ගෝහා නොහොත් අත්භූත දරුවා
මා මෙහි ලියන සියලුම දේ සියල්ලම සිදුවූ ආකාරයෙන්ම ලිවීමට මා වගබලා ගනිමී.මේ සිදුවූ සහා සිදුවෙමින් පවතින දේවල් නිසා මා උභතකෝටික ප්‍රශ්න රාශියකටම මුහුන පා සිටිමි.ඔබ මෙම කතාව කියවිය යුතුය.සමහර විට මා මුහුන දෙමින් පවතින එම ගැටලු වලට පිලිතුරු දීමට ඔබට හැකිවනු ඇත.එහෙයින් මගේ ජිවිතයේ සත්‍ය කතාවක් වන ” ගෝහා” මා මෙසේ ලියා පලකරමි.
සාරා ස්කාර්ලට් ශෝරායි.අපි විවහා වී වසර කිහිපයක්ම ඉක්ම වී සිටියෙමු.සාරාත් මමත් අපි දරුවෙකු වෙනුවෙන් සිහින මැවුවාය…එහෙත් වසර කිහිපයක් යනතුරුම එය සිදු නොවීය…එහෙත් එක් දිනක් ඇය මට මේ සුන්දර පුවත දන්වා සිටීයාය.
” ආර්චී ….ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ ”
මා මගේ ජිවිතයේ වඩාත්ම සතුටට පත්වූ දිනයක් වේනම් ඒ දවසයි…තාත්තා කෙනෙක් වීම මගේ ජිවිතය පුරාවටම මා ප්‍රර්ථනා කල දෙයක් විය..සාරාටත් එසේමය…ගැහැනියකට ලද හැකි උතුම්ම සැපත ඇයගේ පියයුරු වලින් කිරි උරාබොන දරුවෙකුව දැකීමේ අප්‍රමාන වූ සතුට බව මා දනීමී…
ඒහෙත් ඒ සතුට වැඩි කාලයක් ගත නොවීම වේදනාවක් බවට පෙරලින..
සති 8ක් ගෙවී ගොස් තිබින…දිනක් රාත්‍රියෙ නිදි ඇදේදී සාරා වේදනාවෙන් ඇබරෙමින් කෙදිරි ගසනු මට ඇසින…ම අවදිවිමි….
” සාරා .. ඇයි ” මා ඇසුවෙමි…
පිලිතුරු නොදීම ඇය වේදනාවෙන් අඩමින් සිට්යාය…මම කාමරයේ විදුලි බුබුල දැල් වුවෙමි…ඇයගේ ගවොම ලේ විලක් වී තිබින….එය දුටු ඇය හඩ නගා විලාප දෙන්නට විය
” ආර්චී…. අපේ දරුවා … ” ඇය හඩා වැටින…
මම ඇයව ඉක්මනින්ම රෝහලට ගෙන ගියෙමි… ඇයගේ දරු ගැබ ගබ්සා වී තිබින..
සියල්ලම ක්ෂනිකයෙන් කනපිට හැරී තිබින…වසර ගනනාවක් පුරා අපි ප්‍රාර්තනා කල ඒ සුන්දර සිහිනය ගබ්සාවකින් අවසන් වී තිබින..
ඉන් දින කිහිපයකට පසුව ඇයව මම රෝහලින් නිවසට ගෙන ආවෙමි…ඇය වේදනාවෙන් පීඩීතව සිටියාය….මා ඇයව සැනසවීමට උත්සහා කලෙමි…
” අපි තව පාරක් උත්සහා කරමු සාරා ..අපිට දරුවන් ලැබේවී..ගොඩක් දරුවන්…ඔයා දුක් වෙන්න එපා රත්තරං.. “
දරුවාගේ ගබ්සා වීමත් …අපේ සිහින බිදවැටීමත් සමගම මෙය කතාවේ අවසානය යැයි ඔබ සිතනු ඇත…නැත… මේ කතාවේ ආරම්භය පමනකි… මේ ” ගෝහා ” ගේ ආරම්භයයි…
මේ සිද්දියෙන් සති දෙකකට පසුව සාරා යලිත් රෝගාතුර විය..
” ආර්චී … මගේ කුසේ මොකක් හරි දෙයක් තියෙනවා..මට ඒක තේරෙනවා ” දිනක් ඇය මට කීවාය…එදින අපි යලිත් රෝහලට ගියෙමු… සාරාව පරික්ෂා කල වෛද්යවරයා ඇය ගැබ්ගෙන ඇතැයි කීහ… මා විෂ්මයට පත් වීමි… සාරාගේ දරුගැබ ගබ්සා වුයේ මීට සතියකට කලිනි… මෙය කෙසේවත් විය නොහැක….
අපේ කතාවට සවන් දුන් වෛද්‍යවරුන් සාරාව ස්කෑන් පරික්ෂනයකට ලක් කල අතර ඇය ගැබ් ගෙන ඇති බව එහින් තවදුරටත් සනාථ කෙරින….
“දරු ගැබට සති 9ක් වේනවා ”
” මේක නිවුන් දරු ගැබ් ගැනීමක්…සාරාගේ වම් පස ටියුබයේ සිටි දරුවා පැලොපියන් ටියුබයේ හිරවෙලා ගබ්සා වුනත් අනිත් ටියුබයේන් කලලයට ආපු දරුවා තවමත් ජිවත්වෙනවා… ” වෛද්‍යවරුන් පැවසීය…
එය සැබවින්ම හාස්කමකි…පුදුමාකාර හාස්කමකී…
එහින් මාස කිහිපයකට පසුව සාරා පුතෙකු බිහිකලාය…අපි ඔහුට
” ගෝර් ” යැයි නම් තැබිමු…
මා මේ කියන්නට යන සිද්දිය සිදුවුයේ ඔහුගේ වයස අවුරුදු 5ක් සම්පූර්න වෙද්දීය… ඔහුගේ පස්වන උපන් දිනය ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ පැවැත්වීමට අපි තීරනය කලෙමි..බර්න් මගේ බිරිදගේ උපන් ගමයි..ඇයගේ දෙමව්පියන් වාසය කලේ එහිය….
බර්න් බලා ගුවන් ගමන අතරතුරදී අමුතුම දෙයක් සිදුවිය..ගෝර් ගුවන් යානයේ කවුලුව අසල හිදගෙන සිටියේය..මොහොතකින් කවුලුවෙන් පිටත බලමින් ඔහු කිසිවෙකු හා කතා කරන්නට පටන් ගත්තේය… ඒ කවුදැයි මා නොදනිමී..එහෙත් ඔහු කතා කල ආකාරයට ඔහු ඇත්තටම කා සමග හෝ දිගු සංවාදයක නියැලී සිටිනු බව ඕනැම කෙනෙකුට හේත්තූ යනු ඇත… ගෝර්ගේ මේ ක්‍රියාව එදින අපේ හාසයටත් හේතුවිය…අපි එය වැඩිය ගනන් ගත්තේ නැත…
අපි බර්න් වලට ගිය දින සිටම ගෝර්ගේ හැසිරීම වෙනස් විය.ඔහු නිතරම තනිවම කතා කරන්නට පටන් ගත්තේය…මෙහින් මගේ බිරිදගේ දෙමව්පියන් පවා බියට පත්විය…ගෝර් කිසියම් වූ මානසික විපර්යාසයකට බදුන් වී ඇතැයි සැක කල ඔහුන් ගෝර්ව ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්නැයි අපට කීහ.
කුඩා දරුවන් මෙලෙස හැසිරීම සාමාන්ය දෙයකි..ඔහුන් සමහර විට තනිවම කතා කරමින් සෙල්ලම් කරයි..මෙය ඒ තරම්ම වද විය යුතු දෙයක් නොවන බව පවසා මා එය මග හැරියෙමි…
ගෝර්ගේ මෙම අමුතු හැසීරීම නිසා අපිට ඉක්මනින්ම බර්න්වලින් යලිත් ස්වීඩනයට ඒමට සිදුවිය…
යලිත් නිවසට පැමිනි දින මගේ බිරිද ගොර් ගේ කුඩා කාමරයේ ඇද පිලියෙල කරමින් සිටියාය..
‘ අම්මා මගෙ ඇදෙන් තවත් කොට්ටයක් තියන්න ” ගෝර් පැවසීය…
” ඇයි ” ඇය ඇසුවාය
“එයත් අද ඉදන් මගේ ඇදෙම නිදාගන්නවා ”
” කවුද එයා ”
” මගේ යහලුවා ..මේ ඉන්නේ ” ඔහු බිත්තිය දෙසට ඇගිල්ල දිගුකර පෙන්වීය..එහි කිසිවෙකුත් නොවීය.. මගේ බිරිද ත්‍රසයෙන් යුතුව මා දෙස බැලුවාය..
එදින සිට සාරා ගෝර්ගැන තවත් වදවෙන්නට විය..ඔහුට කිසියම් හෝ මානසික රෝගයක් සැදි ඇත්දැයි ඇය බිය විය…
” අනේ ආර්චි අපි දරුවව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වමු ” ඇය කීවාය..
ඇය නිවැරදිය… මා එයට එකග විමි…
ගෝර්ව අපි මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවෙමු… ගෝර් සමග කතා කල ඔහු එය මානසික රෝගයක් නොවන බවත් කුඩා දරුවන්ට කුඩා අවදියේදී මෙවැනි දර්ශනයන් දැකීම සහා ඒ ගැන කතා කිරීම බොහෝවිට සිදුවන දෙයක් බවත් ඔහු කීහ….තවත් දින කිහිපයක් බලා මේ ගැන කුඩා දරුවන් සම්බන්ධ මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්වීම සුදුසු යැයි පැවසූ ඔහු අප ජිවත්ව සිටි ගුතෙන්බර්ග් නගරයේ සිටින ලමා මනෝ වෛද්‍යවරියකගේ දුරකතන අංකයක් ලියා අප ඉදිරියේ තැබුවේය..
” සමහර වෙලාවට මෙවැනි දේවල් නිසා දරුවට හානියක් වෙන්න පුලුවන්..ඒ නිසා දරුවා ගැන හැම වෙලේම අවධානයෙන් ඉන්න .. විෂේශයෙන්ම එයාව වැඩිපුර නිවසේ තනිකරන්න එපා… ” ඔහු තව දුරටත් කීහ…
දිනක් වැඩරාජකාරී බහුල වූ දිනෙක ප්‍රමාද වී නිවසට පැමිනි මා ඇදෙහි වැතිර පොතක් කියවමින් සිටියෙමි…සාරා කුස්සියේ රාත්‍රි ආහාරය සූදානම් කරමින් සිට්යාය… මගේ ඇදට නැගගත් ගෝර් ඔහුත් සමග සෙල්ලන් කරන්න එන්නැයි මා හට ඇවටිලි කලේය…. මහන්සිය අධික වූ නිසා ඔහුව ඇදෙහි එක් පැත්තකින් හින්ද වූ මම
” තව ටිකකින් අම්මා එනවනේ පුතා..අම්මා ආවම පුතා එක්ක සෙල්ලන් කරයි ” යි පැවසුවෙමි….
මාත් සමග අමනාප වූ ගෝර් අනෙක් පස හැරී සෙල්ලන් කරන්නට පටන් ගත්තේය… සුපුරුදු පරිදිම ඔහු ඔහුගේ නොපෙනන යහලුවා සමග සෙල්ලන් කරන්නට විය.. මා මොහොතක් ඒ දෙස බලා සිටියෙමි..ඔහු සැබවින්ම කිසිවෙකු සමග කතා කරනු ඇතැයි මට සිතිය…ඔහු වචන ගලපන අයුරු සහා පිලිතුරු දෙන ආකාරය අනුව ඔහු අසල කිසිවෙකු හෝ ඇතැයි මා හට සිතින…පොත පැත්තකින් තැබූ මා ඔහු ලගට බරවී
” ගෝර් .. කාත් එක්කද ඔයා සෙල්ලන් කරන්නේ ” යි ඇසීය…
” ගෝහා එක්ක… ” ඔහු කීහ…
” ගෝහා … කවුද ගෝහා .. ”
” මේ ඉන්නේ ගෝහා ” ඔහු ඔහුගේ කුඩා අතින් ඇදේ ඔහු හිද සිටි කොනටම ඇගිල්ල දිගු කර පැවසිය…
සැබැවින්ම මා එම මොහොතේ බියට පත්විමි…මා ඇදෙහි දිගු කොට සිටි කකුල් දෙක හකුලුවා ගතිමි.
” ඇයි ඔයා ගෝහා ව දන්නේ නැද්ද ” ඔහු මගෙන් ඇසීය ..
” නැහැ … ” මා හිස වැනුවෙමි…
” අපි දෙන්නම අම්මගේ බඩේ එකට හිටියේ … ” ඔහු එසේ කියත්ම මගේ මුලු ශරීරයම සීතල වී ගියේය….සාරාගේ ගබ්සාව ගැන අපි ගෝර්ට පවසා නැත..ඔහු එය දැනගැනීමට විදියක් නැත… පවුලේ කිසිවෙකුත් එවැනි දෙයක් ගැන අවුරුදු 5ක කුඩා දරුවෙකුට නොකියනු ඇත…. එසේ නම් ඔහු එය දන්නේ කොහෝමද?
මේ සිද්දීය සාරාට කී පසුව ඇය සිහිසුන් නොවුවා පමනකී…අපි එදිනට පසු දිනම වෛද්යවරයා විසින් අපිට ලබාදුන් ගුතෙන්බර්ග් වල වෛද්යවරියට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇයව මුන ගැසීමට දිනයක්ද වෙන් කරගත්තෙමු.
ගෝර්ව රෑගෙන ඇයවෙත ගිය අප සිදුවූ සියල්ලම මුලසිට අගටම ඇයට කිවෙමු..සාරාගේ ගබ්සාවීමත්,ගෝර් ගේ උපතත්, මේ සියල්ලම පැවසූ පසු ඇය ගෝර්ව සෙල්ලම්බඩුවලින් පිරී තිබුනු කුඩා කාමරයකට ගෙන ගියාය..
මේ කාමරයේ පිටතින් සිටි කෙනෙකුට එහි ඇතුලත සිදුවන කතාවන් වලට සවන් දිය හැක…එසේම වීදුරූ වලින් ආවරනය කරතිබූ අනෙක් කොනේ සිට කාමරය තුල වෙන දේවල් බලා සිටිය හැක.. එය කුඩා දරුවන් වෙනුවෙන්ම සැකසූ විශේෂ කාමරයක් විය…
“මම ලුසී .. ඔයා ” වෛද්‍යවරිය ගෝර් සමග සෙල්ලන් කරමින් සිටින අතර තුර ඔහුගෙන් විමසීය…
” ගෝර් ” ඔහු පිලිතුරු දුන්නේය…
” එතකොට ගෝනා …. ” ඇය මිමීනීය..
” ඒ මගේ යහලුවා .. “
“එයා දැන් මෙතන ඉන්නවද ”
” නැහැ ”
” එහෙනම් … ”
” එයා ආයෙත් එන්නේ තව දවස් ටිකකට පස්සේ ”
” ඒ කිව්වේ ”
” එයා කොයෙද ගිහින් ” ඔහු කීහ…
” කොයේද ගිහින් තියෙන්නේ ”
” දන්නේ නැහැ ” ගෝර් හිස සැලීය…
“එයා හැම වෙලේම එහෙම යනවද ”
” ඔව් සමහර වෙලාවට ” ඔහු කීහ….
වෛද්‍යවරිය මොහොතක් නිශ්ශබ්දව සිට ගෝර් සමග සෙල්ලන් කලේය…විනාඩි කිහිපයකට පසුව ඇය යලිත් සංවාදය පටන් ගත්තේය ..
“ගෝහා මොනවගේද ” ඇය ඇසීය
” මම වගේ ”
” එතකොට එයා ඔයාට ආදරේද ”
” ඔව් ..අපි දෙන්නා අම්මගේ බඩේ එකට හිටියේ ” ගොර්ගේ මුවින් සිනාහවක් නැගින… ඔහු වටපිට බැලීය…. ඔහු ගෝහාව සොයන ආකාරයක් පෙනින… ඔහු එතන නොමැති නිසා ඔහුට තනිකමක් දැනෙන්නට ඇත…
“කවුද ඔයාට ඒක කිව්වේ ”
” ගෝහා ”
” ඔයා අම්මටයි තාත්තටයි ආදරේද ”
” ඔව් ” ගොර් සිනා සින…
සාරා මගේ උරහිසට ඇගේ හිස තබාගත්තාය…මා ඇයගේ දෙතොලට හාද්දක් දුනිමි..ඇයගේ වේදනාව මාහට දැනීන… ඒ වේදනාව්න්ම මගේ හදවතත් මිරිකී ඇත…කෙසේ හෝ දරුවාවා මෙහින් ගලවා ගත යුතුය…
යලිත් ගෝර් සමග ටික වෙලාවක් සෙල්ලන් කල වෛද්‍යවරිය ටික මොහොතකින් මෙසේ ඇසීය..
” එතකොට ගෝහා අම්මටයි තාත්තටයි ආදරේද ”
මොහොතක් නිශ්ශබ්දව සිටි ගෝර් ” නැහැයි ” පවසා හිස සැලුවේය..
“ඒ කිව්වේ ”
” එයා අම්මට විතරයි ආදරේ ”
” එතකොට තාත්තට ”
” නැහැ ” ඔහු යලිත් හිස සැලීය.. වීදුරුවෙන් පිටත සිට මෙය අසා සිටි මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය… මා තෘෂ්නිම්භූතව බලාගෙන සිටියෙමි…
” ඇයි ඒ ” වෛද්‍යවරිය ඇසුවාය…
” තාත්තා නිසා තමයි ගෝහාට අපෙන් යන්න වෙලා තියෙන්නේ ”
“ඒ කිව්වේ ”
වෛද්‍යවරියගේ එම ප්‍රශ්නයට ගෝර්ගෙන් පිලිතුරක් ලැබුනේ නැත… ඔහු නිශ්ශබ්ද විය….
ගෝර්ගෙන් තවත් ප්‍රශ්න ඇසිම ඔහුව පීඩාවට පත් කරන්නක් විය හැකි නිසා වෛද්‍යවරිය කතාව එතනින් අවසන් කලාය.
එහෙත් තවමත් මගේ සිතේහි කුතුහලාත්මක ප්‍රශ්නයක් ඇත… මා නිසා ගෝහාට ජිවත්වෙන්නට නොහැකි වුනේ ඇයි ?
මා ඔහුට කල වරද කුමක්ද ?
මා මේ ප්‍රශ්නය වෛද්‍යවරිය විමසුවෙමි…
” ඒක හරියටම කියන්න බැහැ… එහෙත් දරුවව ගබ්සා වුනු දවසේ රෑ මොකක් හරි වෙලා තියෙනවා… ” ඇය කීවාය..
මේ කතාව මෙතනින් අවසන් වෙන්නේ නැත…ගෝහාගේ මරනයට හේතුව මා සොයා ගත යුතුය… එය සොයාගත හැක්කේද ගෝහාගෙන්ම පමනී..වෛද්යවරියව මුනගැසුනු තැන සිත අද වනතෙක් සතියක් සම්පූර්න වී ඇත..ගෝර් තවමත් ගෝහා එන තෙක් බලාගෙන සිටියි… තවත් දේවල් ඉදිරියේදි සිදුවනු ඇත… ඒ දේවල්ද මෙම කතාවට එකතු විය යුතුය…
” ගෝහා/ර් ” මෙහින් අවසන් නොවෙයි….
පසුවදන – මෙය සත්‍ය කතාවක් .මගේ බිරිදගේ හොදම මිතුරියකගේ ජීවීතය තුල තවමත් සිදුවෙමින් පවතින් සිද්ධීන් දාමයක් මේ කතාව තුල අඩංගුයි.ගෝහා යලිත් ඒවිද ? ගෝහා පියාට වෛර කරන්නේ ඇයි ? මට ඔබ වගේම මේ ප්‍රශ්න ඔහුන්ටත් තියෙනවා..ඔහුන් අදටත් මේ ප්‍රශ්නත් සමග ජීවත්වෙනවා..
2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්
Comments
Post a Comment