අපේ දික්කසාදය
මමත් මැගීත් විවහා වෙලා අවුරුදු 10ක් වෙනවා.. අපිට අවුරුදු 3ක පුංචි පුතෙක් හිටියා…එහෙත් විවහා වෙලා අවුරුදු 10 කින් පස්සේ අපේ ජීවීතේ හැමදේම වෙනස් වෙන්නට ගත්තා….
ලුසී ස්කාර්ලට් මගේ ජිවිතේට ආවේ ඒ කාලෙදි….
ලුසිගේ ආදරයත් එක්ක හැමදේම වෙනස් වුනා…මැගිගෙන් මම ටිකෙන් ටික දුරස් වෙන්න ගත්තා…එයත් එක්ක එකට නිදියගත්තත් ඉස්සර වගේ එයාව තුරුල් කරගත්තේ නැහැ….අපි පුරුද්දක් විදියට ගෙදරින් එලියට යද්දි එකිනෙකාට හාද්දක් දෙනවා….මම ඒකත් මග හැරියා… එයා දිහා ආදරයෙන් බලන්නවත් මම උත්සහා කලේ නැහැ…මේ වෙනස් කම් හැමදෙයක්ම මැගීටත් තේරෙන්නට ඇති…
“තිග්‍රාන් … ඔයාට යන්න ඕනෙනම් යන්න….එහෙත් මට මේ තරම් දුක් දෙන්න එපා….ඔයා වෙනස් වෙනවා දරාගෙන ඉන්න මට බැහැ ” ඇය මට කිව්වා … මැගී එහෙම කියන්න ඇත්තේ බලාගෙන හිදලා බැරිම තැන වෙන්න ඇති.
මම දික්කසාදයට ලැස්ති වුනා….මගේ වත්කම් වලින් භාගයක්ම මැගීටයි දරුවටයි ලිව්වා…මම දික්කසාද කොලේ මැගිගේ අතට දුන්න දවසේ එයා ඒක කෑලී වලට ඉරලා විසිකරලා දැම්මා….
“ඔයා දන්නවා තිග්‍රාන්…මට ඔයාගේ කිසිම දෙයක් ඕනේ නැහැ…. ඔයා දරුවව බලාගන්න මට ඒ ඇති…. ” ඇය කිව්වා…
“කවුද ඒ ගැහැනු කෙනා ”
” ලුසී ”
“ඔයාට එයා ආදරේද ”
“හ්මී”
” එහෙනම් කමක් නැහැ….ඔයා සතුටින් ඉන්න… ” ඇය මිමිනුවා…
“තිග්‍රාන්” මැගීට තිබුනේ තද කොලපාට ඇස් දෙකක්….එහෙත් එයාගේ හිතට දුකක් දැනෙද්දී ඒක ලා කොල පාටට හැරෙනවා ….
“මට පුලුවන්ද එක උදව්වක් කරන්න” මැගී ඇසුවා.
” මොකක්ද ”
” එකම එක මාසයක් මගෙත් එක්ක ඉන්න….අපි විවහා වුන මුල් කාලේ වගේම මට ආදරේ කරන්න…. ඒකාලේ අපි ගත කරපු ඒ ජිවිතයම ඒ විදියටම ගත කරන්න….එකම එක මාසයක් විතරක්…ඊට පස්සේ ඔයාට ඕනේ දෙයක් ඔයා කරගන්න….ඒකට කමක් නැහැ.”
මම ඒ ඉල්ලීම භාරගත්තා….එකම එක මාසයක්….
මැගීගේ ඉල්ලීම මම ලුසීට කියද්දි ඇය හිනාවුනා….
‘ ඒක මහා විකාරයක් ” ඇය කිව්වා…
මම ලුසීව වැලද ගත්තා….
” ඔයා අමනාප වෙන්න එපා රත්තරං… එකම එක මාසයයිනේ….ඊට පස්සේ මම හැමදාමත් ඔයාගේ….” මම ඇයට හාද්දක් දුන්නා….ලුසී මැගීට වඩා තරුනයි…ලස්සනයි….ඒ වෙද්දි මගේ මුලු ලෝකයම එයා වෙලයි තිබුනේ….
මැගී කියපු විදියටම ඒ මාසේ මම අපි විවහා වුන මුල් කාලේ වගේම එයත් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තා..
නිදාගනිද්දී එයාව තුරුලට ගත්තා…හැමදාමත් උදෙන්ම එයා ඇහැරෙද්දී එයාට කෝපි එකක් ගෙනත් දුන්නා… එයා ඔෆිස් යද්දී එයාව මගේ දෑතට අරගෙන දෝර ලගට අරගෙන ගියා…
අපේ පුංචි පුතා මේ සේරම බලාගෙන හිටියා…එයා ගොඩක් සතුටු වුනා….සමහර වෙලාවට අපි දිහා බලාගෙන අත්පුඩි ගැහැව්වා…
“හා… හා…. තාත්තා අම්මව වඩාගෙන යනවා…. ” එයා කෑගහලා නැටුවා, උඩපැන්නා….
දවසක් මම මැගීව දෑතට ගනිද්දී එයා එයාගේ හිස මගේ පපුවට තියාගත්තා….මම එයා දිහා බැලුවා…එයාගේ ඇස් දෙක ලාකොල පාටින් දිලිසෙනවා….අපි විවහා වුන මුල් කාලයේදි තිබුනු ලස්සන තවමත් ඒ ඇස් දෙකේ තියෙනවා..මම එයාට හාද්දක් දුන්නා…ඒ හාද්ද බොරුවට දුන්න එකක් නෙමෙයි ඇත්තටම දුන්න එකක්….
දවස් කිහිපයක් ගත වුනා..රත්‍රියේ එයාව තුරුලුකරන් නිදාගන්න කොට එයාගේ හිසකෙස් වලින් එන ඔලිව් සුවද මට දැනුනා…මට ඒ සුවද කාලෙකින් දැනිලා නැහැ….සමහර විට මම මේතරම් ලගින් එයාව තුරුලු කර නොගත් නිසා වෙන්න ඇති…
මම වැඩට යද්දී එයාව තුරුලු කරගත්තා…අපි විවහා වුනු මුල් කාලයේ දැනුනු උනුසුමම මට දැනුනා….මම ආයෙමත් එයාට ආදරේ කරනවත්ද ? මම මැගිගේ ඇස් දිහා බැලුවා….ඇයගේ දෙනෙතින් කදුලක් කඩා වැටුනා…. ” මට ඔයත් එක්ක හැමදාමත් මේ විදියටම ඉන්න තියෙනවනම් ” ඇය කිව්වා…
එදා වැඩට ගියත් මට වැඩක් කරන්න තරම් හිතක් තිබුනේ නැහැ…ඇයි මම මැගීව අත හරින්න ගියේ.ලුසිට ආදරේ කරපු නිසාද ? නැහැ ඊටත් වැඩියෙන් එහා ගිය දෙයක් එදි තිබුනා….
විවහා වෙලා ටික කාලයක් ගියාම අපිට අනෙක් කෙනාගේ ලස්සන පේන්නේ නැත්තේ….ඒ ලස්සන අඩුවෙලා යනවා වගේ දැනෙන්නේ…ඇත්තටම ඒ ලස්සන නැතිවෙලා යන නිසා නෙමෙයි..අපි ඒ ලස්සන දකින්න උත්සහා කරන්නේ නැති නිසා…අපි ආදරයට ඒ හැගීම් වලට ගලාගෙන යන්න නොදී අපි අපිවම පාලනය කරගන්නවා..විවහා වෙලා ටික කාලයක් ගියාම මේ පාලනය ඉබේම ඇතිවෙනවා…එහෙත් සැමියෙකු සහා බිරිදක් අතර එහෙම පාලනයක් තිබිය යුතු නැහැ…එකිනෙකාගේ ආදරය එකිනෙකාට දැනෙන්න ඕන…එකිනෙකා ඒක විදින්න ඕනේ…එතකොට ආදරය තවත් අලුත් වෙනවා…මටත් වුනේ ඒක…මම කවදාවත් මැගීගේ ආදරය දකින්න උත්සහා කලේ නැහැ..මගේ ආදරය එයාට දෙන්න උත්සහා කලෙත් නැහැ…ඒ වෙනුවට මම කලේ වෙනම ආදරයක් හොයාගන්න එක…මම මැගීට කරන්න ගිය දේ වැරදි බව මට තේරුනා….මට මගේ දරුවව මතක් වුනා….අපි ආදරයෙන් සතුටින් කොයිතරම් කල් ජිවත් වුනාද…ඇයි අපිට ඉස්සරහාටත් එහෙම ඉන්න බැරී…
මම ඒ වෙලාවෙම ලුසීව හමුවෙන්නට ගියා…
“ලුසී මම මැගීව දික්කසාද කරන්නේ නැහැ…මට සමාවෙන්න ”
“මොකක් ” ලුසී මගේ දිහා වික්ෂිප්තව බැලුවා…
“ඔව් ලුසී …මම හිතන්නේ මම තවමත් මැගීට ආදරය කරනවා… ”
ලුසී තරහයින් මගේ කම්මුලට ගැහැව්වා….
” උබනම් මහා නිවටයෙක් ” කියූ ඇය එතනින් යන්නට ගියා…
මම එදා ගෙදර ගිහින් මැගීව තුරුලු කර ගත්තා..ඇයට හාද්දක් දුන්නා…ඇත්තම එකක්..මුලු හදවතින්ම..
“මට සමාවෙන්න මැගී… මට මාවම තේරුම් ගන්න බැරි වුනා…මම ඔයාට ආදරෙයි….අපි හැමදාමත් මේ විදියටම ඉමු ” ..මම එහෙම කියද්දී මැගීගේ ඇස් දෙකේ කදුලු කඩාගෙන වැටුනා….
” රත්තරන් ….මට ඔයාට දෙයක් කියන්න තියෙනවා… ”
ඇය කිව්වා….
” ඔයාට මාසයක් අපි ආදරයෙන් ජිවත්වෙමු කිව්වේ හේතුවක් නිසා….” ඇය මිමිනුවා…
” හේතුවක්”
“ඔව්…. මට පිලිකාවක් තියෙනවා… මට තවත් ජිවත්වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි…. ඔයා මේ වෙනකොටත් වෙන කෙනෙක්ට ආදරය කරන විත්තිය මම දැනගෙන හිටියා….එහෙත් මම ඔයාට මුකුත් කිව්වේ නැත්තේ මම මැරුනත් ඒ කෙනා ඔයාව සතුටින් තියයි කියලා මම දැනගෙන හිටිය නිසා…. මගෙත් එක්ක මාසයක් ආදරයෙන් ජිවත්වෙන්න කියලා මම ඔයාගෙන් ඉල්ලුවේ අපේ පුංචි පුතා වෙනුවෙන් ”
” පුතා වෙනුවෙන් ? ”
“ඔව් රත්තරන් … මම මැරුනත් … මම මගේ ජිවිතේ අන්තීම වෙනකන්ම ඔයත් එක්ක සතුටින් හිටියා කියලා පුතා දකින්න ඕනේ….එයා කවදා හරි ආදරේ කරන කාලෙකදී එයාගේ ආදරයත් ලස්සන එකක් වේවී…. අම්මයි තාත්තගෙයි ආදරය දරුවන්ගේ ජිවිතයටත් බලපානවා… අපි දෙන්නගේ ආදරය එයාගේ ආදරය ලස්සන කරාවී….”
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment