නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු
නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු අද පොත්මී අලුත් පොතක් සමග 1. “නුහුරු නුපුරුදු ආදරේ” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ …? * ඔව් නුහුරු නුපුරුදු ආදරේ කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එන මගෙ පලෙවනිම කෘතිය ඒක දොරට වැඩියෙ මේ වසරේ පෙබරවාරි 21. මේ කතාවට පදනම් වෙන්නෙ අසම්මත ආදර කතාවක්.. විවාහක තරුණයෙක් සහ ගමෙන් නගරයට එන යුවතියක් අසම්මතයේ බැඳිලා ඔවුන්ට එන ප්‍රශ්න හමුවේ දෙදෙනාම එකිනෙකා ගැන හොඳ විශ්වාසයෙන් ආදරයෙන් ඇවිත් අවසානයේ සම්මත රාමුවකට පැමිණෙන ගමනක් තමයි නුහුරු නුපුරුදු ආදරේ කතාවට පදනම් උනේ.. සරල අසම්මත කතාවක් නෙමෙයි මේ කතාව ඇතුලෙ ජිවත් වෙන ප්‍රධාන චරිත තුන සහ අනෙක් සෙසු චරිත හැම එකක්ම කියවන කෙනාට පණිවිඩයක් දෙනවා.. ඒ විදිහටයි මං කතාව ගැලපුවේ… 2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…? * ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනෙ මගෙ අම්මයි තාත්තයි.. අම්මා තමයි මං මේ තියපු පලවෙනි පියවරේ පටන්ම මගෙ පිටිපස්සෙන් ඉන්නෙ.. ඒ වගේම නුහුරු නුපුරුදු ආදරේ මුද...