ලස්සන බිරිදගේ රහස

ගෙගාම් උදෙන්ම මෂ්තෝස් වල තිබුනු මාර්කට්ටුවට ගියේ සති අන්තයට බඩුවගයක් ගන්න හිතාගෙන… මාර්කෙට්ටුවට ගොඩ වෙනවත් එක්කම ගෙගාම් දැක්කා හොදට දැකලා පුරුදු මුහුනක්… ඔහු ටිකක් විමසිල්ලෙන් බැලුවා …

” නිකෝල් … ” ඔව් ඒ නිකෝල්… ඔහුගේ පාසැල් කාලයේ යහලුවෙක්… අවුරුදු 15කට විතර පස්සේ ගෙගාම් අදයි නිකෝල් ව දැක්කේ…. ඔහු නිකෝල්ව වැලද ගත්තා ..

” යෙරෙවාන් පාසැලෙන් අස් වුනාට පස්සේ උබට මුන ගැසුනේම නැහැ ”

ගෙගාම්ටත් ගොඩක් සතුටුයි…

” ඔව් යහලුවා…. මම යෙරෙවාන් වලින් අස්තරාක් වලට ගියා..දැන් අපි ජිවත්වෙන්නේ එහේ ” ඔහු තමන්ට එහා පසින් හිටපු කාන්තාවව පෙන්වමින් කිව්වා… ගෙගාම් ඇ‍ය දිහා බැලුවා … නිකෝල් එහා පසින් සුරුපි හැඩකාර කාන්තාවක් හිටගෙන හිටියා..ඇයට තිබුනේ ලස්සන තබ කොඩයක්….ලස්සන සිනහවක්…. උස සිහින් සිරෑරක් ..

” මේ මගේ බිරිද … ලුසී ”

නිකෝල් ඇයව ගෙගාම්ට හදුන්වා දුන්නා..

” බිරිද ” ගෙගාම් මිමුනුවා…

” ඔව් …”

” ෂා උබට ඉන්නේ හරි ලස්සන ගැහැනියෙක්නේ ”

ගෙගාම් කිව්වා… ඒ කතාවට ලුසීටත් හිනා….

ඔහුන් මාර්කෙට්ටුව කොනේ තිබුන ලූනා කෑෆේ නම් වූ කුඩා අවන් හලට ගොඩ වැදුනේ පොඩ්ඩක් කතා කරන්න… මුන ගැසුනෙත් ගොඩ කාලෙකින් නිසා මාර්කට් යන එක පස්සට කල් දාන්න පුලුවන් …ගෙගාම් හිතුවා..

ඔහුන් කතා කරමින් ඉන්න අතර තුර ගෙගාම් කිහිප වාරයක්ම ලුසී දිහා බැලුවා …ඔහුට පුදුමයි …. ඇයගේ වයස බොහොම අඩු වයසක් වෙන්න ඇති….නැත්නම් මේ තරම් ලස්සනට සිරෑර ඇය කොහොම නඩත්තු කරන්නද ? ඔහුට මතක් වුනේ ඔහුගේ බිරිද මැගී ව ..ඇය කොයි තරම් තරබාරුද…. ඇයගේ වයසටත් වඩා ඇයට පෙනුම..අනික මුහුනේ සන්තෝෂයක් කියලා දෙයක් නැහැ… ගෙගාම්ට ඇත්තටම පොඩි ඉරිසියාවකුත් ආවා…

නිකෝල් සහා ලුසී කතා කරන විටත් එකිනෙකාගේ අත් පටලගන්නවා… හරියට අලුත බැදපු ජෝඩුවක් වගේ … හිනා වෙද්දීත් හරිම ආදරෙන් එකිනෙකා දිහා බලනවා….

” උබලා අලුතින්ද බැන්දේ “ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ගෙගාම් ඇහැව්වා..

” පිස්සුද ගෙගාම් ….අපි දැන් බැදලා අවුරුදු 15ක් වෙනවා… මම විවහා වුනේ ඉස්කෝලෙන් අස් වුන හැටියෙමයි..අපිට දැන් ලොකු දරුවොත් ඉන්නවා.. ”

” වෙන්න බැහැ .. ” ගෙගාම් පුදුමයෙන් වගේ කිව්වා…

” ඔය දෙන්නා කතා කර කර ඉන්න …මම ගිහින් කෑම ඕඩර් කරන්නම් ”

ලුසී නැගිටලා එතනින් යන්නට ගියා…

“ඇත්ත කියපන් උබලගේ ගෙදර වැඩ කාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නේද ..මොකද උබේ ගැහැනිගේ මුහුනේ මහන්සි ගතියක් පේන්නම නැහැ..අනික හොදට ලස්සනට ඉන්නවත් එක්කනේ ” ගෙගාම් පොඩි හිනාවකුත් එක්කම කිව්වා..

” නැහැ බන්…. වයිෆ් තමයි ගෙදර හැම දේම කරන්නේ…දරුවන්ගේ වැඩයි..ගෙදර වැඩයි හැමදේම…. එයා තව පොඩි ජොබ් එකකුත් කරනවා… ”

” මොකක් ” ගෙගාම් පුදුමයට පත්වුනා…

” ඒ නම් උබලගේ ජිවිතයේ වෙන මොකක් හරි රහසක් ඇති … ”

” රහසක් ” නිකෝල් මොහොතක් කල්පනා කලා…

” නැහැ ..එහෙම දෙයක් නැහැ ගෙගාම් ..එහෙත් මම මගේ බිරිද වෙනුවෙන් හැම දාම කරන පුංචි දේවල් ටිකක් තියෙනවා …”

” පුංචි දේවල් ඒ මොනවද ”

“ම්ම්ම්ම්… ” නිකෝල් මිමුනුවා…. ” මම කවදාවත් ලුසිට අතක් උස්සලා නැහැ…

හැම පවුලකම වගේ අපේ පවුලෙත් ආරවුල් තියෙනවා එහෙත් අපි කවදාවත් ඒවා හිතේ තියාගෙන නින්දට යන්නේ නැහැ…නින්දට යන්න කලින් හැමදේම කතා කරලා විසදගන්නවා..

ඒ වගේම මම හරි ලුසී හරී එලියට යද්දි අපි අනිවාර්යෙන්ම එකිනෙකාට හාද්දක් දෙනවා….නිදාගනිද්දිත් ආයේ අවදි වුනාමත් එහෙමයි ….

මම හරි එයා හරි කොච්චර කාර්ය බහුල වුනත් අපි වැඩපොලේදී අනිවර්යෙන්ම එකිනෙකාත් එක්ක කතා කරනවා…

තව … නිකෝල් කල්පනා කලා..

” හා … ලුසි කෑමති දේවල් මම එයාට කරන්න ඉඩ දෙනවා… මම ඒවට බාදා කරන්නේ නැහැ… පිරිමි අපි ගොඩක් වෙලාවට ගැහැනුන්ව පාලනය කරන්න උත්සහා ගන්නවනේ ..ඒක එයාලට හරිම වදයක්.. මම කෑමැති නැහැ ලුසීට එහෙම වදයක් වෙන්න…. ”

“ඒවගේමයි ගෙගාම්…. පිරිමි අපි සමහර වෙලාවට ආත්මාර්ථකාමියි…අපි අපේ මහන්සිය ගැන හිතුවට එයාලා වෙන මහන්සිය ගැන හිතන්නේ නැහැ… ලුසී මහන්සියෙන් ඉන්න දවස් වලට ගෙදර තියෙන වැඩ ගොඩක් කරන්නේ මම…එයත් එහෙමයි…

” පිරිමි ගොඩක් වෙලාවට ආදරය පෙන්නන්න කෑමැති නැහැ…. එහෙත් කාන්තාවන් ආසයි ආදරේ විදින්න…ඒ නිසා පිරිමි අපිට අනිවාර්යෙන්ම වෙනස් වෙන්න සිද්ද වෙනවා…අපි කාන්තාවන්ට ආදරය දෙන්න දෙන්න ඒ අය තවත් ලස්සන වෙනවා… ඒක තමයි ඇත්ත…ගොඩක් ගැහැනු ගෙදර දරුවන්ගේ වැඩත් එක්ක දුක් විදිද්දී එයාලට එයාලා ගැනම හිතන්න වෙලාවක් නැතිවෙනවා… ඒ වෙලාවට අපිත් එයාලට සහයෝගයක් දුන්නනම්..එයාලට තමන්ගේ ලස්සන ගැනත් හිතන්න කාලයක් ලැබේවී….

සතුට , ආදරය ජිවිතය වෙනස් කරනවා…අපි කරන පුංචි පුංචි දේවල් වලට වුනත් පුලුවන් ජිවිතය පුදුමාකාර විදියට වෙනස් කරන්න…මම හිතන්නේ උබ කලින් ආහපු ප්‍රශ්නයට උත්තරය ඒක වෙන්න ඇති…”

මොහොතකින් ලුසී කෑමත් රෑගෙන එතැනට පැමිනියා …ඔහුන් එතැනින් පසුවත් බොහෝදේවල් එකිනෙකා සමග කතා කලත් නිකෝල් කලින් කී “පුංචී දේවල්” ගෙගාම් මුලු මනසම වෙලාගෙන තිබුනේ.

ඔහුට තමන් ගැනම දැඩි වේදනාවකුත් පසු තැවිල්ලකුත් ඇතිවුනා… ඔහුට තම බිරිද මැගීව මතක් වුනා…ඔහු ඇයට හාද්දක් දුන් අවසන් දිනයවත් ඔහුට මතක නැහැ..ඔහු ඇයව ආදරයෙන් වැලදගත් අවසන් මොහොතක්වත් ඔහුට මතක නැහැ… ඇය ඇදුම් ගැනීමට ගිය සැමවිටම ඔහු ඇයත් සමග රංඩු වුනා… ඇය වෙලාවට කෑම එක මේසයට තැබුවේ නැති සැම මොහොතකම ඔහු ඇයත් සමග රංඩු වුනා… අඩුම තරමින් නින්දට යද්දී ඔහු ඇයට හාද්දක්වක් නොදුන් දවස් අනන්තවත් තිබුනා..විවහා වී පලමු මාස කිහිපයේ හැරෙන්නට වැඩට යන්නට කලින් කිසිම දිනෙක ඇයට හාද්දක් දුන්නේ නැහ.

ඔහුට මේ සේරම එකිනෙකට මතක් වුනා… ඒ සේරම චිත්‍රයක් වගේ ඔහුගේ මනසේ හැදුනා…. ඔහුගේ මුලු හදවතම හඩා වැලපුනා …. ඇය දරුවන්වත් රෑක බලාගෙන ගෙදර හැමදේමත් කරගෙන තමන්වත් සතුටු කරන්නට කොයිතරම් දුක් විදිනවා ඇත්ද…ඔහු කල්පනා කලා.. ඔහුන් විවහා වන විට ඇය ලස්සනට සිටි හැටි ඔහුට තවමත් මතකයි. එහෙත් දැන් ඇය හාත්පසින්ම වෙනස්.

ගෙගාම් එදා මර්කෙට්ටුවට ගියේ නැහැ . ඒ වෙනුවට ඔහු නිවසට ගියා.

ඔහු නිවසට යන විටත් මැගී කෑම පිසමින් සිටියේ ….ඇය තරබාරුයි… විවහා වෙන විට තිබුනු ලස්සන දැන් ඇයගේ අහලකවත් නැහැ. මුහුනේ තිබුනු සිරියාවත් පහව ගිහින් …. ඒ සේරමට තමනුත් වරද කරුවෙක් බව ගෙගාම් සිතුනා .. ”

අර පුංචි කරුනු ටික මමත් කලානම් “ඔහු ඔහුටම දොස් පවර ගත්තා…

මැගි ලගට ගිය ඔහු ඇයව වැලද ගත්තා… ඒ වැලදගැනීම තුල තිබුනේ කිව නොහැකි තරම් වූ වේදනාවක්

” මට සමාවෙන්න රත්තරං ” ඔහු ඇයට කිව්වා….

 


Muthumudalige Nissanka's Book Collection

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න