ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

 

 

 

 

 

 

 

 

ගොහාර්

පලවෙනි වෙළුම

 

 

 

 


 

කූඩා දරුවෙකුගේ ජීවීතය වටා ගෙතී ඇතී අතීශයින් භයංකාර වූද කුතුහලාත්ම වූද මෙම වෘතාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපනය වූ ආකරය ගැන පාඨක ඔබ දැනගත යුතුය.

දිනක් තම ලගම ම්තුරියකව මුන ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය.ඇයගේ මුහුන සුදු මැලීවී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ලන්ව එයට හේතුව විමසා සිටියෙමි.

ඇය තියුනු බැල්මකින් මා දෙස බැලුවාය.ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ඨතම කතාවක් යැයි මා දැන ගත්තෙමි.මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි.

ඇය මා හට ගෝහා\ ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය.

ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනත්තියගේ දරුවෙකුගේ ජීවීතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතීශයින්ම අත්භූත , ජුගුප්සාජනක සහා කුතුහලාත්ම සිදුවිම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි .

පාඨක ඔබේ රසවින්දනය ත්‍රිව කරනු වස් මෙහි සමහර සිදුවීම් ප්‍රබන්ධයක් කොට මා නිර්මානය කරමි.එහෙත් ඔබ මෙය දැන ගත යුතුය.මෙය සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොට ගෙන නිර්මානය කල වෘත්තාන්තයකි.ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි.

-------------------------------------------------------------------

*මා මෙහි ඔහු + නොවුන් ලෙස හැදින්වුයේ කුමක්දැයි ඔබ මෙය කියවගෙන යද්දී වටහා ගනු ඇත.

 


 

ආරම්භය

සිරකරුවන් හය දෙනෙකු රැගත් "ක්ලේෆෝඩ්" සිරකදවුරේ බස් රථයක් ඩිලිජ්යාන් හී පටු කදුකර මාවතක් දිගේ ඉදිරියට ඇදෙමින් තිබින.මෙහි සිටින සය දෙනාම මරන දන්ඩනය නියමවූ දරුනු අපරාධකාරයින් බැවින් ඉදිරි පැය දෙකක ගමනකින් පසු ඔහුන්ව යෙරෙවානයේ " සූකාර්" සිරකදවුරට මාරු කරනු ඇත.

සූකාර් හැදින්වූයේ "මරණයේ සිරකදවුර" යන නමිනි.

යෙරෙවානයෙන් පිට පලාත්වලදී මරණ දන්ඩනය හිමිවූ සියලුම සිරකරුවන් අවසානයේදී මාරු කරන්නේ සුකාර් වලටය.එයට මාරු කර සතියකට පසු ඔහුන්ව එල්ලා මරා දමයි.සිරකරුවන් භීතියට පත් කල මෙම සිරකදවුරට මාරු කල සෑම සිරකරුවෙකුගේම ජීවිතය මරණයෙන් අවසන් විය.

එහි ඇත්තේ මරනයම පමනි. එය නිශ්චිතය.

දරුනුම අපරාධකාරයින් වුවද සුකාර් වල සිටින අවසන් දවස් කිහීපය ගත කලේ දැඩි පශ්චාත්තාපයෙනි.පෝරකයේදී බෙල්ලට තොංඩුව වැටීමටත් පෙර සමහරු ඇදුමෙම මලපහා කරගත්තෝය.තවත් සමහරුන්ගේ මූත්‍රා පොලව මත ගලා ගිය.තවත් සමහරු මරලතෝනී දී හඩා වැලපුනෝය. කොතරම් දරුනු යක්ෂයෙක් වුවත් සුකාර් වලදි මෙල්ල විය. යක්ෂයාටවත් මෙල්ල කල ගත නොහැකිවූ ඔහුන් දෙවියන් ඉදිරියේ බැගැපත්ව තමන්ව මරනයෙන් ගලවා දෙන ලෙස කන්නලව් කලහ.සුකාර් වල මරණය ඒ තරම් කෲරය.


