ජීවීතයම වෙනස් කල සිනහවක්
මගේ ජීවීතේ ගොඩක් ප්‍රශ්න තිබුන කාලයක් තිබුනා.රස්සාවක් නැතිව මම බොහෝම කාලයක් දුක්වින්දා.ඒ අතරදි මට බොහෝම පොඩි රස්සාවක් ලැබුනා කැෂියර් කෙනෙක් විදියට රෙස්ටුරන්ට් එකක..
මගේ අධයාපන සුදුසු කම් එක්ක ඒක හරිම පොඩි රස්සාවක්.ඒ නිසාම මගේ හිතේ ඒ ගැන ලොකු සතුටක් තිබුනේ නැහැ…කොටින්ම මම කැෂියර් රස්සාව කලෙත් වැඩි කැමැත්තකින් නෙමෙයි…
කැෂියර් කෙනෙක් වුනාම කවුන්ටරයට එන මිනිස්සු එක්ක හිනා වෙන්න ඕනේ..සුහදව කතා කරන්න ඕනේ..එහෙත් මම ඒ කිසි දෙයක් කලේ නැහැ..කොටින්ම එහෙම දෙයක් කරන්න මට ඕනේ කමක් තිබුනෙත් නැහැ.මේ නිසාම මගෙත් එක්ක වැඩ කරපු අය පවා මං ගැන පැමිනිලි කලා…
” කවුන්ටරේ ඉන්නවා..මුහුනේ හිනාවක් තියා මුකුත්ම නැහැ.. මිනිස්සුන්ටත් එපා වෙනවා ආයෙත් මෙතන්ට කන්න එන්න.. ”
ගොඩක් අය එහෙම කිව්වා. මම ඒ සේරම ඉවසගෙන හිටියා..මට වෙනස් වෙන්න ඕනේ කමක් තිබුනෙත් නැහැ..කොහොමත් වැඩි කාලයක් මේ රස්සාව කරන්නේ නැහැ කියලා මම තීරනය කරලයි තිබුනේ.
එක දවසක් ලස්සන සිදුවීමක් සිදුවුනා… පුංචි ගැහැනු ලමයෙන් අපේ රෙස්ටුරන්ට් එකට ආවා.එයා රෝද පුටුවක හිටියේ..එයාගේ කකුල් දෙකම නැහැ… වයස අවුරුදු 10ක් විතර ඇති…එයාගේ අම්මා රෝද පුටුවත් තල්ලු කරගෙන එයාව රෙස්ටුරන්ට් එකට එක්ක ආවා…
එයා කැෂියර් එක ලගට ආවම මම පුදුමයෙන් වගේ කකුල් දෙකම නැති මේ පුංචි දරුවා දිහා බලාගෙන හිටියා..
” සුබ උදැසනක් නැන්දේ ” එයා හරිම ලස්සනට හිනාවෙලා මට කිව්වා..ඇත්තටම හිනාවෙද්දී මේ පුංචි කෙල්ලගේ මුහුනේ පුදුමාකාර ලස්සනක් තිබ්බේ….ඒ සිනහව මගේ මුලු හදවතටම වැදුනා වගේ වුනා…
එදා මුලු දවසම මගේ හිතේ තිබුනේ කකුල් දෙකම නැති ඒ පුංචි කෙල්ලගේ සිනහව..
කකුල් දෙකම නැතත්..ගොඩක් මිනිස්සුන් ලග නැති හරිම සුන්දර දෙයක් මේ පුංචි දැරිවිය ලග තිබ්බා නේද කියලා මට හිතුනා..
” සිනහව”
ඒ සිනහව මගේ මුලු දවසම ලස්සන කලා.හිතට පුදුමාකාර දෛහිර්යක් අරගෙන ආවා…
මට මං ගැනම ලැජ්ජා හිතුනා..මට මොනවද නැත්තේ..මට හැමදේම තියෙනවා..අංග සම්පූර්න ශරීරයකුත් , ලස්සන රූපයකුත් තියෙනවා..එහෙත් මම ඇයි හිනා නොවෙන්නේ….
ඒ පුංචි කෙල්ලගේ සිනහවට මගේ සිත මේ තරම් අලෝකමත් කරන්න පුලුවන්නම් මගේ සිනහවටත් ගොඩක් මිනිස්සුන්ගේ සිත් සතුටු කරන්න පුලුවන් වේවී.
මම එදාම තීරනයකට ආවා..ජීවීතේ මොන ප්‍රශ්න ආවත් හිනා වෙලා ඉන්න.
මම එදා හිදන් කැෂියර් එක ලගට එන හැම කෙනාත් එක්කම හිනා වුනා…බොහෝම හිතවත්ව ඔහුන් හැමෝවම පිලිගත්තා..ටිකෙන් ටික ගොඩක් අය මගෙත් එක්ක හිතවත් වුනා. දවසක් රෙස්ටුරන්ට් එකට ආපු අය ඊලග දවසෙත් අනිවාර්යෙන්ම ආවා…මගෙත් එක්ක වැඩ කරන අය පවා මට ගොඩක් සමීප වුනා..
ටික කාලෙකින් මට රස්සාවෙන් උසස් වීමක් ලැබුනා…මම ඒ රස්සාවෙන් අස් වුනේ නැහැ…. අද මම ඒ රස්සාවෙම ගොඩක් හොද තත්වෙක ඉන්නවා..
එකම එක සිනහවක් මගේ මුළු ජීවිතයම වෙනස් කලා…
– මුතුමුදලිගේ නිශ්ශංකගේ කෙටි කතාවක්
2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්
පසුවදන – තව කෙනෙකු වෙනුවෙන් නොමිලේම දෙන්න පුලුවන් හිතාමත් සුන්දර දෙයක් අපි හැමෝම ලග තියෙනවා…ඒ තමයි සිනහව , එහෙත් අපේ තියෙන ආඩම්බර කමට, මහන්තත්ත උඩගුකමට අපි සිනහව හංග ගන්නවා…
සිනහවකට තවත් කෙනෙකුගේ මොහොතක් , දවසක් නැත්නම් ජීවීතයමත් සුන්දර කරන්න පුලුවන්නම් , ඔබ තවත් එය නොදී ඉන්නවාද ?
Comments
Post a Comment