මරණයේ රෝසපත්

සිහින් දිගු ඇසිපිය දුඹුරුවන් දෑස ඔහුගේ මනසෙහි යළි යළිත් මැවී පෙනෙන්නට විය. නා දල්ලක පැහැ ගත් දෙතොළ ආලේපන කිසිත් ගල්වා නැති බවට සහතික විය. දිගු කේෂ කල්‍යාණිය පුළුල් නිතඹ සහා ඇත් දළ පැහැ ගත් පිරුණු කලවා පිරිමි නෙතට රසඳුනකි.සිහින් දිගු ඇගිලි ඔහු දෙසට දිගු කර ඇය වෙතට පැමිණෙන ලෙසට ඉඟි කරන්නට විය. අඩක් විවරව තිබූ ගවුම් කරෙන් එළියට පනින්නට මෙන් බලා සිටින පියයුරු සඟල තව දුරටත් ඔහුට ඔහුවම පාලනය කර ගන්නට ඉඩක් නොදෙන බවනන් විශ්වාසය.

“ එන්න රූ එන්න. මම ලගට එන්න. ඇවිත් සැනසෙන්න මේ සේරම ඔයාගේ”

ඔහු ඇය දෙසට ගමන් කරන්නට සූදානම් වෙත්ම අසල වූ ජංගම දුරකථනය නාද වෙන්නට විය. තිගැස්සී අවධි වූ රුවන් ජංගම දුරකථනය දෙසත් ඔහු ඉදිරියේ වූ කෑලි කැපිය හැකි තරමේ ඝණ අන්ධකාරය දෙසත් බලා සිටින්නට විය. සිහි එළවා ගත හැකි පළමු තත්පරයේදීම තමා මෙතෙක් වේලාවක් දුටුවේ සිහිනයක් පමණක් බව වටහා ගත්තේය.

“ සුදු මහත්තයා. තව පැය කීපයකින් ඔයා මගේ වෙනවා”

දුරකථනයේ එහා පස සිටි යුවතිය සෙමෙන් මුමුණන්නට වුවද ඔහුට මැවි මැවී පෙනෙන්නට වූයේ සිහිනෙන් දුටු රාගී යුවතියයි. ඔහුගේ දෙඇස් කාමයෙන් පිරී යන්නට විය.තව පැය කිහිපයකින් පෝරූ මස්ථකාරූඪව තම පතිනිය කර ගන්නට සිටින කේෂී දුරකථනයේ එහා පස රැඳී සිටියදී ඔහු සිහිනෙන් දුටු යුවතියක් හා යහන්ගත වෙන්නට සිහින දකියි.

“ රුවන්.”

මිනිත්තු ගණනාවක් ගෙවී ගියද ඇයට රුවන්ගේ නිහඬතාවය තව දුරටත් දරා ගැනීමට හැකියාවක් නොවුණි.

“ රුවන් ඔයා නිදිද? තව ටිකකින් නැගිටින්න ඕනේ නේද අඳින්න මටනම් නින්ද යන්නෙත් නැහැ අනේ”

කේෂලාගේ හඩින් පියවි සිහිය ලද රුවන් ඇය හා දුරකථන ඇමතුම විසන්ධි කළේ තව මිනිත්තු කිහිපයකින් ඔහු මනමාලයෙකු ලෙස සැරසීම සඳහා පිටත්ව යන බව ඇයට දන්වමිනි. සිතෙහි යම් තිගැස්මක් ඇති වුවද කේෂලා තව පැය කිහිපයකින් සඳහටම ඔහු තමා සතු වන බව සිහි කරමින් ඇමතුම විසන්ධි කළාය.

දුරකථන ඇමතුම විසන්ධි කළ රුවන් සිහිනෙන් දුටු යුවතිය පිළිබඳව යළිත් සිහි කළේය. එහෙත් එය ඔහුගේ ඉරණම තීරණය කරාවි යන්න සිහිනෙකින්වත් නොසිතුව බව සැබෑවකි.මෙතෙක් වේලාවක් අඳුරෙහි ගිලී තිබූ කාමරය තුළ කිසිවෙකු පා තබා ඇවිද යන හඬක් ඔහුට ඇසෙන්නට විය. තවත් මොහොතකින් ඒ ඇවිද ගිය අඩි හඩ තම ඇඳ මතට නැඟ ගත් බව ඔහුට දැණුනි.

“ ක…ව්ද…ක් ව්ද ඔ…තන

තැති ගත් රුවන් විමසන්නට වූයේ මහා හඩින් වුවද ඔහුගේ මුවින් වචන පිට වූයේ නැත. එහෙත් සිඟිත්තෙකුගේ ළගින් නික්මෙන කිරි සුවඳක් ඔහුගේ නාස් පුඩු හරහා දිව යන්නට වූයේ තව තවත් ඔහු තිගස්සවමිනි.මෙතෙක් වේලාවක් වසා දමා තිබූ ජනේලයෙහි පියන් එකවරම විවර වූයේ බස්සෙකුගේ මූසල හඩගෑමක් සමඟිනි. තිගැස්සුණු රුවන් එදෙස බැලුවද කිසිවක් නොවුණි. සීතල සුළගක් කාමරය හරහා හමායන්නට වූයේ සිඟිත්තෙකුගේ හැඬුමක්ද සමඟිනි. එහෙත් අසල නිවාස එකකවත් කුඩා දරුවෙකු නොමැති බවට රුවන් සක් සුදක් සේ දැන සිටි අතර මේ මධ්‍යම රාත්‍රියේ සිඟිත්තෙක් හඬන්නේ කොහිදැයි විපරම් කිරීමට ඔහුට සිත් වුණිද, මෙතෙක් වේලාවක් තමා මුහුණ දුන් අත්භූතජනක හැඟීම් නිසාවෙන් ඔහු එය මැඩ ගත්තේය. ඇඳෙන් බැස ගත් රුවන් ජනේලය අසලට ලංවූයේ එය වසා දැමීමට වුවද, ජනෙල් පඩිය මත තිබූ සීතල යමක් ඔහු තැතිගන්වන්නට සමත් විය. බිත්තිය අතගා කාමරයෙහි විදුලි බුබුළු ක්‍රියාත්මක කළද එය විසන්ධි වි තිබුණි. අත වූ දුරකථනයේ විදුලි පන්දමෙහි ආධාරයෙන් රුවන් ජනේලය මත වූයේ කුමක්ද යන්න පිළිබඳව විමසිළිමත් වූයේය.

ඒ මත වූයේ රෝස මල් පොකුරකි. රෝස පෙති අඟින් වැටුණු රත් පැහැති රුධිරය රුවන්ට දැඩි තිගැස්මක් ඇති කරන්නට සමත් විය. ඔහු අතවූ මල් පොකුර අතහැර සිය යහන මතට පැන ගත්තේ කිරිදරුවාගේ සිනා හඩ කාමරය තුළින් නැගෙන විටය.

“ මේ දොර ඇරපං .. රුවන්..රුවනා මේ දොර ඇරපං යකෝ”

දොරට කිසිවෙකු හෝ තට්ටු කරන බවක් ඇසුණද ඔහුට නැගිට එදෙසට යාමට හැකියාවක් නොවුණි. මීට මොහොතකට පෙර බිමට අතහැරි රෝස පොකුර දැන් ඔහුගේ ඇද මත සිටගෙන සිටියි.රෝස මල් පොකුර මැඳින් ආ කිරි දරුවෙකුගේ සිහින් අතැගිලි රුවන්ගේ ගෙල මීරිකන්නට මෙන් ඔහු දෙසට දිගුවෙනු දුටු අතර තමාට සෙලවිය නොහැකි වැනි හැඟීමක් ඔහුට දැනිණි.

එහෙත් තවමත් ඔහුට ජීවත් වීමේ වාසනාව ඇති බව පසක් කරමින් මිතුරෙකු දොර කඩා දමමින් කාමරයට ඇතුළු විය.

“ රුවනා රුවන්න්..”

තම දෑතින්ම ගෙල සිරකර ගන්නා අයුරු දුටු ඔහුගේ විසල් හැකි පමණ වෙර යොදා ඔහු ගලවා ගත්තේය.

“ මොකක්ද බං උඹට වෙලා තියෙන්නේ. හෙට බඳින්න ඉදගෙන මැරෙන්නද හදන්නේ ආ”

අත් දිගහැර රුවන්ගේ කම්මුල වෙත පහරක් එල්ල කළ මිත්‍රයා රුවන් ගේ උරහිසින් අල්ලා සොලවන්නට වූයේ ඔහු කුමකට හෝ බියවී ඇති බව වටහා ගත් නිසාවෙනි.එම පහරෙහි වේදනාවෙන් පියවි සිහියට පැමිණි රුවන් වටපිට බලන්නට වූයේ සිදු වූ සියළුම දෑ සිහිනයක් සේ දැනෙන විටය.

“ ම…ම… දැ…ක්කා මෙ… මෙතන රෝස මල් පොකුරක් තිබ්බා. ලේ වැක්කෙරෙන..

එය සවනත වැකුණු විසල් සිනහා වෙන්නට වූයේ ඔහු සිහිනයෙන් බියවූ බවක් හැඟුණ විටය.

“ රෝස මල් උබට පිස්සුද බං. හෙට බඳින නිසා වෙන්න ඇති මළ විකාර මම ආවේ උඹව එක්ක යන්න එතකොට උඹ මරලතෝනී දෙනවා ඇහිලා මම දොරට ගැහුවේ. දොර ඇරෙන්නෙ නැති උනාම මම බය වුනා.ආන්ටිලා නොහිටියේ හොද වෙලාවට.”

මෙතෙක් වේලාවක් කාමරයේ නොදැල්වුණ විදුලි බල්බය යළිත් ක්‍රියාත්මක විය. රුවන් කාමරය පුරා විමසිලිමත් බැල්මක් හෙළුවේ මීට සුළු මොහොතකට පෙර තමා අත් විඳි සියල්ලම සිහිනයක් බවට සනාථ කර ගැනීමටය.

“ හීනයක් වෙන්න ඇති”

තමාටම මුමුණා ගත් රුවන් විසල් සමගින් කාමරයෙන් පිටවන විට රත් දෑසක් බලා සිටි වග ඔහු දැන සිටියේ නැත.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

සුන්දර මනමාලියක් ලෙසින් තමා ඉදිරියේ සිටගෙන සිටින ආදරණීය කේෂලා අද දින සිට තම බිරිඳ බව රුවන්ට හැඟෙන විට අමුතුම ආකාරයක හැඟුමක් සිතට දැණුනත් එම හැඟීම මැඩගෙන පෙරදා සිහිනයෙන් දුටු රාගී යුවතියගේ සරාගී සිරුර මැවී පෙනෙන්නට විය. ඒ සමඟම රතු රෝස මල් පොකුරද ඒ මැදින් දුටු සිගිත්තාගේ දෑතද ඔහුට දස අත දර්ශනය වන්නට විය. රුවන්ගේ හිස බමන්නාක් මෙන් දැනෙන්නට වූ බැවින් ඔහු කේෂලාගේ අත තරයේ අල්ලා ගත්තේය. එහෙත් උණුසුම් මෘදු බව නොව සීතලව දරදඩුව ගිය අතකවූ රළු ස්භාවය කේෂලාගේ අතින් දැනෙන්නට විය. නිදහසේ තිබූ සුරතෙහි සුළැඟිල්ල කුඩා දරුවෙකු ස්පර්ෂ කළ බවක්ද ඔහුට පැහැදිලිවම දැනෙන්නට විය. වේගයෙන් අත ගසා දැමූ ඔහු වටපිට බලන්නට වූයේ මංගල උත්සවයේ සිටි සියළු දෙනාගෙම දෑස් තමා වෙතට හැරවී ඇති බව පිළිබඳව තැකීමක් නොකරය.

“ රුවන් ඔයා හොදින්ද?”

රුවන්ගේ අත තදින් මිරිකා ගත් කේෂලා විමසුවේ ඔහු යම් අසනීප ගතියකින් පෙළෙන බවට ඇය තුළ වූ සිතුවිල්ලෙනි.

“ නෑ මම හොදින්”

රුවන් එපමණක් පැවසුවද ඔහුගේ සිතෙහි වූයේ ව්‍යාකූල ස්භාවයකි. තිගැස්මකිනි.මන්ද යත් මංගල උත්සවය පුරාවටම සරසා තිබූ රෝස මල් මතින් රුධිරය වැඟිරෙනු ඔහුගේ දෙනෙතට හසු වූ නිසාවෙනි.

මංගල දිනය යනු තම ජීවිතයේ සොදුරුතම දිනය වුවද රුවන්ට නම් එය ජීවීතයේ වෙහෙසකරම දිනයක් විය. කෙසේ වුවද මධුසමය සඳහා මනාල යුවල පිටත්ව යන විට රුවන්ට දැණුනේ තමා ක්ලාන්ත වීමට ආසන්න බවකි.

“ අද උඹේ මංගල රැය නෙවේ මරණයේ රැය”

බියකරු ස්ත්‍රී කටහඩකින් ඔහුගේ කනට කොඳුරන්නට වූ අතර එය සැබවින්ම බියකරු හඬකි. මේ වන විට රුවන් බොහෝ සේ තැතිගෙන සිටි අතර ඔහුට මරණ බිය ක්‍රම ක්‍රමයෙන් දැණෙන්නට විය.එහෙත් තමා හට මෙම ස්ථානයෙන් පැන යා නොහැකිය. විටෙක මෙය තමාගේ සිතලුවක්ද විය හැක.නැත එය එසේ විය නොහැක.. රුවන් නවාතැන වෙත එන තුරුම ඔහුගේම සිතුවිලි අතර අතරමං විය.

ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ ගල්කිස්ස මුහුදු තීරය අවට සුන්දර නිවාඩු නිකේතනයකි.

“ රුවන් අපි ආවා.”

කේෂලා මල් කලඹද එක අතකට ගෙන අනෙක් අතින් රුවන්ගේ අත තදකොට අල්ලා ගත්තාය. එහෙත් ඔහුට ඇයගෙන් දැනුනේ මළ සිරුරක වූ සීතල දරදඩු බව මිස උණුසුමක් නොවිණි.රාත්‍රිය උදාවූයේ වෙනදා මෙන් නොව අඳුරු ගුප්ත ස්භාවයක් ගනිමින් යැයි රුවන්ට සිතුණි. හිරු අවරගිර අහසේ වියැකී යන විට රුවන්ගේ ජීවිතය පිළිබඳව ඔහුට දැණුනේ අවිනිශ්චිත බවකි.

පෙර දිනක සිටි දගකාර ප්‍රේමවන්තයා මෙන් නොව අද රුවන්ගේ ස්භාවය බෙහෙවින්ම වෙනස් අයුරක් බව කේෂලා වටහා ගත්තද , ඇය ඒ පිළිබඳව කිසිත් නොවිම්සුවේ තව හෝරාවකින් හෝ දෙකකින් උදා වෙන්නට නියමිත සුන්දරම පැය කිහිපය පිළිබඳව සිහින දකිමිනි.

මංගල සාරියෙන් මිදී ගත් ඇය තුවායක් පමණක් ගත දවටාගෙන ජනේලයෙන් මුහුද දෙස බලා සිටි රුවන්ට තුරුළු වූවාය . ඇගේ සරගී රූ සපුව දුටු රුවන්ගේ හැඟුමක් උණුසුම් වන්නට වූයේ මෙතෙක් වේලාවක් සිතට වද දුන් සියළු හැඟීම් හිරු දුටු පිණි මෙන් අතුරුදහන් වෙමිනි.

“ රත්තරං..”

ඇය රහසින් මෙන් කොඳුලාය. එවිටම මහා මුරුගසන් වරුසාවක් ඇද හැලුනේ නව යුවලට උණුසුම් රැයක් තිලිණ කිරීමට මෙන් යැයි ඇය සිතුවද , සැබවින්ම එය මරණයේ වර්ෂාවක් බව ඔවුන් දැන සිටියේ නැත.

“ වොශ් එකක් දාගෙන එන්නම් . අද ඔයා මගේ වෙනවා”

සිහින් හඩින් පැවසූ යුවතිය නාන කාමරය වෙත ඇඳුනේ සිහින් සිනහවක්ද සමගිනි.නානකාමරය තුළ වූ කැඩපත ඉදිරියෙ සිටගත් ඇය තුවාය ලෙහා පසෙකට දැමුවාය. මොහොතක් තම සරාගී සිරුර දෙස බලා සිටි ඇය තව මිනිත්තු කිහිපයකින් උදාවෙන අනුරාගී හෝරා කිහිපය පිළිබඳව සුභ සිහින මැව්වාය. එහෙත් නානකාමරය කෙලවර කිසිවෙකු හෝ සිටගෙන සිටින බවක් දුටු කේෂලා බියපත්ව ඒ දෙසට හැරුණේ මෙතෙක් වේලාවක් සිතෙහි වූ සරාගී හැගුමන් පහව යන විටදීය.

නානකාමරය කෙළවර සුන්දර ගැහැණියක් සිටගෙන සිටි අතර ඇයගේ දෑස තද රත් පැහැයට හැරී තිබුණි. බඩදරු ගැහැණිය අඩියෙන් අඩිය කේෂලා වෙත ලං වෙන්නට වූයේ වියරුවෙන් මෙන් සිනහාසෙමිනි. ඇය හැද සිටි ගවුම රුධිරයෙන් පෙගී යන්නට වූයේ කේෂලා බලා සිටින විටමය. තවත් මොහොතකින් ඇය අතවුයේ රතු රෝස මල් පොකුරකි. එයින් රුධිර බිඳු එකින් එක සුදු පැහැ ගත් ටයිල් පොලොව මතට වැටෙන විට කේෂලාගේ ගෙල ඇගේ එක් අතකින් සිරවිය.මුළු අහසම ගුගුරුවමින් අකුණක හඩක් අවසන් වරට කේෂලාගේ සවණත වැකිණි.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

දිය බිඳු බේරෙන දිගු කොණ්ඩය මුදා ගත් කේෂලා දුහුල් රාත්‍රී ගවුමකින් සැරසි සිටියාය. ඇය බෙහෙවින්ම සරාගී පෙනුමකින් යුතු වූවාය.

ඇය දුටු රුවන්ට පෙරදින සිහිනෙන් දුටු සරාගී යුවතිය මැවී පෙනෙන්නට විය. තවත් ඉවසා ගත නොහැකි හැගුමක් ඔහුට දැනෙන්නට විය.

“ ඉක්මනින් එන්න මම බලං ඉන්නවා”

රුවන්ගේ කනකට ලංව කොඳුල ඈ යහන මත සරාගී ලෙස වැතිරුණාය. තුවාය අතට ගත් රුවන් නානකාමරය වෙත ගියේ සිහිනයේ සිටි සරාගී යුවතිය සිහියට නගා ගනිමිනි.ඔහු යළි පැමිණෙන විට කාමරය පුරාවට රෝස ම්ල් අතුරා තිබිණි. යහන මත රෝස පෙති විශාල වශයෙන් විය. රුවන්ගෙ සිතට තිගැස්මක් දැණුනද නිරුවතින් යහන මත දිගා වි සිටි කේෂල දුටු පමණින් ඔහුගේ හැඟුම් උණුසුම් වන්නට විය.

කේෂලාගෙ මුහුණට බරව දෙතොල් සිපගත් රුවන්ට එයින් දැනුනේ අමිහිරි රසයකි. කුණුව ගිය මස් වැදැල්ලක් තමා ආහාරයට ගන්නා වැණි හැඟුමක් දැණෙන විට ඔහු ඇගෙන් මෑත් විය. එහෙත් යහන මත සිටියේ සරාගී යුවතිය කේෂලා නොවුණි.

