"තම්මැන්නා රැජින" කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන විනෝදිනී සේනාරත්න මහත්මිය, අද අලුත් පොතක් සමග

“තම්මැන්නා රැජින” කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන විනෝදිනී සේනාරත්න මහත්මිය, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග

Thammanna Rajina - by Vinodhani Senarathne

 

1. මුළින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්..?
මම විශ්‍රාම ලත් විදුහල්පතිනියක් ගුරු විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරියක්. ලංකාතිලක රජ මහා විහාරයේ දහම් පාසල භාරව අවුරුදූ 14 ක් වැඩ කළ, විවිධ සමාජ කටයුතුවල යෙදෙන අයෙක් .

 

2. ඔබ කොයි කාලයේ කොයි ආකාරයෙන්ද ලේඛන කලාවට යොමුවුනේ..?
මම පාසල් යන කාලයේ රචනා වලට දක්ෂ කෙනෙක්. සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණය කර තිබෙනවා.එහෙත් උසස් අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදිය නිසා ලිවීම නැවතුනා . මම නැවත ලියන්න පටන් ගත්තේ 2000 දී මට දීර්ඝ නිවාඩුවක් ලැබූ නිසා.

 

3. තම්මැන්නා රැජින කෘතිය 2013 වසරේ මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟයේ හොඳම අත්පිටපත බවට පත්වෙනවා. ඉතින් එය මුද්‍රිත මාධ්‍යට ගේන්නට මෙතරම් කල් ගත්තේ ඇයි..?
ඒ වගේම මුද්‍රිත මාධ්‍යයෙන් මේ කෘතිය පාඨකයින් අතට පත් කරන්නට ඔබට උදව් කල අය ගැනත් සඳහනක් කළොත්…?
පොතක් ලිවීමට වඩා එය මුද්‍රණය කරගැනීම අපහසුයි මේ පොත මුද්‍රණය කරගැනීමට මා නොගත් උත්සාහයක් නැහැ. විශේෂයෙන් නවකයකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. පොතක් ලිවීමට ගන්න වෙහෙස දන්නේ ලියන අය පමණයි. තම්මැන්නා රැජිණ පොතක් ලෙස මුද්‍රණය වීමේ ගෞරවය හිමිවිය යුත්තේ CR ප්‍රකාශක අධිපති චාමර රත්නායක මහතාටයි. අත් පිටපත කියවා සති දෙකක් ඇතුළත එය මුද්‍රණය කිරීමට තීරණය කළා. ඉතා සුළු කාලයක් ඇතුලත පොත මුද්‍රණය වීම මටත් පුදුමයක්. කිසිම ඇදුනුම්කමක් නැතිව පොත පමණක් බලා මා ගැන කිසිත් නොදැන ගත් එම තීරණය නිසා මේ පොත ඔබ අතට පත් කිරීමට හැකි වුණා. ඔහු ගත්ත තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා ඒ හැර ඊට අනුබල දුන් සඳරැසි සුදුසිංහ පුවත්පත් කලාවෙදිනියටත් පළමු විචාරකයා වූ මාලන් ආරියසිංහ පුතාවත් සිහිපත් කරනවා ‘ ඇය කුවන්නා’ ලෙස නම් වූ පොතේ නම ‘තම්මැන්නා රැජින’ ලෙස වෙනස් කලෙත් සුන්දර පිටකවරය නිර්මාණය කලෙත් රත්නායක මහතාමයි.

 

pothmee publication pvt ltd by muthumudalige nissanka

 

4. තම්මැන්නා රැජින කෘතියේ එන කතාවක් කුමක් සම්බන්ධව ලියවුනු එකක්ද..? තම්මැන්නා රැජින ඔබේ දෙවෙනි කෘතිය. ඔබ විසින් ලියන ලද පළමු කෘතිය ගැනත් සඳහනක් කළොත්..?
මගේ මුල්ම නවකතාව ‘සුදු නෙලුම් ‘ලියවුනේ යුද්ධය පසුබිම් කරගෙන.යුද්දය කියන්නේ අමානුෂික සංසිද්ධියක් ,මිනිසත්බව බිදවැටුන ඛේදවාචකයක්.රටේ පැවතුන යුද්ධය නිසා තරුණ ජීවිත විනාශ වුණා. සමහරු සදහටම ආබාධිත වුණා. මේ තත්වය යටතේ යුවතියක් මුහුණදුන් සංවේදී අත්දැකීමක් මේ පොතට පාදක වුනා වුණා යුද්ධයකට හැකියාවක් තියනවා ජීවිත උඩු යටිකුරු කරන්න සාමය කෙතරම් වටිනවද යන්න අප තේරුම් ගත යුතුයි ඒ එක්කම සිංහල දෙමල ජාතින් ලෙස බෙදීමට වඩා මිනිසත්බව කෙතරම් උසස්ද යන්න මගේ කතාවෙන් කියවුණා.

 

5. ඉදිරි නිර්මාණ කටයුතු ගැන මේ වන විට අදහසක් තිබෙනවාද…?
මගේ තවත් නවකතාවක් වූ ‘පොඩී ගේ කතාව’ 2018 මධ්‍යම පළාත් සාහිත්‍ය තරගයෙන් හොදම අත් පිටපත වුණා. ‘ එය එසේ සිදුවිය ‘ නම් කතාව 2020දී ඇගයීමට ලක්වුණා නවකතා ලිවීමට අමතරව මම පද්‍ය රචනා සහ ගීත ලියනවා.ඒ සියල්ල උඩුනුවර සහ මහනුවර සාහිත්‍ය උත්සව වලදී ජයග්‍රහණය කර තිබෙනවා 2018දී මගේ ඉංග්‍රීසි පද්‍ය රචනය රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලැබුවා.

 

 

6. තම්මැන්නා රැජින කෘතිය පාඨකයින්ට මිළදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කළොත්..?
මෙම කෘතිය ඔබට CR Publishers වෙතින් හෝ 0710814513 අංකයට ඇමතුමක් දීමෙන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම ලංකාවේ බොහෝමයක් පොත් හල් වලටත් දැනටමත් පොත විකිනීමට ලබා දීලා තියෙනවා.

 

7. ඔබෙ ප්‍රිය කරන ලේඛකයෙක් හෝ ලේඛිකාවක් සිටිනවාද..?ඒ වගේම ඔබ කියවීමට ප්‍රිය කරන්නේ කුමන ශානරයකට අයත් කෘතීන්ද..?
මම ප්‍රියකරන ලේඛකයන්ට වඩා මම කැමති පොත් ගැන කතා කරන්න කැමතියි මම යුද්ධය පසුබිම් කරගත් පොත් වලටත් මිනිස් සන්තානය විග්‍රහ කරන පොත් වලටත් කැමතියි. යුද්ධය සහ සාමය, Dr Zhivargo , Gone with the wind ඇට මැස්සා ආදී පොත් ගණනාවක් තියනවා, මගේ ශාස්ත්‍රපති නිබන්ධනය සදහා මාතෘකාව ‘සාමය සදහා අධ්‍යාපනය. ඒ නිසා යුද්ධය ගැන පොත් රැසක් කියෙව්වා
එසේම මිනිස් සන්තානයේ සන්කිර්ණ බව විස්තර කරන පොත් වලටත් කැමතියි. බෞද්ධ පොත් හැරුනවිට අපරාධය සහ දඩුවම,ඇනා කැරනිනා,, ගෝරා ,Wuthering Heights, Jessica, විරාගය, Me before You මම කැමති පොත්.පාසල්විය සිහිපත් කරන ගොළු හදවතට මම කැමතියි මේ සියල්ල ඉතා සුන්දර ප්‍රේම කතාවන්ද වෙනවා. තිස් අවුරුදු යුද්ධයක් පැවතුණ අපේ රටේ යුද්ධ සාහිත්‍යක් බිහි නොවීම කණගාටුවට කරුණක්.

 

8. ආධුනික මෙන්ම ප්‍රවීන ලේඛක ලේඛිකාවනුත් මුහුණුපොත ඇතුළු සමාජ ජාලා තුළින් තමන්ගේ නව නිර්මාණ පාඨකයින් වෙත ගෙන එනවා. එය පාඨකයින් අතරට යන්නට පුළුවන් පහසුම මාර්ගයක්. මුහුණු පොත හරහා නිර්මාණ එළිදක්වන්නට ඔබට අදහසක් නැතිද…?
මම ඒගැන අධ්‍යනයක් කර නැහැ පොතක් පාඨකයන්ට හඳුන්වා දීමට අන්තර්ජාලය හොද තැනක් මුහුණු පොත හරහා පොත් ගැන විස්තර ඉදිරිපත් කිරීම තුලින් වැඩි දෙනෙක් වෙත ලගා විය හැකියි පොත් විකිනිමට එය හොද මාධ්‍යයක්. කතෘ ප්‍රකාශන සදහා සමහරු 50%ක් ගන්නවා මුද්‍රණ වියදම් සහ 50% විකුණා දීමට ගත්විට ලේඛකයාට ටයිප් කරපු මුදලවත් නැහැ.මෙනිසා අන්තර්ජාලය පොත් පල කිරීමට හොදයි යන මතයේ මම ඉන්නවා.

 

9. ලේඛිකාවකට හෝ ලේඛකයකුට තම නිර්මාණ තුලින් සමාජයට කළ හැකි මෙහෙවර කුමන ආකාරයේ විය යුතුයි කියා ඔබ සිතනවාද…?
මගේ කතාවේ යටිපෙළ කියවන අයට වැටහේවි මුළු ඉතිහාසය පුරා ඇත්තේ විජයලගේ සහ කුවෙනිලාගේ අරගලය බව. බලය ලබා ගැනීමට කුවෙනිලගේ පීහිට පතන විජයලා බලය රැකගැනීමට වෙනත් බලවේග සොයායනවා එදා මදුරාපුර කුමරිය මගින් තහවුරු කර ගන්න බැලුවා වගේ එදා වගේ අදත් කුවේණිල මහ පාරේ අතරමන් වෙලා ඉන්නවා දකීවි.

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න