තතෙව් බලකොටුවේ බිදවැටීම
මා ලියූ කෙටිකතා වලින් කිසිම ජනප්‍රියත්වයක් නොලැබූ එහෙත් මා අතීශයින්ම ප්‍රිය කරන කතාවක්.දිනෙක මෙය ඉංග්‍රීසී බසින් පලවූ විට තුර්කී සමූල ඝාතන වල උරුමක්කරුවන් වන, ග්‍රීසිය, ජෝර්ජියාව,අර්මේනීයාව,ස්ලෝව
————————–
තතෙව් බලකොටුවේ බිදවැටීම
————————–
මේ කියන්නට යන කතාව ඔබ විශ්වාස නොකරනු ඇත..
1915 සියුනික් ප්‍රදේශය
තුර්කිෂ් වරුන් තතෙව් බලකොටුව අල්ලා ගැනීමට දැරු සැම ප්‍රයන්තයක්ම නිෂ්පල විය…එහෙත් ඔහුන් ඒ වනවිටත් තතෙව් බලකොටුව පිහිටා තිබු සියුනික් ප්‍රදේශයට ඇතුලුවී ගම් කිහිපයක්ම අල්ලාගෙන තිබුනෙන් ඒ ගම්වල සාමාන්‍ය වැසියන් සියල්ලෝම පාහේ අමානුෂික ලෙස මරා දැම්මෝය.ගම් වල පිරිමින්ගේ බෙලි කපා ඒවා වෙරෝතෙව් ගංගාව දිගේ පාකර යැවීය… ඔහුන්ගේ ධර්මයට යටත් නොවන ගැහැනින්ව නිරුවතින් ඇවිද්දවා ගල් ගසා මරා දැමීය…සියුනික් ප්‍රදේශයේ පිහිටි සැම බැසිලිකාවක්ම දේවස්තානයක්ම පාහේ සුන්නද්දූලි කොට ඒවයේ දේවගැතිවරුන්ව කුරුසයේ ඇනගසා මරා දැම්මෝය….එහෙත් තතෙව් තවමත් තේජාන්විතව නැගි සිටියේය…
වෙරෝතෙව් ගංගා මායිමෙන් පටන් ගත් තතෙව් ප්‍රදේශය තෙතෙව් ගිරිශීකරයේ පිහිටා තිබූ විශාල දේවස්තානයෙන් අවසන් විය… කදු නිමයේ සහා දේවස්තානය වටා විශාල තාප්පයක් බැද තිබුනු අතර තතෙව් සෙබලුන් සහා අද්මිරාල් ගේගම් , තතෙව් බලකොටුව රෑකගැනීමට තුර්කී මුස්ලිම් වරු සමග සටන් වැදි සිටියෝය..
තුර්කිෂ්වරු දහස් ගානක බල ඇනියක් තතෙව් සීමාව වූ වෙරෝතෙව් ගංගාව වට කදවුරු බැදගෙන උන්නේ කොයිම මොහොතක හෝ තතෙව් අල්වා ගැනීමේ අවසන් ප්‍රහායර එල්ල කිරීමටය..මේ වන විටත් තතෙව් සෙබලුන් කූඩා කන්ඩායමකට පමනක් සීමා වූ නිසා කුමන මොහොතක හෝ එය සිදුවීමට ඉඩ ඇත.
ඔබ මනුස්ස තිරිසෙනෙකුව හැබැයින් දැක නැත්නම් ඔබ ඔටෝමන් අද්මිරාල් අබ්දුල්ලා හමිඩ්ව දැකිය යුතුය…අන්කාරා වල අර්මේනියානුවන් පනපිට්න් පුච්චා දැමුයේ ඔහුය…. මෙතෝල් බෙහෙත් විද නීන්දේදීම පුංචී දරුවන්ව මරා දැමේ ඔහුය… ගෑස් කාමර තුල හුස්ම හිරකර මහලු මිනිසුන්ව මරා දැම්මේ ඔහුය…සේතුන් නගරය අල්ලා ගත් විට එහි පිහිටි දේවස්තානවල කන්‍යාවියන් නිරුවතින් මහ මග ඇවිද්දවා දූෂනය කොට මරා දැම්මේ ඔහුය… කතෝලික දේවස්තාන බිමට සමතලා කොට දේවගැතිවරුන්ව කුරුසවලට තබා ඇනගැසීය… මේ සියලුම නරුම කම් කල හමීඩ් තතෙව් ගංගා සීමාවේ සිට මලකුනකට ඉව අල්ලමින් සිටින උකුස්සෙකු සේ ඇතින් පෙනෙන තතෙව් දේවස්තානය දෙස බලාගෙන සිටියේය…
ඔහුගේ පිටුපසින් දහස් ගනනක් වූ තුර්කී සේනාව ඔහුගේ අණ ලැබෙන තෙක් බලාගෙන සිටියෝය… අශ්වයා පිටින් පහතට බැසගත් ඔහු වෙරෝතෙව් ගංගාව අසලට විත් එහි තතෙව් කන්දවටා යන ගංගාව දෙස දිගු බැල්මක් හෙලීය….
ඉන්පසුව ඔහුගේ පිටුපසින් සිටි සෙබලුන් දෙස බැලු ඔහු ” මලකදන් දෙකට තුනට කපලා ගගට දාපල්ලා … ” යි කෑගැසීය….
එය ඒ ආකාරයෙන්ම සිදුවිය…සවස් යාමය වෙද්දි සියුනික් වල මියගිය වැසියන් සියල්ලන්ගේම මලකදන් යලිත් කපා කොටා ගංගාවට දැමූ හෙයින් මුලු ගංගාවම රක්ත වර්නයකට හැරිනි….රුධිරය මිශ්‍ර වූ ජලය තතෙව් හරහා ඇදි ගියහ…. තෙතෙව් දේවස්තාන බලකොටුව තුල සිරවී සිටි මිනිසුන්ට ජලය ලැබුනේ මෙම ගංගාවෙනි… හමිඩ්ට අවශයනම් තතෙව් එක් වරම ආක්‍රමනය කොට එය අල්වා ගන්නට තිබින…එහෙත් ඔහු එසේ කලේ නැත… ඒ වෙනුවට ඔහු කලේ ගංගාවට රුධිරය එකතු කොට මිනිසුන්ව හාමත් කිරීමත් මලමිනි පාකර යවා මිනිසුන්ව බියට පත්කිරීමත්ය…
එය මිලේච්චය…එහින් ඔහු අසීමිත සතුටක් ලැබීය…
මෙයින් සතිකට පසුව හමිද් ඔහුගේ සැලැස්මේ අවසන් ප්‍රහාරය තතෙව් වෙත එල්ල කලේය…
හාමතින් සහා බියෙන් පීඩීතව සිටි තතෙව් බලකොටුව ඔහු අල්ලා ගත්තේ ඒ ආකාරයෙනි…
කදු පාමුල ජිවත් වූ මිනිසුන්ව මරාදමමින් නියන් ගම් විනාශ කරමින් ඔහුන් තතෙව් බලකොටුව මුදුනේ තිබූ දේවස්තානයට ඇතුලු විය…
දේවස්තානයේ ගේට්ටු දොරේ අද්මිරාල්ගේ කදින් වෙන් වුනු හිස ගැසු ඔහු එහි යටින් ” තතෙව් බල්ලා ” යි ලියන්නැයි සෙබලුන්ට අණ කලේය.
තුර්කිෂ්වරුන් තතෙව් දේවස්තානයට ඇතුලු වෙද්දී ඉතුරු වී සිටි සාමාන්‍ය ජනයා තතෙව් පල්ලියේ අවසන් දේව මෙහෙයට සහභාගි වෙමින් තිබින… ගැහැනු සහා පිරිමි ඇතුලු ඉතුරු වී සිටි සියයකට ආසන්න පිරිසක් දෙවස්තානය තුල සිටියහ.
මේ ඔහුන්ගේ අවසානය බව ඔහුන් සියල්ලෝම දැනගෙන සිටියෝය…එහෙත් කිසිවෙකුගේවත් මුවින් අදෝනාවක් හෝ නික්මුනේ නැත…පල්ලියේ ප්‍රධාන පුජකයා වුනු ග්‍රිගෝර්ගේ දියනිය දේව මෙහෙයේ පියානෝව වාදනය කලේය…ඇයගේ අතෙහි වූ කුඩා දරුපැටියා ඔහුගේ මවගේ දෑත් පියානෝව හරහා වෙවුලමින් ඇදි යන අයුරු බලා වුන්නේය.. ඒ පියානෝ වාදනයත් සමග ඔහුන් දේව මෙහෙයේ ගීතීකාව ආරම්භ කලේය….
දේවස්තානයට පිටතින් ඇසෙන මරලතෝනී හඩත් තුර්කිෂ් වරුන්ගේ ගෝසාවත් යාන්තමින් පියානෝ හඩත් සමග මුසුවී ඇතුලේ සිටි කාන්තාවන්ගේ කන වැකෙත්ම ඔවුහූ තම අතේහි වූ බිලින්දන් පපුවට තදකර ගත්හ..එහෙත් මරනය හැරෙන්නට වෙනත් විකල්පයක් නැත…තවත් මොහොතකින් වේදනාවකින් හෝ ක්ෂනිකව හෝ සියල්ලම අවසන් වනු ඇත.
ගීතිකාව පල්ලිය පුරා ගයද්දි ග්‍රිගෝර් පියතුමා දේවප්‍රසාදය පිලියෙල කොට එය පල්ලියේ දෙවෙනි පියතුමා ගේ අත තැබීය…කුඩා දරුවන් පලමුවද… දරුවන් අතින් ගත් කාන්තාවන් දෙවෙනුවද ..ඉතුරු වී සිටි මහලු පිරිමින් කිහිපදෙනෙක්ද පොලීමට පැමින ඔහුන්ගේ අවසන් දිවය ප්‍රසාදය ගැනීමට බලා සිටියෝය….
මොහොතකින් විශාල අඩක් නගමින් පල්ලි දොර ගැලවී විසීවී ගියේය…. තිරිසන් රෑලක් සේ පල්ලිය තුලට දුවගේන පැමිනි තුර්කී සෙබලුන් ඔහුන් ඉදිරියට එන හැම එකාවම පෙති ගසමින් ඉදිරියට දිව ආහ… අවසානයේදි කිසිවෙකුත් ඔහුන්ගේ මාර්ගය අවහිර කිරීමට නොපැමිනි විට ඔහුන් කාන්තාවන්ව බිමට ඇද දමා ඔහුන්ගේ උගුරු දන්ඩ මුවහත් කඩුවලින් කපා වෙන් කලේය…
” නවත්තපල්ලා ඕක ”
පිටුපසින් දැඩි හඩක් නැගින..එය දේවස්තානයේහි බිත්තී මතින් දෝංකාර දින…සියල්ලෝම නිශ්ශබ්ද විය.. ඒ හඩත් සමග පල්ලිය තුලට පැමිනි හමීඩ් ඔහුගේ ඉදිරියට විත් තිබුනු විශාල දැසින් පල්ලිය පුරාම බැල්මක් හෙලීය.
” කාලකන්නී ක්‍රිතියානී කාරයෝ ”
කියමින් පල්ලියේ අල්තාරයේ තිබුනු කුරුසය ලගට පැමිනි ඔහු කුරුසය ඉදිරියේ දනගසා සිටි සහයක පූජකවරයගේ බෙල්ලට ඔහුගේ අසිපත මුදා හැරියෙන් එය කෑපී ගොස් අල්තාරයේ තිබු දේවප්‍රසාදයේ වැදී බිම වැටින…මෙහින් තැතිගත් කාන්තාවන් සහා දරුවන් මරහඩ දී කෑගැසීය
” ඕකුන්ව මෙතනින් අරගෙන පලයල්ලා … ”
හමීඩ් සෙබලුන් දෙසබලා කෑගැසීය…
මොහොතකින් තුර්කිෂ්වරු දෙවස්තානයේ ඉතුරු වී සිටි කාන්තාවන් සහා දරුවන් දේවස්තානය තුලම වූ බිම් කුටියෙක හිරකලෙන් දේවස්තානය නිහඩවිය … හමිඩ් ඔහුගේ පාදයෙන් , කුරුසය ඉදිරියේ දනගසා සිටි ග්‍රිගෝව තල්ලු කලේය ..
” මාව මරලා දාපන් ” ග්‍රිගොර් පූජකයා කෑගැසීය..
“නැහැ නාකියා ” මම තෝව මරන්නේ නැහැ… උබව එකපාරම මරලා දැම්මෝත් උබ එකපාරටම උබේ දෙයියන් ලගට යයි…මම උබව ජිවත් කරවනවා… හැබැයි උබේ ඇස් ඉදිරිපිටම අර ගැහැනුන්ව දූෂනය කරනවා
උබ දන්නවනේ අපේ එවුන් ඒක ලස්සනට කරයි..උබ ඔය ඇස් දෙකෙන් ඒක බලාගෙන හිදපන් ” ඔහු ග්‍රිගෝර්ගේ ඇස් දෙක මිරීකා ඔහුව යලිත් වරක් තල්ලු කර දැම්මේය..
“ උබලගේ එවුන් උබට එතකොට ශාප කරයි..උබේ දෙයියන්ටත් ශාප කරයි.. හා එතකොට උබට මොකක් හිතෙයිද ? උබට ඊට කලින් මැරුනනම් හොදයි කියලා හිතෙයි … එහෙත් උබ මැරෙන්නේ හාමතේ …. කඩුවෙන් නෙමෙයි හාමතේ ” කී ඔහු ග්‍රිගෝර්ගේ මුහුනට කෙල ගසා ඔහු අසලසිටි සෙබලෙකුට කෑගැසීය
” මූව අරගෙන ගිහින් අර කාමරයේ දාපන් ”
සෙබලා ඔහුව ගෙන ගොස් දේවස්තානයේ පිටුපසින් වූ කුඩා අන්දකාර කුටීරයක සිර කලේය… මෙය අතීතයේදී ” යක්ෂයින් වැහුනු ” අයව සුවපත් කරන්නට තනා තිබු කුටීරයකී..එහෙයින් මෙයි දොර සම්පූර්න යකඩ තීරූවලින් නිර්මානය කර තිබුනු අතර පසුකාලිනව මෙය දේවගැතිවරුන්ගේ රහස් මංඩපයක් ලෙසද භාවිතා කල එකකි… එයට පිටතින් ආලෝකය වැටුනේ එහි මුදුනත වූ කුඩා ගෝලාකාර කවුලුවකින්… ඒ හැරෙන්නට එය මුලුමන්න්ම අන්ධකාරයෙන් යුක්ත විය….
හමීඩ්ගේ නියෝගය පරිදි සැම දිනකම රාත්‍රියේ පල්ලිය තුර්කිෂ් සාද පැවත්ව්න…තතෙව් ගම් වැසියන්ගේන් කොල්ල කෑ වයින් පානයක් කරමින් ඔහුන් එම සාද හිතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්විය….
ඒ සෑමදවසකම සිරගතව කර සිටි ගැහැනුන්ව පල්ලියට ගෙන එන ඔහුන් ග්‍රිගොර් පියතුමාව කුරුසයේ බැද ඔහුගේ ඉදිරියේම එම ගැහැනුන්ව දූෂනය කලහ….හමීඩ් පැවසූ පරිද්දෙන්ම ඔහුවූ වේදනාවෙන් කෑගසමින් මරහඩ දෙමින් විලාපනැගීය..සමහරු දෙවියනට ශාපකලාය..එහෙත් මේ කිසිවකින්වත් හමීඩ් ඔහුගේ කුරිරු ඝාතන නැවත්වුයේ නැත.
” මුන් සෙරම මරලා දැම්මට පස්සේ අපි යනවා…. අරෙවී වලට ..මුන්ගේ ලස්සන කෙල්ලෝ ඒ ඉදන් අපි එනකන් බලාගෙන ඉන්නවා ”
වයින් කෝප්ප ඔසවමින් හමීඩ් සෙබලුන් ඉදිරියේ කෑගැසුවේ මීටත් වඩා සංහාරයක් අරෙවී වල කරන බවට දිවුරුම් දෙමිනි…එය ඇසෙත්ම මිලේච්ච සෙබලුන් ජය ගෝෂා නැගීය…
දවස් කිහිපයක්ම මෙය ඒ ආකාරයෙන්ම සිදුවිය…සතියේ සැම රාත්‍රියේම ඔහු ග්‍රිගෝර්ව කුරුසයට ගෙනවිත් බැදදමා ඉතුරු වී සිටී ගැහැනු එකා දෙන්නා දුෂනය කොට ග්‍රිගෝර් ඉදිරියේම ඔහුන්ව මරා දැමීය…ඉතුරු වුයේ ගැබිනි මව්වරුන් කිහිප දෙනෙකුත් අත දරුවන් ඇති මව් වරුන් කිහිප දෙනෙකුත් විය….
ඒ අතර ග්‍රිගෝර් ගේ එකම දියනිය වූ අර්මිනේද විය….
රාත්‍රීයේ සද එලිය වැටී අන්දකාර කුටීරය තුල මද ආලෝකයක් පැතිර ඇත…කුටීරයේ බිත්තියේ කොටා ඇති කුරුසයේ ඔලුව ගසා ගනිමින් ග්‍රිගෝර් හඩා වැටින..දෙවියන් තමන්ට මෙවැනි කුරිරු ඉරනමක් ලබා දේවී යැයි ඔහු කිසිසේත්ම නොසිතුවේය…
එහෙත් එය සිදුවී ඇත….තව දිනකිහිපයකින්ම හාමතේ ඔහුට මියයාමට සිදුවනු ඇති බව ඔහුට ඒකාන්තය ….එය අද හෙටම සිදු වෙනවානම් හොදය… .. ඔහු දෙවියන් යැදීය… තමන්ට මෙතරම් දුකක් නොදි ඉක්මනින්ව මරා දමන ලෙස ඔහු දෙවියන් ඉදිරියේ කන්නලවු කලේය…
තමන්ගේ දුව අර්මිනේත් ඇයගේ අත දරුවාත් වෙනුවෙන් ඔහු දෙවියන් ඉදිරියේ බැගැපත් විය..තමන්ගේ ජිවිතය ගෙන ඔහුන්ගේ ජිවිත ආරක්ෂා කරන ලෙස ඔහු දෙවියන් ඉදිරියේ හඩා වැලපින…
එහෙත් ඔහුගේ වචන ගිගුරුම් දෙමින් කුටිරයේ බිත්ති අතර දෝන්කාරය දෙමින් ඉහල ගෝලාකාර කවුලුවෙන් ඉවතට ගියේය… කන්නලව් කිරීමත් හඩා වැටීමත් මොහොතකින් නැවතින… ඔහුගේ උගුර වියලිව දරදඩු වී යන සැටිද ඔහුගේ හිස ක්ලාන්තව ඇද වැටෙන සැටිද ඔහුට දැනින… දවස් කිහිපයක්ම වතුර පොදක්වත් නැතිව හාමතේ සිටි ඔහුගේ දෙතෝල් සිහින් හඩින් මිමිනීය…
” වතුර ” වතුර ”
ඔහු ගේ මිමිනීම කෙමෙන් නැතිව ගොස් සම්පූර්නයෙන්ම නිශ්ශබ්ද විය… ඔහුගේ සිහිසුන්ව කුටීරයේ ඇදවැටී ඇත….
එක්වරම ඔහුගේ කුටීරය ඉදිරියේ ඇති යකඩ දෝර ගැහෙන හඩ ඔහුට ඇසින….
” පියතුමනි ” සියුම් හඩක් එහින් නැගී ආහ…
ග්‍රිගෝර්ගේ දෑස එක් වරම විවුර්ත විය…. ඒ හඩ ඔහුට හුරු පුරුදුය…සිහිසුන්ව සිටි ඔහුගේ මනසට එම හඩත් සමග පනක් ආයෙන් යාන්තමට ඇවිදගොස් යකඩ ද්වාරය අසල ඇද වැටින….
ඔහු දෑස ඔසවා අන්දකාරයෙන් පිරී ගිය ද්වාරය දෙස බැලීය…එක් වරම සියුම් අතක් ඔහුගේ දෑතින් අල්වා ගත්තේය …ඔහු එම දෑත හදුනාගත්තේය..
” අර්මිනේ ” ” අර්මිනේ ”
ඔහු කෙදිරීය ..
ඔහු යකඩ කූරූ දැඩිව අල්වා ගනිමින් වැරෙන් හිටගත්තාය …අර්මිනේගේ අතෙහි වූ අතදරුවා අවදිව සිහින් කෙදිරිලි හඩක් නැගුයෙන් ” ෂ් ෂ් . යැයි පවසමින් එක් තනපුඩුවක් විවර කර එය දරුවාගේ කටේ තැබුයෙන් දරුවා මොහොතකින් නිහඩ විය.
” අර්මිනේ….දෙයියන්ගේ පිහිටයි උබට…මගේ රත්තරන් දුවේ..එහෙත් මෙතනින් පලයන්… අර තිරසන්නු දැක්කොත් උබව කීතූ කීතූ වලට කපලා දායි….”
ග්‍රිගෝර් ඔහුගේ දෑස යකඩ ද්වාරයට ලං කොට ඇයව තවත් හොදින් දැකගැනීමට වෙර දැරීය…
” උබ කොහොමද කෙල්ලේ මෙතනට ආවේ ” ඔහු රහසින් මෙන් කෙදිරීය..
” දේවස්තානයේ උමගින් පියතුමනි ” ඇය සෙමෙන් මිමිනීය….
ග්‍රිගෝර් දෑස් පොඩි කර ඇය දෙස බැලීය..
” තුර්කිෂ්වරුන් එම උමග පිලිබදව දන්නෙ නැතිවට සැකයක් නැත..
තතෙව් දේවස්තානයේ සිට අරෙනි ගම්මානය දක්වා කපා තිබූ උමන් පාර ක්‍රි පු 5වන ශතවර්ශයේ විසු අර්ශීර් රජුගේ කාලයේ පටන් තතෙව් සහා අරෙනි අතර රහස් ගමන් වලට යොදාගත් එකකි ..තතෙව් රාජධානියක්ව පැවති අතීතයේදී එය රජු විසින් අරෙනි වලින් රහස් අබුවන් ගෙනවිත් පල්ලියේ බිම් කාමරයේ සගවා තැබීය.
කෙසේ හෝ තුර්කින් කාන්තාවන්ව සිරකරන්නට ඇත්තේ එහිය… එම උමගේම එක් ද්වාරයක් තතෙව් පල්ලියේ අල්තාරය අසල ඇති කුඩා කුටියට වැටි තිබුනෙන් ඇය පල්ලියට තුලට එන්නට ඇත්තේ එහින්ය..
” ඇයි දරුවෝ උබලා කලින් ගියේ නැත්තේ ” ඔහු ඇසීය..
” අතදරු අම්මලාව යැව්වා පියතුමනි… ගැහැනුන් ටික නතර වුනා…සේරම ගියෝත් තුර්කීන් උමග ගැන දැනගන්නවා… අද රෑට ඉතිරී අය යනවා ” ඇය කීවාය.
එසේ කියු ඇය යකඩ ද්වාරය විවුර්ත කිරීමට තැනක් ඇත්දැයි බැලීය…එහි දමා තිබු යකඩ අගුල එහාට මෙහාට කැර්කූ ඇය වටපිට බැලුයේ තුර්කී සෙබලුන් අසල ඇත්දැයි දැනගැනීමටය ….
” උන් ඕක යතුරු දාලා දරුවා ..උබට මාව බේරගන්න බැහැ… උබ පලයන්… උන් කොහොමත් මාව මරනවා..මම දැන් වයසයි..උබ ඔය දරුවව බේරගනින් කෙල්ලේ… දැන් පලයන් හොද එකී වගේ..”
“ අන්තීමට වතාවට මේ විදියට හරි උබව දැකගත්ත එකට මට සතුටුයි…” ඔහු ඇයගේ හිස අත ගැවේය.. කුඩා දරුවාගේ නලලත ඇගිල්ලෙන් කුරුස ලකුන ඇදි ඔහු ” උබල දෙන්නටම දෙවියන්ගේ පිහිටයි ” යි කීහ..
එහෙත් සමගම වැරෙන් අල්වා සිටි යකඩ බදයෙන් ඔහුගේ අත ගිලිහි ගියෙන් ඔහුව බිම ඇද වැටින…
” පියතුමනි… ඔබ හාමතේ ඉන්නේ… අරෙනි වල සේනාවට අපි එකතු වෙනවා …කපාන් වලින් සේනාවක් අරෙනි වලට එනවා කියලා ආරන්චියි …ඒ සේනා දෙකම එකතුවුනොත් අපිට අරෙනි වලදී තුර්කීන්ව පරද්දන්න පුලුවන්…පියතුමා ජිවත්වෙන්න ඕනේ…අපි ආයේ එනකන් ජිවත්වෙන්න ඕනේ… ”
අර්මිනේ සිහින් හඩින් කෙදිරීය…ඇයගේ දෙනෙතින් රුරාවැටුනු කදුලු යකඩ ද්වාරය ඔස්සේ විත් පොලව තෙත් කෙරීය..
” නැහැ දරුවා .උන් මාව මරලා දානවා ” බිම වැටී සිටි ග්‍රිගෝර් කෙදිරීය…” මම මැරෙන්නට දුවේ යන්නේ…මම ඒක දන්නවා..තව පැය කිහිපයකින්ම මම දෙයියන් ලගට යනවා..උබ මෙතනින් පලයන්… අරෙනි වලට ගිහින් එතනිනුත් කපාන් වලටම පලයන් රත්තරන් …නැත්නම් උතුරට පලයන්.. කන්න බොන්න නැතිව සතියක් මම මේ විදියටවත් ජිවත්වුනේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් අන්තිම වතාවට හරි උබව බලාගන්න වෙන්න ඇති… . උබට දෙවියන්ගේ පිහිටයි…
මට කතා කරන්න බැහැ රත්තරන් දුවේ… ” ඔහු ගේ කටහඩ වෙව්ලීය…
ග්‍රිගෝර් දැස වසාගත්තේය.
“ පියතුමනි… ඇස් හරින්න … ඇස් හරින්න..” අර්මිනේ ග්‍රිගෝර්ගේ උරහිසට තට්ටු කලේය. ග්‍රිගෝර් කතා කලේ නැත…
අර්මිනේ බිමට නැබුරු වී යකඩ කූරූ තුලින් අත යවා ඔහුගේ ලෝගුවෙන් ඇද ඔහුව තමන් වෙතට ගත්තාය…
” පියතුමනි ඇස් හරින්න…කරුනාකරලා ඇස් හරින්න ” ඇය කෙදීරීය… ඇයගේ දෑසීන් කදුලු කඩා වැටින… ඒ කදුලු යකඩ කුරු දිගේ ගොස් බිම වැටි සිටි ග්‍රිගෝගේ නලලට වැටින…
“පලයන් මගේ කෙල්ලේ ” දෑස විවුර්ත නොකරම ඔහු කෙදීරීය….
” බැහැ පියතුමනි ” ” ඔබ ජිවත්වෙන්න ඕනේ … මම පොරොන්දු වෙනවා මම ආයෙත් එනවා… ඔබ එතකන් ජිවත්වෙන්න ඕනේ.. ”
යකඩ කුරූ අතරින් ඇය පියාව තම තුරුලට ඇද ගත්තාය….
කුඩා දරුවාගේ මුවින් තන පුඩුව එලියට ගත් ඇය එය තම පියාගේ දෙතෝලතෙහි තැබීය..
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම්
මෙතැනින්
Comments
Post a Comment