දෙවියන් නොතැකූ හීනය

6 හමාරයි,ශෝර් එලියට බැස්සේ තමන්ගේ ඔරලෝසුව දිහා බලන ගමන්.කොම්පියුටර් බැගය උරහිසට හරහාට දමාගත් ඔහු ඔපෙරා කෙටි පාර දිගේ මාස්තොස් හන්දියට ආවා.ඔහු නැවති සිටියේ පෙට්ටි බස් එක එනකන්.

පෙට්ටි බස් කිව්වේ වැන් වර්ගයකට.නැගෙනහිර යුරෝපයේ වැඩිපුරම දිව්වේ පෙට්ටි බස්.

ඔෆිස් හැරෙන ටයිම් එකට පෙට්ටි බස් එකේ යනවා කියලා මහා එපාම කරපු දෙයක්.

38 පෙට්ටි බස් එක ඇතින් එනවා දුටු ශෝර් තකහනියේ ඇගපොඩ්ඩක් බුර්ල් කරගත්තේ ඔනේ මලඉලව්වකට මුහුන දෙන්න බලාගෙන.බස් එක නැවත්තුව ගමන් ශෝර් දඩි බිඩි ගහලා නැගගත්තා… පිටිපස්සේ සීට් එකක් හිස් … ශෝර් දුවලා ගිහින් ඒ සීට් එකේ හිදගත්තා.

පෙට්ටි බස් වල අනිත් බස් වල වගේ කොන්දොස්තරලා නැහැ.නගින මිනිස්සුමයි දොර වහන්නත් ඕනේ..බස් එකේ කොච්චර දුර ගියත් ඩ්‍රෑම් සීයක් විතරයි.. ශෝර් හිදගෙන හිටිය පිටුපස්සේ පේලිය හොදටම ෆුල්..ඔහුට එහාහින් හිටියේ වයසක ගැහැනු කෙනෙක්.ඊටත් එහා පැත්තේ දරුවෙක්ව ඔඩොක්කුවේ තියාගත් කෙල්ලෙක්…පෙට්ටි බස් එකට සෙනග ගන්නේ සීට් ගානට වුනත් ඔෆිස් හැරෙන වෙලාවට නගින්න පුලුවන් හැමෝම නගිනවා..ඒ නිසා හිටගෙන යන අයව අනන්තවත් දකින්නට පුලුවන්.

පිටි පස්සේ සීට් එකේ හිරවෙවී යද්දී ශෝර්ට මතක්වුනේ ඊයේ රෑ දැකපු හීනේ..ඒක හරිම ජරා හීනයක්.එහෙත් මේ කතාව අගසිට මුලටම දැනගන්න ඕනේ නිසා ඔබට මෙය කියන්න ඕනේ.ශෝර් හීනෙන් දැක්කේ ඔහුව පිච්චිලා මැරෙනවා…

ශෝර් පුන්ච් කාලෙත් මේ වගේම හීනයක් දැක්කා ඔහුට මතකයි.එදා ශෝර්ට හොදටම උනගැනිලා තිබුන දවසක්.කොටින්ම සහලෝලා උන.ශෝර් ඇදේ හැලවිගෙන හිට්යේ බෙහෙත් පෙති දෙකක් බීපු නිසා..බෙහෙත් වල සැරටද කොහෙද ශෝර්ට ඇදේම නින්ද යනවා. ඔහුගේ වයස එතකොට අවුරුදු 10ක් විතර ඇති.

ශෝර් අර කිව්ව හීනය දැක්කේ එදා…ඒ හීනය හරිම ජිගුප්සාජනකයි.කොයිතරම් අප්‍රියද කියනවනම් ඒ හීනය ගැන ආයෙ මතක් කරන්නත් ශෝර්ට පිලිකුල්.

ශෝර්ගේ මුලු ඇගම ගිනිගන්නවා වගේ ඔහුට දැනුනා.හරියට ප්ලාස්ටික් බීම බටයකට ගිනිතිබ්බම ඒකේ ප්ලාස්ටික් දියවෙලා බිමට ඇදගෙන වැටෙනවා වගේ ශරීරයේ කෑල්ලෙන් කෑල්ල ගිනියම් වෙලා දියාරු වෙලා වගේ බිමට වැටෙනවා.ඔහු දැක්කේ හිනයක් වුනත් ඒ වේදනාව ඔහුට හොදට දැනුනා.ගින්දර ශරිරයේ අභයන්තරයට කිදාබහින ඇටිත් එය ශරීරයේ අවයව දියකරලා දාන හැටිත් ඔහුට දැනුනා.ඒ වේදනාව ඇගේ හැම රොම කූපයක් හරහාම ඔහුට දැඩිව දැනුනා.හරියට ඇත්තටම ගිනිගන්නවා වගේ.ඔහු එක් වරම කෑ ගහගෙන ඇහැරුනා.

ඔහුගේ මුලු ශරීරයම දහදියෙන් තෙත් වෙලා තිබුනා.සමහර හීන අවදිවුනාට පස්සේ මතකයේ තියෙන්නේ තත්පර ගානයි එහෙත් මේ හීනය එහෙම නැහැ.ඔහුට එදා වගේ ඒ හීනයේ හැම කොටසක්ම අදත් හොදට මතකයි….බස් එකේ අන්තීම සීට් එකේ හිදගෙන යන මේ මොහොතේ පවා ඔහුට එය හොදින්ම මතකයි.ඒ හීනය ගැන ශෝර් විටින් විට හිතුවා.හීනයක් වුනත් විටින් විට කල්පනා කරද්දි ඒක තව තවත් මතකයට කිදා බහිනවා.අමතක වෙන්නේ නැහැ .ශෝර්ට වුනෙත් ඒකමයි.ඔහු ඒ හීනය පසුගිය අවුරුදු පුරාම විවිධාකාර දේවල් එක්ක සංසන්දනය කලා.ඔහු වරක් හිතුවා ඔහු කලින් ආත්මෙක පිච්චිලා මැරෙන්න ඇති කියලා..මොකද කලින් ආත්මේ සිද්ද වුනු දේවල් තවත් ආත්ම ගානක් යනකන් මතකයට එනවා කියල ශෝර් අහලා තියෙනවා.ශෝර් සති අනත පුවත්පත් වල රස්තෝව් ගේ පාලන කාලේ මරා දාපු කැම්පස් කොල්ලො කෙල්ලෝ ගැන කියවද්දී ඔහු හැමවෙලේම හිතුවේ ඔහුවත් ආත්ම ගානකට කලින් ඒ විදියටම මරා දාන්න ඇති කියලා.මොකද රස්තෝව් කෑම්පස් ශිෂයන්ව මැරුවේ ටයර් වල දාලා පුච්චලා.ශෝර්ගේ හීනයත් රස්තව්ගේ මිනිමැරුමුත් අතර සම්බන්දයක් තියෙන්නම ඕනේ ඔහු සිතුවා….

බස් එකේ අන්තීම පේලියේ හිදගෙන යන මේ මොහොතෙත් ශෝර්ගේ මනසේ වැඩකලේ ඒ හීනය.සාමාන්යෙන් ශෝර් බස් එකේ අන්තීම පේලියේ හිදගෙන යන්න අකමැති කෙනෙක්.ඒ වගේමයි ඉස්සරහාම පෙලියත්.මොකද හැප්පුනොත් වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේ ඔය පේලි දෙකේ නිසා… ශෝර්ට මැරෙන්න බයක් තිබුනේ නැහැ.එහෙත් පිච්චිලා මැරෙන්න ” අපෝ ඒක මහාම දුක්ඛිත මරනයක් ”

මොකද අර හීනය නිසාම ඔහුට ඒක තුච්ච මරනයක් වුනා…

අපරාදේ අන්තිම සීට් එකට ආවේ.ශෝර් තමාටම කියාගත්තා.එහෙත් දැන් කරන්න දෙයක් නැහැ.අඩුම තරමින් බස් එකෙන් බහින එකත් අමාරු වැඩක්.බස් එකෙ ඒ තරමටම සෙනග පිරිලා.

ශෝර් දෙවියන්ව විශ්වාස කලකෙනෙක්.අර හීනය හිතට එන හැම වෙලාවකම වගේ ශෝර් දෙවියන්ට කන්නලව් කලා. බැගැපත් වුනා ” අනේ දෙවියනේ මොන විදියට මැරුනත් කමක් නැහැ පිච්චිලානම් මැරෙන්න එපා ” ඒ හීනය ශෝර්ගේ මනසට කොයිතරම් ලොකු බලපැමක් කලාද කියලා ඔබට දැන් වැටහෙනවා ඇති.

පෙට්ටි බස් එක අවාන් හන්දියෙන් හරවා සේතුන් වලට දැම්මා.තව ටික දුරයි ශෝර් ජනේල් කවුලුවෙන් ඉවත බලන ගමන් මිමිනුවා…බස් එකේ සෙනග පිරිලා නිසා බස් එක ඇතුලේ රස්නෙයි.ශෝර් ඔහුගේ කබාය මදක් ලිහිල් කලා ..ලිහිල් කරන ගමන් ඔහු ටිකක් එහාට මෙහාට වෙලා පස්සට වෙන්න හිදගත්තා… එක්වරම සිරිල්ගේ පයට යමක් ගැවෙනු ඔහුට දැනුනා.

පිටු පස්සේ සීට් එක යට මොකක්ම හරි තියෙනවා…මොකක් වෙන්න ඇත්ද ශෝර් කල්පනා කලා.ගැස් ටැංකිය.ඔව් ගෑස් ටැංකියම වෙන්න ඕනේ..මොකද පෙට්ටි බස් වල ඩිකියක් නැතිනිසා ගෑස් ටැංකිය තියෙන්නේ පිටුපස්සම පේලියේ සීට් එක යට.

හිදගෙන ඉන්න සීට් එක යට ගෑස් ටැංකියක් තියෙන එකනම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි… ගෑස් කියන්නේ ගින්දර… ඔහු වට පිට බැලුවේ අඩුම තරමින් මොකක් හරි වුනොත් පැන ගන්නවත් ක්‍රමයක් තියෙනවද කියලා බලන්න…. එහෙත් වැඩක් නැහැ.එක දෝරකින් මේ හිරවෙලා ඉන්න සේරම බැහැගන්න හැදුවොත් ඒකටත් විනාඩි ගානක් යයි…

” අනේ දෙවියනේ .. මොනවා වෙලා මැරුනත් කමක් නැහැ ගිනි අරගෙනනම් මැරෙන්න එපා ” ඔහු හීන් සීරුවේ අර ඔහුගේ සුපුරුදු වචන පේලියම මිමිනුවා…

ඔහු ජනේල් තිරය අස්සේන් එලියට එබිලා බැලුවා.. ” තව ටික දුරයි …. ” ඔහුගේ හිත ටිකක් සැහැල්ලු වුනේ බස් එක සේතුන් හන්දිය  පහුකරපු නිසා..තව විනාඩි 10කින් මට බහින්න පුලුවන්…ආයෙත් මේ මගුල් පෙට්ටි බස්වල එන්නම හොද නැහැ.ඔහු හිතුවා.

බස් එක එක හෝල්ට් එකක නැවැත්තුවා… බස් එකේ ඇතුලේ හිටිය ගැහැනු කෙනෙක් ඩ්‍රයිවර්ට ඩ්‍රාම් සීයක් දීලා බහින්න ඇදුවත් දොර ඇරෙන්නේ නැහැ.ඇය කීහිප වාරයක්ම දොර හරින්න හැදුවත් එය ව්‍යර්ථ වුනා.බස් එක ඇතුලේ හිටිය තවත් මිනිස්සු දෙන්නෙක් දොර හරින්න හැදුවා එහෙත් බැහැ.මේ බස් වල දොරවල් තිබුනේ හරහට  හරින්න පුලුවන් විදියට …සමහර වෙලාවට ලොක් එක හිර වෙනවා එහෙම වුනාම හරින එක ලේසි නැහැ.

ඩ්‍රයිවර් ඉස්සරහා සීටි එකෙන් බැහැලා ගිහින් දොර හරින්න බලුවා..එහෙත් ඒකත් හරි ගියේ නැහැ..ඔහු ඩ්‍රයිවර් සීට් එක යට තිබුනු යකඩකූරක් අරගෙන ඒක අර ලොක් එක අස්සට දාලා ඇද්දා… එහෙත් ඒකත් හරි ගියේ නැහැ….

ශෝර් මේ හැමදේම පිටුපස්සේ සීට් එකට වෙලා බලාගෙන හිටියා.බස් එකේ දොර එකපාරම ලොක් වීම.අන්තීම සීට් එක යට තියෙන ගෑස් ටැංකිය..ඔහුට හීන් දාඩිය දැම්මා….නිකන් හරි පිටුපස්සෙන් වහානයක් ඇවිත් මේ බස් එකේ වැදුනොත් අනිවාර්යෙන්ම ගෑස් ටැංකියේ ලොක් එක හැරෙනවා.. ඒ කම්පනයටම ගෑස් එක පුපුරනවා..එහෙම වුනොත් බස් එකේ ඉන්න හැමෝවම ගිනි බත් වෙලා යයි… ඩ්‍රයිවර් හැරෙන්න හැමෝවම පිච්චිලාම මැරෙනවා…

ශෝර් ඔහුගේ කොම්පුටර් බැගය තදකරගෙන නැගිටින්න උත්සහා කලා..එහෙත් පිටුපස්සේ සීට් එකෙන් නැගිටින්න තියා හෙල්ලෙන්නවත් අමාරුයි වගේ..ඔහුට එක පාරම පිටුපස්සේන් සද්දයක් ඇහුනා… මදක් එහාට හැලවෙලා ඔහු ජනේලයෙන් පිටුපස බැලුවා…. ඔහු දැක්කේ හරියටම බස් එකට අඩි කිහිපයක් පිටුපස්සෙන් හැප්පුනු කාර් දෙකක්…හැප්පීම නිසා කාර් දෙක පාරේ හරි මැදට තල්ලු වෙලා ගිහින්..ටික වෙලාවකින් ඔහු දැක්කා ට්‍රක් එකක් ඒ කාර්දෙක පැත්තට වේගයෙන් එනවා… කාර් දෙකට හැප්පෙන්න ගිය ට්‍රක් එක ඩ්‍රයිවර් වම් පැත්තට කැපුවා…. ඒක කඩාගෙන ආවේ පාරේ නවත්තලා තිබුනු බස් එක පැත්තට… හරියටම ශෝර් හිදගෙන හිටිය පිටුපස්ස සීට් එකට…

” අනේ දෙවියනේ …. කොහොම මැරුනත් කමක් නැහැ පිච්චිලානම් මැරෙන්න එපා ” ශෝර් අවසන් වතාවටත් දෙවියන් යැද්දා..

පසුවදන – මේ කතාවෙන් කොටසක් දවසක් අර්මේනීයාවෙදී සිදු වුනු සත්‍ය සිද්දියක්..සොවියට් රටවල් වල තවමත් මගී ප්‍රවහනයට භාවිතා කරන්නේ ලොකු වැන් වර්ග.පෙට්ටි බස් කියලා කියන්නේ ඒවා..ඉතින් දවස මම ඔය වගේ පෙට්ටි බස් එකක හිදගෙන ඉන්නවා අන්තීම සීට් එකේ…බස් නැවතුමකදී බස් එක නවත්වනවා…මිනිස්සු බස් එකෙන් බහින්න උත්සහා කරත් බහින්න බැහැ මොකද බස් එකේ දොර හැරෙන්නේ නැහැ.කොහොමහරි ඩ්‍රයිවරුත් බැහැලා ගිහින් දොර හරින්න බැලුවා එහෙත් බැහැ…මම පිටුපස්ස සීට් එකට වෙලා මේ සිද්ධීය බලාගෙන හිටියා..කතාවේ කියනවා වගේම ගැස් ටැංකිය තියෙන්නෙත් මේ බස් වල අන්තීම සීට් එක යට.ඉතින් මේ සිදුවීම් දාමය එකතු කරලා මම ” දෙවියන් නොතැකූ හීනය ” කතාව නිර්මානය කරනවා..

 

මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර  කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්

2018 © මුතුමුදලිගේ නිශ්ශංක


ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න