මරණ ලැයිස්තුව
මා විසින් ලියූ ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ තවත් කතාවක්. මෙයි යම් කොටස් සත්‍ය වන අතර වැඩිහිටි නිවාසයක සේවය කල පුද්ගලයෙකු විසින් පැවසූ සත්‍ය සිදූවීමක් මුලාශ්‍ර කොට ලියන ලදී.
————————–
කාලයක් මා වැඩිහිටි නිවාසයක ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සේවය කෙරුවෙමි..මෙම සිද්ධිය සිදු වුයේ මා එහි සේවය කරන කාලය අතරතුරය..
මෙම වැඩිහිටි නිවාසයේ සිටි බොහෝමයක් අය වයස අවුරුදු 60ට වැඩි වයසගත අයවලුන් වූ අතර එහිනුත් කිහිපදෙනෙකු මානසික රෝගවලින් යුක්ත වූ අය විය…
ෆිදෙල් ද එවැන්නෙකි … වයස අවුරුදු 30 දී පමන මානසික ව්‍යාධියට ලක් වී සිටි ඔහුව ” වැනඩ්සෝර් වැඩිහිටි නිවස” ට ඇතුලත් කරන විට 65 වන වියෙහි පසුවිය..
තරමක් මිටි, හිස සම්පූර්නයෙන්ම මුඩු කර තිබුනු ෆිදෙල්ගේ පිට කොන්ද වක් වී මදක් වම් පසට හැරී තිබුනු නිසා ඔහු ඇවිදින විට හැද වුනු ස්වරූපයක් ගත්තේය..
ගිම්හාන කාලය එලබින…
සෙවානවාන්ක් ප්‍රදේශයේ පිහිටා තිබු ” ලේක් සෙවාන් ” නම් වූ විශාල විලට සංචාරය කිරීමට මැයි සිට අගෝස්තුව දක්වා වූ මෙම කාලපරිච්චේදය හිතාමත්ම සුදුසු කාලයක් වූයෙන් අප වැඩිහිටි නිවාසය මගින්ද සෙවාන් විලට යෑමට සංචාරයක් සූදානම් කලෙමු..
වැඩිහිටි නිවාසයේ පිරිමි සහා කාන්තාවන් 80කට ආසන්න පිරිසක් වූ අතර මේ අතරින් සෙවාන් සංචාරයට ගෙන යා හැකි දරුවන්ගේ අවසරය ඇති පිරිස පමනක් තෝරාගත යුතු වූයෙන් අපි එම කාර්ය රුසානා නම් වූ කාන්තාවකට පැවරූ එයින් එම කාර්ය හිතාමත් හොදින් අවසන් කල ඇය අවසානයේ 25ස් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අප අත තැබීය..
ෆිදෙල් ද මෙම ලැයිස්තුවට ඇතුලත් වී සිටියේය.
සංචාරය සැලසුම් කරගත් ආකාරයටම අපි සෙවාන් විල බලා ගමන් ගත්තෙමු…25ස් දෙනෙකුගෙන් යුක්ත නාම ලැයිස්තුව මගේ අතේ වූ ෆයිල් කවරයේ බහා තිබින…බස් රථරය සෙවාන් කරා ගමන් ගනිද්දී ෆිදෙල් මා අසල වූ ආසනයක හිදගෙන සිටියේය…
එසේ හිදගෙන සිටින අතර තුර ඔහු මගේ අතේහි වූ ෆයිල් කවරය දෙස විටින් විට බලනු මා දුටුවෙමි…
” ඇයි ෆිදෙල් ” මා ඔහුගෙන් ඇසිමි..
කිසිවක් නොකී ඔහු අහක බලාගත්තේය… තවත් ටික වෙලාවකින් යලිත් මා අත වූ ෆයිල් කවරය දෙස බැලූ ඔහු බලාගත් වනම බලාගෙන සිටින්නට විය..
” ෆිදෙල් ” මා මදක් ගොරෝසු හඩකින් ඇසිමි… ” මොනව හරි ඕනෙද ”
” නැහැ” ඔහු හිස වැනීය…
අපි සෙවාන් විලට පැමිනියෙමු…. සාමන්යෙන් ෆිදෙල් විනෝද ජනක කෙනෙකි..විශේෂයෙන්ම මෙවැනි සංචාර වලදී ඔහු අනිත් අයට වඩා විනෝද වූවෙකු විය..එහෙත් එදින් ඔහු මගේ පිටුපසින්ම වැටී සිටියේය…. ඔහුගේ මනසේ ඇත්තේ කුමක් වුවත් එය සහා මගේ අතෙහි ඇති ෆයිල් කවරය අතර කුමක් හෝ සම්බන්දයක් ඇතැයි සිතු මා නම් ලැයිස්තුව ඇතුලත් ෆයිල් කවරය රුසානාට භාරදී එය ඇය ලග තබා ගන්නැයි පැවසුවෙමි…
රුසානා එය රැගෙන ගොස් ඇයගේ බෑගයේ දමා ගත්තාය..
අප්‍රේල් මාසයෙන් ආරම්භවන ගිම්හානයත් සමග සෙවාන් විලෙහි හිම දියවීම ආරම්භ වන අතර මැයි සහා ජුනි මාස වන විට එය පිහිනීමට හිතාමත් අනර්ඝ තෝතැන්නක් බවට පත් වෙයි.කන්ඩායමේ සිටි සියල්ලෝම පාහේ පිහිනිමට විලට බැස්සත් ෆිදෙල් පැත්තකට වී හිදගෙන සිටියේය… ෆයිල් කවරය රුසානාගේ අතට මා භාර දුන් පසුව ඔහු රුසානාගේ පස්සෙන් වැටෙන්නට පටන් ගෙන තිබුනි…
ඈත සිට මා ෆිදෙල් දෙස බලා සිටියෙමි.. වෙරලෙහි රුසානා හිදගෙන සිටි මායිමේම පැත්තකින් හිදගෙන ඇය බෑගයෙන් ඉස්මතුවී පෙනෙන ෆයිල් කවරය දෙසම බලාගෙන සිටින ඔහුගේ දසුන මට හාසයක් ගෙන දෙන්නක් විය… ඊටත් වඩා එහි වූයේ ගුප්ත හැගීමකි…
පිහිනා අවසන් වූ මා ෆිදෙල් ලගින් ගොස් හිදගතුයෙමි..
” ෆිදෙල් පීනන්න යන්නේ නැත්ද ?
ෆයිල් එක පසුපස පන්නන්නට හේතුව දැනගැනීමටනම් ඔහුව කතාවට අල්ලා ගත යුතුය..
” නැහැ ලොකු මහත්තයා ” කී ඔහු යලිත් රුසානා දෙස බලා සිටින්නට විය.
” ෆිදෙල් මොකද රුසානා දිහා බලාගෙන ඉන්නේ ” මා ඇසිමි…
” මහත්තයා ඇයි අර නාම ලේඛනය රුසානට දුන්නේ..ඒක මටනේ දෙන්න තිබුනේ .. ” මුහුන අදුරු කරගනිමින් ඔහු පැවසීය..
” ෆිදෙල්ට මොකටද ඒක ”
” ඒක මහත්තයට වැඩක් නැහැනේ..ඒක මට ඕනේ…එච්චරයි ”
ඔහුගේ කටහඩ දරදඩු ස්වරූපයක් ගත්තේය…එම වචනය ඔහු නිශ්චිතවම කීවේ සිතේ ඇති තරහකුත් සමගය…එහින් පසුව මා අසලින් නික්ම ගිය ඔහු රුසානා අසලට ගොස් වාඩිවිය…
එදින දවස පුරාම ෆිදෙල් වරින් වර විත් මගෙන් ” නාම ලේඛනය ” ඉල්ලීය…එහෙත් සෙවාන් වලින් නික්ම යන තෙක් එය මා අත තිබිය යුතු නිසාවෙන් එය ඔහුට දීම මා ප්‍රතික්ෂේප කලෙමි..
එදින සවස අපි යලිත් වැනඩ්සෝර් බලා පිටත්ව යන විට ඔහු මගේ අසලට විත් හිටගත්තේය…
” මට නාම ලේඛනය ඕනේ ” ඔහු උස් හඩින් කීවේය..
” මම ඒක හෙට දෙන්නම් .. ”
” හෙට කීයටද ”
මා මදක් කල්පනා කලෙමි..කුමක් හෝ කියා ඔහුව මගහැර දැමිය යුතුය.
” හෙට දහයට ෆිදෙල් මගේ කාර්යාලයට එකට එන්න මම දෙන්නම් ”
ඔහු කෙසේවත් හෙට 10ට කාර්යාලයට නෝඑනු ඇත…ඔහුට එය මතකයේ තබා ගැනීමට කොයෙත්ම විදියක් නැත….
මා එසේ කියු පසුව එතනින් නික්ම ගිය ඔහු ඔහුගේ ආසනයෙන් හිදගත්තේය…
එදින සවස නිවසට ගිය මා මේ ගැන මගේ බිරිදට කීවේමි.
මට වඩා යමක් දෙස ගැබුරින් බැලීමේ හැකියාවක් ඇයට තිබුනෙන් ඇයගෙන් මෙයට ප්‍රත්‍යක්ෂ පිලිතුරක් ලැබෙවී යැයි මා බලාඔරොත්තු වුනිමි..
මුල සිට අගටම ෆිදෙල් සෙවාන් වල හැසුරුනු ආකාරයත් , සියල්ල සිදු වූ අයුරුත් හිතාම ඕනැකමින් අසා සිටි ඇය මට එක් දෙයක් නිශ්චිතවම කීවාය..
” ඔයා හෙට ඔෆිස් එකට ගියාම බලන්න 10 වෙද්දි ෆිදෙල් අනිවාර්යෙන්ම ඔයාගේ කාර්යාලයට එනවා ”
” ඔයා කොහොමද එහෙම කියන්නේ ” මා ඇයගෙන් ඇසිමි..
” සෙවාන් වල පැය ගානක් ඔයාගේ අතෙ අතේ තිබුනු නාමලේඛනයට එයා ඇහැ ගහගෙන හිටියේ එයාට ඒක ඕනේ නිසා… ඔයාට තිබුනේ එයාට දීලා බලන්න එයා මොනවද කරන්නේ කියලා … හරි …හෙට එයා ආවම ඔයා ඒක දෙන්න..දීලා බලන්න එයා මොනවද කරන්නේ කියලා..පව් අසරන මනුස්සයා…අද රෑට හරියට නිදාගන්නෙවත් නැතිවෙයි… ” ඇය සියුම් දුක් ගැන්මකුත් සමග කීවාය..
ඇය කියු දේ නිවැරැදිය…හරියටම දවල් 10ට ෆිදෙල් මගේ කාර්යාලයට පැමිනියේය….
ඔහුට හිදගන්නැයි කියු මා ෆයිල් කවරය ලාච්චුවෙන් ගෙන එය ඔහුගේ ඉදිරියෙහි තැබුවෙමි….ඔහු එය විවෘත කොට එහි වූ නාම ලේඛනය සහිත කොලය ඔහු අතට ගත්තේය… ඉන් පසුව මගේ මේසය මත වූ කුඩා කතුරක් අතට ගත් ඔහු එහින් හරියටම නම් 4ක් කපා ඒවා පොඩි කර කාර්යාලයේ වූ කුනු බාල්දියට දැමීය…
ඉන්පසුව යලිත් නාමලේඛනය ෆයිල් කවරය තුලට දැමූ ඔහු එය මා අත තැබීය..
” දැන් හරි… ” කී ඔහු එතනින් නික්මී ගියේය….
ඔහු නික්ම ගිය පසු මා යලිත් කාර්යාලයේ කුනු බාල්දිය අවුස්සා එහි තිබුනු නම් 4 ර එලියට ගත්තෙමි..එය මෙසේ විය
(ඔහු එම නම් පිලිවෙලින් කපා ඉවත් කර ආකාරය මගේ මනසේ ඇති එහින් එය මෙසේ දක්වමි )
අනායිත් ෆියදෝර් – වයස 79
නරීනේ කචත්‍රයාන් – වයස 60
සිමෝන් සර්ගස්යාන් – වයස 66
වස්ගේන් ද්‍රාවිත් – වයස 81
————————–
මෙම කතාව මීට වඩා දුර ගෙන යා නොයුතු බැවින් මා මෙහි ඉතිරිය සිදුවූ සැටි සැකෙවින් ඔබට පවසමි.
වැඩිහිටි නිවාසයේ අයවලුන් හිතාමත්ම මහලු අය වූයෙන් ඔහුන්ගේ මරනයන් අපට හිතාමත්ම සාමාන්‍ය දෙයකි…. මෙම සිද්ධිය සිදුවූ දිනෙන් පසුව එලබී මාස 3ක කාල වකවානුව තුල එක දිගට මරන 4ක් සිදුවිය.මේ මරන හතරම ස්වාභාවිකවම සිදුවූ මරන බවත් ඔබ දැනගත යුතුය…
එම මිය ගිය හතර දෙනා පිලිවෙලින් මෙසේය –
අනායිත් ෆියදෝර් – වයස 79
නරීනේ කචත්‍රයාන් – වයස 60
සිමෝන් සර්ගස්යාන් – වයස 66
වස්ගේන් ද්‍රාවිත් – වයස 81
————————–
මෙතනින් එහාට කුමක් ලිවිය යුතුදැයි මා නොදනිමි… ෆිදෙල් සහා මෙම මරන ලැයිස්තුව අතර කතාව තවමත් මගේ මනසට ප්‍රශ්නාර්ථයකි….සමහර විට මේ ප්‍රශ්නයට මට කවරදාකවත් පිලිතුරක් සොයා ගැනීමට නොහැකි වනු ඇත..
මෙම මරන සතර සිදුවි අවසන් වූ මාස 3ක කාලයෙන් පසුව තවත් මරනයක් සිදුවිය..
ෆිදෙල්ද රාතීයේ නිදි ඇදේම ඇති වූ හර්දාබාධයකින් මියගොස් ඇති බව අපට වාර්තා විය…
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම්
මෙතැනින්
Comments
Post a Comment