දෙවියන්ගේ උපන්දින තෑග්ග
” සයිමන් මේ පාර උපන් දිනේට මොනවද ඔයා කරන්න හිතාගෙන ඉන්නේ” ?
නයිරා සයිමන්ගෙන් එම ප්‍රශ්නය ඇසූ පලමු වතාව මෙය නෙමෙයි…. සයිමන් සැම වසරකම ඔහුගේ උපන් දිනය සැමරූ ආකාරය වෙනස් විය.. ඔහු එක අවුරුද්දක් කල දෙයක් ඊලට අවුරුද්දේ යලිත් නොකිරීමටත් වග බලාගත්තේය…ඒ නිසාම සැම වසරකම ඔහුගේ උපන් දිනටයට අලුත් අංගයක් එකතුවිය.
“මම හිතාගෙන ඉන්නේ මේ පාර තිබිලීසී යන්න ”
” ඕ … ජෝර්ජියා ” නයිරා ඇයගේ දෑස් ව්ශාල කරමින් පැවසුවාය.
ඔව් …මම හිතන්නේ මම අන්තීමට වතාවට තිබිලීසී ගියේ අම්මත් එක්ක අවුරුදු 20 කට විතර කලින්.
නයිරා ඔහුගේ ලගට ලංවී ඔහුට උනුසුම් හාද්දක් දුන්නාය.
“ඔයා දන්නවානේ.මට ඕනේ ඔයා ඔයාගේ උපන්දිනේ ගොඩක් සතුටින් සමරනවා දකින්න.. ” ඇය පැවසුවාය.
ඊලග දින දෙකක කාලය සයිමන් ගත කලේ ඔහුගේ සංචාරයට යාමට ඒජන්සියක් සෙවීමටය,තනිවම මෙවැනි දුර ගමනක් යනවාට වඩා කන්ඩායමක් සමග යැම කොහොමත්ම වාසි දායකය බව ඔහු දන්නේය.ඔහු සිතු ලෙසම ඔහුට අඩු මුදලකට මෙම ගමන යැමට ඒජන්සියක් සොයා ගැනීමට හැකි විය.වඩාත්ම ඔහුව සතුටුකල දෙය වුයේ ඔහුන් තිබිලිසි යාමට යොදාගෙන තිබුනේද හරියටම සැප්තැම්බර් 13 වෙනිදා විමයි..ඒ ඉරිදා දිනයකි.එය ඔහුගේ උපන් දිනය දවසයි.
” මොස්ක්වා ” නම් වූ එම එජන්සියට දුරකතන ඇමතුමක් ගත් ඔහු ගමනට අවශය සියලුම දේවල් කතා කරගෙන එදිනට ආසනයක්ද වෙන් කර ගත්තේය. තිබිලීසී ගමන ගැන හිතාමත් සුන්දර විස්තර කිරීමක්ද ඒජන්සියේන් සිදුවූයෙන් තිබිලීසී ගමන ඇත්තටම අත් විදින තෙක් සයිමන්ගේ සිතෙහි ඉවසිල්ලක් නැතිවිය..එදිනම ඒජන්සියට මුදල් බැන්ද ඔහු ඉරිදා උදෑසනම ගමන පිටත්වන ස්තානයට ඒමේ පොරොන්දුවද දී එතනින් නික්ම ගියේය.
උපන් දිනයට දින 2කකට කලින් සිට ඔහු සියලුම ආම්පන්න සුදානම් කිරීමට යෙදින.විශේෂයෙන්ම ජායරූප ගැනීමට අවශය සියලුම කලමනා නිසි ලෙස සංවිධානය කල ඔහු ඒ හැම දෙයක්ම අමතක නොවන තැන් වල තැබීය.එසේම අරගෙන යාමට අමතක වේයැයි සිතන සැම දෙයකම ලිස්ට් එකක් හැදු ඔහු ඒ හැම දේ ගැනම හිතාමත් විමසිලිවන්ත ව්ය.
තම කලමනා සුදානම් කරන සැම මොහොතකම ඇදෙහි විනාඩි කිහිපයක් දිගාවූ ඔහු තිබිලිසී ගමන ගැන සිහින මැවීය.
මේ කන්ඩායමට විවිධ රටවලින් සංචාරකයින් බොහොමයක් සහභාගී වන බව ඒජන්සි කරු කී හැටි ඔහුට මතක් විය.
ඒ අතර ජර්මානුවන්ද, ප්‍රංශ ජාතිකයින්ද ,ඇල්බේනීයානුවන්ද, අයිරිෂ් ජාතිකයින්ද, රුසියානුවන්ද සිටියෝය..තිබිලිසීය පිහිටා තිබුනේ මේ සැම රටක්ම මධයයේ වූ නිසා ඔහුන් සියල්ලම නිසැකවම මේ සංචාරයට එක් වන්නට ඇත්තේ තිබිලිසියේ තම කාලය උපරිම විනෝදයෙන් ගත කිරීමට විය යුතුය.එසේ නම් සංචාරය නිකන්ම නිකන් ගමනක් නොවනු ඇත..ඔහුගේ මුහුනේ මද සිනහවක් රෑදින.ඇල්බේනියානුවන් සිංදුකියන්නට හපනෝය.අයිරිෂ් සහා රුසියානුවන් බොන්නට පෙරේතයින්ය. ග්‍රීකයින් කලාවට කැමති අයයි. එහෙනම් මේ සංචාරය අමුතුම විදියේ රසවත් එකක් වනු ඇතැයි සයිමන් කල්පනා කලේය.හොදට පදම් වෙන්නට බොන්නටත් හැකිතරම් විනෝද වෙන්නටත් හැකිවනු ඇත.ඇදෙහි දිගාවී මේ ගැන සිතන සෑම විටකම ඔහුගේ මුහුනේ සිනා රෑල්ලක් ඇදී ගියේය.
ඔහු සංචාරය යාමටත් කලින් සිටම මෙවැනි ආකාරයේ දේවල් ගැන නිතර නිතරම සිතීය. ඒවාට ඔහු කොයිතරම් ඇබ්බැයි වූවාද කියනවනම් සැම දිනකම රාත්‍රීයේ තම කලමනා සකස් කරද්දී ඇදට දිගාවී ඒ ගැන සිතිම ඔහුට පුරුද්දක් විය.
මේ සැම විටකම ඔහුට කෝපී කෝප්පයක් ගෙන එන නයිරා
” ඔයා සංචාරය යන්නත් කලියෙන් ම තිබ්ලීසී වලට ගිහින් වගේ යයි..” පවසයි…
එවිට ඔහු ඇයට හාද්දක් දී ” අපි දෙන්නම දවසක එකට තිබීලිසී යමුකෝ ” යි පවසයි.මෙය දින කිහිපයක්ම ඒ ආකාරයෙන්ම සිදුවිය.
ජොරිජියාවට සාමාන්යෙන් යන්නේ අර්ජූත් හරහා වුනත් මේ ගමනෙදි ඔහුන් යන්නේ ඩිලිජාන් හරහාය. මෙය ඔහුගේ සිහින වලට තවත් තුරුම්පුවක් විය.
ඩිලිජාන් ගැන යුරෝපීයන් හොදින්ම දනී..එය ඒ තරම් ම ලස්සන ප්‍රදේශයකි..සමහරු එය පුංචි සුවිස්ටර්ලන්තය ලෙසද හැදින්වූහ….ඔහු ඩ්ලිජාන් වලට මිට පෙර සැහෙන වතාවක් ගිහින් ඇති මුත් එය කිසිම දිනෙක එපා වන්නක් නොවීය.තිබිලිසි යන ගමනේදි ඔහුන් දිවා ආහාරය ගන්නේ ඩිලිජාන් වලය. එවිට අඩුම තරමින් පැය දෙකක්වත් එහි නතර වීමට සිදුවෙයි.
” නයිරා … ඩිලිජාන් මේ දවස් වල සීතල නැතිව ඇති නේද..”
ඔහු නයිරාගෙන් ඇසීය….
” නැතිව ඇති මේ සැප්තැම්බර් නේ ”
” ම්ම්…එහෙනම් හොදයි ” ඔහුගේ මුවෙන් සිනහවක් නැගින.
සිමීයෝන් ඩිලිජාන් ගැන අහන්නේ තිබිලිසී ගමනට බැව් නයිරා හොදින්ම දත්තාය…ඇය ඔහුගේ සිහිනය සතුටින් විදිමට ඔහුට ඉඩදුන්නා මිසක් ඔහුගේ හිත රිදෙන කිසිදු දෙයක් නොකීමට වග බලා ගත්තාය… ඇයට අවශය වූයේ ඔහුගේ උපන්දිනය ඔහු සතුටින්ම ගත කරනු දැකීමයි…එය ඇය හදවතින්ම ප්‍රාර්තනා කල දෙය විය…
එදින රාත්‍රියේ සයිමන් නින්දට ගියේ උදෑසනම අවදිවීමටය…එහෙත් එක් වරම මධයම රාත්‍රියේ ඔහුව අවදි වුයේ කාමරය තුලින් මිහිරී නාදයක් පැමිනීම නිසාය…. ඔහු දෑස් විවර කරන විට නයිරා ඔහුගේ ඉදිරියේ සිටගෙන උපන්දින ගීය ගයමින් සිටියාය.
“සුභ උපන් දිනයක් රත්තරන්..” ඇය කීවාය..ඇයගේ අතෙහි කේක් එකකුත් ඒ මත දැල්වෙමින් තිබූ ඉටිපන්දමක්ද විය…කේක් එකත් සමගම හීන් සීරුවේ සයිමන් ලගින් හිදගත් ඇය ” ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මේකට පිබින්න ” යි කීවාය…සයිමන් දෙනෙත් වසාගෙන කල ප්‍රාර්ථනාවක්ද සමග එයට පිම්බේය.
වෙලාව රාත්‍රී 12 පසු වී ඇත… නයිරා සයිමන්ගේ උපන් දිනය ආරම්භ වන මධයම රාත්‍රියේ සැම දිනකම මෙය සිදුකලාය..එහෙත් එදින සයිමන්ට ඒ ගැන හාන් කවින්සියක්වත් මතකයක් නොතිබ්න… මධයම රාත්‍රියේ මෙලෙස අවදිවීමට සිදුවන බවවත් ඔහුට මතක් නොවීය.ඔහුගේ මුලු සිහියම හෙට දින යාමට ඇති සංචාරයෙන් පිරී තිබින…
” ඔයා නිදාගන්න රත්තරන් … හෙට උදේම යන්නත් ඕනෙනේ ” කියු නයිරා ” ඔයාට ලස්සන උපන් දින දවසක් ලැබෙන්න ඕනේ ” යි පවසමින් තවත් හාද්දක් දී එතනින් නික්ම ගියාය.
උදෑසන එලාමයත් සමගම සයිමන් හරි වෙලාවට අවදි විය.ඉක්මනින්ම නා පිරිසිදු වූ ඔහු ගමන යන්නට සුදානම් විය.
නයිරා සිටියේ දැඩි නින්දේය…එහෙත් ඔහු පිටත් වීමට මොහොතක් තිබියදී ඇය අවදි විය.
දෙදෙනාම එක්ව දෙවියන් යැද්දාය…මෙය ඔහුන් සුපුරුදු ලෙස ගමනක් යාමට ප්‍රථම දිනපතාම කරන්නාවු දෙයකි…
” අනේ දෙවියනේ .. සයිමන් යන මේ ගමනට ඔබවහන්සේගේ ආරක්ෂාව ලබා දෙන්න… ” ඇය දෙවියන් යැදීම අවසන් කලේ ඒ ප්‍රාර්ථනයත් සමගය.යැදීම අවසන් අවසන් වූ පසු තම කලමනා යලිත් පරික්ෂා කල සයිමන් නයිරාට හාද්දක් දී ගෙදරින් පිටත් විය.
එය ඉරිදා දිනයක්වූ නිසාවෙන් බස් දිව්වේ හිතාමත් සීමීතවය…ඔහුගේ නිවසේ සිට කන්ඩායම එක් රෑස් වන ඒජන්සිය ලගට යාමට විනාඩි 15ක් පමන ගත වේ..ඔහු වෙලාව දෙස බැලීය..විනාඩි 30කටත් වඩා කාලයක් ඇත..ඒ නිසා බිය විය යුතු දෙයක් නැත.
බසය පැමිනියේය..සයිමන් බසයේ වාඩි වු තැන වයසක කාන්තාවක් හිදගෙන සිටියාය..ඇය ඊලට බස් නැවතුමෙන් බසින්නට සූදානම් විය….
වයස අවුරුදු 70ක පමන මදක් තරබාරු කාන්තාවක් වූ ඇයගේ ඉදිරියේ මදක් විශාල පොලිතින් බැග් 3ක් විය…
මහමග වෙලදාම් කරන කාන්තාවන් බොහොමයක් හිමිදිරි උදෑසනම තම රාජකාරි වලට නික්මෙන නිසා ඇයත් වෙලෙන්දියක් විය යුතු යැයි ඔහු සිතුවේය..
බස් නැවතුමට ලන් වූ විට ඇය අර විශාල බෑග් 3න තම ඇගිලි මත රදවා ගන්නට උත්සහා කලාය..එහෙත් ඒවා බරින් වැඩි වුනු නිසා කදමලු වල බරටම ඇයට ආසනයෙන් හිටගැනීමටවත් නොහැකි විය..සයිමන් ඉක්මනින් දිවගොස්
” ඉන්න මම උදව් කරන්නම් කියමින් ” බෑග් දෙකක් ඔහුගේ අතට ගත්තේය….
” ස්තුතියි පුතා” කියු ඇය ඉතිරිව තිබු බෑගයත් ඇයගේ පසුම්බියත් අතේ රදවා ගනිමින් බසයෙන් බැසීමට උත්සහා කලාය..එහෙත් බසයේ එක් පඩියක් බැස්ස ඇයට දෙවන පඩිය බැසීමට වාරූ නොවිය..බෑගයත් සමගම ඇයව බසයෙන් බිමට ඇද වැටින…අත්දෙකේම තිබූ මලු නිසා සයිමන්ට ඇයව අල්වා ගත නොහැකි විය.
වැටිමත් සමග ඇයගේ හිස බස් නැවතුමේ තිබුනු සිමෙන්ති මායිමක වැදුනෙන් ඇයගේ මුලු හිසම රුධිරයෙන් නැහැවී ගියාය…මලු දෙක පැත්තකට විසිකල සයිමන් පහතට නැවී ඇයව ඔසවා තම ඔඩොක්කුවට ගත්තේය.
ඇයගේ හිසෙන් දැඩි ලෙස රුධිරය වහානය වෙමින් පවතියි….ඇයට සිහියක් නැත… තම ලේන්සුව අතට ගත් ඔහු රුධිරය ගලමින් තිබු ඇයගේ තුවාලයට තද කර එය බැන්දේය..බසයේ සිටි මගීන් සියල්ලද එතැනට එක් රෑස් වී තිබින..එක් අයෙක් ටැක්සියක් නතර කලේය…සයිමන් සහා තවත් දෙදෙනෙකු එක්ව අර වයසක කාන්තාවව ඔසවා ටෑක්සියට දෑමීය..
කාන්තාවව ටැක්සියේ පිටුපස ආසනයේ හින්දවූ සයිමන් වට පිට බැලීය….එක් වරම එක් තරුන කාන්තාවක් දුවගෙන විත් අනිත් දෝරෙන් ටැක්සියට ගොඩ විය…ආසනයෙන් පහතට වැටෙමින් සිටි වයසක කාන්තාවව වාරු කර අල්වා ගත් ඇය සයිමන් දෙස බලා
” අපි යමු ..ඉක්මනට නගින්නැයි ” කෑ ගැසීය..
සයිමන්ට සංචාරය මුලුමනින්ම අමතක වී ගොස් තිබින..කුමක් කරන්නදැයි ඔහුට සිතාගත නොහැක…ඔහුටත් නොදැනීම ඔහුව ටෑක්සියේ හින්දවීය..එයත් සමගම ටැක්සිකරු රෝහලට පියෑබීය…සයිමන්ගේ බෑග් සියල්ලම අර බසයේය..සයිමන්ට හීන්දාඩිය දැමීය.ඔහු තම ඇදුම් දෙස බැලීය…ඔහුගේ කමිසය එහෙන් පිටින්ම රුධිරයෙන් තෙත් වී ඇත.
“ඕක අයියෙන් අල්ලා ගන්න ලේ යන්න දෙන්න එපා ” අර තරුන කන්තාව කෑගැසුවෙන් සයිමන් එක් වරම සංචාරය පිලිබද සිහියෙන් මිදින…
” මොකක්ද ඔයාගේ නම ” ඇය ඇසුවාය.
මම සයිමන් …”
“හා සයිමන් ඔය ලේන්සුව තව ටිකක් තද කරන්න….අපි රෝහලට යනකන්වත් ලේ යන එක නවත්තගන්න ඕනේ..”
සියල්ල හිතාමත් ඉක්මනින් සිදුවිය…රෝහලට වයසක කාන්තාවව ඇතුලත් කල පසු රුධිරයෙන් පිරි ඇදුම් පිටින්ම සයිමන් රෝහලෙහි දමා තිබු පුටු පේලියෙහි හිදගත්තේය…අර තරුන කාන්තාවද එතැනට විත් හිදගත්තාය.
“මම ලුසිනේ ” ඇය පැවසුවාය…ඇයගේ බ්ලව්සයේද රුධිරය ඇති බැව් දුටු සයිමන් ” ඔයා ඔෆිස් යන ගමන්දැයි ඇසීය …
” ඔව් එහෙත් ඒකට කමක් නැහැ ” ඇය කීවාය..
” ඔයා ”
” මම සංචාරයක් යන්න ” ඔහු තම ඔරලෝසුවෙන් වෙලාව බැලීය..ඒවනවිටත් පැය එකාමාරකට වඩා ප්‍රමාද වී ඇත..ඔහු තම කලිසම් සාක්කුවට අත දමා තම දුරකතන සෙවීය…එය ඔහු තමන්ගේ අත් බැගයේ දමාගත් බව ඔහුට මතක් වූයේ එවිටය.එය ඔහුට බසයේම අමතක විය..තම රුධිරය පිටි අතින්ම ඔහු හිස අල්වාගෙන කල්පනා කලේය.
ටික මොහොතකින් රෝහලේ වෛයිද්‍යවරයා විත් අර වයසක කාන්තාවට සිහි පැමිනි බවත් … ඇයගේ තුවාලයට ප්‍රතිකාර කොට ඇති නිසාවෙන් ඒ ගැන බිය වියයුතු නැති බවත් පැවසීය.. එසේම ඉක්මනින් ඇයව රෝහලට ගෙන ඒම ගැන ද ඔහු සයිමන්ට සහා ලුසිනේට ස්තුති කලේය…
ඔහු ටැක්සියක් රෑගෙන ප්‍රධාන බස් නැවතුමට ගියේය… ඔහුගේ බෑග් නිසැකවම එහි තිබිය යුතුය…එය එසේම විය.. කිසිම දෙයක අඩුවක් නොවී සියල්ලම ඒ තුල විය..බස් පරිපාලකට ස්තුති කල ඔහු එම ටැක්සියෙන්ම තම නිවසට ගියේය..
ඔහුගේ රුධිරය පිරි වස්ත්‍ර දුටු නයිරාට කලන්තේ නොදැමුවා පමනී.. ඇයට කරුනු කාරනා සියල්ලම පැවසූ පසු ඇය සන්සුන් විය..
සයිමන් ඔහුගේ බෑගයෙන් දුරකතනය ගත්තේ එවිටය…එහි දුරකතන ඇමතුම් 10කටත් වඩා තිබින..ඒ සියල්ලම අර ඒජන්සියෙන්ය…දැන් ඉතින් එ ගැන සිතා පලක් නැත..කෙසේ හෝ අවසානයේ තමන් මෙතෙක් සිහින දුටු ජොර්ජියා ගමන සිහිනයක්ම වී තිබින.ඒජන්සි කරුට දුන් මුදල්ද යලිත් ගත නොහැක. තම උපන්දින සවාරිය එහෙම් පිටින්ම සුන් වී ගොස් ඇත..
සයිමන් එදින මුලු දවසම ගත කලේ දැඩි වේදනාවකිනි..ඔහුගේ හදවතේ එක් පැත්තකින් අර වයසක කාන්තාවගේ ජිවිතය බේරා ගැනීමට හැකිවීම ගැන සතුටක් තිබින.ඔහු එහින් ප්‍රිතියක්ද අත් වින්දාහ..එහෙත් ඒ සියල්ලටම වඩා තම උපන් දින සංචාරය ලේ විලකින් අවසන් වීම ගැන ඔහු පශ්චත්තාප විය..
හවස් භාගය වන තුරුත් වේදනාවෙන් සිටින තම සැමියා දුටු නයිරා ඔහුව අස්වස්සන්නට උත්සහා ගත්තාය…” ඔයා දුක් වෙන්න එපා සයිමන්,ඇය ඔහුව කිහිප වරක්ම වැලද ගත්තාය…” හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ ” “අද හවසට යහලුවන්ට එන්න කියලා අපි පොඩි පාටියක් දාමු..හැමදේම මන් ගානේ..හරිද ”
දැන් උපන් දින සැමරීමෙන් පලක් නැත. තමන් බලාපොරොත්තු වූ හැම දේම විනාශ වී ගිය පසු හවත් මොන කතාද, එහෙත් නයිරා ගේ සිත රිදවීමට නොහැකි නිසා ඔහු එම අදහසට කෑමති විය..
“ හා..” අපි එහෙම කරමු ..
නයිරා ඇයගේ ලොකු දෑස් දෙකින් සයිමන්ගේ බිමබලාගත් මුහුන දෙසට එබී මෙසේ පැවසීය ..” සයිමන් මම ඇත්තටම දන්නේ නැහැ ඇයි මෙහෙම වුනේ කියලා..එහෙත් දෙවියටන්ට ඒකට මොකක් හරි හේතුවක් ඇති , සමහර විට දෙවියන්ට ඕනේ වෙන්න ඇති අර වයසක අම්මව බේරගන්න. ඒක කොයිතරම් ලොකු දෙයක් ද සයිමන් ,,අනික ඔයාගේ උපන් දිනය දවසේ ඔයා තව කෙනෙක්ගේ ජිවිතය බේරුවා .. ඒක කොයිතරම් ලොකු පිනක්ද ” ..එහෙම නේද ? ඇය ඇසුවාය..
” හ්ම්..ඒකත් ඇත්ත ” සයිමන් සිනහවකින් පිලිතුරු දුන්නේය..
” ඒකනේ ඔයා තමා මගේ වීරයා .. මගේ වීරයා ” නයිරා කෑ ගැසුවේ සයිමන්ගේ පිටුපසින් ඔහුගේ උරහිසම බදා ගනිමිනි…
” ඇති ඇති ඇති ” යැයි සිනා සුනු සයිමන් ඇයව ඔහුගේ ඔඩොක්කුවට ගත්තේය..ඇයගේ දෑස දෙස කෙලින්ම බැලු ඔහු
ඇයගේ දෙතොලට දිගු හාදුවක් දුන්නේය… ” වීරයා ” ඇය යලිත් සිනාසින..
කතාව මෙතනින් අවසන් යැයි ඔබ සිතනවානම් එය වැරදිය… දැන් එය අවසන් වෙන තැනට මා ඔබව ගෙන යා යුතුය..
හවස පාටියෙන් පසු සයිමන් ඇදට ගියේය…එහෙත් ඔහුට නිදාගැනීමට නොලැබින.. නයිරා සාලයේ සිට ඔහුගේ නම කියා කෑගසන හඩ ඇසී ඔහු සාලයට දිව ගියේ ඇයට කුමක් හෝ කරදරයක් වී ඇතැයි සිතාය…
නයිරා ටීවී එක ඉස්සරහා හිදගෙන සිටියාය..ඇයගේ දෑසෙන් කදුලු පැන්නාය.
” බලන්න සයිමන් ” ඇයගේ වචන වලටවත් වාරු නැත … තැති ගත් ඒ වචන වල බියත් වේදනාවත් මුසුවී ඇත..
ඒ රාත්‍රී පුවත් විකාශයයි… එහින් පැවසු ආකාරයටනම් අද ජොර්ජියාවට ගිය සංචාරක බසයක් ස්පිතාක් කදු හරහා යමින් සිටියදි අනතුරකට ලක්වී ඇත.. අනතුර නිසා කන්දෙන් පහතට වැටි ඇති බසය සම්පූර්නයෙන්ම විනාශ වී ඇති අතර තවමත් මල සිරෑරු සොයා ජීවීතාරක්ෂකයින් කදු පාමුල සොදීයී මෙහෙයුම් සිදුකරමින් පවතියි.දැනට හදුනාගෙන ඇති ආකාරයට මෙය මොස්ක්වා ඒජන්සියට අයත් බසයකි…
සයිමන්ගේ මනස එක් වරම හිස්ව යන්නක් මෙන් ඔහුට දැනින..ඔහුව එක්වරම පුටුවේ හින්දවිය…
පසුවදන – මම උපන්දිනය සමරන්නේ විවිධ විදියට..මේ පාර මම හිතාගෙන හිටියේ ටිකක් දුර ටුවර් එකක් යන්න.ගමනට ඕනේ කරන සේරම ලැස්ති කරලා ගමන යද්දී ඔය කියපු වයසක ගැහැනු කෙනාව මුනගැසීම ,අනතුර ඒ හැම දෙයක්ම ඒ විදියටම වුනා..හැබැයි අන්තීම ටික හැරෙන්න .සිදුවුනු ප්‍රමාදය නිසාම ටුවර් එක යන්න බැරිවුනා… ඉතින් ආයෙත් ගෙදර ආවට පස්සේ හිතට ආපු ෆැන්ටසිකුත් එක්ක මම ” දෙවියන්ගේ උපන්දින තැග්ග කියන ” මේ කතාව නිර්මානය කරනවා..
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment