ජිවිතයම ගිනියම් කල මගේ අනියම් ප්‍රේමය

මට අනියම් සම්බන්දයක් ඇත…

ගැහැනියක් තුල චපල ගැහැනියක් ජිවත්වෙනවා වගේම පිරිමියා තුලත් චපල පිරිමියෙකු ජිවත් වෙයි..

තමා විසින්ම ගොඩනගා ගත් මනංකල්පිත ලෝකයක සිරවී සිටින මේ චපල පිරිමියා හෝ ගැහැනිය කසාදයෙන් පසුව කිසියම් හෝ දවසක එලියට පැමිනෙනු ඇත..එදිනට කුමකින් කුමක් සිදුවේදැයි දන්නේ දෙවියන් පමනකි…සමහරුන් කසාදය කටු ගා ගනිති තවත් සමහරු යාන්තමින් එය රැකගනියි…
එහෙත් මට සිදුවුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
————————–————————–———

ස්කාර්ලට් සොෆි –
මම ඇයට සොෆි යැයි ආදරයට ඇමතීමට පුරුදුව සිටියෙමි…මගේ බිරිදත් ඇයත් කාලයක් ඇමෙරිකානු තානාතිපති සේවයෙහි නියුක්ත විය..ඇය මුලින් මගේ බිරිදගේ යහලුවෙකු වුවත් පසුව මගෙත් යහලුවෙකු බවට පත්විය.තබ පැහැ කොන්ඩයකුත් තද කොල පැහැ ඇස් දෙකකුත් ඇයට විය…කොටින්ම මගේ බිරිදත් ඇයවත් එකට තැබු විට ඔහුන් දෙදෙනා අතර ලොකු වෙනසක් නොතිබින..දෙදෙනාටම තිබුනේ එකම රූපකායකි…ඒ තරමටම ඔහුන් දෙදෙනා එකිනෙකාට සමාන විය…මගේ බිරිදගේ රූපයම ඇති තවත් කෙනෙකුට ආදරය කිරීමට මා කිසිම විටෙක නොසිතුවෙමි…බොහෝමයක් පිරිමීන් අනියම් සම්බන්දයක පැටලෙහි නම් ඒ තමන්ගේ බිරිදට වඩා හාත්පසින්ම වෙනස් රූපයකින් සහා ගතිගුන වලින් යුක්ත කෙනෙකු සමගය….එහෙත් මා එසේ නොවිමි…

මගේ බිරිදගේ සහෝදරයෙකු අර්ජූත් වල විසීය…ඒ නිසාම අපි නිතර නිතරම එහි යන්න එන්නට පුරුදු වී සිටියෙමි. කදු දෙකක් මැදි කොට ගෙන පිහිටා තිබු එම විශාල නගරය මගේ සිත මන්මත් කල අපුරූ ස්තානයක් විය… ඊටත් වඩා මගේ සිත පිනවූ තවත් දෙයක් එහි විය…සොෆී…. ඇය ජීවත් වූයේ එහිය… ඒ නිසාම මමත් මගේ බිරිදත් අර්ජූත් යන සැම විටකම මගේ බිරිදට බොරුවක් ගොතා ඇයව බලන්නට යාමට මා පුරුදුවී සිටියෙමි…

ඇයත් මගේ බිරිදත් මිතුරියන්ව සිටි බව මා ඔබට කියන්නට ඇත..මාත් සමග සම්බන්දය පටන් ගත් පසුව සොෆි කෙමෙන් කෙමෙන් මගේ බිරිදත් සමග ඇති ආශ්‍රය නතර කලාය…ඒ ඇයිදැයි මා අද වනතුරුත් දන්නේ නැත. ඇය අවංකය..ඒ නිසාම මගේ බිරිද ඉදිරියේ බොරු මවා පැමක් කිරිමට ඇයට නොහැකි බව ඇයට හැගෙන්නට ඇති බව මා විශ්වාස කරමි…කෙසේ හෝ ඇයත් මාත් අතර ඇති සම්බන්දය ගැන මගේ බිරිද හාන්කවින්සියක්වත් දැනගෙන නොසිටියාය.එය කොයි තරම් සූක්ශම ලෙස අප දෙදෙනා කලේද යත් මගේ බිරිදට මම වෙනත් ගැහැනියක සමග ඇති සම්බන්දයක් ගැන අංශූ මාත්‍රයකවත් සැකයක් නොවීය…

මාස ගනන් ගත විය…මගෙත් සොෆිගේත් අවසානයක් නොපෙනෙන ආදරයද ඒ මාස ගාන තුල මුදුනටම නැගී තිබින.එලබෙන සති අන්තයේ අපි අර්ජූත් යාමට තීරනය කරගෙන සිටියෙමු..මමත් මගේ බිරිදත් ඊට අවශය කලමනා හසුරවිමින් සිටියමු…

” රත්තරන් .. මේ පාරනම් අර්ජූත් ගිහින් දවසකට වඩා ඉන්න බැහැ ” ඉරිදට තානාතිපති කාර්යාලයේ උත්සවයක් තියෙනවා..මම ඒකට ඉන්නම ඕනේ..ඒ නිසා අපි ඉරිදා උදෙන්ම එමු ” මගේ බිරිද කීවාය…

” ඔව් අපි ඉක්මනට එමු ” මා පැවසුවෙමී..

එදින රාත්රීයේම ඇය නින්දට ගිය පසු සොෆීට පනිවිඩයක් යැවු මා සෙනසුරාදාට අර්ජූත් එන බව ඇයට පැවසුවෙමි..ඇය එහින් බොහෝ සෙයින් සතුටට පත් වූවාය…

මා අර්ජූත් යන සැම විටම සොෆී සමග නිතරම යන එන කුඩා තානායමක් තිබින…ඇයත් සමග එම තානායමේ පැයගනනක් ගත කිරීම මා පුරුද්දක් ලෙස කලෙමි…මේ සෙනසුරාදාටත් පැය 4ක කාලයකට මම තානායමේ කාමරයක් වෙන් කර ගත යුතුය…. මෙවර අපි හමුවන්නේ සති කිහිපයකට පසුව බැවින් වැඩි වෙලාවක් ඇයත් සමග ගත කිරීමට ලැබුනොත් එය හොදය…එදින රාත්‍රීය පුරාවටම මට ඇයව මතක් වන්නට විය…එයින් මා මහත් වූ ආශ්වාදයක් ලදිමී..

මේ කියන්නට යන සිද්දිය සිදුවුයේ මේ ගමන අතරතුරදීය…කතා කරගත් පරිදිම මමත් මගෙ බිරිදත් සෙනසුරාදා උදැසනම අර්ජූත් ගියෙමු.එදින සවස මමත් සොෆිත් මුනගැසීමට වෙලාව වෙන් කරගෙන සිටියත් සොෆි තානායමට නොපැමිනියාය..ඒ වෙනුවට මගේ දුරකතනයට කෙටි පනිවිඩයක් තැබු ඇය ” අද එන්නට වෙන්නේ නැති ” බව පවසා සිටියාය…

මෙය සති අන්තය ගත කිරීමට මා සැලසුම් කර සියල්ලම කඩා කප්පල් කර දමන්නක් විය.සති අන්තයේ මගේ බලාපොරොත්තු සියල්ලම බිදිගොස් ඇත.මා පශ්චාත්තාපව කල්පනා කරමින් සිටියෙමි..

මගේ බිරිද එය දුටුවාය.මගේ ලගට පැමිනි ඇය
” ඇයිදැයි ඇසීය”
“නැහැ මුකුත් නැහැ” මම කීවෙමි..
“මුකුත් නැති වෙන්න බැහැ ” මගේ බිරිද මගේ ලගටම විත් හිදගත්තාය.
ඇය මගේ මුහුන දෙසම බලාගෙන මගෙන් පිලිතුරක් ලැබෙන තෙක් සිටියාය…එය මගේ සිත වික්ෂිප්ත කෙරුවක් විය…ඇයට කුමක් හෝ කියා එය මග හැරිය යුතු බව මා තීරනය කලේ එවිටය..

” හරියට ඔලුව රිදෙනවා ” පැත්තට බරවෙමින් මම කීවෙමි..
ඇය මගේ හිසට අත තබා බැලීය…ඇයගේ මුහුන මොහොතකින් මැලවී ගියාය..

” අනේ රත්තරන් සමාවෙන්න … ඔයාව මහන්සී කෙරුවට ” ” පැය ගානක් එක දිගට වහානය එලවලා ඔයාට මහන්සි ඇති…. ”
ඇය මගේ හිස හීන් සීරුවේ පිරිමදින ගමන් පැවසීය… ඉන්න මම නෙමිසීන් එකක් දෙන්න … ඒක බිව්වම ඔය හිසේ අමාරුව මග හැරිලා යයි…. ඇය මගේ හිස දෑතින්ම බදාගෙන මගේ නලලට හාද්දක් දුන්නාය… මගේ දෑසට කදුලු නොනැගුනා පමනකී..ඒ හාද්දට මුලු හදවතම තෙත්වී ගියේය..

මා ඇයට කෙරූ රෑවටීම කොයිතරම් චපල එකක්දැයි මට තේරින….ඇය ගෙනා බෙහෙත් වතුර එක බීව මම ඇය කියූ පරිද්දෙන්ම මොහොතකට පුටුවේ ඇලවින…එදින දවසම අසනීප කාරයෙකු සේ ගත කරන්නට මට සිදුවිය….එය එසේය… නැතහොත් ඇය මාව සැක කරන්නට ඉඩ තිබින… කාන්තාවට සැමියාගේ සුලු වෙනස් කමක් වුවද දැනෙයි… ඔහුවූ ඒ තරම් සියුම්ය දක්ෂය…. එහෙයින් මේ රගපැම හෙට වෙන තෙක්ම කිරීමට මා සිතා ගත්තෙමී…. හෙට උදෑසනම අවදිවන විට මගේ බිරිද අසන මුල්ම ප්‍රශ්නය වනුයේ ” ඔයාට සනීපද ” යන්නයි..මා ඇයව ඒ තරම්ම හොදින් දනිමී..එවිට ” අද මට සනීපයි ” යැයි පවසා මේ බොරුවෙන් මිදීමට හැක…

එහෙත් ඉරිදා උදෑසන අවදිවන විට දුරකතනයේ තිබු පනිවිඩයත් සමග ඒ සියල්ලම ඒ සියල්ලම කනපිට හැරින…

” අද හවස හමුවෙමුද ” සොෆී අසා තිබින…

මා දෙවරක් නොසිතුවෙමි…ඇයත් සමග තානායමේ ගත කරන හෝරා කිහිපය මගේ මුලු මාසයම ප්‍රබෝදමත් කරන්නක් විය…ඇයගෙන් ලැබෙන පහස මගේ බිරිද ඉදිරියේ මාව චපලයෙකු කලත් එහින් දුන් ආස්වාදය ඒ සිතුවිලි මකා දැමීය….

තානායම තුල ඇයත් මාත් ලිංගිකව එකතුවෙන හැටි මගේ මනසේ චිත්‍රයක් මෙන් ඇදී ගියේය ..

” අනිවාර්යෙන්ම ” මැ ඇයට පිලිතුරු පනිවිඩයක් යැවිමි…
එහෙත් සමගම මගේ බිරිද අවදි විය…

ජනේලයෙන් වැටුනු සුර්යාලෝකය කුඩා රෑලි මෙන් අපේ ඇදමතට වැටී ඇත…ඒ අලෝකය මගේ බිරිදගේ මුහුනට අපූරු සුන්දරත්වයක් ලබාදින.හිරු එලියෙන් ඇයගේ කොලපාට දෑස දිලිසින.. එය ඇයගේ දෑසට අමුතුම චමත්කාරයක් එක් කලාය.

මම අවදිවී සිටිනු දුටු ඇය මට උදෑසන හාදුව දුන්නාය.
” කොහොමද රත්තරන් දැන් සනිපද ” ඇය ඇසුවාය.
ඇයගේ සුන්දරත්වයත් ආදරයත් අතර අතරමන් වූ මගේ සිතුවිලි වලට ඇයගේ එම ප්‍රශ්නයත් සමගම සොෆිව යලිත් මතකයට ආවේය. …මගේ සිරෑර හරහා තැවරී ඉහලටත් පහලටත් යමින් ආලිංගනයේ යෙදෙන සොෆීගේ ශරීර උනුසුමෙහි මා මොහොතකට අතරමන් විය… මගේ බිරිද මගේ ලග ඉන්නා බවවත් මට නිනව්වක් නොවීය…මා ඒ තරමටම ඒ සිතුවිලි වල කිදාබැස තිබින…

“රත්තරන් ” මගේ බිරිද මගේ දෑසට එබී බැලිය….

” හා ” මා ඇසුවෙමි…

” ඔයාට කොහොමද ” ඇය යලිත් ඇසීය.ඇයට දිය යුතු පිලිතුර මට ප්‍රත‍යක්ෂ විය…. සොෆීව අද හමූ වීමටනම් මා මෙහි නැවතිය යුතුය..එයට ඇත්තේ එකම එක ක්‍රමයකි… මේ රගපැම තවදුරටත් ඇදගෙන යා යුතුය….

” අද නම් සැහෙන්න හිසේ කෑක්කුමයි” හිස අල්වාගෙන මා පැවසුවෙමි…

අපිට සුදානම් වී අර්ජූත් වලින් පිටවීමට තිබුනේ පැය කිහිපයක කාලයක් පමනී…. මගේ බිරිද මගේ පපුවට හිස තබාගෙන කල්පනා කලාය….

” ඔයා එහෙනම් අද මෙහේ ඉන්න …මම බස් එකේ යන්නම්…අසනීපයෙන් ඔයාට ඩ්‍රයිව් කරන්නත් බැහැනේ” ඇය කීවාය…
“හ්ම් ” මම මිමිනුවෙමි…

මා ඇයව බස් නැවතුමට ගෙන ගියෙමී..යලිත් නගරයට යැමට පිටවන මොහොතේ ඇය මාව වැලද ගත්තාය.

“ඔයා හොදට විවේක ගන්න ඕනේ, මම කිව්ව විදියටම කලානම් හෙට උදේට ඔයාට හොදටම සනීප වෙවී. මට සමාවෙන්න රත්තරන් අද ඔෆීස් එකේ වැඩ නැත්නම් මම ඔයත් එක්කම ඉන්නවා ” ඇය කීවාය.ඇයගේ කොලපැහැ දෙනෙත් දිල්සින.මා හට දිගු හාද්දක් දුන් ඇය බසයට නැංගාය.

එය ඇය මට දෙන අවසන් හාදුව යැයි මම කිසිම දිනෙක නොසිතුවෙමි.

එහින් පැයකට පමන පසු මට දුරකතන ඇමතුමක් ලැබින…මගේ බිරිද ගමන් කල බසය අනතුරකට ලක්වී ඇති බව පමනක් එහින් කියවින…මා රෝහලට දිව ගියෙමි…එහිදී පොලිසියේ කෙනෙකු බසයෙන් අනතුරට ලක්වූවන්ගේ මලසිරෑර දමා තිබු කාමරයකට මාව රෑගෙන ගියේය…ඇයගේ නිසල දේහයත් එහි විය…. මා එය හදුනා ගතිමි….

මේ සිද්දියෙන් පසුව මගේ ජිවිතය එහෙම් පිටින්ම කනපිට හැරින.යලිත් කිසිම දිනෙක සොෆීව මුනගැසීමට මා නොගියෙමි.මගේ බිරිදගේ මරනයට මා මටම දෝස් පවරවා ගතිමි.එදා මා විසින් ගත් බොරු හිසේ කෑක්කුමටත්,සොෆීගේ ආලිංගන සිහිනයටත් මා මටම වෛර කෙරුවෙමි..මම මටම අනේක වාරයක් ශාප කර ගත්තෙමි…

මට ඇයව යලිත් ගෙන යාමට හැකියාව තිබියදීත් මා අමනයෙකු විය. කාමය මාව තිරිසෙනෙකු කලේය…මගේ බොරුව ඒ රත්තරං කාරුනික හදවත හිස මුදුනින්ම පිලිගත්තාය…අවසන් මොහොතේ පවා ඇය මා ගැන සිතන්නට ඇත…මට ඉක්මනට සනීප වෙන්න යැයි ඇය ප්‍රාර්ථනා කරන්නට ඇත..මා සනිප වී ඇත්දැයි ඇය තවමත් එලොව සිට සොයනවා විය යුතුය….එහෙත් මේ සියල්ලම මා විසින් කල බොරුවක් බැව් දැනගත් විට ඇය එය කෙලෙස දරා ගනු ඇත්ද ?
එකම එක බොරුවකින් මා ඇයව සදහටම මරා දැම්මේය…එහෙත් ඒ බොරුව දිනපතාම සැම මොහොතක්ම මාව මරාදමයි…අදටත් මම මටම ශාප කරගන්නෙමි…සිදුවුනු සැම දෙයකටම මා මටම වෛර කරමී..

————————–————————–———–
පසුබිම් කතාව – පසුගිය සතියේ මමයි බිරිදයි ටුවර් එකක් යනවා…කතාවේ කියනවා වගේම වැනඩ්සෝර් වල තියෙන අර්ජූත් කියන ලස්සන පලාතකට.. කොහොම හරි ගිහින් එන දවසේ මට හදීසී මැසේජ් එකක් එනවා..ඒ මැසේජ් එක නිසාම මම තව දවසක් ඉන්න තීරනය කරනවා.. එහෙත් වයිෆ්ගේ වැඩත් එක්ක වයිෆ් ගෙදර යනවා…ආයෙත් එද්දි වයිෆ්ව තනියෙම යැව්ව එක ගැන එන වේදනාවත් එක්ක මම මේ ෆැන්ටසිය ලියනවා.

————————–————————–——
පසුවදන – පසුගිය සතියේ මා පලකල කතාව කියවා ” වයිෆ් හොදින් සිටීදැයි ” ඇසූ ඇත්තන් සිටි බැවින් මේ කරුනත් මා පැවසිය යුතුය 
” මේවා මගේ පර්සනල් ලයිෆ් එක නෙමෙයි යකූ ”

 

මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර  කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්

2018 © මුතුමුදලිගේ නිශ්ශංක

ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම්
මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න