ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර
ස්නේහ නැංගුරම් කෘතියෙන් ඔබ හමුවට එන සචිනි ලෙව්කේබණ්ඩාර අද පොත්මී අලුත් පොතක් සමග
1.“ස්නේහ නැංගුරම් කියන්නේ” මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු නවකතාව ඉතින් මුලින්ම මේ කතාවේ අන්තර්ගතය ගැන සදහනක් කරමු.
මං මේ කතාව ලියන්න පටන් ගත්තෙ මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් සයිබර් අවකාශයට, හැබැයි ඒ කතාවම පොතක් වෙලා එළියට එද්දී කතාවේ පෙළගැස්වෙන බොහෝ සිද්ධි මාලාවන් වර්තමාන සමාජයේ වෙන්න පටන් අරන් තියෙනවා, ඒ දේවල් අපි කණින් අහනවා ඇසින් දකිනවා. මං අනාගතය කියන්න දන්නෙ නැති උනත් කුමක්දෝ හේතුවකට ඒ දේවල් අද සමාජයේ වෙනවා. විශේෂයෙන් මේ නවකතාවෙ ප්‍රධාන කාන්තා චරිත තුනක් තියෙනවා, ඒ එක් එක් ගැහැණුන්ට විඳින්න සිදුවන පීඩා විවිධාකාරයි. ඔවුන් ඒ සටන දිනන්නේ කොහොමද වගේම අපි පිට ඔපයෙන් මනින මිනිසුන්ගේ ඇතුළාන්තය මේ කතාවෙ අන්තර්ගත වෙලා තියෙනවා.
2. මෙය මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට ඔබට සහයෝගය දුන් අය ගැනත් මතක් කිරීමක් කළොත්…?
මට සහයෝගය දුන්න ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ තාරා පොත් ප්‍රකාශන ආයතනයේ අධිපතිනි තරංගා දිසානායක මිස්, මිස්ගෙ මඟපෙන්වීම නැත්නම් මේ කතාව පොතක් වෙන්නෙ නෑ. ඒ වගේම මගෙ දෙමාපියන්, ඉරේෂා අක්කා, පරිගණක පිටු සැකසුම් කල මිලානි අක්කා මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.
3. ස්නේහ නැංගුරම් කෘතිය පාඨකයින්ට මිලදි ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
තාරා පොත් පියසෙන් මිලදී ගන්නත් පුලුවන්, එහෙම නැත්නම් COD ක්‍රමයට (20% වට්ටමකුත් සමඟ) හෝ තැපැල් මාර්ගෙන් පොත නිවසටම ගෙන්වා ගන්න පුලුවන් පහල අංක වලට ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය හා අවශ්‍ය පොතේ නම සඳහන් පණිවිඩයක් යැවීමෙන්
0711705595
0707705595
0714244873
ඒ වගේම,
Bookrack.lk
සිතුවිලි පොත්
සරසවි book shop
සූරිය දයාවංශ වෙතින්ද මිලදී ගන්න පුලුවන්
4. ඉදිරියේදී පාඨකයින් වෙත ලබා දෙන්නට සිටින අලුත් නිර්මාණ ගැන අදහසක් මේ වෙන විට තිබෙනවාද…?
ඔව් දැනටමත් මං කතාවක් ලියාගෙන යනවා අනාගතයේදී අනිවාර්යයෙන් ඒ කතාවත් පොතක් වේවි
5. ස්නේහ නැංගුරම් මුළින්ම පළවෙන්නේ මුහුණුපොතේ. මේ කතාව මුහුණුපොතින් කොටස් වශයෙන් පළකරන කාලයේ ඔබට පාඨකයින්ගෙන් ලැබුණ ප්‍රතිචාර වගේම ඔබ අපහසුතාවයන්ට ලක් වුණා නම් ඒ ගැනත් කතා කරමු…
මං මුහුණුපොතට කතා ලියන්න පටන් ගත්තෙ බොහෝ මෑතකදී කිව්වොත් හරි, මං ගොඩක් අලුත් කෙනෙක් සයිබරයට පොත් ලිවීම යන කාරණයේදී, සෑහෙන කාලයක් එහෙම කතා ලියපු කෙනෙක් හා මාව සසඳද්දී මං හරියට දූවිල්ලක් වගේ නමුත් සුලු ප්‍රමාණයක් වුනත් ඒ සුලු ප්‍රමාණය මාව අගය කළා දිරිමත් කළා මට ඒක සෑහෙන්න ලොකු ශක්තියක් උනා මේ ගමන එන්න. ඉතින් ඒ අයට මං සදා ණයගැතියි මට දුන්න ශක්තියට
6. ඔබ කොහොමද ලේඛ්කාවක් උනේ. එය ඔබේ බලාපොරොත්තුවක් විදිහට තිබුණ දෙයක්ද…?
ලොකු බලාපොරොත්තුවක් හිතේ නොතිබුණත් කතාවක් ලියන්න ආසාවෙන් හිටියේ හැබැයි පොතක් කරන්න ඕන කියලා හිත අහලකවත් තිබුණෙ නෑ ඒත් මං මූණුපොතට ලියපු කතාව කියවලා මගෙ පවුලෙ අය වගේම ඒ කතාව ආදරයෙන් වැළඳ ගත්ත අය මට කිව්වා පොතක් කරන්න කියලා ඉතින් මං කොහොමද ඒ අයගේ ආදරණීය ඉල්ලීම අහක දාන්නෙ.
7. ඔබ හිතන විදිහට ලේඛකයෙකුගේ / ලේඛිකාවකගේ සමාජ වගකීම කුමන ආකාරයේ විය යුතුද.. ?
වර්තමාන සමාජය බහුතරයක් මනුස්සකම් වලින්, ගුණ ධර්ම වලින්, ආචාර ධර්ම වලින් පිරිහිලා කියලා මට හිතෙනවා, ඉතින් ලේඛනයෙන් අපිට පුලුවන් නම් ඒ පිරිහී යන සමාජය ගොඩ ගන්න ඒක පිනක් වගේම අනාගත පරපුර වෙනුවෙන් අපි කරන විශාල සේවයක්.
8. පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම අත්දැකීම් වගේම කාලයත් අවශ්‍යයි. ඔබ කොහොමද මේ කරුණු සපයා ගන්නේ…?
මං “ස්නේහ නැංගුරම්” පොතෙත් සඳහන් කරලා තියෙනවා මං මගෙ වයසට වඩා බොහෝ අත්දැකීම් විඳපු ලබපු කෙනෙක් කියලා, ඒක 100% සත්‍යයක්. මගේම අත්දැකීම් මෙන්ම මා වටා ඉන්න අයගේ අත්දැකීම් වලින් මං වටිනා පාඩම් ඉගෙන ගෙන තියෙනවා. අපි නිව්ස් එකක් බැලුවත්, එදිනෙදා අපි ගමන් කරන බස් එකේ කෝච්චියේ කවුලුවෙන් එළිය බැලුවත් අවබෝධයකින් බලන කෙනාට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා, නමුත් අවාසනාවකට අද ජංගම දුරකතනයට මූණ ඔබන් යනවා මිසක තමා වටකරගෙන සුනාමියක් ආවත් ඒ අය දන්නෙ නෑ.
9. ඔබ හිතන විදිහට නිර්මාණයක් තුල අදහස් දැක්වීමේදී සීමා සහිත විය යුතුයිද එහෙමත් නැතිනම් යම් යම් සීමාවන් තුල හිඳ තම අදහස් දැක්විය යුතුද…?
යම් යම් කාරණා තියෙනවා සීමා පැණවිය යුතු, කෙනෙකුගේ ප්‍රතිරූපයට හානි වන, කිසියම් ආයතනයකට හානි වන දෙයින් අපි ඈත් විය යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. ඒ වගේම යම් නිර්මාණයක් තුලින් සමාජයට විස සහිත යමක් එක් කරනවා ඒ ගැනද වඩා සැළකිලිමත් විය යුතුයි. ඒ ඇරුණු කොට ලේඛකයාට පීරීය හැකි තේමාවන් අප්‍රමාණයි. ආදරය යන තේමාව පමණක් පදනම් කොට ගෙන නොව තවත් බොහෝ තේමාවන් ඔස්සේ නවකතා බිහි විය යුතුයි.
10. සමාජ මාධ්‍ය භාවිතය නිසා අලුත් පරම්පරාව බොහෝ දුරට පොත පතින් ඈත් වන්නට පටන් ගෙන ඇති බවට මතයක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද…?
ඔව් ඒ ගැන මට තියෙන්නෙ පුදුමාකාර දුකක්. නව තාක්ෂණයට අපි හුරු විය යුතුයි නමුත් තාක්ෂණය අපි පාලනය කල යුතු දෙයක් මිසක් තාක්ෂණයට අපිව පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි ඒත් අවාසනාවකට මං කිව්ව අර දෙවැනි කාරණයට තමයි අද පරපුර විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා පත් වී තියෙන්නෙ. ඉස්සර ළමුන්ට අනිවාර්යයෙන් තිබ්බ දෙයක් තමයි පුස්තකාල සමාජිකත්වය අද කීයෙන් කී දෙනාට එහෙම දෙයක් තියෙන්නෙ? මාද මගේ උසස් අධ්‍යාපනය හැදෑරුවේ තාක්ෂණය පැත්තෙන් මගෙ උපාධිය තියෙන්නෙ පරිගණක තාක්ෂණය සම්බන්ධව නමුත් මගෙ ළමා කාලය ගෙවුනෙම පොත් එක්ක, පරිසරය එක්ක, අදටත් එහෙමයි…. ස්මාට් දුරකතන වල ඇබ්බැහි වීමෙන් දරුවන්ට විතරක් නෙවෙයි පොදුවේ අපි හැමෝටම ඇති වන අහිතකර බලපෑම් තවමත් බොහෝ අය දන්නෙ නෑ ළමා මනෝවිද්‍යාව හැදෑරු කෙනෙක් විදිහට මට ඒ ගැන කියන්න දේවල් නම් එමටයි, ඒකට වෙනම ආර්ටිකල් එකක් කරන්න වෙනවා එහෙම උනොත්.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment