බේබී - නිවසටම ගෙන්වා ගන්න
නිවසටම ගෙන්වා ගන්න
කූරීයර් ගාස්තුවත් සමග රුපියල් 650යි
දැන්ම අමතන්න – Akila Nadeeshani 0762103626
හෝ පොත් මී ගෲපයට පනිවිඩයක් තබන්න : පොත් මී
බේබී වෙනුවෙන් ලද විචාර කිහිපයක්
පොතක් කියෙව්වට පස්සේ මනුස්සයෙක්ගෙ හිතක් අසාමාන්‍ය විදියට ගැහෙන්න පුලුවන්ද……………………ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් 100%ක්ම…..
ආදරය කියන හැඟීමට අපි නිර්චනයක් දෙන්නේ ඒක අපිට දැනෙන, හැඟෙන විදියට… නිශ්චිත කාල පරාසයක්, වයස් සීමාවක් හෝ ලිංග භේදයක් කිසිසේත්ම ඊට අදාල නෑ.. සම විසම ඕනෑම හිතකට අනවසරයෙන් ඇතුලු වී ජීවිතය උඩු යටිකුරු කරන්න වෙන කාට බැරි උනත් ආදරේට ඒක ලේසියෙන්ම පුලුවන්…#ත්‍රිත්ව…සාම්ප්‍රදායික ලෝකෙක ජීවත් වෙන අපිට සමාජ සම්මතයෙන් ඔබ්බට ගිහින් ආදරය කරන දෙන්නෙක් දැක්කම ඒක මහා අසික්කිත, අශිෂ්ට, අසංවර, තුප්පහි බැඳීමක් කියන දේ අසුරු සැණෙන් මතකෙට එනවා..ඒත් අපි උනත් දැනගන්න ඕන ඒ මිනිස්සුත් මිනිස්සු වග.. අපිට වගේම හැඟීම්, දැනීම් උන්ටත් තියෙන වග…විසම ආදර කතාවක රාග සිතුවිල්ලකට වඩා සමරිසි ආදරයක හැඟිම්, දැනීම් හමුවේ දෛවයටද අභියෝග කරමින්, සියලු හැඟීම් උද්දීපනය කරමින් මනා සුන්දර, වර්ණවත් ජීවිත කතාවක් මවා අපද ඒ තුල ජීවත් කරවීමට ගත් උත්සාහය 100%ක්ම සාර්ථකය..ගේ, ලෙස්බියන් අරුමයක් නොවූවද හිතට තදින්ම වැදුනේ අදය..ඉතින් කිසිම විටෙක ආත්මාර්ථකාමී නොවී හිඳින්නට මම මටම සපථ වීමි..අපිට උරුම වුනු ආදරය ජීවිත කාලය පුරාවටම රැකගන්න ඕනිම කැප කිරීමක් කරන්න අපි පහුබහින්නේ නෑ කියන එක සත්‍යයක්..අපි වටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීව්ත කතා එකිනෙකට වෙනස්.. බාහිරින් කෙසේ වෙතත් අභ්‍යන්තරයෙන් සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් සිදුවීම් ගොන්නක් ඇති බව නොවලහා කිව හැක..ඒ හැම දෙයක්ම ආදරයට යටය…ආදරය යනු ප්රරිත්යාග කර හෝ ලග තබා ගන්නා බලනා හැඟීමකි..ආදරයට කලනොහැක්කක් නොමැත…මුල අකුරේ පටන් අවසානයට එනතුරාම සිහින ලොවක ජීවත් කරවමින්, ආදරයේ විෂම පැති පෙන්වමින්, ආදරයේ උත්තරීතර බව උකහා පෙන්වමින් තුන් කොන් ලිංගික ආදර කතාව තුල මවන්නට දැරු කැපවීම අති මහත් ය…ඉතින් තවමත් හරි හැටි හෘද ස්පන්ධය සාමාන්‍ය නොවී ඇති බව කියමි…නමුදු මා ඇබ්බැහි වී අවසන් ය…පෙනෙනවාට වඩා නොපෙනෙන ලෝකයක එකිනෙකට විෂම සිද්ධීන් දහස් ගණනින් සිදුවන බව විශ්වාස කරමි…
#ප්‍රේමය_නම්_කිමැයි_කියා_හඳුනාගත්_කිසි_කෙනෙකු_නැත..
ආදරය උමතුවක් වූ කළ ….ආදරය ලෝබකමක් වූ කළ …ආදරය උමතු ලෝබකමක් වූ කළ …..එහෙව් තැනකදී ගැහැනිය දෙවඟනක් ද….නැතිනම් යක්ෂණියක් ද….රේයින් කියන්නේ ඇත්තටම මේ දෙදෙනාගෙන් කවුද…සංස්කෘතිය කියන වචනයට කොටුවෙලා තියෙන මනස් වලට ටොකු ඇන ඇන කතා කරන පොතක්.ෆිල්ම් එකක් කිව්වත් වැරැද්දක් නෑ හැමදාම වගේ.ගූගල් ගිහින් හොරාට හොරාට සර්ච් කර කර බලලා හොරෙන් රස විඳින නමුත් සමාජයට ආවම “අපෝ මේ මොන හිරිකිත වැඩක් ද මේ” කියලා උරහිස් අකුලන මෙවැනි පැතිකඩක් ගැන පොතක් ලියන්න ඇත්තටම guts තියෙන්න ඕනේ.බේබි වල් කතාවක් ද….සභ්‍ය වචනයෙන් ඇහුවොතින් වැඩිහිටියන්ට පමණයි කතාවක් ද ..සමහරු ඔව් කියාවි …සමහරු නැහැ කියාවි …මම දකින විදිහට ඇත්තටම බේබි කියන්නේ අපි මුහුණ දෙන යථාර්ථය. හැබැයි බොහෝ දෙනා පිළිගන්න අකමැති යථාර්ථය. හොරෙන් අත් විඳින්න කැමති යථාර්ථය. ජීවිතයේ බොහොමයක් තැන්වලදී අපිට හමුවෙන යථාර්ථය.ආදරය, පළිගැනීම, ඉරිසියාව, පරිත්‍යාගය, කැපකිරීම මේ ඔක්කොම ගුලි කරන් අපි අත් විඳින්න කැමති යථාර්ථය.හැබැයි ඒ යථාර්ථය එක එක්කෙනා අත්විඳින්න හැටි වෙනස්. අන්න එහෙම වෙනස් යතාර්ථයක් ගැන තමයි මෙන්න මේ පොත.තව ලිව්වොත් spoil වෙන්න තියෙන ඉඩකඩ වැඩියි . ඒක පොත නොකියපු අයට මම කරන අසාධාරණයක් .කියවන්න .කතු තුමාගේ වචනයෙන්ම කියනවා නම් රස විඳින්න. සමාජයේ මෙහෙම දේවල් දකින්න ලැබෙයි .පිළිකුල් නොකර open mind එකකින් ඒ දිහා බලන්න උත්සාහ කරන්න. ඒක ඇතුළෙ තියෙන යථාර්ථය දකින්න උත්සාහ කරන්න .මොකද සමාජයේ මෙහෙම දේවල් නැත්තෙ නෑ හැමතැනම තියෙනවා .සමහරවිට ඔබ එවැනි දේවල් පිළිනොගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා වැරදියි කියන්න ඒක හේතුවක් වෙන්නේ නෑ කියන එක නිහතමානීව පිළිගන්න.Muthumudalige Nissanka..හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ පොත කියවන ගමන් ෆිල්ම් එකක් බැලුවා කියන එක තමා ..මෙන්න වැන්දා ..සමාජයේ මේ වගේ පැතිකඩ ගැන ලියන එක නවත්තන්න එපා .ඔව්වා ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන එවුන්ට රජ මඟුල් වෙයි එතකොට…
ඔබට ජයෙන් ජයම පතනවා ….
.
…..බේබී…..
” ආදරයේ හොඳම පලිය ‘අත් නො හැරීම’ ” ද??මේ ප්රශ්නය මසිතට වද දෙන්නකි; මේ ප්රශ්නය අභිමුව මම මුනිවත රකින්නෙමි. නමුදු කියන්නට ඇති දෑ දහසකුත් කැටි කොට සරලවම මෙසේ කියමි.දැනුම ආයුධයකි,එය නිසි ලෙස හසුරුවන්නට දත් අයෙකුට…බැඳීම ලෝබකමකි ,බැඳීමෙහි නිමග්න ව හැල්මේ දිවයන්නෙකුට…ආදරය හලාහල විෂකි,විශ්වාසය කඩකරන්නෙකුට…ජීවිතයම සිනමාපටයකි,ආදරය තුළින් ජීවිතය සොයන්නෙකුට…ආදරය කවරාකාරදැ’යි ඔබ අසන ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් එක එල්ලේ දෙන්නට තවම මම අපොහොසත් වෙමි. ආදරය යනු හුදෙක් එකිනෙකා වෙත ආසක්ත වීම, ආදරය දැක්වීම, සෙනෙහස දැක්වීම, රාග නිශ්රිත බැඳීමක ප්‍රතිඵලයක්, දෙහදක හටගන්නා නිකැලැල් හැඟීමක්, සෙනෙහසක තවත් ස්වරූපයක්…..මෙයාකාරයෙන් තව කොයිතරම් නම් නිර්වචන ආදරයට දිය හැකි ද???චන්දන ලියනාරච්චි ගායන ශිල්පියා සුගායනය කරන ගීය මනැසට නැඟෙන්නේ මෙවන් අවස්ථාවන්හිදී ය.” ප්‍රේමය ලොව හැමතැනම ඇතීහැමදෙනටම හමුවෙලා ඇතීඑනමුදු ප්‍රේමය කිමැයි කියාහඳුනාගත් කිසිකෙනෙකු නැතී…”නමුත් ආදරය යනු සැබැවින් ම කවරාකාරදැ’යි තේරුම් ගත් දාක එහි විඳින්නට යම් දෙයක් නැතිවෙතැ’යි මට සිතේ. එය ඒකාකාරි නැත. විටෙක එය සුමුදුය ; සුසිනිඳු ය; රළු පරළු ය; සැඩ ය; රාගික ය; ස්නේහවන්තය; සැනසිලිදායක ය; පීඩාකාරී ය ;සිත සනහන ඔසුවක් බඳු ය; සිත දවන ගින්නක් බඳු ය. මෙකී නොකී ස්වරූප ගණනාවක සම්මිශ්‍රණයක් ලෙසින් ආදරය හුවා දැක්වීමට පුළුවන.ගැහැණියකගේ චිත්ත ස්වභාවය ද මෙයාකාරම ය. ක්ෂණයක් පාසා චංචල වන හදක හිමිකාරීත්වය උසුලන ඕ ආදරය යන විශයෙහි ලා බොළද වන්නීය; තවත් විටෙක ප්රචණ්ඩ වන්නීය ; විටෙක උමතු වන්නීය. මේ සෑම ස්වභාවයක් සඳහා ම ඈ ඇගේ දිවිය තුළ ඈ මුහුණදෙන අවස්ථාවන් බොහෝ සේ බලපාන බව ද අප අවබෝධ කරගත යුත්තේම ය. මෙකී සදාතනික සත්‍යය වසා දමා ඇති දුහුල් සළුපට ඉවත ලා මනාව ඉස්මතු කරන අපූර්ව කතුවරයෙකු ලෙසට මුතුමුදලිගේ නිශ්ශංකයන් සහ ඔහු විසින් රචිත “බේබී” කෘතිය නිදසුනක් ලෙසින් ද පෙන්වාදීමට පුළුවන.සමාජය තුළ එළිපිට කතාබහට ලක් නොවන නමුත් සැබෑවටම සමාජය තුළ සිදුවෙන සංකීර්ණ සමාජ යථාර්ථයන් සිය ලේඛනයන් හරහා පාඨකයාට සමීප කරවන මුතුමුදලිගේ නිශ්ශංකයන්ගේ (Muthumudalige Nissanka) “බේබී” කතාන්තරය ද කියවා හමාර කළෙමි. පාඨක සහුර්දයෙකු ලෙස ඔහුට කරන ගරුත්වයක් ලෙසද, ඔහුගෙන් තිළිණයක් ලෙස ලද මෙම කෘතිය පිළිබඳ අදහසක් දැක්වීම කෘතගුණ සැළකීමක් සේ ද සිතනා බැවින් මෙන්ම පොතක් කියවා මා ලද අත්විදීම තවත් මා වැනිම වූ පොතපතට ඇලුම් කරන්නෙකුට කුහුලක් දැනවීමට හා කියවීමට ආශාව ඇති කරනු වස් ද මෙලෙස මගේ හැඟීම් අකුරු කරන්නට සිතීමි.
හුදෙක් සමාජශීලි සත්ත්වයෙකු වන මිනිසා නිරන්තරයෙන් ම සමාජ සම්මතයන්, නීතිරීති,බැඳීම් හා සිරිත් විරිත් නම් වූ නේකවිධ බන්ධනයන්ගෙන් තදින් බැඳී පවතී. මිනිසා සමාජය තුළ හැසිරිය යුතු අයුරු සමාජ සම්මතයන් හා සාරධර්ම වශයෙන් වන සමාජයීය රාමුවකින් මෙන්ම නීතිමය රාමුවකින් ද යදමින් බැඳ ලා තිබේ. මෙකී රාමුවෙන් පිටත දකිමින්, එහි සරමින් , ඒවා අත්විඳිමින් එකී පිටස්තර ලෝකය තුළ මිනිසාගේ හැසිරීම් රටා දෙස විචක්ශණශීව දෑස් යොමන මුතුමුදලිගේ නිශ්ශකයන් සිය අත්දැකීම් -අත්විඳීම් සමුදායන් ඔහුගේ කෘතීන් හරහා සහුර්දයන්ට සමීප කරවන්නට නිබඳ උත්සාහයක නිරත වන්නෙකි.ත්‍රිත්ව කතා මාලාවේ පළමුවැනි කෘතිය වන ‘ත්‍රිත්ව’ හරහා සමරිසි ප්‍රේමයක අරුමය ගෙන එන ඔහු ත්‍රිත්ව 2 ‘බේබී’ හරහා පාඨකයාට ගෙන එන්නේ තුන්කොන් ප්‍රේමයක ඇති ආදරය, විරහව, වයිරය, ක්‍රෝධය, පලිගැනීම, තණ්හාව, ත්‍රාසය, භීතිය සහ අත්නොහැර සිටීම ආදී වූ හැඟීම්-විඳීම් සමුදායක එකතුවකි. ලියෝ හෙවත් බේබී, සුසෑන් හෙවත් රේයින් හා එමා නම් වූ චරිත ත්‍රිත්ත්වයක් වටා දිවෙන මේ සොදුරු කතාන්දරය තුන්කොන් පෙමක , තුන්කොන් ලිංගික සබදතාවක තොරතුරු මනාව ඉදිරිපත් කරන්නේ සහුර්ද සිත් වලට තවත් එක් සමාජ පැතිකඩක් විවරණය කරවමිනි.සාම්ප්‍රදායික ලේඛන රටාවෙන් ඔබ්බට ගොස් ගතානුගතික රාමුවකට කොටු නොවී නිදහස්, තමාටම ආවේණික වූ ශයිලියකින් ලේඛනයෙහි නිමග්න වන මුතුමුදලිගේ නිශ්ශංකයන් සිය නිර්මාණ සඳහා යොදාගන්නා භාෂා විලාසය ඉතා සරල ය; ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි; පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකි ; විරාමයකට කිසිඳු ඉඩක් නොතබා ම කතාව කෙරෙහි පාඨකයා ආසක්ත කරවාගනිමින් තමා කෙරෙහිද කතාව කෙරෙහිද පාඨකයාව ඇද බැඳ තබාගන්නා ඔහු ඉතා කෙටි වැකි භාවිතය, සංකල්ප රූප මවන භාෂාව ආදී ලේඛන ප්‍රයෝග හරහා සහුර්ද මනස මෙන්ම මසැස ද තමාට නතුකර ගන්නේ නිරායාසයෙනි.වේගවත් ලෙසින් කතාව ගලායෑමට සැළස්වීම සහ සිනමාරූපී අත්දැකීම මම ඔහුගේ නිර්මාණයන් තුළින් අත්දකින තවත් සුවිශේෂී ලක්ෂණයන් වේ. ඔහුගේ සෑම නිර්මාණයක්ම පාහේ හුදු කියැවීමකට එහා ගිය සිනමාපටයක් නැරඹූවාක් වැනි අත්දැකීමක් ලබාදෙන්නකි. මනැස තුළ නිරායාසයෙන් ම රූප -චරිත-අවස්ථා-සිද්ධීන් මැවී පෙනේ. එය ඉතා කදිම භාෂා හැසිරවීමකැ’යි මට සිතේ. සයුරෙන් එහා ඈත එපිට රටවල් වල සිදු වූ සිදුවීම් හා පුද්ගල චරිත අපට සමීප කරවමින් හුදු නිර්මාණයට එහා ගිය සමාජයේ හෙළුව විනිවිද පෙන්වන්නට දරන තැතක් ලෙසට මම ඔහුගේ නිර්මාණයන් දකිමි; රසවිඳිමි.බේබී, රේයින්, එමා, රිප්සිමේ ආදී චරිත හුදු අද්භූත හෝ ආගන්තුක චරිත නොව, පාඨකයාට සමීප චරිත බවට පත්කරන්නට ඔහු ගන්නා ලද තැත ප්‍රශංසනීය ය. එකී චරිත හා ඒවායේ හැසිරීම ලංකාව වැනි දූපත්වාසී රටක අපට අද්භූත වුව ද වෙනත් රටවල් සමඟ සසඳා බලන විට ඒවා සාමාන්‍ය බැව් හුවා දක්වන කතුවරයා කතා රසයට බාධාවක් නොවන ලෙස ඒ චරිත හා සිද්ධීන් මනාව හසුරවමින් කථාව හරහා යම් පණිවුඩයක් පාඨකයාට දෙන්නට තැත් කරන්නේය. සමාජය යනු හුදෙක් අප ගොඩනඟාගෙන සිටිනා සිහින ලෝකයම නොවන බවත් ඉන් එහා අප නොදත් අරුම -අද්භූත යැයි අප සිතන දෑ සිදුවන බවත් අපට ඒත්තු ගන්වන කතුවරයා පාඨක සහුර්දයාට එතුළින් පෘථුල දැනුමක් ලබා දෙන්නට තැත් කරයි.සමාජ සම්මතයන්ට අනුකූලව අසම්මත යැයි ලේබල් කෙරෙනා කොතෙකුත් දෑ සමාජයේ සැබෑවටම සිදුවනවාද යන්නත් , ඒවා කෙසේ කුමනාකාර ලෙස ඇතිවන්නේද – පවතින්නේ ද -බිඳී යන්නේ ද යන්නත් වටහා ගැනීමට ‘බේබී’ හරහා ඉඩ සළසාලන කතුවරයා සමාජය හුදු රෝසමල් යහනාවක් ම නොවන බැව් තරයේම අවධාරණය කරන්නේ ය.මුතුමුදලිගේ නිශ්ශංකයන්ගේ “බේබී” කියවාගෙන යන අතරමගදී මගේ මනැස තුළ ගීතයක පදපේළි කිහිපයක් රැව් පිළිරැව් දෙනු වැළක්වීමට මා ගත් තැත හුදු නිශ්ඵල ක්‍රියාවක් විණි. දයාරත්න රණතුංගයන් විසින් සංගීතවත් කර සුගායනය කළ, සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් රචිත පහත පැදි පෙළ මගේ මනැස තුළ ඉස්මතු වී රාව නගන්නට වූයේ බේබී- රේයින් හා එමාගේ ආදර අන්දරය කියවාගෙන යන අතරමගදීම ය.“සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන..//ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියාකොන් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියාඔබ මගෙ ආදරය පතයිඇය මගෙ ආදරය පතයිදෙන්නාටම මාත් හිතයිත්රිකෝණයේ පාද සමයිසමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන…// “ප්‍රේමයත් වයිරයත් අතර දුර කෙස්ගසක දුරකැ’යි මා අසා ඇත. ඒ බව මේ කෘතිය කියවාගෙන යාමේදී යම් යම් අවස්ථාවන් වල මම ප්රත්යක්ශ කොට ගතිමි. ගැහැනියක හා පුරුශයෙකු අතර ඇතිවන බන්ධනයෙහි උත්තරීතර ඵලය ආදරය වුවද එය පවත්වාගෙන යාමට නම් දෙපාර්ශ්වයට ම බොහෝ කැපකිරීම් සිදු කළ යුතුව ඇත. බොහෝ කැපකිරීම් අභිමුව තම ආදරය පණ මෙන් රැකගන්නට ස්ත්‍රීහු පෙළඹෙති. පුරුශයන්ට සාපේක්ශව ස්ත්‍රීහු ආදරය යන විෂයයෙහි ඉතා කෑදර සිතැත්තෝ වෙති. ඒ නිසාම ඔවුන් කුමන ආකාරයකින් හෝ කැපකිරීම් අභිමුව තම ආදරය රැකගන්නට දෙවරක් නොසිතා ක්‍රියා කිරීමට පෙළඹෙති.‘රේයින්’ ද මෙලෙසම ය. තම ආදරය රැකගැනීමට- දිනාගැනිමට හා තමා කෙරෙහි ම රඳවා තබාගැනුමට ඈ නොකරනා කැපකිරීමක් නැත. ඕ තරම් කැපකිරීමක් මේ පෘතග්ජන ලෝකයෙහි අන් කිසිඳු ගැහැනියකට කිසි කළෙකත් කළ හැකි යැයි’ද මම නොසිතමි. ඇගේ ඒ දැඩි ආදරයම දැඩි වයිරයකට පෙරළුණු පසුව ඈ තරම් දරුණු එකියක්, හීන් නූලෙන් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගෙන තමාට ද්‍රෝහී වන්නන්ට රිදවන්නට හැකි අයෙක් ද මිහිපිට නැතැ’යි මට සිතුණි. ඇගේ ඒ කූඨ බුද්ධිය අභිමුව බේබී හා එමා යනු හුදෙක් ආදරයේ මළපොත කියවන ළදරුවන්ම යැයි මට සිතිණි.ඉතා දිගු කතාවක් කෙටි කරනු වස් කිව යුත්තේ මෙයයි. මුතුමුදලිගේ නිශ්ශංකයන් තම කෘතිය වූ “බේබී” හරහා සමාජය තුළ කතාබහට ලක් නොවන, සමාජ කඩතුරාවෙන් වැසී ඇති නමුත් මෙවන් දෑ සිදුවන ලොවක එකී සබදතාවන්ගේ ඇරඹුම- අවසානය හුවා දක්වමින් පාඨක මනස පුබුදුවාලන්නටත්, එතුළින් සහුර්ද චින්තනය පෘථුල කරවන්නටත්, සමාජ යථාර්ථය විනිවිද දකින්නටත් මේ හරහා ඉඩ සළස්වා ඇත. ස්ත්‍රී චයිතසිකයක හැසිරීම මනා සේ ඉස්මතු කරන ඔහු ආදරය අභිමුව ඇගේ හැසිරීම මනාව පෙන්වා දී ඇත. පාඨක මනසේ චිත්තරූප මවමින් ද, සහුර්ද පාඨකයා කතාවට ආසක්ත කරවාගනිමින් ද කතාව ගොඩනගා ඇත. “බේබී” වෙනස් ම ආකාරයේ කතාවකි ; කුතුහලය- ත්‍රාසය- භීතිය- සංත්රාසයේ බැමි මුදාහැර ශෘංගාරාත්මක රසය ඉස්මතු කරවමින් රචනා කරන ලද්දකි. මේ සියලු ලක්ෂණ හුවාදක්වන කථකයා සමාජය තුළ හුදු ලාංකිකයන්ට දුලබ, එහෙත් සමාජයෙහි දක්නට ලැබෙන තවත් එක් පැතිකඩක් නිරාවරණය කරන්නට ගත් තැත සාර්ථක එකක් බව කිව යුත්තේම ය.“ආදරයේ හොඳම පලිය අත් නො හැරීමයි ” යනුවෙන් දැක්වූව ද ආදරයේ හොඳම පලිය අත්හැරීම ම බැව් අවසානයේදී වුව රේයින් හරහා ඉස්මතු කරවීම තුළ සැබෑ මෝක්ෂය ඇත්තේ දැඩිව අල්ලාගැනීම තුළ නොව, අතහැරීම තුළ ම නොවේදැ’යි තවත් වරක් සිතන්නට පාඨක සහුර්දයාට අවස්ථාව සළසා ඇතැයි මට සිතුණි. සමස්තයක් ලෙස මුතුමුදලිගේ නිශ්ශංකයන්ගේ “බේබි” කෘතිය රසවත් නිර්මාණයක් බැව් ද නොවළහා කිව යුත්තේම ය.ඉතින් ඔබත් බුද්ධියෙන් සිතා බලන්න..” ආදරයේ හොඳම පලිය ‘අත් නො හැරීම’ ද ???”
– සදමාලි අමරසිංහ-
Comments
Post a Comment