ත්රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න
මා ඔබට පවසන්නට යන මේ කතාව ආරම්භ කිරීමට මත්තෙන් 2018 වර්ෂයේ බර්න් නුවර "සෙලිකොෆේන්" නමින් හදුන්වන කුඩා ගම්මානයක් තුල සිදුවූ සිදුවීමක් ඔබ දැනගත යුතුය. මා ඉහත සදහන් කල වර්ෂයේදී "සෙලිකොෆේන්" ගම් සීමා මායිමේ සිදුවූ හදීසී අනතුරකින් පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත් වී තිබින. ඊට පසුදින "බර්න් ඩේලී මේල් " පුවත්පත එම සිද්ධිය පහත ආකාරයෙන් වාර්තා කොට ඇත. " ඊයේ රාත්රියේදි සෙලිකොෆේන් හිදී සිදුවූ මෝටර් රථ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර සෙලිකොෆේන් කදුකර මාර්ගයේදී වේගයෙන් ධාවනය වී ඇති "ලා ෆෙරාරී" වර්ගයේ k 65567 දරන මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් නිල නිවේදනය සදහන් කරයි. මෙම අනතුරින් ඉතාලී ජාතික "ඇලෙක්සැන්ඩ්රියා මාචෙලෝ ' යන අයෙකු මියගොස් ඇති අතර බර්න් අපරාධ විමර්ශන ඒකකය මෙම අනතුර පිලිබදව තවමත් පරීක්ෂන කරමින් පවතී " ස්විස්ටර්ලන්ත "හදීසී අනතුරු" නීතීයේ I \ A 76 - උප වගන්තී 84 යන කොටසෙහි සදහන් වන පරිදි මාර්ගයේදී සිදුවූ හදීසී අනතුරකදී සිදුවන...
Comments
Post a Comment