නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු
නුහුරු නුපුරුදු ආදරේ සමග ඔබ හමුවට එන දෙවිදූ රණබාහු අද පොත්මී අලුත් පොතක් සමග
1. “නුහුරු නුපුරුදු ආදරේ” කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමු කෘතිය. මොන වගේ කතාවක්ද මේ කෘතියෙන් ඔබ පාඨකයින් වෙත ගෙන එන්නේ …?
* ඔව් නුහුරු නුපුරුදු ආදරේ කියන්නෙ මුද්‍රිත මාධ්‍යයෙන් එන මගෙ පලෙවනිම කෘතිය ඒක දොරට වැඩියෙ මේ වසරේ පෙබරවාරි 21. මේ කතාවට පදනම් වෙන්නෙ අසම්මත ආදර කතාවක්.. විවාහක තරුණයෙක් සහ ගමෙන් නගරයට එන යුවතියක් අසම්මතයේ බැඳිලා ඔවුන්ට එන ප්‍රශ්න හමුවේ දෙදෙනාම එකිනෙකා ගැන හොඳ විශ්වාසයෙන් ආදරයෙන් ඇවිත් අවසානයේ සම්මත රාමුවකට පැමිණෙන ගමනක් තමයි නුහුරු නුපුරුදු ආදරේ කතාවට පදනම් උනේ.. සරල අසම්මත කතාවක් නෙමෙයි මේ කතාව ඇතුලෙ ජිවත් වෙන ප්‍රධාන චරිත තුන සහ අනෙක් සෙසු චරිත හැම එකක්ම කියවන කෙනාට පණිවිඩයක් දෙනවා.. ඒ විදිහටයි මං කතාව ගැලපුවේ…
2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…?
* ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනෙ මගෙ අම්මයි තාත්තයි.. අම්මා තමයි මං මේ තියපු පලවෙනි පියවරේ පටන්ම මගෙ පිටිපස්සෙන් ඉන්නෙ.. ඒ වගේම නුහුරු නුපුරුදු ආදරේ මුද්‍රිත මාධ්‍යයට ගෙන එන්න මටත් වැඩිය උවමනාව තිබ්බෙ මගෙ මිතුරියන්ට.. පොතට ලස්සන කවර් එකක් හදලා දුන්නෙ ඇලානා මදුරාගොඩ මගෙ මිතුරිය… පරිගණක අක්ෂර සංයෝංනය කලේ මනෝෂි සංජනා සොයුරිය (ආකර්ශා ටයිප් සෙටින් අංශය) පොතේ මුද්‍රණ කටයුතු භාරගත්ත ආකර්ශා ප්‍රකාශන ආයතනයත් මම ආදරයෙන් මතක් කරනවා… ඒ වගේම මගෙ හැමදේකදිම මං එක්ක ඉන්න මගෙ ආදරණිය මිතුරියන් පිරිස.. විශේෂයෙන්ම ආදරයෙන් මතක් කරන්න ඕනෙ මගෙ ආදරණීය පාඨක පිරිස ඔවුන් මං වටා එකතු උනේ නැත්නම් මං කවදාවත් මේ විදිහට මට මුද්‍රිත පොතක් කරන්න අදහසක් නොතියේවි..
3. නුහුරු නුපුරුදු ආදරේ කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
0770270637 යන නම්බර් එකට වට්ස්ඇප් පනිවිඩයක් හරි කෝල් කරලා හරි පොත මිලදී ගන්න පුළුවන්.. ඊට අමතරව දෙව්දූ රණබාහු ෆේස්බුක් ගිණුමට වගේම දෙව්දූ රණබාහු පේජ් එකට මැසේජ් එකක් දාලා පොත මිලදී ගන්න පුළුවන්..
4. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුණේ…?ලේඛිකාවක් වීම කාලයක් තිස්සේ ඔබේ අරමුණක් වී තිබුණ දෙයක්ද..?
නැහැ මම ලේඛන කලාවට එන්නෙ හරි අහම්බයකින්.. ඒත් මං මට තේරෙන දා ඉඳන්ම හොඳ පාඨකයෙක්.. පත්තරයක් තිබ්බත් මං කියවනවා නොදන්න දේවල් පුංචි දවස්වල ඉඳන් අහලා දැනගන්නවා… මම මුලින්ම කතාවක් ලියන්නෙ මට වයස අවුරුදු දාහතේදි ඒලෙවල් කරන කාලෙදි… මොකද සාමාන්‍ය පෙල උසස්පෙල සිංහල විෂය මට උගන්නපු ගුරුවරයා මාව විචාර තරඟ වලට නොයෙක් ආකාරයේ විචාර ලියන්න මාව යොමු කලා ඉතින් ඒ අභාශයත් එක්ක තමයි මම ලිවීම ආරම්භ කලේ… මම පලවෙනියටම මුහුණු පොතට කතාවක් පලකලේ 2018 මාර්තු 05 වෙනිදා එදා ඉඳන් අද වෙනකන්ම මං ලියනවා..
5.ඉදිරියේදී පාඨකයින් වෙත ලබා දෙන්නට සිටින අලුත් නිර්මාණ ගැන අදහසක් මේ වෙන විට තිබෙනවාද…?
ඔව් මගේ දෙවෙනි පොතමේ මාසේ නිකුත් කරන්න හිටියත් රටේ පවතින වසංගත තත්වය එක්ක ඒ වැඩ ටිකක් පහු උනා ඒත් අනිවාර්යයෙන්ම ඔක්තෝම්බර් මාසයේ මගෙ දෙවෙනි පොතත් ජනවාරි මාසයේ තවත් පොතක් මං කතෘ ප්‍රකාශනයක් විදිහටම නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
6.පොතක් ලිවීම කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට ලොකු දැනුමක් , අත්දැකීම් වගේම කාලවේලාව අවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලියන්න අවශ්‍ය මේ කරුණු කාරණා සපයා ගන්නෙ…?
* අපේ පවුලේ මම විතරයි ඉතින් මට කතාවක් ගලපගෙන ලියන්න ඕන තරම් නිදහස තියෙනවා කාලවේලාව තියෙනවා… ඒ වගේම මං මේ වෙනකන් ඇසුරු කරපු මගෙ යහළුවන්ගෙන් ඇසුරු කරපු සමාජයේ විවිධ තරාදිරම්වල පුද්ගලයින්ගෙ ඒ ආභාශය උනත් මං චරිතයක් මවද්දි ලියනවා.. ඒ අයගේ අත්දැකීම් මගේ අත්දැකීම් මං කතාවක් ලියද්දි එකතු කරනවා.. මං කතාවක් ඇතුලේ මවන්න උත්සහ කරන්නෙ ඇත්ත සමාජයේ ජිවත් වෙන කෙනෙක්වමයි… ඒ වගේම මන් ගොඩක් වෙලාවට පොත් පත්තර කියවනවා නොදන්නම කරුණු ගොඩක් වෙලාවට අන්තර්ජාලයෙන් සොයා ගන්නවා.. යාලුවෝ එක්ක කතා කරලා ඒ අයගෙ අත්දැකීම් ගන්නවා… මට ලියන්න උපරිම නිදහසක් මගෙ පවුලේ අයගෙන් මට හම්බෙනවා…
7.මුහුණු පොතේ නිර්මාණ පලකිරීමේදී පාඨකයින්ගෙ ඔබට ලැබුණු ප්‍රතිචාර සහ වෙනත් අතදැකීම් ගැනත් සඳහනක් කළොත්…?
* මං මුහුණු පොතට ලියන්න එද්දි ඒ ගැන අත්දැකීම් නැතිම ලියන්නෙක්.. දැන් වසර හතරක් වෙනවා මං මුහුණු පොතට ලියන්න අරගෙන.. මුල් කාලෙදි පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් ආවා උදව් කරපු අය උදව් ඉල්ලලත් අහක බලපු අය අතරේ මට පලවෙනි කතාවෙ ඉඳන්ම අද මේ වෙනකන්ම මාත් එක්කම හිටිය පාඨක පිරිසක් හිටියා ඒ අය තමයි අද වෙනකම්ම මගෙ ලිවීම පිටිපස්සෙ තියෙන ලොකුම හයිය… කතාවක අඩුපාඩු හොඳ නරක ඒ හැමදේම මට කියන්නෙ ආදරණීය පාඨකයින්… තව තවත් ලිවීමට ඔවුන්ගේ ප්‍රතිචාර මට ලොකු හයියක් උනා…
8.ඔබ හිතන විදිහට ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තම නිර්මාණ තුල අදහස් ප්‍රකාශ කරන විට සීමාවක් තිබිය යුතුද…එසේත් නොමැති නම් සීමා මායිම් නොමැතිව අදහස් සහ තම මතයන් ඉදිරිපත් කල යුතුද…?
* එක එක්කෙනා ලියන ශෛලිය එකිනෙකට ගොඩක් වෙනස්… ඒත් මන් හිතන විදිහට භාෂාව හැසිර වීමේදි අපි ගොඩක් හිතන්න ඕනෙ අපේ කතා තරුණ පිරිස වගේම වැඩිමහල් අය පාසල් අධ්‍යාපන ලබන සිසුසිසුවියන් පවා කියවන්න තියෙන ඉඩ දැන් වැඩියි… ඉතින් මං හිතනවා සිතුවිලි වලට සීමාමායිම් නොදා ඒ සිතුවිලි පාඨකයකට හොඳ රසවින්ඳනයක් ඇති භාෂාවකින් ලිව්වොත් තම අදහස් තම මතයන් ඉදිරිපත් කරන්න පුළුවන්… මොකද ලේඛකයෙක්ගෙ පෑන අවියකට වැඩිය ප්‍රභලයි… ලේඛකයෙක් කියන්නෙ සමාජයට ලොකු මෙහෙවරක් තම පෑනෙන් කරන්න පුළුවන් කෙනෙක්…
9. ඔබගේ නිර්මාණ තුලින් ඔබ සමාජයට මොන වගේ පණිවිඩද දීමට උත්සාහ කරන්නෙ…?
* මම මේ වෙනකන් ලියපු හැම කතාවක්ම විවිධ තේමාවන් අරන් ලියපු කතා.. ඒත් ඒ හැම කතාවකම ප්‍රධාන තැන ගන්නෙ ආදරය… මං වෙලාවකට පාතල මැරයෙක් ගැන සීඅයිඩී නිලධාරියෙක් ගැන ස්ත්‍රී දූෂකයෙක් ගැන දරුවෙක් එක්ක තනිවෙච්චි පියෙක් ගැන මේ වගේ විවිධ චරිත ගැන ලියලා තියෙනවා.. ඉතින් හැම කතාවකින්ම හැම චරිතයකින්ම මං උත්සහා කරන්නෙ සමාජයේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් කතා කරන්න… ආදරය කියන තේමාවෙන් ගත්තොත් ආදරය ඇතුලෙදි රාගය නෙමෙයි රාගයටත් වැඩිය ආදරය විශ්වාසය කියන හැගීම ගැන මං ගොඩක් වෙලාවට කතා කරනවා මොකද ආදරය හින්දා රැවටුන ජිවිත විනාස කරගෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය මං දැකලා තියෙනවා ඒ අය එක්ක කතා බහ කරලා තියෙනවා ඉතින් අපි අපේ අදහස් සුබවාදී විදිහට පාවිච්චි කලොත් අපේ අකුරු වලින් එක ජිවිතයක් හරි වෙනස් වෙනවා.. නොදැන උනත් අපි සමහර වෙලාවට ඒ අයගේ චරිත ලියලා තියෙනවා එහෙම අය මට කතා කරලා කියලත් තියෙනවා… මම කැමතිම මගෙ අකුරු වලින් සමාජයෙ නරකට ගිය එක් අයෙක් හරි නිවරදි මාර්ගයට එනවා දකින්න…
10. ඔබ මේ කතාව මුහුණු පොතේ කොටස් වශයෙන් පලකල කතාවක්. නමුත් ඒ විදිහට පලකරපු පළමු කතාව නොවෙයි. ඉතින් මේ කතාවම මුළින්ම පොතක් විදිහට එළිදක්වන්නට හිතුවේ ඇයි…?
* ඔව් නුහුරු නුපුරුදු ආදරේ නමින් මුද්‍රිත මාධ්‍යයට මේ කතාව ආවට මුහුණු පොතේ පලවුනේ සුවඳ දැනුනා ආදරේ නමින්… මේ කතාවෙ කොටස් සීයක් පලවුනා මුහුණ පොතේ… ඒ වගේම නුහුරු නුපුරුදු ආදරේ කියන්නෙ මගෙ අතින් ලියවුන තුන්වෙනි නවකතාව… ඒත් මට ලොකු සාර්ථකත්වයක් ගෙනාවේ මේ කතාව… මාව ලොකු පාඨක පිරිසක් අතරට අරන් ගියේ මේ කතාව… ඉතින් ඒකයි මම මේ කතාව පලවෙනියටම මුද්‍රිත මාධ්‍යයට ගෙනාවේ…
පොත්මී ප්‍රකාශන පුද් සමාගම
Comments
Post a Comment