර්ලොක් හොම්ස් පොත් කියවන්නත් ආසයි.ඒ නිසා පොත් වල ලියපු රහස් පරික්ශක කතා කිහිපයක් තිබුනා.නමුත් අහම්බෙන් මුහුණු පොතට ලියු හාස්‍ය ආදර කතාවක් හරහා තමයි ලේඛන කලාවට යොමු උනේ මම.
6. ඔබ ආධුනිකයෙක් විදිහට මේ ක්ෂේස්ත්රයට පිවිසෙද්දි ක්ෂේස්ත්රයේ ඇතුලතින් ඔබට ලැබුණු සහයෝගය කොහොමද…?
සහයෝගය දුන් අය වගේම නොදුන් අයත් ඉන්නවා..එත් ආධුනිකයි කියලා පාගාදැමිමක් ද වුනේ නැහැ.
7. ඉදිරියේදී පාඨකයින් වෙත ලබා දෙන්නට සිටින අලුත් නිර්මාණ ගැන අදහසක් මේ වෙන විට තිබෙනවාද…?
මේ වර්ශය හා ලබන වර්ශයේ මුල අලුත්ම නිර්මාණ කිහිපයක්ම පාඨකයාට ලබාදෙන්න බලාපොරොත්තුවක් තියනවා.
8. පොතක් ලිවීම කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට ලොකු දැනුමක් , අත්දැකීම් වගේම කාලවේලාව අවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලියන්න අවශ්‍ය මේ කරුණු කාරණා සපයා ගන්නෙ…?
අවශ්‍ය කරුණු ප්‍රධාන වශයෙන් මම අන්තර්ජාලය හරහා ලබාගන්නවා..පොතට අදාල තේමාවට අනුව ඒ හා සම්බන්ධ පුද්ගලයින්ගෙන්ද තොරතුරු ලබාගන්නාවා.බොහෝ වේලාවට මගේ අත්දැකිම් ද මා අවට ඉන්න අයගේ අත්දැකිම් ද පොත් වලට අඩංගු කරනවා.එතකොට කතාවේ තාත්වික බව වැඩිවෙනවා කියලා හිතෙනවා මට. අසීරුම දේ උසස් අධ්‍යාපන කටයුතු සමඟ පොතක් ලිවීමට අවශ්‍ය කාලවේලාව සොයාගැනිම තමයි.
9. මුහුණු පොතේ නිර්මාණ පලකිරීමේදී පාඨකයින්ගෙ ඔබට ලැබුණු ප්‍රතිචාර සහ වෙනත් අතදැකීම් ගැනත් සඳහනක් කළොත්…?
මුහුණු පොතේ නිර්මාණ පලකරන්න පටන් ගෙන දැන් වසර තුනහමාරක් වගේ වෙනවා..එත් පටන් ගත්ත දා ඉඳන් තවමත් මගේ නිර්මාණ සමඟ රැඳෙන පාඨක පිරිසක් ඉන්නවා.හැමදාමත් වගේ මගේ නිර්මාණ වලට හොඳ ප්‍රතිචාර වගේම මගේ අඩුපාඩුවක් තිබුනොත් එවාත් පෙන්වලා දෙනවා.ලිවිමට සවියක් දෙන්නෙ ඔවුන්ගේ ආදරණීය ප්‍රතිචාර.මුහුණු පොතේ නිර්මාණ පල කිරිමේදී උපුටාගැනීම හා වෙනස් තේමාවක් ලියු ගමන් ඒ ඇසුරෙන් තවත් කතා පලවීම තමයි ලිවිම පහුබහින එකම හේතුව.
10. ඔබ හිතන විදිහට ලේඛිකාවක් වශයෙන් ඔබට සමාජයට කල හැකි මෙහෙවර කුමක්ද…?
ලේඛිකාවකට අනිවාර්යයෙන් ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් සියලුම සමාජ තල සඳහා.මම ගොඩාක් කැමති මගේ කතා හරහා ධානත්මක අදහසක් දෙන්න පාඨකයාට.මම ප්‍රධාන වශයෙන් ලියන්නෙ ආදර කතා.ආදර කතා කිව්ව ගමන් රාගය උලුප්පන්නෙ නැතුව සෞම්‍යයව ජිවිතයක් වෙනස් කල හැකි දෙයක්.බොහෝ තරුණ තරුණයින් ආදරයෙන් පැරදිලා ජිවිතය විනාශ කරගන්නවා.උදාසීන ජීවිතයක් ගෙවනවා.තරුණයෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.අපේ කතාවකින් ධානත්මක අදහස් දෙද්දී එවැනි තරුණ තරුණයින්ගේ අදහස් වෙනස් කරන්න ලොකු පිටුවහලක් වෙනවා.මගෙ කතා කියවලා එහෙම ජිවිතේ වෙනස් කරගත්ත අය ඉඳිම මට ලොකු සතුටක්.කතා වලට ඉන්න චරිත සමහර වෙලාවට අපේ ජිවිතයට අරූඨ වීමක් වගේ වෙනවා.හොඳ ආකල්ප දෙන්න පුලුවන් පුද්ගලයාට.ඉතින් පොත් කියන්නෙ සමාජට විශාල මෙහෙවරක් කරන්න පුලුවන් මාධ්‍යයක් වගේම ලේඛිකාවක් කියන්නෙ සමාජයට මෙහෙවරක් කල හැකි කෙනෙක්.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment