තෙරේසාගේ කතාව නොහොත් ඇනොරෙක්ෂියා

මම ඔබට කියන්නට යන මෙම සිදුවීම සිදුවුයේ මීට වසරකට පමන පෙරය…එකල සෙවනවාන්ක් නම් වූ හිතාමත් පැරනී දේවස්තානයක පියතුමෙකු ලෙස මම ජිවත් වුයෙමි.

දිනක් හවස පූජාව අවසන් වී දේවස්තානය පිරිසිදු කරමින් සිටි මට දේවස්තානයට ඇතුල් වන අයෙකුගේ ජායාවක් දැකගත හැකි විය… මා ඔබට ජායාවක් යැයි පැවසුවේ සාමාන්‍ය මනුස්සයෙකුගේ සිරෑරට වඩා එම සිරෑර සිහින් වූ නිසාය..හිරු එලිය ප්‍රධාන දොරටුවෙන් ඇතුලට වැටෙමින් තිබුනෙන් ඇතුලත සිටි මාහට හිරු එලියට ආවරනය වුනු එම රූපය හරියටම දැකගත නොහැකි විය. හිස් ආවරනයක් සහිත විශාල කලු ලෝගුවකින් එම තැනත්තා මුලු සිරෑරම ආවරනය කොටගෙන තිබින…මා අසලටම පැමිනි පසු ඇය ලෝගුවේ හිස ආවරනය පහත දැමීය… ඇයගේ රූපය දැකීමෙන් මගේ මුලු සිරෑරම එතනම නතරවිය..එය මොහොතකට සීතල වී ගියේය…පූජක දිවියේ කිසිම දිනෙක මම එවැනි විරූපි වු රුවක් දැක නොතිබින… එහි දෑස එලියට නෙරපී තිබින….මුහුනේ මස් ඇතුලට කිදා බැස තිබුනෙන් එය මුහුනක ඇටසැකීල්ලක් බදුවිය…හිස් ලෝගුව ඉවත්කරත්ම කලු පැහැ කොන්ඩය බිමට එල්ලී වැටින… ඇය කාන්තාවක් යැයි මම හදුනා ගත්තේ එම කොන්ඩය නිසා යයි මම සිතමී…

“පියතුමනි මම ගොඩක් ප්‍රමාදද? ඇය මගෙන් ඇසීය…

දේවස්තානට ? මම ඇසිමි

” නැහැ… පාපොච්චාරනයක් කරන්න ” ඇය කීහ…

” නැහැ දරුවා … එන්න ” කියූ මම දේවස්තානයේ පෞද්ගලික කුටියට ඇයව රෑගෙන ගියෙමී..

මෙම දේවස්තානය හිතාමත්ම පැරනි එකක් යැයි මම ඔබට කීවෙමි..එය ක්‍රිස්තු පූර්ව 4 වන ශතවර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියටත් පෙර ඉදිකරන ලද එකකි..සෙවාන් නම් වූ විශාල විල මත ඇති කුඩා දූපතක එය ඉදිකර ඇත… මා ඇයව ගෙන ගිය කුඩා කුටීරය මෙම දේවස්තානයේ පැරනීම කුටීර වලින් එකක් විය… ඉදිකරන දා පටන්ම මෙය භාවිතා කර ඇත්තේ ” පවු සමාකරගැනීමේ සහා පාපොච්චාරනය ” වෙනුවෙන්ම ඉදිකරන ලද කුටිරයක් ලෙසය..අදටත් එය එසේමය..

සම්පූර්න කලු ගලින්ම සාදා තිබු මෙම කුටීරයේ මැද සුර්යාලෝකය ඇතුලට වැටීමට හැකිවන පරිද්දෙන් නිර්මානය කල කුඩා කවුලුවක් විය.

එම කවුලුවෙන් එන අලෝකය එක එල්ලේම බිත්තියට වැටී ඇත….එහි හරි මධයයේ තනි කලුගලින්ම කල ආසන දෙකකි…. කූටීරය තුලට ගියමා එහි ඇයට හිහගන්නට කීවෙමී…. එහි හිදගත් ඇය මොහොතක් මා දෙස බලා සිටියාය…

“මම අද සියදිවි නසාගන්නවා ” මා දෙස ගැබුරු බැල්මක් හෙලමින් ඇය පැවසුවාය…

මෙම කුටීරයට අද වෙනතුරු දහස් ගනනක් පැමින පාපොච්චාරනය කර ඇත…එහෙත් මේ සිද්දීය මගේ හදවතට තදින්ම කිදාබැසගත් දෙයක්විය…

” ඇයි ” මා ඇයගෙන් ඇසුවෙමි..

ඒ ප්‍රශ්නයත් සමග ආසනයෙන් නැගිටි ඇය ඇයගේ සිරෑර වසාගෙන සිටි කලු ලෝගුව ඉවත් කලාය…. ඇයගේ මුලු සිරෑරම කවුලුවෙන් වැටෙන ආලෝකයෙන් මනාව දර්ෂනය විය…. ඇය ඇද සිටි සුදු පැහැ ගවොම ඇයගේ සිරෑරටම කිදා බැස තිබුනාය… ඇයගේ මුලු සිරෑරම බයන්කාර දර්ෂනයක් මැවීය… එලියට පෙනෙන ඇයගේ දෑත සම්පූර්නයෙම ඇට සැකිල්ලක් බදු විය… එහී මාංශයකට ඇත්තේ එම ඇටසැකිල්ලටම ඇලි ඇති සම පමනකී… ඔබේ දැත එක් කල විට ඒය ඇගේ මුලු සිරෑරම ඒ තුලට රදවා ගැනීමට සමත්වනු ඇත..ඒ තරමටම ඇයගේ සිරෑර කෙසගය…

“මට ඇනොරෙක්ෂියා … මට තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ෆාදර් ”

ඇය මා ඉදිරියේ දනින් වැටුනාය…මා ඇයව නැගිටුවා යලිත් ආසනය මත හින්දෙව්වෙමි…

” මොකක්ද ඔයාගෙ නම ”

“තෙරේසා”

” දෙවියන් ඉදිරියේ අපි හැමෝම අංග සම්පූර්නයි දරුවා” මා ඇයට කීවෙමි…

” එහෙත් ලෝකය ඉදිරියේ මම නිකන්ම නිකන් ඇටකටු ගොඩක් විතරයි ෆාදර් ” ඇය මගේ දෑත ඇයගේ අත්ල මත තැබීය..

” බලන්න ෆාදර් … මම නිකන්ම නිකන් ඇටකටු ගොඩක් විතරයි.. ඇවිදින මලමිනියක්… ෆාදර් මාව දැක්කම බය වෙච්ච විදිය මම දැක්කා… මාව දැක්කම ෆාදර්ට වැඩිය අනිත් මිනිස්සු බය වෙනවා.. හරියට මලමිනියක් දැක්කා වගේ… මම තව කොච්චර කාලයක් මාව මේ විදියට වහගෙන ජිවත් වෙන්නද ෆාදර්…. මට මේ ජිවිතය ලොකු වේදනාවක් ….මට මේකේ ඉවරයක් දකින්න ඕනේ ෆාදර්… කරුනාකරලා දෙවියට කියන්න මට සමාව දෙන්න කියලා ”

කියන්නේ කුමක්දැයි නොදැන මම මොහොතකට අතරමන් වී සිටියෙමි… සියදිවි නසාගැනීමට පෙර පාපොච්චාරනයක් කරගැනීමට පැමිනි අය මා මීට කලින් හමුවී ඇත…ඔහුන් බොහොමයකගේ ජිවිත මා බේරාගෙන ඇත…. මොහොතක් නිහඩව ” ඇයගේ ජිවිතය බේරාදීමට මට සහායක් වෙන්නැයි මා නිහඩවම දෙවියන්ට කන්නලව් කලෙමි…සමහර විට ඇයට එය දැනෙන්නට ඇත..

” එපා ෆාදර් ” මගේ ජිවිතය බේරාගන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න එපා … මට දැන් හිටියා හොදටම ඇති… මේකේන් මිදෙන්න පුලුවන් විදියක් නැහැ…පහුගිය අවුරුදු කිහිපය තුලම මට මේ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා… අද මම ආවේ මාව බේරගන්න කියන්න නෙමේ… මම කරන්න යන මේ දුෂ්ට දේට මට සමාව දෙන්න කියන්න ”

එහෙත් දෙවියන්ව විශ්වාස කරන මට ඇයට එයට පිලිතුරක් දිය නොහැක..දෙවියන් අපේ ජිවිතය තුල ක්‍රියා කරන විදි කිහිපයක් ඇත..එකක් උන්වහන්සේ අපිට ජිවිතය කුමක්දැයි හරි හැටි වටහා ගැනීමට අපිට උපකාර කරයි…එය හිතාමත් දුක්ඛිත පරික්ෂනයක් විය හැක…එහෙත් එය අපේ ජිවිතයට අවශය බව උන්වහන්සේ දනියි..උන්වහන්සේගේ විශ්වාසයේ පරික්ෂාවට මෙලොව සැම සත්වයාම භාජනය වෙති….

” තෙරෙසා විවහා වෙලාද ” මා ඇයගෙන් ඇසුවේ ඇයගේ සිත වෙනස් කිරීමට මාර්ගයක් සොයනු සදහාය..

එම ප්‍රශ්නයත් සමගම ඇයගේ මුහුනේ සිහින් සිනාවක් නැගින…

” මට තාම 25යි ෆාදර්… මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේ ඇටකටු ගොඩ විතරයි..මාව කවුද විවහා කරගන්නේ…

‘එහෙත් ජිවිතය නැති කරගන්න එක දෙවියන් වහන්සේගේ කෑමැත්ත නෙමෙයි දරුවා ”

මා ඇයට කීවෙමී.. මා කතා කලේ සිහින්ව වුවත් කලුගලින් නිම කර තිබු කුඩා කුටීරය තුල එයින් මද දෝංකාරයක් නැගින…

” මගේ ජිවිතයට මේ වගේ දුක්ඛිත වෙන එකත් දෙවියන් කරපු දෙයක් කියලා මම හිතන්නේ නැහැ ෆාදර්… දෙවියන් නොකරපු දෙයකට උන්වහන්සේට මම දෝස් කියන්නෙ නැහැ…. මේක මමම විදගත යුතු දෙයක්..මම ඒ දුක අවුරුදු ගානක්ම වින්දා..දෙවියට මට උපකාරයක් කරන්න ඕනෙනම් ඒ ගත වෙලා ගිය අවුරුදු ගානම ඇති…එහෙත් උන්වහන්සේ මාව සම්පූර්නයෙන්ම අමතක කරලා දැම්මා… මම මේ තීරනය ගත්තේ උන්වහන්සේ වෙනුවෙන් අවුරුදු ගානම බලාගෙන ඉදලා..එහෙත් තවමත් මට උන්වහන්සේ ගැන ආදරයක් තියෙනවා…ඒකයි මම අද ආවේ… උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න ”

ඇයගේ ජිවිතය බේරාගැනීමට මට කියත හැකී සැමදෙයම කියු පසුවත් ඒ සියල්ල ඇය ඉදිරියේ නිකන්ම නිකන් වචන බවට පෙරලී ගීයේය… ඇයත් මමත් බොහෝ වෙලාවක් එම කුටීරය තුල යාච්ඤා කරන්නට ඇත… එහෙත් ඇයගේ සිත වෙනස් කරන්නට මා හට නොහැකි විය… මා හට කියන්නට හැකි වුයේ ” ජිවිතයට හානියක් කරගන්න එපා තෙරේසා ” යන්න පමනකි…ඇයගේ සිහින් මුවින් සියුම් සිනහවක් නගමින් ඇය ඒ වචන සියල්ලම ඇයගේ කදුලු වලින්ම පහකරදැමීය…

කුඩා කුටීරයෙන් එලියට එත්ම මා ඇයට තවත් ආයාචනයක් කලෙමි.

” තෙරේසා ..හෙට අපේ පූජාවට සහභාගීවෙන්න… ඔයාගේ ජිවිතය ගැන අනිත් අයත් එක්ක බෙදාගන්න… ඔයාට පුලුවන්ද දෙවියන් ඉදිරියේ තෙස්තමනියක් දෙන්න… ඔයා ගැන.. ” මා ඇසුවෙමි… ඇය ඊට කිසිවක් නොකීය…. ඇය යන්නට ගියාය…ඒ ඇයව මා දකින අවසාන මොහොත යයි මා සිතුවෙමි…එදින මුලු රාත්‍රිය පුරාම මම ඇය වෙනුවෙන් දෙවියන් යැද්දෙමි….

පහුවෙනිදා පල්ලියේ පූජාව පටන් ගත්ම මා ඇයගේ ජායාවක් දකිනු රිසියෙන් පල්ලියේ පිරි සිටි මිනිසුන් දෙස බැලුවෙමි..එහෙත් ඇය එහි නොසිටියාය… දිවය ප්‍රසාදය අවසන්ව තෙස්තමනි හුවමාරු කරගැනීමේ මොහොතකට පැමිනි විට මා දෙවියන් ඉදිරියේ හිටගතිමී..කුමක් කියනදැයි මම දැනගෙන නොසිටියෙමි.. මගේ මුලු හිසම ඇය ගැන පශ්චාත්තාපිත සිතුවිලි වලින් පිරී තිබින.

පල්ලියේ ප්‍රධාන දෝරටුව තුලින් ඇතුලුවන ජායාවක් යාන්තමට මෙන් මා දැක්කේ ඒ මොහොතේදීය…ඒ ඇයයි.. තෙරේසා…මුලු ශරීරයම වැසූ ලෝගුවකින් ඇය සැරසී සිටියාය…. වික්ෂිප්තව මා ඇය දෙස බලා සිටිනු ඇය දකින්නට ඇත.ඇය හිස් ආවරනය ඉවත් කොට හිස ඔසවා මා දෙස බැලීය….ඒ තෙස්තිමනි ආරම්භ වන මොහොත නිසාවෙන් ඇයට ඉදිරියට පැමිනෙන්නැයි මා පැවසුවෙමි…

ඇය මා සිටි තැනට විත් සිට ගත්තාය… පල්ලියේ ආසන සියල්ලම ඒ වනවිටත් පිරී තිබින…පසුපසින් ඇසුනු පියානෝ හඩ සෙමින් වියැකී ගියේය..දෙවියන් වෙනුවෙන් සාක්ෂය හුවමාරු කරගන්නා හෝරාව වෙනුවෙන් සියල්ලෝම නිහඩ වී සිටියේය.. තෙරේසාගේ සාක්ෂය වෙනුවෙන් ඉඩ ලබාදුන් මා , පිටුපසින් ඇති ආසනයක හිදගත්තෙමි…

ඇය සියල්ලෝම ඉදිරියේ ඇයගේ සිරෑර වසා සිටි කලු ලෝගුව උනා දැමුවාය…. එයත් සමග පල්ලියේ හැමෝගෙම මුව තුලින් නැගුනේ රාවයකි… සමහරු ලොමු ගැන්වුනු දෑස් විවර කර වික්ෂිප්තව ඇය දෙස බලා සිටියාය..තවත් සමහරු එකිනෙකා අතර රහසින් දෝඩවන්නට විය… ඇයගේ ශරීරය වසා තිබු සුදු පැහැ ගවුම හැරෙන්නට පල්ලීයේ ආකරය මතසිට ගත් ඇටසැකිල්ලක් මෙන් ඇයගේ මුලු සිරෑරම දර්ශනය විය…

” මම තෙරේසා … ඔයාලා හැමෝම වගේ මමත් මනුස්සයෙක්…. මටත් අම්මා තාත්තා ඉන්නවා… අපි ගොඩක් සතුටින් ජිවත් වුනු අය…

ජිවිතයට සතුට වැඩිවෙද්දී අපි ඒ සතුට තුලින් මොකක් හරි දුකක් හොයාගන්නවා… මනුස්ස ජිවිත සම්පුර්න සතුටම ඒ විදියටම විදින්න පුරුදු වෙලා නැහැ… මොකක් හරි වේදනාවක් නැත්නම් අපිට අපි ජිවත්වෙනවද කියලා තේරේන්නේ නැහැ… මමත් එහෙමයි…අපේ සතුටින් පිරුනු ජිවිතයේ මමත් වේදනාවක් හෙව්වා… මම හොයාගත්තා…

මගේ ශරිරය…

හැමදේම ජිවිතයට තිබුන නිසා… ශරීරයත් අංග සම්පූර්න වෙලා තිබුනේ…. වැඩිවියට පත්වුනාට පස්සේ මම ශරීරය ගැන වැඩි පුර හිතන්න ගත්තා… මට ලස්සන ශරීරයක් තිබුනා…. එහෙත් ඒ ලස්සන මට පෙනුනේ මහතක් විදියට…. ටීවී එක බලද්දී …ඒවායේ නිලියන්ගේ ශරීරය බලද්දී මටත් ඕනේ වුනා මගේ ශරීරයත් ඒ විදියට හදාගන්න…

මම කෑම කන එක අඩු කලා…. වේල් තුනක්ම සතුටින් කාපු මම වේල් දෙකක් කන්න පටන් ගත්තා…ඊට පස්සේ ඒක එක වේලක් වුනා…මගේ ශරීරයත් මට ඕනේ විදියට කෙට්ටු වෙන්න ගත්තා… කෙට්ටු වෙන්න කෙට්ටු වෙන්න.. මට ඒක පෙනුනේ පුදුමාකාර ලස්සනක් විදියට….

දවසකට කන එකවේලත් මම අඩු කලා… ඒක පුංචි ලාවාෂ් කෑල්ලකට පමනක් සීමා වුනා… මගේ අම්මා තාත්තා මං ගැන බය වුනා… ඒ අය සමහර වෙලාවට මගේ ඉස්සරා වැදවැටුනා…මොකේටවත් නෙමේ…. එක වේලක්වත් වැඩියෙන් කන්න කියලා..එහෙත් ඒ අයව තේරුම් ගන්න තරම් හැකියාවක් මට තිබුනේ නැහැ… ලස්සන කියන්නේ කෙට්ටු වෙන එකට කියලා මම රෑවටිලා හිටියේ…පාරෙදී දකින මහත ගැහැනු ලමයින් දිහා බලද්දී මට ඉබේම හිනා ගියා..මගේ කෙට්ටුව මම දැක්කේ පුදුමාකාර ලස්සනක් විදියට..

කාලයත් එක්ක..මගේ ශරීරය වෙනස් වෙන්න ගත්තා…එහෙත් ඒ වෙනස ලස්සනටත් වැඩිය අවලස්සනක් වුනා.මගේ මස් දියවෙලා ඇටකටු එලියට එන්න ගත්තා…. එදා මට හිතුනා මම කරපු මෝඩකම…මම තීරනය කලා ආයෙත් සාමාන්‍ය විදියට ජිවත් වෙන්න..එහෙත් මම පරක්කු වැඩියි… මම කාපු තරමට වඩා කන්න ලැබුනේ නැහැ…මට කෑම අප්‍රිය වෙලා තිබ්බේ….කෑම කෑවත් ඒවා ශරීරයට ඇල්ලුවේ නැහැ….

අම්මයි තාත්තයි මාව ඩොක්ටර් කෙනෙක් ලගට එක්කන් ගියා…එතනදි තමයි මම දැනගත්තෙ මට ඇනොරෙක්ෂියා හැදිලා තියෙන බව…. මම බෙහෙත් කලා..මේක සනීප කරගන්න කරන්න පුලුවන් හැම දේම කලා..එහෙත් ආයෙත් ඉස්සර තිබුනු ශරීරය ලබා ගන්න එක හීනයක් විතරයි…

මම අදටත් ප්‍රාර්තනා කරනවා ” මහතට හිටිය තෙරේසා වෙන්න ” ඒ මහතට මම එදා වෛර කලත් අද මම ඒකට ආදාරය කරනවා .. ” ඇයගේ දෑසින් කදුලු කඩා වැටින…

ඇය හිස පහතට නමා ඒවා වසන් කරගත්තේය..

“බලන්න මගේ ශරීරය දිහා…මොනවද ඔබ දකින්නේ… නිකන්ම නිකන් ඇවිදින මලකදක් .. ” මේ සිරෑරට දකිද්දී ඔබට ඇතිවන පිලිකුලට වඩා පිලිකුලක් මට මං ගැන ඇතිවෙනවා…..

එදා මට නොතේරුන ගොඩක් දේවල් අද මට තේරෙනවා… … මහත කියන්නේ අවලස්සනට නෙමෙයි..එදා මම මහතයි කියලා හිනා වුනු ගොඩක් අය අද ලස්සන ජිවිත ගත කරද්දී කෙට්ටුව ලස්සනක් කියලා හිතාගෙන හිටපු මම ජිවිතය විදවනවා… ” ඇය හඩා වැටෙන්නට විය… අදෝනාවකුත් සමග කබාය ඇගට දමා ගත් ඇය දේවස්තානයෙන් පිටතට දිව ගියාය….ඒ මා ඇයව දුටු අවසන් මොහොතයි…

ඉන් පසු කිසිම දිනෙක මට ඇයව මුන නොගැසින… ඇනොරෙක්ෂියා සැදුනු ගැහැනු ලමයෙකු ගැන සොයමින් මම සෙවාන් නගරය පීරූවත් මට තෙරේසාව යලිදු සොයා ගත නොහැකි විය…. ඇය සියදිවි නසා ගන්නට ඇත..නැතහොත් කොයේ හෝ තවමත් ජිවත් වෙනු ඇත… ඒ කොයේ දැයි මා නොදනිමි..

අදටත් තරුන ගැහැනු ලමයින් දුටු විට ඇයගේ කතාව මම ඔහුනුත් සමග බෙදා ගනිමි… ඒ කිසිම තරුන ජිවිතයට එවැනි ඉරනමක් ලැබිය නොයුතු යැයි මා විශ්වාස කරන නිසාය…

තෙරේසා අද නැතත් එවැනි තෙරෙසා වරු බොහොමයක් අදත් අප අතර ජිවත් වෙයි..

 

මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර  කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්

2018 © මුතුමුදලිගේ නිශ්ශංක


ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න