ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න
මා ඔබට පවසන්නට යන මේ කතාව ආරම්භ කිරීමට මත්තෙන් 2018 වර්ෂයේ බර්න් නුවර "සෙලිකොෆේන්" නමින් හදුන්වන කුඩා ගම්මානයක් තුල සිදුවූ සිදුවීමක් ඔබ දැනගත යුතුය.
මා ඉහත සදහන් කල වර්ෂයේදී "සෙලිකොෆේන්" ගම් සීමා මායිමේ සිදුවූ හදීසී අනතුරකින් පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත් වී තිබින. ඊට පසුදින "බර්න් ඩේලී මේල් " පුවත්පත එම සිද්ධිය පහත ආකාරයෙන් වාර්තා කොට ඇත.
"ඊයේ රාත්‍රියේදි සෙලිකොෆේන්
හිදී සිදුවූ මෝටර් රථ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර සෙලිකොෆේන් කදුකර
මාර්ගයේදී වේගයෙන් ධාවනය වී ඇති "ලා ෆෙරාරී" වර්ගයේ
k65567 දරන මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම
අනතුර සිදුවී ඇතැයි පොලිස් නිල නිවේදනය සදහන් කරයි.
මෙම අනතුරින් ඉතාලී ජාතික "ඇලෙක්සැන්ඩ්‍රියා මාචෙලෝ' යන අයෙකු මියගොස් ඇති අතර බර්න් අපරාධ විමර්ශන ඒකකය මෙම අනතුර පිලිබදව තවමත් පරීක්ෂන කරමින් පවතී "
ස්විස්ටර්ලන්ත "හදීසී අනතුරු" නීතීයේ I\A 76 - උප වගන්තී 84 යන කොටසෙහි සදහන් වන පරිදි මාර්ගයේදී සිදුවූ හදීසී අනතුරකදී සිදුවන මරණයක් පිලිබද පූර්ණ විමර්ෂන වාර්තාවක් දින 7ක් ඇතුලත, අනතුර සිදුවූ ප්‍රදේශයේහි පොලිස් විමර්ෂන ඒකකය විසින් උසාවිය වෙත ඉදිරිපත් කල යුතු අතර, එම වාර්තාවලට අනුව සිදුවී ඇති මරණය "හදිසී අනතුරකින් සිදූවු" මරණයක් බවට උසාවිය විසින් තහවුරු කල පසුව එය නිෂ්ප්රභා කර දමනු ඇත.
බර්න් විශේෂ විමර්ෂන ඒකකය
මෙම සිදුවීම හබා යෑමත්, අදාල සම්පූර්න වාර්තාව දින 7ක් ඇතුලත උසාවියට ඉදිරිපත් කිරීමත්, යන වගකීම්
එම දෙපාර්තුමේන්තූවේම නිලධාරිනියක වූ "ලුසී
සිරෝබ්යාන්" ට පැවරුවාය.
ත්‍රිත්ව - මෙයින් ආරම්භ වෙයි.
ත්‍රිත්ව, 2018 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේදී සිදුවූ සත්‍ය සිදුවීම්
දාමයක් මූලාශ්‍ර කරමින් නිර්මානය කෙරින.
ත්‍රිත්ව
F A
I T H
By
Muthumudlige Nissanka
ආරම්භය
සෙලිකොෆේන් හී “හස්ටන් මාවතෙහි” අංක විසි දෙක දරන නිවස ඉදිරියෙහි මිනී කූපරය නැවැත්වූ ලුසී ඇය අතෙහි වූ ෆයිල් කවරය පෙරලමින් එහි වාර්තා අතර තිබුනු නම කියැවූවාය.
"මෙය ඉන්දියානු නමක් විය යුතුය" ඇය එහි වූ දත්ත අතරට දෙනෙත් හෙලීය.
"යශෝධා විමලසූරීය,
වයස අවුරුදු 27යි.
ශ්‍රී ලාංකික,
ද්විත්ව පුර්වැසි "ස්විස්ටර්ලන්තය"
"ම්ම්ම්, ශ්‍රී ලාංකික" ඇය සෙමෙන් තමාටම මුමුනා ගත්තාය. ෆයිල් කවරය වසා දැමූ ඇය සුක්කානයට ඉහලින් ඇති උඩු දර්පනයෙන් පෙනෙන තම රූපය දෙස බැලුවාය. එය දැකීමෙන් ඇයගේ දෙනෙතට ආලෝකයකුත්, දෙතොලට සියුම් සිනහවකුත් නැගින. ඇයගේ දූ සිගිත්තියගේ කුඩා පින්තූරයක් මෙම දර්පනය කොනෙහි අටවා ඇත. ඇය දෙතොලට අතක් තබා එහින් මුදවා ගත් හාද්දක් එම ජායාරූපය මත තැබූවාය. ඉන්පසුව ෆයිල් කවරයත් සමග කාරයෙන් බැසගත් ඇය නිවෙස දෙසට එන්නට පටන් ගත්තාය.
සෙලිකොෆේන්, ගිම්හාන කාලයට අපූරූ සුන්දරත්වයක් මවන නගරයකි. ඇය නිවෙස දෙසට එද්දී උදෑසන සීතලත් සමග හමා ආ සුලගක් ඇයගේ රන් වන් පැහැ හිසකෙස් සුලන් රැල්ලත් සමග පා කර දැමීය. හිරු කිරන අහස මුදුනට එමින් තිබුනෙන් එහින් නික්මුනු මනස්කාන්ත ආලෝකය නිවස වටා ඇති මල් ගස් අලංකෘත කරමින් ඇත. පරිසරයේ වු දැඩි නිශ්ශබ්දතාවය අතරින් මල් ගස් වටා පියාබන බඹරුන්ගේ පිහාටු එකිනෙක හැපෙන ගුමී නාදය ඇයගේ
දෙසවනට ගලා ආවාය. ඒ සියල්ල විදිමින්, ඈ සෙමෙන් සෙමෙන් නිවසෙහි ප්‍රධාන දොර වෙතට පිය මැන්නාය.
දොර අසලට පැමිනි පසුව ඇය යලිත්
හැරී පිටුපස බැලුවාය.
නිවස වටා වැටක ආකාරයෙන් නිල්
සහා රතු මල් ගස් පාත්තියක් වවා ඇත. ඒවා ඇතුලත නිවසට පැමිනෙන මං
තීරූව දෙපස මනාව කැපූ තණකොල පාත්තියකි.
" පිලිවෙලවට ජීවත් වෙන්න පුරුදු වුනු කෙනෙක් " ඒ දෙස බැලූ ලුසී ඇයටම මුමුනා ගත්තාය. ඉන්පසු දොර දෙසට හැරුනු ඇය එහි වූ සීනූව නාද කලාය.
විනාඩී කිහිපයක් ගත විය. තරුනියක්
විත් දොර විවර කලාය.
"මිස් යශෝදා වික්‍ර...ම...සූරීයා"
ලුසී තම අතේ වූ ෆයිල් කවරය දෙස බලමින් ගොත ගැසුවාය. එය උපතින්ම ජර්මානුවෙකු වූ කාන්තාවකට උච්චාරනය කිරීමට අපහසු නමකි.
"ඔව්, යශෝදා වික්රමසුරීය " නිවසේ සිටි තරුණිය සිනහවකුත් සමග පැවසුවාය.
ලුසී ඇය දෙස මනා බැල්මක් හෙලීය. ඇයට ඇත්තේ ලුසී හා සමානම උසකින් යුත් සිරැරකි.
"අඩි පහකුත් හතක් වෙන්න ඕනේ" ඇය දෙස බලද්දි ලුසී නිගමනය කලාය. ඇය සිහින්ය. දිගු බෙල්ලකුත්, කළු කොටට කැපූ කොන්ඩයකුත් ඇත. මුහුන දිගැටි මුත් මද කවාකාර හැඩයකින් යුක්තය. කාල වර්ණ දෑසකුත් පැහැපත් කහා පැහැති සමකුත් ඇයට ඇත. මේ මොහොතේ ඇය ස්නානයෙන් පසුව කාන්තාවන් අදින්නාවූ දිගු ලා නිල් පැහැති තුවා ලෝගුවක් ඇද සිටියාය.
"මම ලුසී සිරෝබ්යාන්, බර්න් අපරාද විමර්ශන ඒකකයෙන්, මම තමයි යශෝදාට අද උදේ කෝල් කලේ "
නිවසෙහි දොර අසල හිටගෙන සිටි තරුණියගේ මුවින් සිහින් සිනාවක් නික්මුනාය. ඇය හිතාමත් ප්‍රියමනාප මුහුනකින් යුක්තව මෙසේ පැවසුවාය.
"එන්න ඇතුලට, මම මිසිස් ලුසීව බලාපොරොත්තුවෙන් හිටියේ "
නිවස තුලට පැමිනි ලුසී ඇය සෑම විටම කරන්නාක් මෙන් ඇයගේ දෙනෙත් යන සෑම තැනක් දෙසම මනා බැල්මක් හෙලුවාය. එය මදක් විශාල වූ සාලයකි. එහි එක් පැත්තක කළු පැහැ දිගු සෝපාවකුත්, එම සෝපාවට ඉදිරියෙන් එකිනෙකට සමාන්තරව තැබූ ඒ පැහැයෙන්ම යුත් කුඩා සෝපා දෙකකුත් ඇත, ඒවාට මැද්දෙන් ඇත්තේ වීදුරු ආවරනයක් සහිත ටියුපෝවකි. සාලයේ එහා පස කෙලවරෙහි කෑම මේසයකුත්, බිත්ති වටා වූ ලී රාක්ක වල පොත් සහා විසිතුරු දේවලුත් තබා ඇත. නිවසේ සාලයට ඇතුලතින් ඇති කොරිඩෝව නිදන කාමර සදහා විය යුතුය.
"ස්විස්ටර්ලන්තයට සංක්‍රමනය වූ බොහෝමයක් අයට මෙවැනි නිවසක් සිහිනයකි" ලුසී තමාට පෙනේ දෑ දෙස බලමින් කල්පනා කලාය.
"හිදගන්න ලුසී" යශෝදා සාලයේ වූ සෝපාව පෙන්වමින් ඇයට පැවසුවාය.
ලුසී එය කාරුනික සිනහවකුත් සමග පිලිගත්තාය.
"යශෝදා, ස්විස්ටර්ලන්තයට ඇවිත් අවුරුදු දහයක්, මම හරිද? "
" ඔව්..." ලුසී ඇයගේ කොල පැහැ දෙනෙත් වලින් නිවස වටා යලිත් බැල්මක් හෙලීය.
"මේ නිවස, මිස් යශෝදට අයිති එකක්ද ? " ඇය සෝපාවේ හිදගන්නා ගමන් යශෝදාගෙන් ඇසුවාය.
ලුසීගේ ප්‍රශ්නයට ඇය පිලිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට තම කපු ලෝගූව ඇගට තද කරගත් යශෝදා සාලයේ අනෙත් කොනට යන්නට පටන් ගත්තාය. සාලයේ එක් පැත්තක ඇති කෑම මේසයට ආසන්නව කොෆී සාදන යන්ත්‍රය තබා ඇත.
"මිසිස් ලුසී, කෝපීද තේද ? "
"කොෆී යශෝදා, ඔයාට අපහසුවක් නැත්නම්
"
ලුසී සිනහවකුත් සමග පැවසුවාය.
යශෝදාගේ එම ප්‍රශ්නයෙන් ලුසී එක් දෙයක් දැනගත්තාය
"ඇය අසීරූ කාන්තාවක් විය යුතුය.
එසේම බුද්ධිමත්, සෘජු කෙනෙකි" ඇයට තම රාජකාරී ජීවීතයේදී
මෙවැනි කාන්තාවන් අනන්තවත් හමුවී ඇත.
ටික මොහොතකින් යශෝදා කෝපී
කෝප්ප දෙකකුත් සමග ලුසී හිදගෙන සිටි සෝපාව අසලට පැමින එහින් එකක් ලුසීගේ අතට දුන්නාය.
