සන්තානේ අංගනාවී සමග ඔබ හමුවට එන ඕෂධී නවරත්න

සන්තානේ අංගනාවී සමග ඔබ හමුවට එන ඕෂධී නවරත්න

 

Sri Lanka Online Book Readers

 

1. ” සන්තානේ අංගනාවී ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය යෙන් පාඨකයින්ට පිදෙන ඔබේ පළමු කෘතිය. මුලින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු…
මුලින්ම මං ඔයාටත් පොත් මී වෙනුවෙන් වෙහෙසෙන හැමෝටමත් ස්තූතිවන්ත වෙන්න කැමතියි මට මේවගේ අවස්ථාවක් දුන්නට..”සන්තානේ අංගනාවී “ගත්තොත්…එක පුංචි කෙල්ලක්..අම්මාගේ තාත්තාගේ ආදරේ මැද්දේ සුරංගනාවියක් වගේ ජීවත්වෙනවා…ඒත් එක් මොහොතකදී එයාගේ සුරංගනා ලෝකෙම කඩාගෙන වැටෙනවා.හැමදේම… එයාගේ ආදරේ පවා….ඒවගේ වෙලාවක ගැහැණියක් කොහොමද නැගීසිටින්නේ කියලා ..කොහොමද මූනදෙන්නේ කියලා මං මෙතනදි කතා කරනවා .

2. මේ කෘතිය මුද්‍රණය කිරීමේ කාර්යයේදී ඔබට බොහෝ දෙනා උදව් වෙන්නට ඇති .ඒ අය ගැනත් මේ මතක් කිරීමක් කළොත්…?
ඇත්තටම සිතුවිලි නිම්නයේ මගේ හිතවත් ලියන්නියෝ එකාවගේ ඉදන් මාව ඉස්සරහට තල්ලු කලා.ඒ වගේම මගේ කියවන්නියෝ රෑනත් එහෙමයි …වචනෙන් වචනේ මාව දිරිමත් කලා..ඒවගේම විශේෂයෙන්ම පහන් ප්‍රකාශන හී සමන්ත මහත්මයාව ඉතා ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා…මාගේ ලියවිල්ල විශ්වාස කරමින් එතුමා මට අවස්ථාවක් නොදෙන්න මේක මට අදටත් සිහිනයක්.

 

 

3. මේ කෘතිය ඔබේ පාඨකයින්ට මිළදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
පහන් ප්‍රකාශනයක් ලෙස පහන් පොත් හලින් වගේ ම 0712227711/ 0760314085 අංක හරහා කෙටිපණිවිඩයක්…වට්සැප් දැනුම් දීමක් මගින් ඔබේ පිටපත වෙන්කරගන්න පුලුවන් …ඒවගේම
සරසවි පොත්හල
සමුද්‍ර පොත්හල
සිතුවිලි බුක්ස් හරහා වගේම ඉදිරියේ දී දිවයින පුරා විහිදුනු සියලූම පොත්හල් තුලින් මිලදී ගන්න හැකිවේවි…

4. මේ වගේ කතාවක් ලියන්නට හිතුවේ ව්ශේෂ හේතුවක් ඇතිවද..කොහොමද මේ කතාව ලියන්නට ඔබට පසුබිම සැකසුනේ…?
මමත් මගේ පවුලේ එකම දියණිය..මල්ලියි මමයිත් ආදරේ හුගක් මැද හැදුන දෙන්නෙක්…ඒ වගේම මගේ පිය පාර්ශවය ටිකක් ලොකු පවුලක්…සමාජික සමාජිකාවෝ දහතුනක්…අම්මාගේ පවුලේ හයදෙනෙක්…ඒ තුල මුනගැහුනු බැදීම් මේ කතාව ලියද්දි මට ලොකු සහයක් වුනා…ඒ වගේම මට ඕනේ වුනා කිසිම වෙලාවක ගැහැණිය දුර්වල වියයුතු නෑ කියලා කියන්න.

5. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුනේ…? ලේඛිකාවක් වීම ඔබේ අරමුණක්ව පැවති දෙයක්ද…?
අනේ නෑ…මං මුලින්ම ලියන්න ගත්තේ මානසික සුවය වෙනුවෙන්…පස්සේ හිමින් හිමින් ඒක මගේ අරමුණ වුනා..නොදැනීම…

 

 

6. ලේඛිකාවක් වීමට ඔබට සමාජ මාධ්‍යයෙන් ලැබුනු සහය වගේම සමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔබට ඇතිවුනු අපහසුතා ගැනත් සඳහනක් කළොත්…?
තම නම් කිසිම අමිහිරි අත්දැකීමක් මුනගැහිලා නෑ…ඒත් ඒ වෙනුවට සමාජ මාධ්‍ය තුලින් මට ලොකු සහයක් නම් ලැබුනා.හොද මිතුරියන් රෑනක් මුනගැහුනා.

7. පොතක් ලියනවා කියන්නෙ ලෙහෙසි පහසු කාර්‍යක් නොවෙයි. එයට දැනුම අත්දැකීම් වගේම කලයත් වැදගත් වෙනවා. ඔබ කොහොමද මේ කරුණු සපයා ගන්නෙ…?
මං දෙයක් ලියන්න කලින් චුට්ටක් විතර ඒ ගැන හොයනවා..පරිසරය ගැන දැනගන්න ඒ ඒ පැතිවල ඉන්න මිතුරියන් එක්ක සාකච්ඡා කරනවා…වෛද්‍ය ප්‍රතිකාර ගැන වෛද්‍යවරියන්ගෙන්…නීතිය පිලිබද නීතිඥ්‍යවරියන්ගෙන් අහලා දැනගන්නවා…ඒ වගේම කතාවේ දල සටහනක් මනසේ සටහන් කරගන්නවා..

8. ඔබ හිතන විදිහට නිර්මාණයක් තුල අදහස් දැක්වීමේදී සීමා සහිත විය යුතුයිද එහෙමත් නැතිනම් යම් යම් සීමාවන් තුල හිඳ තම අදහස් දැක්විය යුතුද…?
එකිනෙකාගේ අදහස් විවිධාකාරයි…මං වගේ හැමෝම වෙන්න ඕනේ නෑ…මට වඩා වෙනස් මතයක් දරණ කෙනා වැරදිකාරයෙක් වෙන්නෙත් නෑ…ඒත් මගේ මතය නම් සමහර මාතෘකාවලදි අපි සීමාසහිත වියයුතුයි…මං දෙයක් ලියද්දි හැම මොහොතක ම හිතන එක දෙයක් තියෙනවා…මං මේ ලියනදේ මගේ දෙමව්පියන්ට වගේම මගේ දරුවන්ටත් චකිතයකින් තොරව කියවන්න පුලුවන් වෙන්න ඕනේ… එයාලගේ මූන දිහා කෙලින් බලන්න පුලුවන් දෙයක් මගේ අතින් ලියවෙන්න ඕනේ…

9.මේ ක්ශේත්‍රයට පිවිසෙන විට ඔබට ඇතිවුනු ගැටළු වගේම ක්ශේත්‍රයේ ඇතුලතින් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද…
මං ඉතිං ආවා විතරයි නේ…තාම නම් කිසිම ගැටලුවක් ඇතිවෙලා නෑ…සහයෝගය නම් උපරිමෙන්ම ලැබෙනවා….ඒ ගැන ඇත්තටම සතුටුයි

10. ඔබේ නිර්මාණ තුලින් සමාජයට ඔබ දීමට උත්සහ කරන්නෙ මොන වගේ පණිවිඩයක්ද…?
හැම නිර්මාණයක් අවසානයේම මං එක දෙයක් උලුප්පලා පෙන්නන්න උත්සාහ කරනවා…ඒ කෙනෙක් වරදක් කරොත් ඒකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්, රිටන් එකක් තියෙනවාමයි…අපි වරදට පවට බය වියයුතුයි…හැම මොහොතක අපි වපුරන විදිහට අස්වැන්න ලැබෙන බව දැනගෙන ජීවත්වියයුතුයි…මේක මගේ නිර්මාණ කියවන හැම කෙනෙක්ම දන්නවා…මට සමාජයට දෙන්න අවශ්‍ය පණිවිඩය ඒකයි…

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න