 

ගුස්තා



කලින් කීවාක් මෙන් දැඩි ලෙස ආරක්ෂාව යෙදු ක්ලෙෆෝඩ් සිරකදවුරේ බස් රථය ඩිලිජ්යාන් නමින් හැදින්වූ කදුකර මාවත දිගේ ඇදෙමින් තිබින.ඩිලීජ්යාන් මාවත් හිතාමත් පටු මාවතකි.මාවත දෙපස තිබූ තිරිගූ යායවල් වලින් එය පිරී තිබින.සමහර තැන් වල ගැබුරු හෙල්ය, ඒ හෙල් අතර වක ගැසුනු වංගුය.ඝන අන්ධකාරයත් තැන් තැන් වල වැටි ඇති ස්වේත චන්ද්‍රාලෝකයත් හැරුනු විට මෙම මාර්ගයේ වෙනත් කිසිදු දෙයක් නොවීය.

බෙන්ජ්‍රා ගුස්තාවෙව් , ඔහුව හැදින්වූයේ " ගුස්තා " නමිනි. මුහුන පුරා වැවුනු ඝන තබ පැහැ රැවුලකින් යුක්ත වූ ඔහුගේ දකුනතේ රුසියන් මාස්තෝ කල්ලියේ පච්චයක් විය. රුසියානු මාස්තො කල්ලිය අර්මේනියාවේ සිට මෙහෙයවු ඔහුව මිනිමැරුම් 17කට වැරදි කරු වී ඇත. බස් රථයේ සිටි අනිත් සිරකරුවන් මෙන් මොහුගේද පාදයන් සහා අත් යකඩ යදම් වලින් බැද දමා ඇත.

මෙම යදම් බසයේ සිටි අනෙකුත් සිරකරුවන්ගේ යදම් සමග එකිනෙකට පෑහී තිබින.එහෙයින් අනෙකාගේ අවසරයකින් තොරව කිසිවෙකුටත් සෙලවීමටවත් නොහැක.ඒ තරමටම එම යදම් එකිනෙකා හා බැදී ඇත.ගුස්තාගේ දෙනෙත් කොල පැහැති ඇතුලට නෙරා ගිය දෙනෙත් විය.ඔහුගේ තබ පැහැ ඇයි බැමි වලට ඒවා වැසී තිබින.වීදූරුව හරහා අදුරු ස්වේත වර්ණයෙන් ඈතින් පෙනෙන උස් වූ තිරිගු යාය දෙස මොහොතක් විමසිල්ලෙන් යුක්තව බලා සිටි ගුස්තා ඔහු ඉදිරියේ සිටි හෙලන් දෙස බැලුවේය.

හෙලේනා ඉවානොව්නා , මොල්ඩෝවා වල උපන් හෙලේනාව කවුරුත් හැදින්වූවේ හෙලන් යන නමිනි.

( ඇයට තුච්ච ඉතිහාසයක් ඇත.මෙම කතාවේ ඉදිරියට යැමට කලින් ඔබ එය පැහැදිලිව දැනගත යුතුය.නැතහොත් කාන්තාවක් පිරිමි සිරකරුවන් රැගත් බස් රථයකට ආයේ කෙසේදැයි යන උභතකෝටික ප්‍රශ්නය ඔබටත් නැගෙනු ඇත.

හේ නපුංසකයෙකි, මොල්ඩෝවාවල "බෙන්දර් " නම්වූ කුඩා ග්‍රාමයේ ඉපදුනු ඇගේ මුල්ම නම " ග්‍රිගෝර් තදෝව්සයාන් " නම් විය.

කුඩා කාලයේ සිටම ගැහැනු ගතිවලින් වර්ධනය වූ ග්‍රිගෝර් තරුන වියට පත්වත්ම , ඔහුගේ පියයුරු අනෙක් තරුනයින්ට වඩා වර්ධනය විය.මෙය අමතර ආදායමක් කරගත් ඔහු ස්ථීර නපුංසකයෙකු ලෙස ඇග විකුනන්නට පටන් ගත්තේය. කල් යත්ම ඔහු තම නම "හෙලේනා ඉවානොව්නා " ලෙස වෙනස්  කරගත් අතර " හෙලන් " ලෙස අපරාන් වල ජනප්‍රිය විය. )

ඇයට ඇහි බැමි නොතිබුන අතර ඒ වෙනුවට කුඩා මකරුන් දෙදෙනෙකුගේ කලු පැහැ පච්චයන් දෙකක් ඒ මත විය.ගුස්තා දෙස බැලු හෙලන් කට කොනකින් සිනා සුනාය.ඈ සිනා සෙන විට ඇයගේ කටෙහි වූ තබ යකඩයෙන් ආවරනය කර ඇති දත් පේලියත් එලියට නිරාවරනය විය. ඇයගේ පිටුපසට බැද තිබූ අත් ගාංචු වලින් ඇසෙන සියුම් හඩ යටපත් වී යන්නට ගුස්තා සෙමින් සෙමෙන් ගීයක් මිමිනුවේය.

හිරකරුවන් ප්‍රවහනය කරන මෙම රථයේ සිරකරුවන් සය  දෙනෙකු විය.තුන් දෙනෙකු එක පේලියකත් තවත් තුන්  දෙනෙකු අනෙත් පේලියටත් හිදගෙන සිටි අතර පේලි දෙකේම අවසානයේ එක් පොලිස් නිලධාරියෙකු බැගින් දෙදෙනෙකු දෙපැත්තේ හිදගෙන සිටියහ.රියදුරු ආසනය සහා ඉදිරිපස ආසනයේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විය.

ගුස්තා ටික මොහොතකින් තම මිමීනීම නැවත්විය. හෙලන්ගේ අත සෙමෙන් සෙලවෙන අයුරුත් ඇයට එහා පසින් සිටි මූසා ඇය වෙත මදක් ලං වන අයුරුත් ඔහු දුටුවේය.

ඔහු මූසා දෙස බැලීය.මූසා ඉරාන සරනාගතයෙකි. හිසේහි ඉදිරිපස තට්ටයකින් යුක්ත වු ඔහු මුහුන පුරාම රැවුල වවා සිටියේය.ටික මොහොතකින් ගුස්තා දෙස බැලූ මුසා සියල්ල සූදානම් බව කීමට ඔහුගේ හිස මදක් ඉහලට ඔසවා ගූස්තාට සඥාවක් කලේය.හෙලන් සහා මූසා තම ගාංචූ ලිහාගෙන ඇති බව නිශ්චිතවම දැනගත් ගුස්තා තම සැලැස්මේ අවසන් කොටස ක්‍රියාත්මක කිරීමට පෙර මොහොතකට දෙනෙත් වසා ගත්තේය.

මාරයාට මරනය දැන්විය යුතුය. මෙය අසාර්ථක වුවහොත් එකම වෙඩි උන්ඩයකින් තමා පරලෝව යා හැක.ගුස්තා දැස් පියාගෙන තම මනසින් ඩිලිජ්යාන් මාර්ගයේ වංගුව හරියටම මැන ගත්තේය.හෙලන් සහා මූසා ඊලග තත්පරයේ සිදුවීමට නියමිත සියලුම දේට මුහුන දීමට සූදානම් වී සිටියෝය.

රථය වංගුව හරවත්ම වැරෙන් හිටගත් ගුස්තා පොලිස් නිලධාරියාගේ ඇගට කඩා පැන්නේය.පොලිස් නිලධාරියා අත වූ තුවක්කුව උදුරා ගත් ඔහු එහින් තමා ඉදිරියේ වූ අනිත් පොලිස් නිලධාරියාට වෙඩි තැබීය

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න