අන්නා සහා මීලා
මෂ්තෝස් වීදියේ කෙලවරේ වූ කුඩා නිවසක ග්‍රිගෝර් නම් වූ ගිනිකූරූ වෙලෙන්දා ජිවත් විය.ඔහුගේ නිවස ගැන නොදන්න කෙනෙක් නැත….
මෂ්තෝස් වීදියේ ඕනැම කෙනෙකුගෙන් ” ග්‍රීගෝර්ගේ නිවස ” කොයේදැයි ඇසුවහොත් ඕනැම කෙනෙකු ඔබට එය පෙන්වනු ඇත…. මෙම කුඩා විදියේ බොහොමයක් දේවල් කාලෙන් කාලෙට වෙනස් වුවත් වෙනස් නොවුනු එකම දෙයක් වේනම් ඒ ග්‍රිගෝර් ගේ නිවස පමනකී..එය බොහොසෙයින් අබලන්ය..මෙම වීදියේ ඇවිද යන සමහර දිනවලදී ග්‍රිගෝර් මෙම නිවස ඉදිරිපිට හිදගෙන තම නිවස දෙස බලා සුසුම්ලනු ඔබටත් දැක ගත හැකි වනු ඇත..
” මේ ගේ කවදා හරි බිමටම සමතලා වෙනවා ” බොහොමයක් වෙලා තම නිවස දෙස බලා සුසුම්ලන ග්‍රිගෝර්ගේ අවසන් වැකිය එයයි..
එයත් සමග උන් තැනින් නැගී සිට විදියේ එහා කොනේ ඇති ලුසාවෝර් පල්ලිය අසලට යන ඔහු පල්ලියේ අයිනේ ඇති ලොතැරෑයි කූඩූවෙන් ලොතැරෑයක් මිලදි ගනී… එයත් රෑගෙන නිවසට එන අතර තුර පල්ලිය දෙසට හැරී බයාදූ බැල්මකින් එය දෙස බලාගෙන සිටින ග්‍රීගොර් මන්තරයක් මතුරන්නාක් මෙන් දෙයියන්ට රහසින් මොනවදෝ මුමුනා අහස දෙසත් පල්ලිය දෙසත් මාරුවෙන් මාරුව බලා ඉන්පසුව ලොතැරෑය්යට සියුම් තට්ටුවක් කර තම නිවසට පිටත් වෙයි…. මෙය මෂ්තෝස් විදියේ හැන්දැ කොරේ යන එන ඕනැම කෙනෙකුට දිනපතාම දැකග්ගත හැකි සිද්දියකී..
අන්නා සහා මිලා නමින් කුඩා දූවරුන් දෙදෙනෙකු ඔහුට විය…
පිලිවෙලින් අවුරුදු 4ත් 5ත් අතර වූ ඔහුන් නිතරම කෙලිදෝලෙන් ගත කලේය… ලුසාවෝර් පල්ලිය ඉදිරියේ මුලු දවස පුරාම් ගිනි කුරූ විකුනා නිවසට එන ග්‍රීගෝර් ඉතුරු වී ඇති තම ගිනිකූරූ පෙට්ටි බෑගය දෙන්නේ අන්නාටය ඇය හිතාමත් පරිස්සමෙන් එය නිවසට ගෙන යයි…. පුංචි මීලාට ඔහු එදින මුලු දවසෙම හම්බ කල මුදල් දෙයි. එවිට ඇය එය දිවගොස් ඇයගේ මව අත තබයි. ඉවන්යා නම් වූ ග්‍රිගෝගේ බිරිද කිසිම දිනෙක නිවසින් එලියට පැමිනෙනු කිසිවෙකුත් දැක නැත…ඇය එලියට එන්නේ නම් එය හිතාමත් අහම්බයෙනි… මන්ද පෝෂනයෙන් පෙලෙන්නෙකු මෙන් හිතාමත් සිහින් සිරෑරක් තිබු ඇයට මෂ්තෝස් වල අනිකුත් කාන්තාවන් සමග වැඩි ඇයි හොදැයියක් නොතිබින….
