එකසිය පහේ හාස්කම
හාස්කම් ගැන ඔයාලත් අහලා ඇති…මේකත් ඒ වගේ අපුරූ හාස්කමක්..අදටත් හලාබ්යාන් වීදියේ මේ හාස්කම ප්‍රසිද්ධයි
” එකසිය පහේ හාස්කම ” විදියට…
හලාබ්යාන් විදිය කෙලවරේම තිබුනු පුංචි නිවසක සොෆී වාසය කලා…එයාගේ අම්මයි තාත්තයි ගොඩක් දුප්පත් අය..කොයිතරම් දුප්පත්ද කියනවනම් ඒ අය ජිවත් වුනු පුංචි ගෙදර අවුරුදු කිහිපයකින්ම පිලිසකර කරලත් තිබ්බේ නැහැ.
සොෆීට පුංචි මල්ලි කෙනෙක් හිටියා..” ආර්චී ” … එයාට මොකක්ද අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ නවත්තලයි හිටියේ… ” ආර්චී ” නැති නිසා සොෆිටත් හරිම පාලුයි….මේ සිද්ධිය සිද්ධ වෙන දවසේ එයා තනියෙම ගෙදර සෙල්ලන් කරමින් හිටියේ…
අම්මයි තාත්තයි එදා ගෙදරට ආවේ හරිම හදිස්සියෙන්..ඒ වගේම හරිම හිත් වේදනාවකින්…. ගෙදරට ආපු හැටියෙම ඒ දෙන්නා කාමරයේ තිබුනු අල්මාරිය අවුස්සන්න ගත්තා….සොෆී ඒ සේරම ඇතට වෙලා බලාගෙන හිටියේ…
අල්මාරිය අවුස්සලා සල්ලී කොල කිහිපයක් අතට ගත්ත අම්මයි තාත්තයි ඇදේ හිදගත්තා….
” අපිට තියෙන්නේ මෙච්චරයි ” … ” අපි කොහොමද මේ සොච්චමෙන් අපේ දරුවව බේරගන්නේ…සොෆීගේ අම්මා තාත්තගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්තා…
” දොස්තර කිව්ව විදියට ලුසී … පුතාගේ මොලේ සැත්කම කරන්න ඩ්‍රාම් පන්දාහක් යනවා….අපි මේ ජිවත් වෙලා ඉන්න ගේ වික්කත් අපිට ඒ තරම් ගානක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ…. ”
සොෆී අම්මා අඩනවා බලාගෙන හිටියා… සොෆීටත් ගොඩක් දුක හිතුනා…මල්ලිට මොකක් හරි ලොකු කරදරයක් වෙලා වගේ… අම්මයි තාත්තයි මේ තරම් වේදනාවකින් ඉන්නවා සොෆී කවදාවත්ම දැකලා නැහැ…
” හාස්කමකට විතරයි අපේ පුතාව බේරගන්න පුලුවන් … ”
සොෆීගේ තාත්තා කියනවා සොෆීට ඇහුනා…
” හාස්කමක්” ඒක කොහොමද ගන්න පුලුවන් ….සොෆී කල්පනා කලා…ඒක අසනීපයකට දෙන බෙහෙතක් වෙන්න ඇති…ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ තියෙන් ෆාමසියෙන් මට ඒ බෙහෙත ගන්න පුලුවන් වෙයි …. සොෆී හිතුවා…
සොෆී එයාගේ පුංචි කෑටයේ තිබුනු සල්ලි සේරම ටික එලියට ගත්තා… ඒවා එකින් එක ගනන් කලා
” ඩ්‍රාම් එකසිය පහයි ” සමහරක් වෙලාවට මේක හාස්කමක් ගන්න වැඩිත් වෙයි…
එයගේ අම්මයි තාත්තයි කාමරයේ කල්පනා කරමින් හිටියේ..පුංචි සොෆී පවුම් එකසිය පහත් අරගෙන පාර පැනලා එහා පැත්තේ තිබුනු ෆාමසියට ගියා…
ෆාමසියට ගිය සොෆී වටපිට බැලුවා…ෆාමසියේ කවුරුවත්ම නැහැ… හාස්කම් විකුනන කෙනා කොයේ ගිහින්ද සොෆී කල්පනා කලා…
ෆාමසියේ බෙහෙත් දාලා තිබුන ලොකු වීදුරුවට එයා කාසියකින් තට්ටු කලා…එහෙත් කවුරුවත්ම ආවේ නැහැ…තවත් පාරක් තට්ටු කලා..එහෙත් කවුරුවත් නැහැ…දැන් සොෆීට ටිකක් තරහත් එක්ක…එයා ආයෙත් තට්ටු කරන්න හැදුවා විතරයි ෆාමසියේ තිබුනු පුංචි කාමරයක ඉදන් වයසක කෙනෙක් එලියට ආවා…
” මේ ලමයට මොනවද ඕනේ ” ඔහු ටිකක් සද්දෙන් ඇහුවා….” මම මේ මගේ මල්ලිත් එක්ක බොහොම වැදගත් දෙයක් ගැන කතා කරමින් හිටියේ.. ” ඔහු කිව්වා
” මට හාස්කමක් ගන්න ඕනේ ” ෆොෆී හිමිහිට මිමිනුවා…
” මොකක් .. ”
” හාස්කමක් ගන්න ඕනේ ” සොෆී ආයෙමත් කිව්වා.
අර වයසක පුද්ගලයා සොෆී දිහා විශ්මයෙන් වගේ බැලුවා… එහෙත් එක්කම අර කාමරයේ ඉදලම තවත් කෙනෙක් එලියට ආවා.. හැබැයි එයානම් ලස්සනට ඇද පැලදගෙන හිටියේ…
“මට හාස්කමක් ගන්න ඕනේ ” සොෆී ආයෙමත් මිමිනුවා…
” ඔය දරුවට ඇයි හාස්කමක් ගන්න ඕනේ ” අර හොදට ඇද පැලදගෙන හිටිය කෙනා සොෆිගෙන් ඇහැව්වා…
” මගේ මල්ලි ඉස්පිරිතාලේ…එයාව සනීප කරගන්න ” සොෆී කිව්වා…
“ඇයි මල්ලිට මොකක් වෙලාද ”
” එයාට මොලේ සැත්කමක් තියෙනවලු …තාත්තා අම්මට කිව්වා හාස්කමකට විතරයි මල්ලිව බේරගන්න පුලුවන් කියලා ”
අර හොදට ඇද පැලදගෙන සීටි පුද්ගලයා සොෆි දිහා බොහොම කරුනාවන්ත විදියට බැලුවා…
” හැබැයි හාස්කමක් නම් ටිකක් ගනන් වැඩියි ” ඔහු පුංචි සිනහවකුත් එක්ක සොෆීට කිව්වා ..
” ඩ්‍රාම් එකසිය පහක් ඇතිවෙයිද ”
සොෆී එයාගේ අතේ තිබුනු කාසි ටික ඔහුගේ ඉදිරියෙන් තිබ්බා…
ඒ කාසි ටික ගනන් කරලා අර පුද්ගලයා ඒ ටික එයාගේ සාක්කුවට දා ගත්තා…
” හ්මී..එකසිය පහක් නම් ඕනැවටත් වැඩියි ” ” දැන් දුවට පුලුවන්ද මාව දුවගේ ගෙදරට ගෙනියන්න ” …. ඔහු තමාගේ කෝට් කබාය දා ගන්න ගමන් සොෆීට කිව්වා…
එදා ෆාමසියේදි සොෆීට හමුවුන කෙනා තමයි යෙරෙවානයේ හිටපු හොදම විශේෂඥ වෛද්‍යවරයා … එයා සොෆීගේ මල්ලිගේ සැත්කම එයාලට නොමිලේම කරලා දුන්නා…ඊට සති කිහිපයකට පස්සේ සොෆීගේ මල්ලිත් සනීප වෙලා ගෙදරට ආවා…සොෆීටත් හරිම සන්තෝෂයි…
” මේක නම් ඇත්තටම හාස්කමක් ” මල්ලි සනීප වෙලා ගෙදර ආපු දවසේ සොෆීගේ තාත්තා අම්මවයි මල්ලිවයි සොෆීවයි තුරුලු කරගෙන මිමිනුවා….
සොෆී හිනාවුනා… මොකද එයා දන්නවනේ ඒ හාස්කම රුපියල් එකසිය පහක් විත්තිය.
පසුවදන – මෙම කතාව මා මිත්‍ර නිරෝෂන් කිරිවැල්ල මාහට මුලින්ම එවපු දවසේ මම එය මගේ යූ ටියුබ් චැනලයට විඩීයෝවක් විදියට නිර්මානය කලා.ඒ වීඩීයෝවට සැහෙන ප්‍රතිචාර ලැබුනා.. ඉතින් ඒකමයි මම මේ පුංචි එහෙත් අපූරූ කතාව , කෙටිකතාවක් විදියටත් නිර්මානය කලේ.
පුංචි දරුවන්ගේ හිත් පුංචි වුනාට ඒ සිතුවිලි වල පුදූමාකාර ශක්තියක් තියෙනවා..සමහර විට වැඩිහිටි අපිටත් වඩා ඒ පුංචි හිත් ගොඩක් ශක්තිමත්.මේ පොතේම ඇති ” පුංචි බෙන් ” කතාවෙනුත් මෙම කතාවෙනුත් ඒ ශක්තිය ඔබත් විදින්නට ඇතැයි මා විශ්වාස කරනවා…
මෙය ලස්සන කෙටි කතා 50ක් පොතේ පලවූ කතාවක් වන අතර කතෘ ගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ යලි පල කිරීම තහනම්
2018 © මුතුමුදලිගේ නිශ්ශංක
ඔබේ කතාවත් පොත්මී වෙබ් අඩවියට එවන්න, මිලියන ගනනක් වූ පොත් මී රසිකයන් වෙනුවෙන් එම කතාවත් පලකිරීමට අප සූදානම් මෙතැනින්
Comments
Post a Comment