කුණුවී පණුවන් ගසා ඉදිමී ගිය මෘත දේහයක් යහන මත විය.එය දුටු වහාම රුවන් පසෙකට පැන ගත්තද ඔහු පිටු පසින් කිරි දරුවෙකුගේ සිහින් හැඩීමක් ඇසෙන්නට විය.

“ රුවන් කෝනාර තොට මාව මතකද ?

මෘත දේහය දෙඇස් විවර කරමින් ඔහු දෙස බලමින් කතා කරන්නට වූයේය. කාමරය පුරා වූ රෝස මල් පෙති අතුරින් රුධිරය ගලා එන්නට වූයේ තව දුරටත් රුවන් භීතියට පත් කරමිනි.

නිරුවත් මළ සිරුර යහන මතින් නැගිට ගත්තාය. එය සොදුරු කාන්තා ස්වරූපයකට මාරු විය.එය හඳුනා ගැනීමට ඔහුට අසීරූ නොවිණි.

“ ස..ස..සදමාලි”

“ ඔව් යකෝ සඳමාලි තමා උඹේ ක්ලිනික් එකට ඇවිල්ලා උඹ අතින් දූෂණය වෙලා මැරුණු සදමාලි.මගෙ දරුවත් එක්කම මැරුණු සදමාලි”

රුවන්ගේ මතකය මීට වසර තුනකට පෙර අතිතයට ඉගිල ගියේය. රුවන් කෝනාර යනු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු දුෂ්කර සේවය කළ කාලයේදී හමුවූ සුන්දර ගැහැණිය සඳමාලි නම් වූවාය.රුවන්ගේ නිල නිවාසයට මද දුරකින් සදමාලිගෙ නිවස තිබු අතර සදමාලිගෙ ස්වාමියා යුධ හමුදා නිලධාරියෙක් වූවේය. එහෙත් හදිසි අනතුරකින් ඔහු මියගියේ සදමාලිගෙ කුසට හත්මසක් සපිරෙන විටය. රුවන් ඇයව දුටු දින පටන් ඇය හා යහන්ගත වීමට සිහින මැවූ නමුත් ඔහුට එයට අවස්ථාවක් ලැබුණේ සදමාලිගෙ දරුවා ලැබෙන්නට ආසන්න වූ විට පමණක් වීම දෛවයේ සරදමකි.

“ එදා මහා වැස්සේ මගෙ අම්මා ලගට ආවේ මට අමාරුයි කියන්න. උඹ කිව්වා හොස්පිටල් යන්න ලෑස්ති වෙන්න මම එන්නම් කියලා. උඹ
අම්මව සිහි නැති කරලා මාව දූෂණය කරලා මරලා දාලා ඒක ස්භාවික මරණයක් කලා .මම දහදුක් දුක් විදලා මැරිලා ගියා උඹ හිතුවෙ,මගෙන් බේරෙන්නද ?
උඹ මගේම මළ ගෙදරට රෝස මල් අරගෙන ආවා නේද ?

රෝස මලට රෝස මලක් කියලනෙ කිව්වෙ නේද ආ..

දැන් උඹට පෙන්වන්නම් මම රොස මල්..

එපා……………………

රුවන්ගෙ හඩ දෝංකාරයක් විය.එහෙත් කිසිවෙකුට ඒ රැයෙ එය නෑසුනු බවනම් විශ්වාසය.

……………………………………………………………………………………

මධු සමයට ගිය මනාලිය විසින් මනාලයා ඝාතනය කර සිය දිවි නසා ගනී.”

මෙම යුවල මධු සමය ගත කළ කාමරය සම්පූර්ණයෙන් රෝස පෙති අතුරා තිබූ බවත් එම රෝසපෙති මරණයෙ රෝස පත් වීම කණගාටුවට කරුණකි..

නිමි.

ධනූ ජයසුන්දර

Facebook Profile > Dhanu Jayasundara

ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න