ලුසී ඇයගේ සුපුරුදු සිනහවත් සමග එය පිලිගත්තාය. යශෝදා ලුසී සිනහා සෙන විට ඇයගේ සිනහව
දෙස සෘජු බැල්මක් හෙලීය. ලුසීට ඇත්තේ කොල පැහැ දෙනෙතකී. දිගටී මුහුනක් සහා එයටම ගැලපෙන
සුන්දර වූ සිනහවකි. ඇයගේ රන් වන් පැහැ කොටට කැපූ කොන්ඩය කෝපී කෝප්පය ගැනීමට හිටගනිද්දී
මුහුනට කඩා වැටුනෙන් ඇය එය සෙමෙන් පසෙකට කරගත්තාය.
"මිසිස් ලුසී" යශෝදා මිමිනුවාය.
"ඔව් යශෝදා"
"ඔයා හිනා වෙනකොට ලස්සනයි!"
"ම්ම්ම්" එය ලුසි බලාපොරොත්තු නොවූ දෙයකි. ඇය ලොකු කරගත්
කොල පැහැ දෙනෙතින් යශෝදා දෙස බැලුවාය.
ඇයට කුමක් කියන්නදැයි ලුසීට
තේරුනේ නැත. ඇය යශෝදාගේ නිවසට පැමිනියේ මිනිමැරුමක් ගැන කට උත්තරයක් ගැනීමට වුවත්,
යශෝදා කිසියම් ආකාරයකින්
ඇයව ග්රහනයට නතු කර ගැනීමට යන බැව් ඇයට වැටයින.
"ස්තුතියි යශෝදා" ඇය සෙමෙන් මුමුනමින් නිශ්ශබ්ද විය.
යශෝදා යලිත් ලුසී දෙස බැල්මක් හෙලා කෝපී කෝප්පයද සමග
සෝපාවෙන් හිදගත්තාය.ඇය ඇද සිටි කපු ලෝගුව, ඇය සෝපාවේ හිදගන්නා විට මෑත් වුනෙන්
එහින් ඇයගේ කලවා මනාව පෙනෙන්නට විය. ඇය එය ගනනකට ගත් බවක් පේන්නට නැත. තට්ටම තෙක්
ලෝගුව ඈත් කල ඈ කකුලක් පිට කකුලක් දමා හිදගත්තාය.
ලුසී ඇයගේ එලියට නෙරා පැමිනි කලවා දෙසත්, කපු ලෝගුවෙන් බාගෙට පෙනුනු
පිරුනු පියයුරු දෙසත් බැල්මක් හෙලා, ඒ බැල්ම ඇයගේ මුහුන
දෙසට රැගෙන ගියාය.කෝපී කෝප්ප්ය දෙතොලට තබාගනිමින් යශෝදා ඇයගේ කාල
වර්ණ දෙනෙතින් ඈ දෙස එක හෙල්ලේම බලා සිටිනු ඇය දුටුවාය.
ලුසී ඇයගේ දෙනෙත් දෙස බලා
සිටියදීම තවත් සෘජු බැල්මකින් යශෝදා මෙසේ පැවසුවාය.
" නැහැ ලුසී, මේ ගේ මගේ නෙමෙයි,
මේක මගේ කෙල්ල
කුලී පදනම මත අවුරුදු දෙකකට අරගත්ත එකක්. මේ ගෙදර කොන්ත්‍රාත්තුව ඉවරවෙන්න
තව මාස හයක් තියෙනවා, එතකන් එයාට මේ නිවසේ ඉන්න පුලුවන් "
ඇයගේ සෘජු අවංක පිලිතුරින්
ලුසී සෑහීමට පත් විය. හැරත් එය ඈ මීට පෙර දැන සිටි දෙයකි. නිවසෙහි ලිපිනයත් සමග අදාල දත්ත වාර්තා කියවන ඕනෑම
නිලධාරියෙකුට එය වසර දෙකක කුලී පදනම මත “ෆේයිත්
බෙකර්” නම් අයෙකුට පවරා ඇති නිවසක් බවට සොයා ගැනීමට හැකිවනු ඇත.
"ඔයා දුන්නේ අවංක පිලිතුරක්, මම ඒ ගැන සතුටු වෙනවා"
ඇය එසේ පවසත්ම යශෝදාගේ මුවින්
හිතාමත් සියුම් සිනහවක් මතු වී ආවාය.එම සිනහවත් සමග කොන්ඩය මදක් පසෙකට කර ටියුපෝව මත
ඇති ෆයිල් කවරය දෙස බැලූ යශෝදා මෙසේ පැවසුවාය.
"මම දන්නවා ලුසී ඒක දැනගෙන
හිටියා කියලා, අපරාධ විමර්ශන ඒකකයට ඕනෑම පුද්ගලික වාර්තාවක් පරික්ෂා කරන්න අයිතිය තියෙනවා,
මේ නිවස ගැනත් ෆේයිත්
ගැනත් සේරම විස්තර ඔබ ඔය මේසය මත තැබූ
වාර්තාවෙම ඇති "
යශෝදාගේ එම පිලිතුරෙන් ලුසී
පුදුම වූයේ නැත. යශෝදාගේ චරිතය ගැන ඈ කලින් සිතූ ආකාරය නිවැරදිය. ඇය බුද්ධිමත්ය,
ඇයගේ දෙනෙත් සහා ඇය
භාවිතා කරන වචන උපායශීලීත්වයෙන් අනූනය, හැගීම් ප්‍රකාශ කිරීමේදී ඇය භාවිතා කරන ඉරියව්
වලින් සියුම් ලෙස කෙනෙකුව ආකර්ශනය කිරීමේ හැකියාවක් ඇය සතුය.
ලුසී සිතූ ආකාරයටම මෙවන් පුද්ගලයින්, විශේෂයෙන්ම මෙවැනි චරිත ලක්ෂනයන්ගෙන්
යුත් කාන්තාවන් සමග අපරාදයක් පසුපස හබා යෑම එතරම් පහසු කාර්යක් වන්නේ නැත.
ලුසීද
සිනහවකින්ම යශෝදාගේ නිගමනය නිවැරදී බවට හිගියක් කරමින් ඇයගේ අතේ වූ කෝපී කෝප්පය
ටියුපෝව මත තැබුවාය.
"මිස් යශෝදා, ඔයාගේ විරෝදයක් නැත්නම්,
අපේ පරීක්ෂන කටයුතු
වලට පහසුවක් ලෙස ඔයාගේ කට උත්තරය රෙකෝඩ් කරගත්තට කමක් නැද්ද?"
තම කෝට් සාක්කුවේ තිබුනු සොනී
රෙකෝඩරය අතට ගත් ලුසී එය යශෝදා ඉදිරියේ තිබුනු ටියුපෝවේ තබමින් ඇසුවාය.
"ඒකට ප්‍රශ්නයක් නැහැ මිසිස්
ලුසී" කී ඇය සාලයේ එහා කොනේ බිත්තියේ එල්වා තිබුනු ඔරලෝසුව දෙස බැලුයෙන්,
රෙකෝඩරයේ රතු බටනය
එබීමට කලින් ලුසී ඇයගෙන් මෙසේ ඇසීය.
"යශෝදා, මේ කට උත්තරයට විනාඩී
කිහිපයක්, එහෙමත් නැත්නම් පැයක් වුනත් වැය වෙන්න පුලුවන්. ඔයාට ඒකට මේ මොහොතේ වෙලාවක්
නැත්නම් අද දවස ඇතුලත ඔයාට සිද්ද වෙනවා සෙලිකොෆේන් පොලිස් ස්ථානයට ඇවිත් කට උත්තරය
ලබා දෙන්න,"
"නැහැ මිසිස් ලුසී,
වෙලාව ප්‍රශ්නයක්
නැහැ, මට පස්වරු එක වෙනකන්
පැය තුනක කාලයක් තියෙනවා. දැන් වෙලාව
දහයයි, පස්වරු දෙක වෙද්දි මම හොටෙල්
එකේ ඉන්න ඕනේ"
"එහෙනම් පටන් ගමුද?" කී ඇය යශෝදාගේ
එලියට නිරාවනරන වී තිබුනු කපු පොරෝන සළුව දෙස බැලුවාය.
" මිස් යශෝදට ඕනේනම් වෙනත් පහසු
ඇදුමක් ඇදගෙන එන්න පුලුවන් "
"නැහැ, මේක හොදයි "
"හරි , එහෙනම් මම පටන් ගන්නවා"
කී ලුසී රෙකෝඩරයේ රතු බටනය ඔබා ටියුපෝව උඩ වූ ෆයිල් කවරය ගෙන, එය විවෘත කොට මෙසේ
පැවසුවාය.
"දිනය 2018 අගෝස්තූ 25,
කට උත්තර කරු - යශෝදා විමලසූරීය
පදින්චිය අංක 22 සෙලිකෝෆේන්
ශ්‍රී ලාංකික
ද්විත්ව පුරවැසි ස්විස්ටර්ලන්තය
පුරවැසි අංකය SW11998733”
"යශෝදා
විමලසූරීය"
"ඔව් ලුසී"
"ඔයා ඇලෙක්සැන්ඩ්‍රෝ මාචෙලෝ
ව හදුරනවද?"
"ඔව්"
"කොහොමද"
"මාචෙලෝ, සෙලිකොෆේන්, ටියුලිප් හෝටලයේ
ඩිරෙක්ටර්, මම වැඩ කලේ මාචෙලෝ
යටතේ "
"ඔය දෙන්නා අතර තිබුනේ මොන
වගේ සම්බන්ධයක්ද ? "
යශෝදාගේ මුවින් එම ප්‍රශ්නෙට
සිනහවක් නැගින.එයට හේතුව ලුසී වටහා ගත්තාය.
"මිස් යශෝදා, මට දැනගන්න ඕන වුනේ, මාචෙලෝ සහා ඔයා අතර තිබුන
සම්බන්ධය"
"මට සමාවෙන්න මිසිස් ලුසී"
යශෝදා ඒ වචනය පැහැදිලිවම කියුවාය.
ලුසී ඇයගේ දෙනෙත් දෙස එක හෙල්ලේ
බැලුවාය.
"සිනහව, සිතෙහි දෙගිඩියාවක්
ඇති කිරීම, සහා සමාව ගැනීම, මනෝ විද්‍යාවට අනුව කෙනෙකුගේ සිතක් ග්රහනය කර ගැනීමට හැකි පුරුක් තුනකි. ඇය
හිතාමත් හොදින් එය කරමින් සිටී. ලුසී සිතුවාය.
“මම මාචෙලෝගේ සෙක්රිටරී,ඒක රාජකාරීමය සම්බන්ධයක්, ඒ හැරෙන්න වෙනත් පුද්ගලික
සම්බන්ධයක් අපි අතර තිබුනේ නැහැ"
"මිස් යශෝදා දන්නවා ඇති, මාචෙලෝ මේ වෙනකොටත්
ජීවතුන් අතර නැහැ"
"ඔව් මම ඒක දන්නවා"
"කොහොමද"
"මාචෙලෝගේ අනතුර සිද්ද වුනු
දවසට පහුවෙනිදම අපිට ඒක ආරංචි වුනා. මට විතරක් නෙමෙයි, හොටෙල් එකේ වැඩ කරපු හැමෝටම"
යශෝදා එය පවසත්ම
ඇයගේ කට හඩ කෙමෙන් බයාදූ වී ගියාය. ඇයගේ දෙනෙත් කදුලින් පිරී යන්නට විය. ඇය තත්පර කිහිපයක්
බිම බලාගෙන සිටියාය.ඒ තප්පර කිහිපය තුල ලුසී නිශ්ශබ්දව ඇයව නිරීක්ෂනය කලාය. පොලිස්
නිලධාරීනියකට මෙය අනගි අවස්ථාවකි. මරණයකට පසුව කට උත්තර කරුවන් ඔහුගේ හැගීම් ප්‍රකාශ
කරන සෑම ආකාරයකින්ම මරණයට ලක් වූ තැනැත්තා සහා ඔහුන් අතර ඇති සම්බන්ධය වටහා ගත හැක.
ඊටත් වඩා එවන් මොහොතක ඔහුන්ගේ හැසිරීම නිවැරදිව නිරීක්ෂනය කලහොත් එමගින් ඔහුන්
සහා මරණය අතර සම්බන්ධයක් ඇත්දැයි පවා වටහා ගැනීමට හැකියාවක් ඇත.
එහෙත් මේ මොහොතේ දී යශෝදා තුලින් ගැබුරු සාංකාවක් පහල වූයේ නැත.
ඇය පලකලේ සාමාන්‍ය ආකාරයෙන් මරණයක් ගැන ඇසීමේදී කාන්තාවක් දක්වන දුක්බර සංවේදීතාවයයි.
ලුසීගේ නිගමනය අනුව
යශෝදා දැඩි සිතක් ඇති කාන්තාවක් වූයෙන් ඇය එම වේදනාව පිටතට නොපෙනෙන ලෙස සගවා
සිටීමට වෙර දරනවාක් විය හැක.
ඊටත් වඩා, ලුසී ලග ඇති වාර්තාවලට අනුව
මාචෙලෝ ටියුලිප් හෝටලයට පැමින ඇත්තේ අගෝස්තු මස 01 වෙනි දින වන අතර ඔහු මිය ගොස් ඇත්තේ මීට දවසකට පෙර එනම් අගෝස්තූ මස 23 වන දින අලුයම් කාලයේදීය.
මේ දවස් කිහිපය අතර ඇති පරතරය දෙස බැලූ කල එය රාජකාරීමය වශයෙන් සති තුනකට ආසන්න වූ
හිතාමත් කෙටි කාලයකි. මෙවන් කෙටි කාලයකදී මාචෙලෝ සහා යශෝදා අතර දැඩි සම්බන්ධයක් ඇතිවිය
නොහැක. ඒ නිසාම යශෝදාගේ දෑසින් මතුවූ සියුම්
කනගාටුව ඇයට සාපේක්ෂව නිවැරදි විය හැක.
නිහඩව ටික මොහොතක් සිටි යශෝදා
කෝපී කෝප්පය අතට ගෙන එහින් උගුරක් පානය කොට යලිත් ලුසී දෙස බැල්මක් හෙලුවාය. ඇයගේ දෙනෙත්
තුල තවමත් කදුලු රැදී ඇත.
"සමාවෙන්න ලුසී ” කී යශෝදා පුටුවේ
සෘජුව හිදගත්තාය.
"ඒකට කමක් නැහැ" කී ලුසී
යශෝදා දෙසට වඩාත් නැබුරු විය. ඊලට ඇය අසන්නට යන ප්‍රශ්න තුලින් යශෝදා සහා මාචෙලෝ අතර
තිබූ සම්බන්ධතාවය වඩාත් හොදින් අවබෝධ කර ගැනීමේ අවශ්‍ය තාවයක් ඇයට තිබින.
"හොටෙල් ටියුලිප් එකට එන්න
කලින් මාචෙලෝව යශෝදට මුන ගැහිලා තියෙනවද?"
"නැහැ" යශෝදා එය ස්ථීරවම
කීවාය.
"ඒ කියන්නේ ඔයා මාචෙලෝ යටතේ
වැඩ කලේ සති තුනක් වගේ කෙටි කාලයක්?"
යශෝදා මොහොතක් කල්පනා කලාය.
"ඔව්" ඇය පැවසුවාය.
ලුසී ඇයගේ ෆයිල් කවරයේ වූ, දෙවැනි ලිපිය පෙරලුවාය.
එහි ඇය විසින් සටහන් කර තිබූ කරුනු මෙම පරීක්ෂනයට වඩාත් වැදගත් වූ කරුනු වූ අතර,
යශෝදා
වික්‍රමසූරීය සහා ෆේයිත් බෙකර් නැමැති
අයව මුන ගැසී කට උත්තරයක් ගැනීමට ලුසී තීරණය කලේ මේ හේතුව නිසාමය.
"යශෝදට කවද්ද මාචෙලෝව අන්තීමට
මුන ගැහුනේ?"
ෆයිල් කවරයෙන් දෙනෙත් අහකට
ගත් ලුසී එම ප්රශ්නය අසා යලිත් යශෝදා දෙස ගැබුරු බැල්මකින් බලා සිටියාය. ඇය
මෙම ප්‍රශ්නයට ලබාදෙන පිලිතුර මත මෙම පරීක්ෂනයේ අවසානය හෝ ආරම්භය තීරණය වනු
ඇත.
යශෝදා ඒ මොහොතෙහි කිසිදු වෙනසකින්
තොරවම, සංසුන්ව මෙසේ පැවසුවාය.
"අගෝස්තු 22 වෙනිදා, හවස 7ට"
ඇය එය නිවැරදිවම කීවාය. එය සියයට සියයක්ම නිවැරදිය. මාචෙලෝගේ නිවසෙහි මෙහෙකාරියගේ කට උත්තරයට අනුව, යශෝදා ඇයගේ මිතුරිය වූ ෆේයිත් බෙකර් නැමැත්තිය සමග මාචෙලෝ මිය ගිය දින රාත්‍රී 7ට ඔහුගේ නිවසට ගොස් ඇත.
"මට දැනගන්න පුලුවන්ද, ඒකට හේතුව මොකද කියලා?"
"ඔව් මිසිස් ලුසී, මාචෙලෝ අපිට රාත්‍රී කෑමට ආරාධනා කලා, අපි හරියටම රාත්‍රී 7 වෙද්දී සෙලිකොෆේන් වල තියෙන මාචෙලෝගේ නිවසට ගියා"
"අපි, කිව්වේ ඔයයි, ෆේයිත් බෙකර්, රුයි "
"ඔව්"
"ඒ සාදයට වෙන කවුරුවත් ආවද?"
"නැහැ" අපි දෙන්නා විතරයි.
"වෙන කවුරුවත්ම එදා හිටියේ නැහැ කියලා යශෝදට ස්ථීරවම කියන්න පුලුවන්?"
"ඔව්, හැබැයි අපි ගෙදරට යද්දි නරීනේ හිටියා, නරීනේ කියන්නේ මාචෙලෝගේ ගෙදර වැඩකරන කෙනා"
" යශෝදා කොහොමද දන්නේ නරීනේ මාචෙලෝගේ ගෙදර වැඩ කරන කෙනා කියලා?"
"මාචෙලෝ අපිට නරීනෙව හදුන්වලා දුන්නේ එහෙම"
"එතකොට ඔය දෙන්නා මාචෙලෝගේ ගෙදරින් එද්දිත් නරිනේ ගෙදර හිටියා "
" නැහැ, අපි එහෙට ගිහින් විනාඩි දහයකින් වගේ නරීනේ වැඩ ඉවර කරලා යන්න ගියා. "
ලුසිනේ මොහොතකට නතර වී කල්පනා කලාය. යශෝදා පැවසූ දේවල් ඒ ආකාරයෙන්ම නරීනෙගේ කට උත්තරයේද සටහන් වී ඇත.
"එතකොට ඔය දෙන්නා ආයෙමත් ඒ ගෙදරින් පිටත් වුනේ කීයටද?"
යශෝදා දෙනෙත් පුංචි කොට බිම බලා ගෙන සිතන්නට පටන් ගත්තාය. ඇය බොරුවක් ගොතාගෙන සිටීනම් ඒ ආකාරයෙන් සිතීමට අවශ්‍යතාවයක් නොමැත. ඒ නිසාවෙන් ඇය පවසන්නට යන්නේ සත්‍යක් විය හැක.
"මට මතක හැටියට රෑ 11යි "
"ම්ම්ම් ..." ලුසිනේ මිමුනුවාය.
ඇය කියූ දේ නිවැරදිනම් මෙම මරනයට ඇයගේ හෝ අනිත් තරුණියගේ කිසිදු සම්බන්ධයක් තිබීමට නොහැක. මාචෙලෝගේ අනතුර සිදුවී තිබුනේ අලුයම 3නත් 4රත් අතර කාලයේදී බැව් මරන පරීක්ෂන වලින් මේ වන විටත් අනාවරණය වී ඇත.
"ඔය දෙන්නා ආයෙමත් එද්දි මාචෙලෝ නිවසේ හිටියද?"
"ඔව්"
"වෙන කවුරුවත්?"
"නැහැ"
"මාචෙලෝ ඒ වෙද්දි එලියට යන්න ලෑස්ති වෙලාවත් හිටියේ නැද්ද?"
"නැහැ, හැබැයි අපි ගෙදර එද්දි මාචෙලෝ අපේ කාර් එක පස්සෙන් ආවා"
යශෝදා එසේ පවසත්ම ලුසීගේ කොළ පැහැති දෙනෙත් විශාල වි ගියේය. එය මෙතෙක් ඇය නොදැන සිටි දෙයකි. එසේම මෙම පරීක්ෂනයට විශේෂ කරුණකි.
"ඒ කිව්වේ?" ඇය ඇසුවාය.
"මිසිස් ලුසී, මීට කලින් මගේ ඇස්
දෙකට කදුලු ආවෙත් අපි මාචෙලෝ එක්ක ගත කරපු අන්තිම දවසේ සිදුවුන ඒ සිද්දිය මතක් වෙලා.
නැතිව ඇස් දෙකේ කදුලු පුරෝගෙන අඩන්න තරම් මම දුර්වල කෙල්ලෙක් නෙමේ"
යශෝදාගේ මුහුනෙන් මද සිනහවක් මතු වී ආවාය. ඒ සාංකාවත්, වේදනාවත් මිශ්‍ර වූ සිනා මාත්‍රයකි.
"මමයි, ෆේයිතුයි කාර් එකේ
එද්දි, මාචෙලෝ අපේ කාර් එක පස්සෙන් එයාගේ ෆෙරාරී එකේ ආවා, අපි පරිස්සමෙන් ගෙදරට
යනවද කියලා බලන්න, මගේ නිවස ගාවදී කාර් එකේ "හෝන්" එකත් ගහලා එයා ආපසු හැරිලා ගියා," මාචෙලෝ කරුනාවන්ත
මනුස්සයෙක්"
යශෝදා එම අවසන් වචන පේලීය ඉහලට ගත් දිගු හුස්මකුත් සමග පිටකලාය.
" ම්ම්ම්" ..... ලුසී යලිත් කල්පනා කලාය.
සති තුනක් වැනි කෙටි කාලයකින් හෝටලයේ අධ්‍යක්ෂකවරයෙක් ඔහුගේ ලේඛම් වරුන් දෙදෙනාට රාත්‍රී සාදයක් දීම සාමාන්‍ය දෙයකි, එහෙත් ඔහුන් යලිත් නිවසට යන තුරු තමන්ගේ කාරයෙන් ඔහුන් පිටුපසින් විත් ඔහුන්ව නිවසට හැරලවීම?"
ඇයගේ දෑස යලිත් යශෝදා දෙසට හැරින. මේ කතාව තුල ඇය නොදන්නා වූ තවත් දේවල් තිබිය හැක. ඒවා සොයා ගැනීමටනම් මාචෙලෝ ටියුලිප් හෝටලයට පැමිනි දා සිට සිදුවූ සියලුම සිදුවීම් එකිනෙක පරික්ෂාවට ලක් කල යුතුය. පශ්චාත් මරණ් පරික්ෂන වාර්තා සහා මෙතෙක් ලැබී ඇති සියලුම කරුනු සලකා බැලීමේදී මෙය සම්පූර්නයෙන්ම හදීසී අනතුරක් නිසා සිදුවූ මරණයකි. එහෙත් නරීනේ සහා යශෝධාගේ කට උත්තර වල සදහන් වන ආකාරයට මාචෙලෝ මිය ගිය දින රාත්‍රියේ ඔහු තම ආයතනයේම සේවීකාවන් දෙදෙනෙකු වෙනුවෙන් රාත්‍රී සාදයක් පවත්වා ඇත. ඔහුගේ මරනය සිදුවන්නේ හරියටම මෙම රාත්‍රී සාදය අවසන් වී පැය හතරක් වැනි කෙටි කාලයක් තුලදීය.
ඒ සියල්ලටම වඩා යශෝදා අවසානයේදී
මතුකල කාරනය ලුසීගේ මනස තුල කැකෑරෙමින් ඇත.
"සාදය අවසන් වී ඔහුන් දෙදෙනාව
නිවසට හැරවීම,
ම්ම්ම්,…. ඇය යලිත් සිතන්නට වූවාය.
සමහර විට යශෝදා කියූ පරිදිම මෙය ඔහුගේ කරුනාවන්ත භාවය නිසාම කල දෙයක් විය හැක. එසේත් නැතහොත් මාචෙලෝ සහා මෙම තරුණියන් දෙදෙනා අතර රාජකාරී මට්ටමට වඩා එහා ගිය වෙනත් සම්බන්ධයක් තිබිය හැක. කතාවක කොටස් වෙන් වෙන්ව දැන ගැනීමට වඩා මෙම කතාව සම්පූර්නයෙන්ම දැන ගත යුතුයැයි ලුසිනේ මේ මොහොතේදී තීරනය කලාය. එය පරීක්ෂනයට වැදගත් වනු ඇත, එසේ නැතහොත් නොවැදගත් කාරනා ලෙස බැහැර කිරීමට සිදුවනු ඇත.
"යශෝදා, අගෝස්තු පලවෙනිදා මාචෙලෝ මුලින්ම වැඩට ආපු දවසේ හිදන් අගෝස්තු 22 දෙවැනිදා ඔයයි ෆේයිත් බෙකර් - රුයි, මාචෙලෝගේ ගෙදරින් එලියට ආපු රාත්‍රී 11 වෙනකන්, සිද්ද වෙච්ච හැමදේම මට දැනගන්න ඕනේ, ඒ කතාව සමහර වෙලාවට මේ මරණයට අදාල නොවෙන්න පුලුවන් එහෙත් මම කැමතියි ඒ සේරම දැනගන්න”
“එහෙත් ඊට කලින්!"
එතැනින් නැවැත්වූ ලුසිනේ මොහොතක් කල්පනා කලාය.
"යශෝදා, ඔයා කලින් කිව්වා මාචෙලෝ ඔයාගේ නිවස ලගටම ආවා කියලා, ඊට පස්සේ එයා කොහේට හරි යනවා කියලා කිව්වද? "
"නැහැ මිසිස් ලුසිනේ, මට එහෙම මතකයක් නම් නැහැ, මට මතක හැටියට එයා කාර් එක හරවගෙන ආයෙමත් එයාගේ නිවස පැත්තට ගියේ"
"මතකයක් නැහැ කිව්වේ"
ලුසිනේගේ මුවින් එම ප්රශ්නය පිටවෙත්ම යශෝදා සියුම් සිනහවකිත් යුක්තව මෙසේ පැවසුවාය.
"අපි ඒ වෙලාවේ මත්පැන් අරගෙන හිටියේ, එදා සාදයේදී"
"ම්ම්ම්,…" ලුසිනේ මිමුනුවාය.
සාදයකදී මත් පැන් ගැනීමේ වරදක්
නැත.
ඒ සිතුවිල්ලත් සමගම ඇය මීට පෙර කියවා තිබුනු මාචෙලෝගේ මරණ පරීක්ෂන වාර්තාවේ වූ යමක් ඇයගේ මතකයට ආයෙන්, තමා ඉදිරියේ වූ ෆයිල් කවරය තුල වූ මාචෙලෝගේ සිරැරේ වෛද්‍ය වාර්තාව ඈ යලිත් කියවන්නට පටන් ගත්තාය.
එහි සදහන් වන ආකාරයට “අනතුර සිදුවන අවස්තාවේදී ඇලෙක්සැන්ඩ්‍රියා මාචෙලෝ මත්පැන් පානය කොට ඇත. එසේම ඔහුගේ කාරයේ තිබී වොඩ්කා බෝතලයක සුන්බුන් හමුවී ඇති අතර, ඔහුගේ රුධිරයෙහි, කොකේන් නම් මත්ද්‍රවය අන්තර්ගත වූ බවද" මරණ පරීක්ෂන වාර්තාවේ සදහන් කොට ඇත.
එය කියවා අවසන් කල ලුසිනේ යලිත් යශෝදා දෙස බලා මෙසේ ඇසුවාය.
"යශෝධා මොනවද එදා රෑ ඔයාලා ගත්තු මත්පැන් වර්ගය ?"
" වයින් "
" මාචෙලෝ "
" මාචෙලොත් බිව්වේ වයින් විතරයි "
ලුසිනෙගේ ඇහි බැම් යලිත් පුංචි වී ගියාය. " ඔයාට ඒක හරියටම කියන්න පුලුවන්ද "
"ඔව් සහතිකවම කියන්න පුලුවන්, මොකද අපි තුන්දෙනාම ඒ වෙලාවේ බිව්වේ වයින් විතරයි "
" එතකොට මත්ද්‍රව්‍ය?"
"නැහැ මිසිස් ලුසිනේ, මමවත් ෆේයිත්වත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නෙමෙයි, පොලිසීයට ඒක මගේ රුධිර පරික්ෂාවකින්ම බලාගන්න පුලුවන්" ඇය එම වචන ස්ථීරවම පිටකලාය.
යශෝදාගේ එම පිලිතුරත් සමග, ලුසී සිරෝබ්යාන් ඇයගේ තීරණය ගෙන තිබින. සාදයේදී වයින් පානය කල මාචෙලෝ එහින් පැය තුනකට පසුව යලිත් වොඩ්කා පානය කිරීමට හේතුවක් නැත. එසේම ෆෙරාරී වැනි මිල අධික රථයක් පදවන්නෙකුගේ කාරය තුල ඔහුගේ රියදුරු අසුන අසලම වොඩ්කා බෝතලයක් වැටී තිබීම සැක සහිත කරුනකි. මාචෙලෝගේ පුද්ගලික ලිපිගොනු වල ඔහු මත්ද්‍රව්‍යට ඇබ්බැයි වුවෙකූ හෝ එවන් කිසිම දේකට සම්බන්ධ අයෙකු බවටත් කිසිදු වාර්තාවක් නොමැත, මෙතැන් සිට ඉදිරියට යාමට නම් මේ ගැටළු සියල්ලම නිරාකරනය කර ගත යුතුය.
ෆයිල් කවරය වසා දැමූ ඇය යශෝදා දෙස ගැබුරු බැල්මකින් පවසා හිතාමත් පැහැදිලි ස්වරයෙන් මෙසේ පැවසුවාය.
"යශෝදා මට හැමදේම දැනගන්න ඕනේ, මාචෙලෝ ටියුලිප් හෝටලයට පැමිනි දවසේ හිදන්, සිද්ද වෙච්ච හැමදේම "
මෙය නිසැකවම කට උත්තරය ලබාදෙන
තැනැත්තා තුල තිගැස්මක් ඇති වෙන ප්රශ්නයකි. එහෙත් යශෝදා තුලින් එවන් කැලබීමක් පෙනුනේ
නැත.
ඇය දෙතොල් එකිනෙක විකා ගෙන ඇයගේ කලවා මතට අත් දෙක ගුලිකරගෙන සෘජුව හිදගත්තාය. ඇය එම ප්රශ්නය පිලිගත් ආකාරය ලුසීගේ සිත තුල අවිනිශ්චිත වූ සැකයක් මතු කිරීමට සමත් විය.
"සමහර විට අපරාද විමර්ශන ඒකකය අද දිනය තුලදී ඇයගේ නිවසට පැමිනි පසුව, මෙම ප්රශ්නය මේ ආකාරයෙන්ම අසන බවත් ඇය දැනගෙන සිටින්නටද ඇත. එසේ නැතහොත් ලුසී නිවසට පා තැබූ මුල්ම මොහොතේ සියලුම ප්‍රශ්න වලට පිලිතුරු ඇයගේ මනස තුලින්ම ඇය ගොතා අවසන් කරන්නට ඇත."
කෙසේ හෝ, සෘජුව හිදගෙන ඇය තමන් දෙස බැලූ ගැබුරු බැල්මෙන්ම, ඇය ඊට සූදානම් බැව් ලුසී දැනගත්තාය.
"මිසිස් ලුසී සිරෝබ්යාන්, ඔයා ලෙස්බියන්ද?"
"මොකක්ද?" යශෝදා ඇසූ දේ ලුසිනෙට ඇසුනත් ඇය පැවසුවේ එම වචනයම දැයි දැන ගැන්මට ඇය එසේ ඇසීය.
"ඔයා ලෙස්බියන්ද ලුසී?"
ලුසී එයට පිලිතුරක් දුන්නේ නැත, ඒ වෙනුවට ඇය මෙසේ ඇසුවාය.
"ඔයා?"
"ඔව්"
ස්විස්ටර්ලන්තය ඒ වන විටත් සමලිංගික විවහා නීතී ගත කර ඇති බැවින් පොලිස් වාර්තා වල පවා ලිංගිකත්වය පිරවීමට ඇති කොටු වල "ස්ත්‍රී" "පුරුෂ" කොටු වලට අමතරව "සමලිංගික” නොහොත් "Gay" යනුවෙන් තවත් අතිරේක කොටුවක්ද ඇත. එසේම නීතීමය රාමුව තුල ඕනෑම පුද්ගලයෙකුට තම ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීමට හැකියාවක් තිබුනෙන් යශෝදාගේ ප්‍රකාශය සාමාන්‍ය ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි එකකි.
"ඒකයි මේ කතාවයි අතර තියෙන සම්බන්දය මොකක්ද මිස් යශෝදා?"
"ලොකු සම්බන්දයක් තියෙනවා මිසිස් ලුසිනේ"
"යශෝදට අවශ්‍යනම්, ගොඩක් පෞද්ගලික කරුනු අත් හැරලා මාචෙලෝට සම්බන්ධ දේවල් විතරක් කියන්න, ඒකේ ගැටළුවක් නැහැ"
එය ඇසෙත්ම යශෝදාගේ මුවින් යලිත් සිනහා රැල්ලක් මතු විය.ඇය එය ගනන් ගත් බවක් පෙනෙන්නට නැත. කාන්තාවක් ලිංගිකත්වය ගැන කතා කිරීමේදී පසුබසින මුත් යශෝදා තුල එවන් අපහසුතාවයකට ලක් වීමක් පෙනෙන්නට නැත.
"ජීවීතය කියන්නේ රහස් ගොඩක් හංගගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේ ලුසී, මගේ ජීවීතයේ රහස් නැහැ, තියෙන හැම රහසක්ම මට හෙලිකරන්න පුලුවන්, මම ලෙස්බ්යන්, මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහැව්වේ එහෙම කාන්තාවකගේ හැගීම් තේරුම් ගන්න පුලුවන් තවත් එවැනිම කාන්තාවකට විතරක් නිසා"
"මට ඒ ගැන හරියටම පිලිතුරක් දෙන්න බැහැ මිස් යශෝදා"
ඇය එසේ කියත්ම යශෝදා එක පිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කරගත්තාය. ඒවා පොලොවට සමාන්තරව තබා මදක් මෑත් කර හිදගත්තාය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇද සිටි සුදු පැහැ පැන්ටිය දෙස බැලූ ලුසීගේ දෙනෙත් තුල දිලිසීමක් ඇති විය. කොල පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේදී ඇතිවෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝදා ඒ දෙනෙත් දෙස එක හෙල්ලේම මොහොතක් බලා සිටියාය. ඉන්පසුව තම දෙපා යලිත් එක පිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවාය
" මිසිස් ලුසිනේ, මේක ටිකක් අමුතු කතාවක්
"
Comments
Post a Comment