තිරිසනා
මේකත් ඒ වගේ සිද්දියක්…මගේ බිරිදත් මාත් අතර තිබුනේ සුන්දර වූ බැදීමක් …ඒ බැදීමට මම ගොඩක් ආදරය කලා…අපි විවහා වුනු මුල් කාලයේදී අපි ගොඩක් ආදරයෙන් ජිවත් වුනා…
විවහා වුනු …. ආදරයෙන් බැදිලා ජීවත්වෙන ජීවීත වලට වින කරන තිරිසනෙක් ඉන්නවා…
ඒ තිරිසනා ජීවත්වෙන්නෙ කොයේවත් නෙමෙයි අපේ මනසේමයි…. විවහා වුනු මුල් කාලේ ඒ තිරිසනා කොයේදෝ හැංගිලා ඉදලා විවහා වෙලා අවුරුදු කිහිපයක් ගියාම ඒ තිරිසනා එක පාරටම ඉස්මතුවෙනවා… ඒක හරිම තුජ්ජ හැගීමක්….
අවුරුදු ගානක් ගියාම මුල් කාලයේ මොන තරම් ආදරයෙන් වෙලිලා හිටපු යුවලකට වුනත් මේ තිරිසන් අමනුෂයා වින කරන්න පටන් ගන්නවා.
හිතන්න පුලුවන් මනසක් තියෙන මිනිස්සු තමන් වැරැද්දක් කලාම ඒක ගැන ආයේ හිතනවා..තමන් කරපු වැරැද්ද හදාගන්න උත්සහා කරනවා..මමත් එහෙම කරපු කෙනෙක්…
මමත් මගේ අතින් වෙන වැරදි හදාගන්න උත්සහා කලා..එහෙත් මගේ මනසේ හිටපු තිරිසනා මම හදාගත්තු ඒ වැරදි ආයේ ආයේ කරන්න පෙලබුවා…
සමහර වෙලාවට මම කොයිතරම් මාව පාලනය කර ගන්න උත්සහා කලත් ඒක කරන්න පුලුවන් වුනේ නැහැ…
විවහයෙන් අවුරුදු ගානක ගෙවිලා ගියාම මමත් බිරිදත් රංඩු වෙන්න පටන් ගත්තා…
ගැහැනියෙක් තමන්ගේ සැමියට ඇය සතු හැම දේම දෙනවා… සැමියට ඇයගේ මුලු ජීවීත කාලය පුරාම වහලියක් වගේ සේවය කරනවා..
ඇයගේ සම රැලි වැටෙන්න පටන් ගනිද්දි සැමියා ඇයට වෛර කරන්න ගත්තෝත් , ඇයව දික්කසාද කරන්න හිතලා ඇයත් එක්ක රන්ඩු කරන්න පටන් ගත්තොත්
ඒක ඇයට කොයි තරම් වේදනාවක් වේවීද…
මට ඒ වේදනාව තේරුම් ගන්න පුලුවන්..
මොකද මමත් අර බුද්ධිමත් කියලා හිතන එකෙක් නිසා…
එහෙත් සමහර වෙලාවට කොයිතරම් තේරුම් ගත්තත් ඒකේන් ඇති ප්‍රයෝජනයක් නැහැ…
මම එයත් එක්ක රංඩු කලා.
එයාගේ රූපය ගෙවීලා ගියේ මම හින්දා කියලා දැන දැනත් ඒ රූපය කලින් තරම් පැහැපත් නැති විකෘතියට පත් පෙලා ගියපු එකක් කියලා නින්දා කලා….
එහෙත් එයා… ඒ සේරම නිහඩව විදගෙන හිටියා… ගැහැනියෙක්ට තියෙන්නේ පුදුම හයියක්..දෙය්යන් කොහොම මෙහෙම හයිය හිතක් මැවුවද දන්නේ නැහැ….
එයා ඒ හැම දේම විද ගනිද්දි මම හිතුවේ එයාට තවත් රිද්දන්න…දරාගන්න බැරි තරමටම රිද්දන්න.
දවසක් උදේ අවදි වෙලා එයා ඔෆීස් යන්න ලෑස්ති වුනා…එයා ගොඩක් හදිස්සියෙන් ලෑස්ති වුනේ…පරක්කු වෙලා නිසා…
” රත්තරං ඔයාට පුලුවන්ද මට කෝපි එකක් හදන්න..අද මගේ පපුව රිදෙනවා වගේ…..කෝපි එකක් බිව්වොත් හරි යයි ”
මම ඒ වෙලාවේ හිටියේ කුස්සියේ…. මට ඇහුනා එයා එහෙම කියනවා…
මගේ තිරිසනා මට කතා කලා ” උබ ඇහෙන්නෑ වගේ හිටපන් ” ඌ මට කිව්වා…
මගේ බිරිද තවත් පාරක් කාමරයේ ඉදන් කතා කතා
” රත්තරං මට කෝපී එකක් හදනවද … මට බීලා වැඩට යන්න …. ”
මම එයත් එක්ක කොයි තරම් තරහෙන් හිටියත් එයාගේ හිතේ එහෙම වෛරයක් තිබුනේ නැහැ…
එයා මට කතා කලේ රත්තරන් කියලා..හැම වෙලේම ඒමයි…
මම මගේ ලග තිබුනු ලොකු සිල්වර් කෝප්පය පොලවේ ගැහැව්වා… ඒ සද්දෙට එයා දුවගෙන කුස්සියට ආවා
“මම හිතුවේ ඔයාව වැටුනා කියලා ”
එයා පොලවේ තිබුනු සිල්ලර කෝප්පයත් තරහයෙන් ලොකු වෙලා තිබුන මගේ ඇස් දෙකත් දිහා බැලුවා..
” ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ ” එයා මං දියා බලලා ඇහැව්වා.
” මට කෝපි හදන්න බැහෑ…. ඔයාට ඕනෙනම් ඇවිත් හදාගන්න ” මම වේගයෙන් කියාගෙන ගියා..
එයාගේ ඇස් දෙකට කදුලු පිරුනා…එයා ආයෙත් කාමරයට ගියා..එයාගේ ඔෆිස් බෑගයත් එල්ලගෙන එලියට ආවා..
” මට ඔෆිස් යන්න පරක්කු වෙන නිසානේ මම ඔයාට කිව්වේ ” එයා දොරලගට යන ගමන් කිව්වා..දොරලගට ගියා ඇය මං දිහා හැරිලා බලලා මට හාද්දක් දුන්නා…
” මම යනවා…. මට සමාවෙන්න කොපි එකක් හදලා ඉල්ලුවට ” ඇය කිව්වා…
මම මුකුත්ම කිව්වේ නැහැ… කට වහගෙන හිටියා…එයා යන්න ගියා…
එදාට විතරක් නෙමේ…සදහටම…….
ටික වෙලාවකින් මට එයාගේ ඔෆීස් එකෙන් කෝල් එකක් ආවා….
එයාට ඔෆීස් එකේදී හාට් ඇටැක් එකක් හැදිලා…ඔෆීස් එකේදීම පන ගිහින්…..
සමහර විට , එයා ඉල්ලපු ඒ කෝපි කෝප්පය මම එයාට දුන්නනම් එයාගේ ජීවීතය බේරගන්න තිබුනා… එහෙත් මගේ මනසේ ඉන්න තිරිසනා මට ඒක කරන්න දුන්නේ නැහැ…
මම මටම වෛර කරනවා… මේක ලියන මේ මොහොතෙත්…
මගේ බිරිද නැතිවුනේ මම නිසාය කියන වේදනාව තවමත් මගේ හදවත තුල තියෙද්දී මම ඇයට අදත් ආදරය කරනවා…
එයා අද ජීවත්වෙලා හිටියනම් අර තිර්සනාව මොනම විදියකින් හරි විනාශ කරලා එයත් එක්ක සතුටින් ජිවත්වෙන්න මම උත්සහා කරනවා..
එහෙත් දැන් මම ඒකට පරක්කු වැඩියි …
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම්
මෙතැනින්
Comments
Post a Comment