ෆ්‍රීඩා

මා කෙල්ලෙක්ට ආදරය කලෙමි..

ඇය ෆ්‍රීඩා නම් විය.

ලෝකෝ වල රදල පෙලපතක ඉපදුනු ෆීඩාව ගම්මානයේ හැමෝම හැදින්වූයේ ” රතුකෙස් කෙල්ල නමිනි. ” ලස්සන රතු පැහැ කොන්ඩයක් ඇයට විය… ලා දුබුරු පැහැ දෙනෙතකින්ද වටකුරු මුහුනකින්ද යුක්ත වූ ෆ්‍රීඩාගේ සිනහව වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ හිතාමත්ම සුන්දර එකකි…ඇයගේ රූපයටත් වඩා මා ආදරය කලේ ඒ සිනහවට යැයි මා සිතමි..

ලෝකෝ වල උසස් පාසලේදී මා හට ඇයව මුලින්ම මුන ගැහෙන විට ඇය වයස අවුරුදු 15ක තරම් කුඩා කෙල්ලෙකි…ඇයව දුටු මුල්ම දින සිටම මා ඇයට ආදරය කලෙමි.ඇයත් සමග පාසැලේ ගත කල සැම දවසක්ම හරිම සුන්දර දවසක් විය…. ඇයගේ සිනහවත් රූපයටත් ලං වූ මා කෙමෙන් කෙමෙන් ඇයට තිබුනු චාම් ,හිතාමත් සියුම් සහා නිරහන්කාර ගතිගුන වලටත් ආදරය කරන්නට පටන් ගතුයෙමි…

කාලයක් ගෙවී යත්ම උසස් පාසැලෙන් නික්ම යන දිනය ලං විය… පාසැලේ අවසන් දිනදි මා ඇයට මගේ ආදරය ගැන පැවසුවෙමි…

ඇයගේ දෙනෙතින් කදුලු ගරා වැටින…ඇ මාව වැලද ගත්තාය…

” මමත් ඔයාට ආදරය කලා…. ගොඩක්…. ” ඇ කීවාය…

ජීවීතයේ හැම සතුටක්ම කුමක් වු දැඩි වේදනාවකින් අවසන් වනු ඇතැයි මා අසා ඇත..එහෙත් එය මා හටත් සිදුවන තුරූ මා එය විශ්වාස කලෙමි ….මෙහි ඉතුරු කතාවෙන් මා ඔබට පවසන්නට යන්නේ ඒ ගැනය..

ෆ්‍රීඩාගෙත් මගෙත් ආදරයට ඇයගේ පවුලේ අය විරුද්ධ විය…ලෝකෝ වල පන්ති භේදයක් නොතිබින….එහෙත් ජිවීතයේ තීරනාත්මක මොහොතවල් වලදී එය බලපැවේය… මා මගේත් ෆ්‍රීඩාගෙත් විවහා යෝජනාව ඇයගේ පවුලේ අයට දන්වද්දී ඔහුන් එයට දැඩි සේ විරුද්ධ විය…

” රදලයෝ …ගොවියොත් එක්ක පැහෙන්නේ නැහැ…. උබලගේ තාත්තා ලෝකෝ වල ගොවියෙක්…. ෆ්‍රීඩා කවදා හරී අපේ පෙලපතේම කෙනෙකුව විවහා කරගනීවී…. උබ උබේ දෙයක් බලාගෙන හිදපන් .. ” ෆ්‍රීඩාගේ පියා මට කීහ…

එය එතැනින් අවසන් නොවීය…. පවුලේ අයගේ විරුද්ධත්වය මධ්‍යයේ මමත් ඇයත් සූරීච් වලට පලා ‍යැමට තීරනය කලෙමි..එහෙත් දෛවයේ හාස්කමකට මෙන් එම සැලැස්ම වෙනස් විය…

මා හට යුධ හමුදාවට බැදෙන්නැයි රජයෙන් ලිපියක් පැමින තිබින…. එකල තිබුනූ නීතිය අනුව වයස අවුරුදු 18 සම්පූර්න වෙන සැම තරුනයෙකුම වසර දෙකක් යුධ හමුදා පුහුනුවට එකතු විය යුතුය…. රජයේ නීතිය කෑඩීම බරපතල අපරාධයකටත් එහා ගිය දෙයකි… එහෙයින් කෑමැත්තෙන් හෝ අකමැත්තෙන් තරුනයින් හමුදාවට එකතුවිය….මටත් එසේ විය.

යලිත් පැමිනි විගසම මොනම බාධාවක් පැමිනියත් ෆීඩාව විවහා කරගන්නා බවට මා ඇයට පොරොන්දු විමි.. අපි සමුගන්නා දිනදී ඇය බොහෝ සෙයින් අඩා වැලපුනාය…

” ෂෝන්.. මම පොරොන්දු වෙනවා…. ඔයා එනකන් මම බලාගෙන ඉන්න විත්තිය…ෆ්‍රීඩා හැමදාමත් ඔයාගෙම විතරයි…මොනම දේ වුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ ” ඇය මට හාද්දක් දෙමින් පැවසුවාය…

“ ඔබට සුන්දර වූ සිහින අනේකවත් දැකිය හැකිය…එහෙත් කිසිම දිනෙක දෛවය ගැන විශ්වාස නොකරන්න… එය ඔබේ සිහින මොහොතකින් විනාශ කර දමනු ඇත… ”

යුධ හමුදා සේවයට බැදී මාස කිහිපයක් යනතුරුම ෆ්‍රීඩා මාහට දිනපතාම කතා කලාය.. සතියකට වරක් ඇයගේම අත් අකුරින් ලිපි එවීය…එහෙත් එක්වරම ඒ සියල්ලම නැවතින…ඇයගේ දුරකත ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබින…ඇයට යැවු ලිපි යලිත් මා වෙතම පැමිනියහ…. මා වික්ෂිප්ත විමි…. දැඩි වේදනාවටත් ….දුකටත් පත් විමි….ඇයට කුමක් වූවාදැයි මා නොදනීමි…

කාලය ගෙවී යත්ම මාගේ යුධ හමුදා සේවය අවසන් වන දිනය පැමිනියහ… යුධ හමුදා සේවයෙන් ඉවත්වූ දිනම මා ෆ්‍රීඩාගේ නිවසට ගියෙමි.. එහෙත් ෆ්‍රීඩාගේ මවත් පියත් මට ඔහුන්ගේ නිවස තුලට ඒමට ඉඩ දුන්නේ නැත..

” ෆ්‍රීඩා විවහා වෙන්න යන්නේ… ඒ නිසා උබ ආයේ නාවට කමක් නැහැ ” ඇයගේ පියා මාව නිවසින් එලවා දැමීය…. ඔවූහු මට ෆ්‍රීඩාගේ අතකුරින්ම ලියු කුඩා ලිපියක්ද දුන්නේය…

” මාව හමුවෙන්න එන්න එපා…අමතක කරලා දාන්න ” එහි සදහන් වි තිබින…වසර දෙකක් පුරාවටම මා ඇයට දුන් පොරොන්දුව ආරක්ෂා කලෙමි…එහෙත් ඇය හිතාමත්ම පහසුවෙන් ඒ සියල්ලම අමතක කර ඇත….

මේ සිද්දියෙන් දින කිහිපයකට පසු දිනක් ෆ්‍රීඩාගේ මව මාව මුනගැසීමට පැමින සිටියාය…. ඇයගේ දෙනෙතෙහි කියා ගත නොහැකි තරම් වූ දැඩි වේදනාවක් රෑදී තිබින…

මාව දුටු විගසම ඇය අඩා වැලපෙන්නට විය…

“අපිට සමාවෙන්න එදා ගෙදරින් ඔයාව එලවලා දැම්මට…අපිට එහෙම කරන්න ඕනේ වුනේ නැහැ..එහෙත් ෆ්‍රීඩා හිටියේ ගොඩක් වේදනාවෙන්…එයාට ඔයාව දකින්න ඕනේ කමක් තිබුනේ නැහැ.. එයාට ඔයාට මුහුන දෙන්න බැහැ… “ඇය අඩා වැලපුනාය….

” ඔය ලමයා ගියාට පස්සේ අපිට ලොකු විපතක් සිද්ද වුනා…. දවසක් අපේ ගොවිපොල ගිනිගත්තා… ෆ්‍රීඩාවත් ඒ ගින්නට අහුවුනා… එයාව පිච්චුනා….

ඇය දැන් කලින් හිටපු ෆ්‍රීඩා නෙමෙයි…මේ ලියුම් කවරයේ එයාගේ පිංතූර ටිකක් ඇති …. ඔය ලමයා ඒවා බලන්න… ” ඇය යන්නට නැගිට්ටාය..

” කොහොමත් ඔය පින්තූර බැලුවම ඔය ලමයා ෆ්‍රීඩව අමතක කරලා දායි…. වේදනාවෙන් ජිවත්වෙනවට වඩා.. ඇත්ත දැනගෙන ඒක අමතක කරලා දාන එක හොදයි..ඒකයි මම මේ ගමන අද ආවේ..” කියූ ඇය යන්නට ගියාය…

මා ලියුම් කවරය විවුර්ත කලෙමි…එහි ජායාරූප කිහිපයක් විය…. එහි සිටින්නේ ෆ්‍රීඩාදැයි මා හට හදුනාගත නොහැකි විය… ඇය ඒ තරමටම විරුපී වී තිබින…. ගින්න ඇයගේ සුන්දර රූපය මුලුමනින්ම විනාශ කර ඇත….ඇයගේ රතුපැහැ කොන්ඩය සම්පූර්නයෙන්ම නැතිවී ඇත…. ඇයගේ මුහුන මුලුමනින්ම විකෘතී වි ඇත…. මා එම ජායාරූප දෙස මොහොතක් බලා සිටියෙමි…

වේදනාවත් සමගම ආ අපූරූම ආදරනීය සිතුව්ලි වලින් හදවත පිරි ගියේය…. අපේ අතීතයේ සැම දෙයක්ම චිත්‍රපටයක් සේ මගේ දෙනෙත් ඉදිරියේම මැවී පෙනීන…. මා ඇයට ආදරය කලෙමි….ඒ ආදරය රූපය කෙරෙහි බැදුනු ආදරයටත් එහා ගියා හිතාමත්ම සුන්දර ආදරයකී…. ඇය අද විරූපී වී ඇතත් මේ මම ආදරය කල ෆ්‍රීඩාමය…. ඇය මගෙන් වෙන් වෙන්නට උත්සහා කරන්නේ මට ඇති ආදරය නිසාම විය යුතුය… ඇයගේ විරූපීත්වය නිසා එහින් මා දුක් විදිනවට ඇය අකමැති වන්නට ඇත…මා ෆ්‍රීඩාව හොදින් හදුනමි…ඇයට මටත් වඩා කොයිතරම් වේදනාවක් විදිනවා ඇත්ද … විරූපී කම ගැහැනියක් කෙසේ නම් දරන්නද?

මා එම මොහොතෙම ඇයගේ නිවස බලා දිව්වෙමි… ලෝකෝ මාවතෙහි මල් සාප්පුවකින් ලස්සන මල් බොකියක් මිලදී ගත් මා එයත් රැගෙන ඇයගේ නිවසට ගියෙමි…මාව දුටු ඇයගේ දෙමව්පියන් පුදුමයට පත්විය… මගේ අතෙහි වූ මල් බොකිය දෙස බැලූ ඔහුවූ මාව වැලද ගත්තෝය… ඔහුන් මට ෆ්‍රීඩා වෙතට යාමට ඉඩදුන්නේය…

මා ඇයගේ කාමරය වෙත ගියෙමි… ඇය ඇදෙහි වැතිර සිටියාය…මාව දුටු විගසම අනෙක් පැත්ත හැරි ඈ මුහුන වසා ගත්තාය… මා ඇයගේ ඉදිරියෙහි දනින් වැටුනෙමි…

” ෆ්‍රීඩා …එදා වගේම මම අදත් ඔයාට ආදරෙයි…ඒ ආදරයේ වෙනසක් නැහැ… මම ඔයාව හැමදාමත් ආදරයෙන් බලාගන්නම්… මගෙත් එක්ක විවහා වෙනවද ? ” මා ඇයගෙන් ඇසිමී …

ෆ්‍රීඩා මා වෙත දුව ආවාය…. මා වැලද ගත්තාය… එදා ඇය පැය ගනනාවක්ම එක දිගටම ඇඩුවාය…. ඇයගේ සිතේ වූ වේදනාව අවසන් වෙනතෙක්ම ඇඩුවාය…

අපි විවහා විය… දරුවන්ද ලැබින… අදත් ඇය මගේ ෆ්‍රීඩාය….


පසුවදන – ආදරය තුල ඇත්තේ කැපකිරීමකි. එය අව්‍යාජ කැපකිරීමකි.හදවත් දෙකක සුන්දර කැපකිරීමකි. විදීමකි, විදගැනීමකි.මේ ෆ්‍රීඩා වාසනාවන්තය.එහෙත් හැම ෆ්‍රීඩාටම ඒ වාසනාව ලැබෙන්නේ නැත.


මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර  කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්

2018 © මුතුමුදලිගේ නිශ්ශංක


ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න