අලුත් පොතක්" කතා බහා සමග "හීන මායිම්" කෘතිය රචනා කල තරිදු අමිල

අද පොත් මී “අලුත් පොතක්” කතා බහා සමග ඔබ හමුවට එන්නේ “හීන මායිම්” කෘතිය රචනා කල තරිදු අමිල  මහතා.

 

1. ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බ්ඳක්..?

ගම්පහ අලුත්ගම ප්රදේශයේ තමයි මගේ ගම් පලාත වෙන්නේ..මම තමයි එක් සහෝදරියකින් යුතු පවුලේ බාලයා. එක වසරේ සිට පහ වසර දක්වා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්රම විද්යාලයටත් පහ පවසරේ සිට දහතුන වසර දක්වා ගම්පහ බණ්ඩාරනායක විද්යාලයටත් තමයි මම පාසල් ගියේ.

 

2.”හීන මායිම” ඔබේ පළමුවැනි නවකතාව වුවත් ඔබ කලාවට නම් අලුත් කෙනෙක් නොවෙයි. දක්ෂ පද රචයෙක් වෙන ඔබේ මේ කලා ජීවිතය ආරම්භ උනේ කොයි කාලයේදීද ? එයට පසුබිම හැදුනේ කොහොමද?

කවියෙක් සහ ගී පද රචකයෙක් විදිහට තමයි හුගක් අය මාව සමාජ මාධ්ය ඔස්සේ හදුනා ගන්නේ .. 2011 දී මම ලියපු පලවෙනි ගීතය පටිගත කරනවා. එතැන් පටන් ගී පද රචකයෙකු ලෙස බොහොම හිමින් ගමනක් තමයි මම එන්නේ.. අද වෙනකොට ප්රවීන සහ නවක නිර්මාණකරුවන්ගේ ගීත රැසකටම ගී පද රචනාවෙන් දායක වෙන්නට අවස්ථාව ලැබී තියෙනවා..  මේ වෙනකොට ගීත විස්සකට වඩා වැඩි ප්රමාණයක් මම රචනා කරලා තියෙනවා.. පවුල් පසුබිමත් එක්ක නම් ලේඛන කලාවට ලොකු සම්බන්ධයක් තියෙනවා.ජේෂ්ඨ මාධ්යවේදියෙකු වූ කරුණාදාස සූරියආරච්චි (කසුරි) කියන්නේ මගේ මවගේ සහෝදරයා. ඉතින් පුංචි කාලේ ඉදලා ලේඛන කලාවට ඇල්මක් තිබුණා .. 2014 වසරේදී මාමා අපෙන් සදහටම සමුගත්තත් එතුමන් විසින් රචිත පොත් මම නැවත නැවතත් කියවනවා..

 

3. ඔබේ මේ පළමු කෘතිය එළිදැක්වීමේදී ඔබ වටා සිටි ඔබට උදව් කළ පිරිස ගැන මතක් කලොත්..?

හීන මායිම කියන්නේ මගේ පලවෙනි නව කතාව. මේක පෙබරවාරි 07 වෙනිදා සිට Grantha.lk ප්රකාශනයක් ලෙස ඔබ අතට පත්වෙනවා. විශේෂයෙන් grantha.lk දසුන් සමීරව මතක් කරන්න ඕනේ. දසුන්ව මට හදුන්වලා දුන්නේ ප්රදීප් ප්රේමලාල් මහතා. ප්රදීප් ප්රේමලාල් මහතා තමයි මගෙ පොතේ කවරය නිර්මාණය කරන්නේ. ඇත්තටම දසුන් නැත්තම් අද රටේ පවතින තත්වය එක්ක හීන මායිම කියන්නේ මගේ මේසය උඩ තියෙන තවත් එක් කොළ ගොඩක් විතරයි.. Grantha.lk තනෝජා, නවීන් ඇතුළු සියලුම දෙනා මතක් කරන්න ඕනේ. එයාලා ලොකු මහන්සියක් වගේම ලොකු කැපවීමකින් හීන මායිමේ හීනය දකින්න වැඩ කරනවා. වසන්තා කේ මිහිදුකුලසූරිය නැන්දා, චින්තක මදුෂාන් වගේම පියුමි සමාලිටත් විශේෂඥ වෛද්ය උත්පලා අමරසිංහත් මම මේ වෙලාවේ මතක් කරනවා.. ඔවුන්ට ස්තූති වන්ත වෙන්න ඕනේ පොත වෙනුවෙන් දක්වපු සහයෝගයට. VIHAYSS ආයාතනයේ ප්රසාද් අලුත්වත්ත මතක් කරන්න ඕනේ.. ඔහු තමයි හීන මායිමේ official Trailer එක නිර්මාණය කරලා දෙන්නේ..මාව හැමදාම දිරිමත් කරපු හැමෝම මාත් එක්ක මේ වැඩේදි ඉන්නවා..ඔවුන් හැමෝටම ස්තූති වන්ත වෙනවා..

 

4. ඔබේ පළමුවැනි නවකතාවත් පාඨකයින් ආදරයෙන් වැළඳගන්නා බව පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඒ පාඨකයින් වෙනුවෙන් ඉදිරියේදි මොන වගේ නිර්මාණද ඔබ එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නෙ ?

ගීත නිර්මාණ කීපයක් නිකුත් වෙන්න තියෙනවා. හුගක් වෙලාවට මම කැමතියි කාලයක් පවතින නිර්මාණ කරන්න තමයි. හීන මායිම පාඨකයන්ගේ මතකයේ කාලයක් පවතීවි කියලා මම විශ්වාස කරනවා. තව පොත් කීපයක් ලියන්න නම් හිතන් ඉන්නවා.

 

5. ඔබ කැමතිම ලේඛකයා/ ලේඛිකාව කවුද ? ඒ ඇයි ?

ඇත්ටටම මට ලේඛන කලාවේ වීරයා තමා මගෙ මාමා කරුණාදාස සූරියආරච්චි .එතුමන්ගේ භාෂාව සහ භාෂා භාවිතය වෙනස්. ඊට අමතරව කිව්වොත් මාටින් වික්රමසිංහයන්ගේ ඉදලා වර්තමාන පරපුරේ මහින්ද ප්රසාද් මස්ඉඹුල මහතා දක්වා සමස්ථ ලේඛන පරපුරටම ආදරෙයි. මොකද ඔවුන් තමයි අපේ සාහිත්ය පෝෂණය කලේ සහ කරන්නේ

 

6. සමාජ මාධ්ය ජාලා නිසා අද බොහෝ දෙනෙක් පොත් පත් කියවීමෙන් ඈත් වෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද ?

තාක්ෂණික කරුණු සලකා බලපුවහම වෙනස්වෙන තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ..සමාජ මාධ්ය ගත්තත් ඒවා යොදා ගන්නා ආකාරය අනුව තමයි ඒවායේ හොද නරක තීරණය වෙන්නේ..මිනිස්සු පොතපතින් ඈත් වෙන්නටනම් විවිධ කරුණු බලපානවා.විශේෂයෙන් අවිවේකී බව සහ ආර්ථික රටාව,රටක මාධ්ය භාවිතය, දේශපාලන සාධක වගේ දේවල් බලපානවා කියලා මම හිතනවා.. හැබැයි පොතපතට ආදරය කරන අය නැහැයි කියන්න මම ලැහැස්ති නැහැ.විශාල පිරිසක් ඉන්නවා කියලා මට හැගෙනවා. සමාජ මාධ්ය තුළ වුවත් ඔවුන් සමූහයන් ගොඩනාගෙන පොතපත ගැන කතාකරනවා මම දැකලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා වගේම ඒ සමූහයන්වලටත් එහි සාමාජිකයන්ටත් ස්තූති වන්ත විය යුතුයි.

 

 

7. ඔබ හිතන විදිහට ලේඛකයෙක්/ ලේඛිකාවක් ගේ අරමුණ කුමන ආකාරයේ විය යුතුද?

ඇත්තටම ලේඛකයකුට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා. මොකද ඔවුන් කතා කරන්නේ පාඨකයන්ගේ හදවතට සිතිවිලිවලට.මම දකින විදිහට යම් නිර්මාණයකට පුලුවන් එය විදින්නාට මලක් බෝම්බයක් කරලා පෙන්නනත් බෝම්බයක් මලක් කරලා පෙන්නනත්. ඒක නිසා පොතපත විතරක් නෙවේ සමස්ථ කලාවේම නියතු හැම කෙනෙක්ටම ලොකු වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ හදවත් නිර්මාණය කරන්න හොද සිතුවිලි වලින් පුරවන්න ඒවා විනාශ නොකර. මම හිතන්නේ හැම ලේඛකයකුම හැම නිර්මාණකරුවෙකුම තමන්ගේ නිර්මාණය තුලින් ඇතිවෙන හොද නරක පිළිබඳව සමාජයට වග කිව යුතුයි.

 

8. පොතක් එළිදැක්වීම කියන්නේ විශාල කාර්යභාරයක්. අපි දන්නවා ප්රකාශන ආයතනයක් හරහා පොතක් එළිදැක්වීමෙදී කතුවරයාට ලැබෙන ලාභය අඩු ප්රතිශතයක්. ඔබ හිතන විදිහට බොහොම වෙහෙස මහන්සියෙන් තමා විසින් කරන නිර්මාණයකට ලැබෙන ඒ වටිනාකම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද ? එහෙමත් නැතිනම් එයට වෙනත් සුදුසු යැයි හැඟෙන විසඳුමක් තිබෙනවාද?

ඇත්තටම පොතක් ලියනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හීන මායිම මම අවුරුදු තුනකට වඩා ලිව්වා. මම දන්නවා පොත් ලියන හැම කෙනෙක්ම ඒකට ලොකු වෙහෙසක් මෙන්ම ලොකු කැපකිරීමක් කරනවා කියලා මේක මගේ පලවෙනි පොත නිසා ප්රකාශන ආයාතනය හා ලාභ කොටස් ගැන මට ලොකු අවබෝධයක් අත්දැකීමක් නැහැ.

 

9. ඔබේ ජීවිතයේ තවමත් ඉටු නොවුන සැබෑ කරගන්නට උත්සහ කරන බලාපොරොත්තු මොනවාද?

මම වරලත් ගණකාධිකාරි අවසාන විභාගයට පෙනී සිටිමින් තමයි ඉන්නේ .ඉදිරියේදී වරලත් ගණකාධිකාරීවරයෙකු වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එයින් ලබා ගන්නා දැණුම සහ නිර්මාණශීලිත්වය භාවිතාකරලා මගේ මව්බිමේ කලාකරුවන් හා කලාව වෙනුවෙන් යමක් කරන්න අපේක්ෂා කරනවා.. ඊට අමතරව කලාව පැත්තෙන් ගත්තොත් සිනමාපටයක් නිර්මාණය කරන්න ලොකු ආසාවක් තියෙනවා.

 

 

10. කලාව තුල බාල බොලඳ හරසුන් නිර්මාණ ඉදිරියට එන බවක් ,ජනප්රිය වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඕනෑම කලාවකට පුලුවන් සංවේදී මිනිසෙක් නිර්මාණය කරන්න වගේම හරසුන් නිර්මාණයකට පුලුවන් මිනිසුන්ගේ සිතුවිලි අවුල් කරලා දාන්න. හැබැයි මම හිතන්නේ ඔය කියන නිර්මාණ ජාති දෙකම තියෙන්න ඕනේ..මොකද හරසුන් නිර්මාණයක් නැත්තම් හොද නිර්මාණයක් වෙන්කර ගන්න විදිහක් නැහැ. අනික තියෙන්නේ හොද නිර්මාණ විතරක්නම් ඒවගේ අගයක් නැහැ. හැබැයි මෙතන ප්රශ්නය වෙලා තියෙන්නේ ඒ නිර්මාණ සමාජගත වීම කියන කාරනාව. අද වෙලා තියෙන්නේ සමාජගත වෙන්නේ හරසුන් නිර්මාණ . හොද නිර්මාණයක් සමාජගත වෙන්නේ කලාතුරකින්. ඒක රටක් විදිහට කණගාටුදායක තත්වයක්. යහපත් නිර්මාණයක් සමාජගත නොවීමට රටේ පවතින මාධ්ය භාවිතය, දේශපාලන බලපෑම්, ආගමික පිරිහීම් වගේ හුගක් කාරනා බලපානවා

 

11. අවසන් වශයෙන්, ඔබ වටා රොක් වෙමින් සිටින ආදරණීය පාඨකයන්ට ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?

මම හැමදාම උත්සාහ කලේ සමාජයට හරවත් යමක් දායාද කරන්න.මම විශ්වාස කරනවා හීන මායිම ඇතුලෙත් මම ඒක කලා කියලා. මගෙ නිර්මාණ පිලිබඳ විශ්වාස කරන හැමෝටම මම ආරාධනා කරනවා හීන මායිම කියවන්න කියලා. එයට ප්රතිචාර දක්වන්න කියලා. මොකද ඔබේ ප්රතිචාරය තමයි තවත් නිර්මාණයකට පාර කියන්නේ.

 

 

Poth mee new logo

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න