ඒ සේරටමත් වඩා ග්‍රීගෝර් සමග දීගෙට ඒම ගැන ඇය නිතරම තමන්ට දෝස් පවරා ගත්තාය… ග්‍රීගෝර් අන්තීම අසාර්තක මිනිසෙකු බව ඇය ඔහුට නිතරම දොස් කීවාය… ඔහු දවසකට වේලක්වත් හරියට කන්න තරම් මුදලක් ඔහු හරි හම්බ කරානම් ඒ අහම්බෙනී…දිනෙන් දින වලපල්ලට යනවා හැරෙන්නට මේ ගිනිකූරූ වෙලදාමෙන් ඔහුටවත් ඔහුගේ පවුලේ අයටවත් ඇති සෙතක් නැති බව ඇය ඔහුට නිතරම කීවාය…. ගිනි කූරූ වෙලදාම නවත්වා වෙනත් රස්සාවකට යන ලෙස ඇය ඔහුට බලකර කීවත් ග්‍රීගෝර් කිසිම දිනෙක ගිනිකූරූ රස්සාව අත හැරියේ නැත…
” මේක අපේ තාත්තගේ රස්සාව යෝධියේ…තාත්තගේ විතරක් නෙමේ අපේ සීයගෙත්…මේක පරම්පරාවෙන් පරම්පරාවට අපි කරපු රස්සාව…මට පුතෙක් හිටියෙත් ඒකත් කරන්න ඕනේ මේකම තමා ”
” කිසිම වගතුවක් නැතිව රස්සාවක් කරන එකෙන් ඇති තේරුම මොකක්ද මනුස්සයෝ ”
” වගතුවක් තිබ්බා නැතැ මේක තමා මගේ රස්සාව.. උබ ඒකට අකමැතිනම් උබ මෙතනින් තොලොන්චි වෙලා පල ”
දිනපතාම ඇසෙන මේ කන්කරච්චලය ග්‍රිගොර්ට දැන්නම් හොදටම පුරුදු වී ඇත…
ඔහු ඇයට තොලොන්චී වී යන්නැය් සිය වරක් නොව දහස් වරක් කිවත් ඇය නිවස හැරදා නොයන බව ඉරහද මෙන් ඔහු දැන සිටියේය… ඒ ඇයට යාමට වුවමනාවක් නොතිබූ නිසා නොවේ ..ඇයට යන්නට තැනක් නොතිබු නිසාය…
කාලයක් ගෙවී ගියේය… ගිගෝර්ගේ ගිනිකුරු වෙලදාම වගේම ලොතරෑය්යෙනුත් කිසිදු වැඩක් නොවීය… ගිනිකුරු වෙලදාමෙන් ලැබෙන සොච්චමෙන් කීයක් හරි එයට වැයවෙනවා මිසක ඔහුට ලොතැරෑයි වලින් ලැබුනු දෙයක් නැත…. අනිත් මිනිස්සුන්ට කාලාන්තරයකින් සුලු දිනුමක් හෝ ඇදුනත් ග්‍රිගෝර්ට එසේ නොවීය…
“දෙවියනුත් මාව අමතක කරලා වගේ ” ඔහු ගිනිකුරූ විකුනන අතර තුර පල්ලිය ඉදිරිපිටට වී කල්පනා කලේය… ” අනෙ දෙය්යනේ මට ඉන්නේ දූලාම දෙන්නෙක් … මං ගැන හිතන්නෙ නැති වුනත් කමක් නැහ උන් දෙන්නා ගැන හිතලා හරි මට දිනුමක් දෙන්න… ” ඔහු විටක පල්ලිය දෙස බලා කෙදිරී ගැවේය….ඒ කෙදිරි ගැසීම සතියකට දෙතුන් වරක්වත් ඔහු කරන්නට ඇත… එහෙත් කෙදිරියෙන් හෝ බයාදූ ආයාචනයෙන් කිසිදු වගතුවක් නොවීය… සැම දවසක්ම එකවගේම ගෙවී ගියේය…
ශීත කාලය එලබින… මේ එලිමහනේ කරන වෙලහෙලදාම් වලට කන කොකා අඩන කාලයයි… ශීත කාලයේ මිනිස්සු එලියට ආවේ බොහොම කලාතුරකිනි..එහේයින් ග්‍රිගෝර්ගේ වෙලදාමෙන් ලැබෙන සොච්චම් ආදායමත් නැත්තටම නැති වී ගියේය….ඔහු තවත් දරිද්‍රතාවයට පත්විය ….
දැඩි ශීතලෙන් යුත් හිම වැටෙන දිනවලදී වුවත් ග්‍රිගෝර් ගිනිකූරූ අලෙවි කරන එක නැවැත්වුයේ නැත…ඔහු එය දිගටම කරගෙන ගියේය…උදැසනම පල්ලිය අසලට යන ඔහු එහි හිම වැටී ඇති මාවත සුද්ද පවිත්‍ර කොට එතැන හිටගෙන ගිනිකූරූ අලෙවි කරන්නට පටන් ගනියි..මුලු දවසෙම ශීතලේ ගැහෙමින් ගිනිපෙට්ටි එකක් දෙකක්වත් විකුනාගන්නට ඔහු දැඩි දුකක් වින්දේය…. එහෙත් සමහර දවස් වලට එකක්වත් විකිනුනේ නැත… එහෙත් ගිනිකූරූ වෙලදාම හැරෙන්නට ශීත කාලයේදීවත් වෙන වෙලදාමකින් ජිවත්විය යුතුයැයි ඔහු කිසිම විටෙක නොසිතුවේය…
දිනකට යාන්තමින් දේවේලක් කා බී ජිවත් වූ ඔහුගේ පවුලේ අයට එක වේලක් හෝ කන්නට ලැබුනේ හිතාමත් අපහසුවෙනි…. මේ සැම දෙයකින්ම ග්‍රිගෝර්ගේ බිරිද ඉවන්යා දැඩි ලෙස පීඩාවටත් පත් වී සිටියාය… ග්‍රීගෝර් කිසිම දිනෙක පවුලක් නඩත්තු කරන්නට තරම් හැකියාවක් ඇති මිනියෙකු නොවන බව ඇය දැනගෙන සිටියාය…. එය ඇයට ප්‍රත්යක්ෂය…එහෙත් තමන්ගේ දරුවන් කුසගින්නේ සිටිනු ඇයට ඉහිලිය නොහැක…
මේ නිසාම කෑමැත්තෙන් හෝ අකෑමැත්තෙන් ඇය වෙනත් රෑකියාවක් සොයාගත්තාය…. මෂ්තෝස් මාවත දහවල් වරුවේ මාලු වෙලෙන්දන්ගෙන් සුලබ වුනු මාවතකි…මේ බොහොමයක් වෙලෙන්දන් පිටපලාත්වලින් නරගයට ආ අය විය… ග්‍රිගෝර් උදෑසනම ගිනිකුරු වෙලදාමට නික්ම ගිය පසු ඇය තම නිවස ඉදිරිපිරින් යන එන වෙලෙන්දන්ට ඇග විකුනන්නට පටන් ගත්තාය..
