අන්තීම අසාර්ථක මිනිහෙක්

මාචෙලෝ ආන්ද්‍රේ – අන්තීම අසාර්ථක මිනිහෙක් වෙලා හිටියා..

විවහයෙන් පසුවත් දරුවන් ලැබුනු පසුවත් සාර්ථකත්වය ඔහුට හීනයක් විතරක් වුනා..

” සල්ලි ගැන හිතන්න එපා… අපි තියෙන විදියට සතුටින් ජිවත්වෙමු…” ඔහුගේ බිරිද නාරා ඔහුට නිතරම කිව්වත් ඔහු ඒ ගැන සැලකුවේ නැහැ… ඔහුට තිබුනේ එකම අරමුනයි සාර්ථක වෙන්න…

කාලයක් උත්සහා කරලා කරලා අන්තීමේදී ඔහුට රජයේ රස්සාවක් ලැබුනා… ඒක තමයි ඔහුගේ සාර්තකත්වයේ මුල්ම අඩිතාලම වුනේ…ඔහු ඒ රස්සාව කරන ගමන්ම ලිපිකරු විභාගයට අයදුම් කලා… ඔහුව පාඨමාලවට තෝරා ගත්තා..

එදා හිදන් ඔහුගේ ජිවිතය පාඨමාලාවම විතරක් වුනා..

” නාරා..මොන දේ වුනත් මම මේකෙන් පාස් වෙනවා… ආයේ වෙන මුකුත් හිතන්නේ නැහැ ”

” එතකොට මමයි දරුවයි ගැනවත් හිතන්නේ නැද්ද ” නාරා වේදනාවෙන් යුතුව ඇසුවා

” එහෙම නෙමේ රත්තරන් ..ටික කාලයකට විතරයිනේ… ”

ඔහු පිලිතුරු දුන්නා…

ඔහු විභාගයෙන් ඉහලින්ම සමත් වුනා..මේ නිසාම ඔහුට රස්සාවෙන් උසස් වීමකුත් ලැබුනා..ඔහු එදා නිවසට ආවේ පුදුමාකාර සතුටකින්…

“ඇති යන්තම්…. දැන්වත් ඔයාට ටිකක් නිදහසේ ඉන්න පුලුවන් .. ” නාරා ඔහුව වැලද ගන්න ගමන් කිව්වා..

“පිස්සුද ..එහෙම කොහොමද… මේක පොඩි උසස් වීමක් විතරයි… මම හිතාගෙන ඉන්නේ ජේෂ්ට පාඨමාලවාවත් කරන්න..එතකොට මට අපේ අංශයේ ප්‍රධානියා වෙන්න පුලුවන් ..”

ඔහු ගත් කටටම කිව්වා…නාරාට කියන්න දෙයක් තිබුනේ නැහැ..ඇය කලේ සුසුම් ලන එක පමනයි..

එදා හිදන් මාචෙලෝ දෙවැනි පාඨමාලාව හැදැරුවා…ඔහු නාරා එක්කවත් දරුවා එක්කවත් වැඩිපුර කතා කලේ නැහැ…ගෙදරට ආපු හැටියෙම කලේ කාමරයට ගිහින් දොර වහගේන පාඨමාලාවේ වැඩකරන එක…

” ඔයා ඇයි අපිට මෙහෙම කරන්නේ මාචෙලෝ…මම ගැන හිතන්න ඕනේ නැහැ..අඩුම තරමින් දරුවා ගැනවත් හිතන්න ..” ඔහුගේ බිරිද දවසක් ඔහුට කිව්වා..

” නාරා… තව ටික දවසයිනේ..මේකෙන් පාස් වුනොත් මගේ පඩියත් වැඩිවෙනවා…දෙවැනි උසස් වීමට රජයෙන් ගෙයකුත් දෙනවා… ”

නාරා කටවහගෙන පැත්තකට වුනා..

මාචෙලෝ විභාගයෙන් සමත් වුනා…එහෙත් එක්කම රජයෙන් ඔහුට නිවසකුත් ලැබුනා… ඔහුට පුදුමාකාර සතුටක් දැනුනා..

ඔහු අලුත් ගෙදරට ගිය මුල්ම දවසේ ඔහුගේ දරුවව වැලද ගත්තා…

” ඔන්න පුතේ දැන් අපිට අලුත් ගෙයක් තියෙනවා..”  ඔහු දරුවට කිව්වා…එහෙත් දරුවා ඒක ගනනකට ගත්තේ නැහැ…

ඔහු මාචෙලෝව තල්ලු කරලා එතනින් යන්නට ගියා…

” මේ ලමයට මොකද වෙලා තියෙන්නේ…මෙච්චර සතුටු දවසකවත් මේ ලමයට සතුටු වෙන්න බැරිද ..”

“නැහැ මාචෙලෝ ..ඔයා දරුවව වැලද ගත්තේ අවුරුදු කීයකට පස්සෙද…පුතාට දුක හිතෙන්න ඇති.. ” නාරා ඔහුට කිව්වා..

” හරි අපි ඒවා අමතක කරමු..ඔයාට දැන් ගෙයක් තියෙනවා… හොද රස්සාවක් තියෙනවා… අද ඉදන්වත් අපිත් එක්ක කාලය ගත කරන්න… පුතාත් ඔයත් එක්ක හරිම අමනාපෙන් ඉන්නේ ඔයා එයත් එක්ක කතා කරන්නේ නැති එකට …

” පිස්සුද නාරා..මේ මම පටන් ගත්තා විතරයි..ඔයා දන්නවද අපේ ලොක්කගේ පඩිය කීයද කියලා…ඒයාගේ මාසේ පඩිය මම දැන් හම්බුකරන ගානට වඩා දෙගුනයකටත් වැඩියි.. “.. ” මම තව විභාගයක් ඉවර කලානම් එයාගේ තැනටත් යන්න පුලුවන්..අපි අලුත්ම වහානයක් ගන්න ඕනේ මම දැන් ඉන්න පෝස්ට් එකත් එක්ක බස් වල යන්නත් බැහැනේ…. ” ඔහු සිනාසෙමින් නාරාට කිව්වා

කලින් වගේමයි වෙනසක් වුනේ නැහැ… මාචෙලෝ රස්සාවට ගිහින් ඇවිත් කෙලින්ම යන්නේ කාමරයට….නාරා , දරුවා කිසි දෙයක් ගැන ඔහුට සැලකිල්ලක් නැති වුනා…රෑ එලි වෙනකන් පාඨමාලාවේ වැඩ කලා…

නයිරට මේ දේවල් හූලන්නම බැරි තැන නයිරා දරුවවත් අරගෙන එයාගේ ගෙදරට ගියා..එහෙත් මාචෙලෝට ඒක ඒ තරම් ගානක් ගියේවත් නැහැ..

” මේ ගැනීට පිස්සු…මෙච්චර ලොකු ගෙයක් දාලා අර දුප්පත් අම්මට වද දෙන්න ඒ මනුස්සයගේ ගෙදරට ගියානේ… කමක් නැහැ…. තව ටික දවසකින් දුක් විදලා එපා වුනාම ආයේ එයි… ” ඔහු හිතුවා..

අවුරුදු කීහිපයක්ම ගෙවිලා ගියා… නාරා කවදාවත්ම නිවසට ආවේ නැහැ… මාචෙලෝ අලුත්ම කාර් එකක් අරගත්තා… තව තවත් පාඪමාලා කරමින් ඉහලටම ගියා… දවසක් ඔහු අලුත්ම කාර් එක පෙන්නන්නත් එක්ක නාරා ජීවත් වුනු දුප්පත් ගෙදරට ගියා..

ඔහුගේ පුතා ඔහුව දැක්ක හැටියෙම මග හැරියා…

” පිස්සු නැතුව එන්න යන්න… මේ ගුබ්බැයමේ ඉන්නේ දරුවත් එක්ක මටත් ලැජ්ජයි.. ” ඔහු නාරාට කිව්වා..

” නැහැ…අපේ පුතා දැන් රස්සාවක් කරනවා..එයාගේ සල්ලි වලින් අපිට ජිවත් වෙන්න පුලුවන්…ඔයාගේ උදව් ඕනේ වෙන්නේ නැහැ.. ඔයාගේ පාඪමාලා ඉවරද ?

මාචෙලෝ ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා…ඔහු කල්පනා කරලා මෙහෙම කිව්වා

” පිස්සුද නාරා.. ඔයා දන්නවද මම දැන් සම්පූර්න කොම්පැනියක්ම පාලනය කරනවා..තව ටික දවසකින් ඩිරෙක්ට බෝඩ් එකටත් යන්නයි ඉන්නේ…. පාඪමාලා නිසානේ මේ හැම දේම… ඒක නවත්තලා කොහොමද… ”

ඒ කතාව ඇහුනා විතරයි නාරාට තරහා ගිහින් දෝර වහගත්තා…

මාචෙලෝ අවුරුදු කිහිපයකින්ම ආයතන කීහිපයකම ප්‍රධානියා බවට පත් වුනා… ඔහු විශ්‍රාම යන වයසත් ආවා…. විශ්‍රාම යද්දී ඔහුට හැමදේම තිබුනා – සතුට හැරෙන්න…

ඔහු විශ්‍රාම ගිය දවසේ රාත්‍රියේ, ඔහු ඔහුගේ ජීවීතය ගැනම කල්පනා කලා..

” මට හැමදේම ලැබුනා…. එහෙත් දරුවත් ..නාරාත් අවුරුදු 30ක්ම මගෙන් වෙන්වුනා… මට සල්ලි ලැබුනත් ජිවිතේ තිබුනු සතුට සම්පූර්නයෙන්ම මගෙන් ඇත් වෙලා ගියා… දැන් මට සල්ලි තියෙනවා..මම බලාපොරොත්තු වුනු හැම දේමත් තියෙනවා… අද ඉදන් විශ්‍රාම යන නිසා දරුවත් බිරිදත් එක්ක ජිවත්වෙන්නත් ඇති වෙන්න කාලය ලැබෙනවා… ඒ නිසා හෙටම ගිහින් නාරවයි පුතාවයි එක්ක එන්න ඕනේ…දැන් විශ්‍රාම ගිහින් නිසා එයාලා අනිවාර්යෙන්ම ඒවී… ඔහුගේ මුහුනින් සිනා රෑල්ලක් මතුවුනා.. ” හැමදේම හරියයි… නැතිවෙච්ච සතුට ආයෙමත් මගේ ජීවිතේට ඒවී ”

ඔහු එදා රාත්‍රීයේ නිදාගත්තේ හෙට ඉදන් ජීවීතයේ නැතිවෙලා ගිය සතුට ආයෙත් ගන්න හිතාගෙන… එහෙත් ඒ ඔහුගේ අන්තීම නින්ද විත්තිය ඔහු දැනගෙන හිටියේ නැහැ… එදින රාත්‍රීයේම ඔහු මියගොස් සිටියා…

 

මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර  කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්

2018 © මුතුමුදලිගේ නිශ්ශංක


ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න