කැමේලියා සමග ඔබ හමුවට එන මින්දිකා බණ්ඩාර අද පොත් මී අලුත් පොතක් සමග
අද පොත් මී අලුත් පොතක් සාකච්චාව කැමේලියා සමග ඔබ හමුවට එන මින්දිකා බණ්ඩාර සමග
1. ‘කැමේලියා’ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් එන ඔබේ පළමුවැනි නිර්මාණය. මේ කතාවේ අන්තර්ගතය කුමක් සම්බන්ධයෙන්ද කීවොත්.
මනව දයාව,ප්‍රේමය හා මතෘත්වය පදනම් කරගනිමින් ලියවුණු කතාවක් කිවොත් නිවැරදි. මෙහි වස්තු බිජය වන්නේ වැළලි ගිය අතීතයක ආදර කතාවකින් බිහිව ඔවුන්ගෙන් ගිලිහි ගිය සොඳුරු දියණියකගේ සුන්දර ප්‍රේමය හා සැඟවුණු අතීතය වර්තමාණය වෙත අරන් ඇවිත් තම මවගේ අවසන් කැමැත්ත ඉටු කරන සොයුරෙකුගේ හරි අපුරු කතා පුවතක්.
2. ඔබ කොහොමද ලේඛන කලාවට පිවිසෙන්නේ ? කොයි කාලයේ ඉඳන්ද ලිවීම ආරම්භ කලේ..?
ඇත්තටම කිවොත් මම ලිවිම ආරම්භ කලේ පාසල් අවධියේ පටන් , ඒ කියන්නේ සාමන්‍ය පෙළ ලියන කාලේ ඉදලා කවි නිසැදැස් කෙටි කතා ලිවුවා,උසස් පෙළ ඒකල ව්‍යපෘතියටත් කලේ නිසැදැස් නිර්මාණයක්. දැනට වසර 15 කට එහා ඒ කියන්නේ පාසලින් සමුගත් කාලයෙන් පසුව ලියපු නව කතාවක අත් පිටපතක් තවමත් මගේ පොත් අල්මාරියේ තියෙනවා.දැනට මුද්‍රිත පිටුවලට ආවේ එක කතාවක් උනත් ලියලා ඉවරවුන නවකතා හා කෙටි කතා කීපයක් මා සතුව තිබේනවා.
3. පොතක් මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක්වීම පහසු කටයුත්තක් නොවෙයි. ඉතින් ඔබේ මේ පොත එළිදැක්වීමේ කාර්යට ඔබට උදව් කරමින් ශක්තියක් උනේ කව්ද..?
ඔව් ඔබ නිවැරදි ,එය මහත් දුෂ්කර කාර්යක්. මුල්‍යමය ප්‍රශ්න වලට අමතරව පාඨකයන් අතරට මගේ පොත අරන් යන්නේ කොහොමද එවැනි ගැටලු බොහොමයි.මොකද මේ නව කතා පොත පාඨකයන් අතරට ගියේ කතෘ ප්‍රකාශනයක් ලෙසින් නිසා ඒ ප්‍රශ්න මට තදින් බලපැවා. හැබැයි මම සතුටින් කියන්න කැමති ඒ දුර්ගය තරණය කරන්න මගේ දෑත් අල්ලාගනිමින් මා වටා කිහිප දෙනෙක් හිටියා.ඒ අතරින් මගේ අම්මා, අක්කා, අයියා, සැමියා , සයිබරයේ මුණ ගැහුණු ප්‍රවීණ ලේඛිකා සචේන්‍යා ප්‍රනාන්දු මහත්මිය, දුලාංජලි නැඟෙණිය, සමාජ මධ්‍ය, මොවුන් නොසිටියෙනම් ඇත්තටම කිවුවොත් මම ලියපු කැමේලියා වගේම ඉදිරියට පාඨකයන් හට දෙන්න බලාගෙන ඉන්න නව කතා පෙල මගේ පොත් අල්මාරිය තුලම මියැදෙන්න තිබ්බා. ඒ වගේම තවත් කිහිප දෙනක්ම වචන වලින් හරි මට උදව් කරපු අය ඉන්නවා, එ අතරින් මුද්‍රණ ආයතනයේ රංග මහතාවත් මතක් කරනවා.ඒ වගේම මම හරි කැමති මගේ ආඩුපාඩු පෙන්වා දෙන හැමෝටම මොකද මම තව පියවරක් ඉස්සරහට තියන්න ඔනි පෙර වැරදි ආඩුපාඩු හදාගෙන ,එහෙම ගුරු හරුකම් දිපු අයත් කිහිප දෙනෙක්ම උන්නා ඉතින් මම මෙක අවස්තාවක් කරගන්නවා ඔවුන්ට ස්තුති කරන්න මගේ වචනයෙන්ම කිවොත් ඔවුන්ට බොහොම පිං.
ඒ වගේම මගේ අකුරු වල රහගුණ කියන ආදරණිය පාඨක පිරිසට මම ස්තුති වන්ත වෙනවා. ඒත් එක්කම මම ඉල්ලිමක් කරනවා මගේ ලියවිල්ල තුල නුගුණක් අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න කියලා .
4. ” කැමේලියා”කෘතියක් ලෙසින් එළිදකින්නට ප්‍රථමයෙන් මුහුණුපොත හරහා කොටස් වශයෙන් පාඨකයන් අතරට ගිය කතාවක්. සමාජ මාධ්‍යය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් ඔබට ලැබුනු යහපත් සහ අයහපත් අත්දැකීම් මොනවාද.?
ඇත්තටම කිව්වොත් මුහුණ පොතින් එහෙම නැත්නම් සමාජ මාධ්‍යයෙන් මට කිසිදු අයහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැ.අහන්න විඳින්න ලැබුණේ යහපත් ප්‍රතිචාර හා ආදරණිය වචන පමණයි.ඒ නිසාම තමයි කැමේලියා මුද්‍රිත පිටුවලට එක් වන්නේ.
5. ඔබ හිතන විදිහට ලේඛිකාවක් හෝ ලේඛකයෙක් යම් නිර්මාණයකදී ඇතැම් කරුණු සම්බන්ධව ලියන විට සීමාවක් තුළ හිඳ ලිවිය යුතුද එසේත් නැතිනම් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තම අදහස සීමාවකින් තොරව නිදහසේ ලිවිය යුතු යැයි සිතනවාද.?
මෙහෙමයි, මගේ මතය නම් වන්නේ යම් කිසි කාරණාවන් තුලදි පමණක් සීමාවක් තිබිය යුතුය.නිදහසින් ලියනවා කියන්නේ සීමාව අභිබවා ලියනවා කියන එකවත් සීමාවට තුල හෝ සීමාවට දුරින් ලියන එක නෙමෙයි, පාඨකයන් අතරට නිර්මාණයක් යද්දි අපි දන්නේ නැ ඒ පාඨකයාගේ සිතුවිලි වල ප්‍රමාණය , මොකද ඔවුන් විවිධාකාර අදහස් දරණ පුද්ගලයන් මොකද අපි ලියන්නේ යම් පාඨක කොට්ටාශයක්ට පමණක් නොවයිනේ, ඒ හැම පාඨකයන්ගේම සිතුවිලි වලට ගැලපෙන්න අපි ලියද්දී යම් යම් කරුණු ගැන මනා අවබෝධයක් හා යම් සිදුවිම් වල යම් සීමාවක් තිබිය යුතුය.ව්‍යංගර්ථව ලිවිය යුතු කරුණු එසේ ලිවිමෙන් රසයත් ගුණයත් වැඩි වන බව කිව යුතුමය.එහිදි සීමාව තිබිම බොහො උචිත බව මගේ හැඟිමයි. මම දකින නිදහස නම් මගේ නිදහස් මනස හා පාඨකයන් නිදහස් මනසකට රැගෙන ඒම සඳහා ලිවිම තමා නිදහසින් ලියනවා කියන්නේ. මේ මගේ පෞද්ගලික අදහස පමණයි.
6. ඉදිරි නිර්මාණ ගැන මේ වෙනකොට ඔබ තුල අදහසක් තිබෙනවාද..? ඒ වගේම ඔබ ලිවීමට ප්‍රිය කරන යම් කිසි ශානරයක් තිබෙනවාද..?
ඔව්, මම දැනටමත් නව කතා තුනක් ලියන ගමනුයි ඉන්නේ.ඉදිරියෙදි මාස තුන හතරක කාලය ඇතුලත පාඨකයන් වෙත මුද්‍රිත පොත් ලෙස ලබා දෙන්න හැකිවේවි කියලා බලාපොරොත්තු වෙනවා.
මනව දයාව, ප්‍රේමය, දෙසට නැඹුරුව පාඨකයන් හට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් විදිහට තමයි මම ලියන්න කැමති.
7. ඔබේ ප්‍රියතම ලේඛිකාව/ ලේඛකයා කවුරුන්ද? ඊට හේතුව ?
ප්‍රියතම , මම කැමති ඒ වචනය කාණ්ඩ දෙකකට බෙදන්න.
1 ක්ෂේත්‍රයේ ඉහළම ඉන්න ලේඛක හා ලේඛිකාවන් මම ඉහළම කියලා අදහස් කලේ ලේඛින කලාවට පිවිස වසර ගණනාවක් පැරණි අය ගැනයි.
එයාලාගෙන් මම කැමතිම , ගායනා එස් ලක්මාලි මෙනවිය, එයාගේ නිර්මාණය එකිනෙකට බොහො වෙනස්, මානෝරි සිලිකා වික්‍රමඅරච්චි මහත්මිය , ඒ නිර්මාණය බොහොමයක් තුල කාන්තාවගේ ආත්මය හරි අපුරුවට දැනෙන විදිහට ගොනු කරලා තියෙනවා, ඒ වගෙම දිලු සඳමාලි මහත්මිය හදවත ඇතුලට කිදා බහින වචන අපිට දැනෙන්න ලියනවා , මොනිකා මහත්මිය, දිල්හානි මහත්මිය, චන්දි මහත්මිය , දිල්රුක්ෂි මහත්මිය,විමුක්ති මෙනවිය, මොහාන් රාජ් මහතා, යෞවන මහත්මයා, මහින්ද මස්ඉඹුල මහතා,තව බොහෝ පිරිසක් ඉන්නවා,
2 අපේ කාලයයේ ලේඛක ලේඛිකාවක් ගත්තොත් සචේන්‍යා ප්‍රනාන්දු මහත්මිය, චමි තියඹරාහෙනේගෙදර මහත්මිය,ඉමේෂා මාධවි මහත්මිය, අනුෂා ප්‍රනාන්දු මහත්මිය, චේතනා මහත්මිය ,එයලා හිතට දැනෙන්න ලියන ලේඛිකාවන්.මම නම් වශයෙන් සදහන් නොකලත් තව ලස්සනට ලියන ලේඛික ලේඛිකාවන් බොහොමයක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.
8. ලේඛිකාවක් විදිහට මේ ආරම්භ කළ ගමන හැරුනුකොට ඔබේ අනෙකුත් අනාගත බලාපොරොත්තු මොනවාද?
ලේඛන ජිවිතයේ තව ඉදිරියටම යන්න තමයි ඉතින් මගේ දැනට තියෙන එකම බලාපොරොත්තුව , ඒ වගේම කිසි කෙනෙකුට කරදරයක් නොවි යුතුකම් හා වගකිම් ඉටුකරගෙන සතුටින් ජිවිතය ගෙවන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව,
තව පුංචි බලාපොරොත්තුවක් තමයි පුංචියට පුස්තකාලයක් අරම්භ කරන එක.( බොහෝ කලයක් ගත වෙවි )
9. ඔබ රැකියාවක නියුතු වෙන අතරතුරේම තමා ලේඛන කටයුතුත් කරගෙන යන්නේ. විශේශයෙන්ම ලේඛකයෙකුට නිරවුල්ව අදහස් ගලාගෙන එන්නට මනස සැකසී තිබිය යුතුයි. ඉතින් රැකියාවත් කරන අතරතුර කොහොමද ඔබ ලිවීමට කාලය සකසා ගන්නේ..?
ඔව් සමහර වේලාවට ජොබ් එක කරන ගමන් ලියන්න අමරුයි තමා, ඇත්තටම ඔයලා පිළිගනිද දන්නේ නැ මම ලියන්නේ බස් එකේ එන යන ගමන්, දවසකට පැය හතරක් මට ගමනාගමන සඳහා ගතවෙනවා උදේට පැය දෙකකුත් හවසට පැය දෙකකුත් වගේ ඔය යන එන කාල සීමාවේදී තමයි මම ලියන්නේ.නිරවුල් මනසක් තිබිය යුතු බව සත්‍යයක්. කොහොම උනත් මගේ වාසනාවකට වෙන්න ඇති කාර්ය බහුල ජිවන රටාවත් එක්ක දවසකට ලියන්න පැය දෙකක හරි නිදහසක් මට ලැබෙනවා.ඉතින් ඒ පැය දෙක හොඳටම ඇති මට නම් කතාවේ කොටසක් හරි ලියන්න.
10. මේ වන විටත් ඔබේ පොත පාඨකයන් අතරට ගිහින් තිබෙනවා. ඔබට බොහොමයක් පාඨක ප්‍රතිචාර ලැබෙනවත් ඇති. කොහොමද ඔබට පාඨකයන්ගෙන් පොත ගැන ලැබුනු අදහස්..?
ආදරණිය ප්‍රතිචාර බොහොමයක් මට ලැබෙමින් පවතිනවා, මට හරි සතුටුයි ඒ පිළිබඳව, ඒ වගේම ඒ ප්‍රතිචාර මට ඉස්සරහට යන්න අත් වැලක් සපයනවා නිරතුරුවම.පාඨකයෝ තමයි මගේ මොටිවෙෂන් එක,
ඉතින් අන්තිමට මම කියන්න කැමති මේ පොත් මී ප්‍රකාශන මධ්‍ය තුලින් ඔබ වෙත එන්න මට අවස්තාව සලසා දුන් පුෂ්පිකා මධුශානි විජේරත්න මෙනවියට මෙන්ම මම එතුමියට හදුන්වා දුන් නිහතමානී ලේඛිකාව නිශාදිනි අල්විස් මහත්මියට හදවතින්ම ප්‍රණාමය පුද කරන බව.
පොත්මී ප්‍රකාශන පුද්ගලික සමාගම
Comments
Post a Comment