මෂ්තෝශ් වල ගැවසුනු මාලු වෙලෙන්දන්ගේ අපිලිවෙල ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත…ඔහුන් ඒ තරමටම කිලිටුය… මාලු ගද ඔහුන්ගේ ඇදුම් වලින් කිසිදා ඉවත්වී නොගියේය..ඒ නිසාම මෂ්තෝස් මාවතේ යන එන මිනිස්සු මාලු කාරයින් ලගින් යද්දීත් උස්ම මොහොතකට හිර කර ගත්තෝය… එහෙත් ඉවන්යාගේ කෙසග සිරෑරර මේ ගද ගසන මාලු කාරයින් හැරෙන්නට වෙනත් අය සොයා ගැනීමට හැකි වුයේ නැත… එහෙයින් ග්‍රිගෝර් නිවසේ නැති උදැසන වල් වල ඇය මාලු කාරයින් සමග නිදා ගත්තාය… ඇයට එහින් යහමින් උපායාගන්නට හැකි වුයේ නැත…. එහෙත් අඩුම තරමින් තම දරුවන්ට වේල් තුනක් කන්න දෙන්නටවත් ප්‍රමානවත් මුදලක් ඇය එහින් හම්බු කරගත්තාය…
ටික කාලයකින්ම තමන්ගේ බිරිද ගනිකාවක් වී ඇති බවට ග්‍රිගෝර්ටද දැනගන්නට ලැබින..එහෙත් ඔහු ඇයව නැවැත්වූයේ නැත… ඔහු එය නොදන්නා ගානට කට වහගෙන ඇය හම්බු කරන මුදලින් කා බී ජිවත්විය…
ශ්‍රීත කාලයේ අවසානයේ එක්තරා හැන්දැවක ග්‍රිගෝර් පුරුදු පරිදිම ලොතැරෑය්යක් ගත්තේය… එහෙත් ඒ වෙලෙහි දෙවියන් ඔහුගේ මුහුන බලා තිබින..ඔහුට එහින් පලමු තැග්ග ඇදි ඇත… ඔහු සන්තෝෂයෙන් නිවසට දිව ගියේය… ඒ සන්දයාවේ ඔහු මෙතෙක් හිරකරගෙන සිටි සියලුම වේදනාවන් පිටකර දැමීය…
” ඉවන්යා මම දන්නව උබ මාලු කාරයින් එක්ක නිදියන විත්තිය..එහෙත් උබට අද ඉදන් එහෙම කරන්න අවශයතාවයක් නැහැ… මට ලොතැරෑය්යක් හැදුනා… කරුනාකරලා උබ ඔය ජරා වැඩේ හොදහිතින් නවත්තවපන්… ” ඔහු කීවේය…
” මම ඒක නවත්තනවා … උබ අපිට කන්න බොන්න සල්ලි ගෙනාපු දවසට ” ඇය ඔහුගේ මුහුනටම කීවාය…
” හෙට….හෙට මම සල්ලි ගේනවා.. අපි තවදුරටත් මේ ඉන්නේ නැහැ.. අපි මීට වැඩිය හොද ගෙයක් ගමු…. මේ සල්ලි ඇති අපේ මුලු ජිවිත කාලෙම හොදට කාලා බීලා ජිවත් වෙන්න …උබ බයවෙන්න එපා ඉවන්යා…අදින් පස්සේ අපේ අවසනාවන්ත කාලේ ඉවරයි…. හෙටින් පස්සේ අපේ හොදකාලේ..උබ ඒකට ලැස්ති වෙයන්… ” කියු ඔහු ඇයව වැලදගත්තේය… පොඩි ලමයෙක් මෙන් ඇයව ඔසවා දෑතට ගත්තේය..එහෙත් ඔහුට ඇයගේ සිරෑරින් නික්මුනු මාලු ගද දැනුනෙන් පිලිකුල් ලෙස ඇයව යලිත් බිමින් තැබීය…
පසුදා උදෑසනම ලොතැරෑයි කාර්යාලයට ගිය ඔහු තම තැගී මුදල ලබා ගත්තේය…සල්ලිත් රෑගෙන නිවසට එන අතරතුර ලුසාවෝර් පල්ලියට ගිය ඔහු දෙවියන්ට ඇති ලෙස පින් දුන්නේය… තමාට ලබාදූන් වාසනාවට ස්තුතිකරන්නට පඩුරක් ලෙස නෝට්ටු කිහිපයක් ඔහු දේවස්තනයේ කෑටයට දැමීය..
එදින සවස සාදයක් පැවැත්විය යුතුයැයි ඔහු තීරනය කලේ මෙහිදීය..තම නිවසේ ප්‍රිය සම්භාෂනයක් පැවැත්වූ දිනයක් ඔහුට මතක නැත… අද සතුටු විය යුතු දිනයකි… අනිත් දිනයන් වගේ අද කාලකන්නි ලෙස ගත කල යුතු නැත… දේවස්තානය අසල ඇති මාර්කට්ටුවට ගිය ඔහු මීලා සහා අන්නාට සුදු පැහැති සේද ගවුම් දෙකක් මිලදී ගත්තේය… ඔහුගේ බිරිදට ගවොමක් මිලදී ගැනීමට යද්දී ඔහුට ඇයගෙන් නික්ම ආ මාලු ගද සිහිවුනු නිසා ඔහු එම අදහස අත හැර දැමීය…. එතැනින්ම අන්නා සහා මිලාට සවසට සෙල්ලම් කිරීමට නිලා කූරූ පැකට් දෙකක්ද සාදයට ඇති තරම් ආහර පානද ගත් ඔහු නිවසට පිටත් විය…
එදින රාත්‍රීයේදී ග්‍රිගෝර්ගේ පවුලේ සාදය ආරම්භ විය…සියල්ලෝම එකට හිද ආහාර ගත්තෝය…අනිත් දිනයන් හී මෙන් නොව එදින මේසය පිරෙන්නටම කෑම තිබින…මිලා සහා අන්නාද තම පියා ගෙනා සුදුපැහැ සේද ගවුම් ඇද සිටියාය..ඔහුන් බොහෝ සේ සතුටට පත් විය… ග්‍රීගොර් සහා ඉවන්කා වොඩ්කා බෝතලයක් පමන අවසන් කොට තිබිනෙන් දෙදෙනාම පදමට වෙරි වී සිටියේය…
ඒ සාදයේ අවසාන භාගයයි… ග්‍රිගෝර් තාලයට ගීයක් මුමුනන්නට පටන් ගත්තේය..ඒ තාලයට ඉවන්කා පියානෝව වාදනය කලාය.. ඉවන්කාගේ පියානෝ වාදනයට සහා ඇයගේ සිනහවට … මත් වී සිටි ග්‍රිගොර් ගේ සිත ඇවිස්සී ගියේය… ඇය අද ලස්සනය… ග්‍රිගෝර්ට සිතින ..
ඇයව ඔසවාගෙන කාමරයට ගෙන ගිය ඔහු ඇයව ඇදට දමා ඇයගේ ඇගට ගොඩවිය…. ඇයගේ උරහිසට සහා බෙල්ලට හාදු දෙද්දී ඔහුට ඇයගෙන් සුපුරුදු මාලු ගද දැනුනත් පදමට මත් වී සිටි ග්‍රිගෝර්ට එහින් ගානක් නොවීය…
” මේ මොනවද කරන්නේ … දරුවන් බලාගෙන ඉන්නවා ” ඉවන්යා කෑගැසීය… ග්‍රිගොර් හිස ඔසවා බැලීය ..ඇය කිවේ සත්‍යකි … මීලා සහා අන්නා විවුර්ත වී ඇති කාමරයේ දොර තුලින් ඔහුන් දෙස බලාගෙන සිටී… වහාම ඉවන්යාගෙන් නැගිට්ට ඔහු තමන් ගෙන හා නිලාකූරූ පෙට්ටි දෙක ඔහුන් අත තැබීය…
” යන්න සාලයට ගිහින් සෙල්ලම් කරන්න ” ඔහුනට කී ඔහු කුඩා දරුවන් දෙදෙනා එතනින් නික්ම ගිය පසු කාමරයේ දෝරවසා යලිත් ඉවන්යාගේ ඇගට ගොඩ විය…
ගිගොර් දුන් නිලාකූරූ පෙට්ටියෙන් නිලාකූරූ සියල්ල එලියට ගත් අන්නා එහින් එකක් පත්තු කර සාලය වටා දුව ගියේ සතුටිනි…එය දකිද්දී කුඩා මීලාටද නිලාකූරක් පත්තු කිරීමට ආසාවක් ආහ…අක්කා මෙන් නිලාකූරක් පත්තු කරගෙන ගෙය වටා දුවා යා යුතුය… ඇය සිතීය…ගිනිකූරූ පෙට්ටිය අතට ගත් ඇය එහින් ගිනිකූරක් දල්වා නිලාකූර පත්තු කරගැනීමට වෙර දැරීය..
එහෙත් ගිනිකුරු දැල්ලේ රස්නය ඇයගේ කුඩා ඇගිලි තුඩු වලට වේදනාවක් දුන්නෙන් ඇය ගිනිකූර ගැසූවාය..එය විසිවී විත් ඇයගේ සේද ගවුමේ තැවරින .. මොහොතකින් එය ගිනි ජාලයක් බවට පත් විය..ඇය වේදනාවෙන් කෑගසිමින් දුවගොස් අන්නාව බදාගත්තේ ගින්දරින් දැවෙන ඇයව අන්නා බේරාගනීවී යයි සිතමිනි…ගින්දර අන්නාගේ ගවොමටත් ඇවිලී ගිය අතර ක්ෂනිකයකින් ඔහුන් දෙදෙනාම ඒ ගිනි ජාලයට කොටු විය…එම ගින්න සාලයේ තිර රෙදි වලටත් පැතිර මුලු නිවස පූරාම ඇවිලි යමින් තිබින…
ග්‍රිගෝර් සහා ඉවන්යා කාමරයෙන් එලියට පැමිනෙන විටත් අන්නා සහා මීලා සම්පූර්නයෙන්ම වාගේ දැවී ගොස් සිටියේය… ග්‍රිගෝර් ඔහුන්ගේ ශරීරයෙන් ගින්දර නිවාදැමුවත් ඒ වන විටත් සියල්ලම සිදුවී හමාරය…. ඔහුන් දෙදෙනාම ගින්නෙන් මිය ගොස් සිටියෝය….
ඔබ අදත් මෂ්තෝස් වීදියට යන්නෙ නම තවමත් ග්‍රිගොර්ව එහිදි දැකගත හැක… ගිනිකූරූ වෙලදාම වෙනුවට ඔහු ලුසාවෝර් පල්ලිය ඉදිරියේ අදටත් හිගමන් යදියි… පල්ලිය අසලම කුඩාරමක් අටවා ගෙන ඔහු ජිවත්වෙයි…
” මෂ්තෝස් වල මාලු ගනිකාව ” කොයෙදැයි ඇසුවහෝත් අදටත් ඔබට ඉවන්යාව එහිදි දැකගත හැක.. ගින්නෙන් දැවී අලු වී ගිය නිවසෙහි කුඩා කාමරයක් තුල තවමත් මෂ්තෝස්වල මාලු කාරයින්ට ඇගවිකුනමින් ඇය ජිවත් වෙයි…
ග්‍රිගෝර්ගේ ලොතැරෑයියෙන් ඔහුට ලැබුනු මුදල්වලට කුමක් සිදුවුනි දැයි කිසිවෙකුත් දන්නේ නැත ..සමහර විට ඒ සියල්ලම ගින්නට දැවී අලුවී යන්නට ඇත.
පසුවදන – මෂ්තොස් වීදිය සහා ලුසාවොර් පල්ලිය මම අදටත් ප්‍රිය කරන ස්ථානයන් දෙකකි… මේ නම් දෙක යොදා කෙටිකතාවක් කිරීමට ආසාවක් මගේ සිතේ තිබුනේ බොහෝ කාලයක සිටන්ය..ග්‍රිගෝර් සහා ඉවන්යා මා හට සැබැ ජිවිතයේ හමුවුනු දෙදෙනෙකි… කතාවේ අවසානය ෆෑන්ටසියකි… ඒ ෆෑන්ටසිය දරුනුය..එහෙත් ” අන්නා සහා මීලා” ගේ අවසානය එලෙස සිදුවිය යුතුයැයි මා තීරනය කලෙමි…
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment