අරාරත් කදුපාමුල හෙලූ අවසන් හුස්ම පොද

 

Under the Ararat Mountain - Short story by Muthumudalige Nissanka

මම උබට වෛර කරනවා,මගේ මුලු ආත්මෙම වෛර කරනවා

දික්කසාදයට අත්සන් කොට එලියට පැමිනි අමේලීයා ලුවිස් තමන්ගේ අත පපුවට තබා ගනිමින් සිමියොන් ඉදිරියේ ප්‍රකාශ කලාය.සිමියොන් මුකුත් කීවේ නැත…මොහොතක් නිහඩව සිට දික්කසාද කාර්යාලයේ පඩිපෙල දිගේ පහතට පැමිනි ඔහු යලිත් අමේලීයා දෙස හැරී බලා

” ඔයා තවත් කසාදයක් කරගන්න…හොදින් ඉන්න ” කියා කාරයේ නැගී යන්නට ගියේය…

සිමියොනුත් අමේලීයාත් අතර වූ ජවනිකාව එසේ අවසන් විය.සිමියොන් ගේ කාරය ඊලගට කෙලින්ම නැවතුනේ ගුවන් ටිකට් පත් කාර්යාලය ලගයි…ලගම ඇති දිනයකට ජර්මනියට ඔහු ගුවන් ගමන් බලපත්‍රයක් වෙන් කරගත්තේය… ඒ හෙට විත් මුදල් ගෙවන පොරොන්දුව පිටය.

 

සිමියොන් සහා අමේලීයා ලුවිස් විවහා වී වසර දහයක් පමන ගත වී තිබුනත් ඔහුන්ට දරුවන් සිටියේ නැත.සිමියොන්ට කිසිම දිනෙක ලොකු පවුල් බරක් නොවීය.එහෙත් මෙහි අවසානය දික්කසාදයකින් තීරනය විය යුතු යැයි ඔහු මීට මාස කිහිපයකට පෙර නිශ්චිතවම තීරනය කලේය…

ගුවන් ටිකට් පත් කාර්යාලයෙන් ඉවතට පැමිනි ඔහු ඔපේරා හන්දිය හරහා ඒ අසලම ඇති ආදරවන්තයින්ගේ උයන අසල තම කාරය නැවත්විය.

එය “ආදරවන්තයින්ගේ උයන” ලෙස හැදින්වුයේ ආදරවන්තයින් වෙනුවෙන් පමනක් එය වෙන් කොට තිබුනු නිසාය….

සීතල දෙසැම්බරයේ නත්තල් දිනයට පලමු දින ඔහු එම උයනේ ඇවිදිමින් සිටියේය…මුලු උයනම සුදු පැහැ හිම වලින් නැහැවී තිබින.ඔහු එදා උයනට පැමිනියේ ඇයි දැයි ඔහුට නිශ්චිතවම මතකයක් නැත.දෙයිවය එය තීරනය කරන්නට ඇතැයි ඔහු සිතීය… එදා උයනේ මිනිස් පුලුටක්වත් නොසිටි දිනයකි…සීතල හිමෙන් පිරී ගිය දිනක උනුහුමට ගුලි වෙමින් නිවෙස් වලට සිටිනවා හැරෙන්නට ආදරවන්තයින් මෙම උයනට පැමිනෙන්නේ අල්ප වශයෙනි.

 

උයනේ කුඩා මන්තීරුවක ඇවිදිමින් පැමිනි ඔහුගේ දෙනෙත ඇතින් එන රුවක් ලග නැවතින. ඔහු යන මන්තීරුව දිගේම එම රුවත් ඇතින් කෙමෙන් කෙමෙන් ඔහුට ලන් විය.ඒ තබ කෑරලි සහිත කොන්ඩයකින් යුත් තරුනියකි..සිහින් සිරෑරකින් යුක්ත වූ ඇය වැඩි උසක් ඇති කෙනෙකු නොවීය…සිමියොන්ගේ මුලු සිතම ඇය වෙත ගොස් ඇත…කිසිවෙකුත් නැති උයනේ තනියෙම ඇවිදින ඇය කවුද ?

ඇය ලංවත්න් සිමියොන් ඇය දෙස වඩාත් විමසිලිමත්ව බැලීය…ඇය ඇයගේ විශාල නිල් දෙනෙත් වලින් හොරෙන් සිමියොන් දෙස බැල්මක් හෙලීය.ඒ බැල්ම සිමියෝන්ගේ හදවත ගැබුරමට කිදා බැස ගියේය…මිදී ගොස් අයිස් බවට පත්වී ඇති හිම මත ඔහුව ඇදගෙන වැටින. ඇය දුවගෙන විත් ඔහුට නැගිටින්නට උදව් කලාය.අමේලීයා ලුවිස් සහා සිමියෝන් ඩේවිඩ් ගේ මුනගැසීම ඒ ආකාරයෙන් සිදුවිය…. ඒ වසර 10 කටත් පෙරය.

උයන දෙසබලා සිටි සිමියොන්ගේ මනස තුල ඒ සිදුවීම් සියල්ලම චිත්‍රපටයක් සේ එකින් එක හැදී ගියේය…ඔහු තරම් අමේලීයාට ආදරය කරන්නෙකු මේ ලොව නැත.ඔහුට එය ඒකාන්තය…එහෙත් ඇයට හදවතින්ම ආදරය කරන කෙනෙකු සමග ඇයට යලිත් විවහා වීමට ලැබෙවායි ඔහු ප්‍රාර්ථනා කලේය.ඔහුගේ දෑසට කදුලක් කඩා වැටින…වහානය පනගැන්වු ඔහු එතැනින් නික්ම ගියේය…

ඊට පසු දින ඔහුට දුරකතන ඇමතුමක් ලැබින ..ඒ සුසාන භූමියේ සේවකයෙක්ගෙනි “මහත්තයා කිව්ව විදියටම වැඩේ කරලා තියෙන්නේ … ඇවිත් බලන්න පුලුවන් ” ඔහු කීවේය..

” හරි අද හවසට එන්නම් ” කියු සිමියොන් දුරකතනය විසන්දි කලේය.

 

ඔහු සුසානයට ගියේ හවස කලුවර වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය..සුසානයේ වැඩ සියල්ල අවසන් වී ඇත… මෙය නිතයානුකූල වැඩක් නොවු නිසා ඔහු සොහොන් පල්ලට අමතර ගාස්තුවක්ද ගෙවීය..

සියල්ලම ඔහු සැලසුම් කරගත් අයුරින්ම අවසන් වී ඇත… සොහොන් කොත ඉදිරියේ සිට ඔහු හිස ඔසවා ඔහුගේ දෙනෙත් ඉදිරියෙන් විරාජමානව නැගි සිටින දැවැන්න්ත අරාරාත් කදු පන්තිය දෙස බැලීය…. රාත්‍රී අන්දකාරයත් සමග එය චායාවක් සේ මුලු අහස් තලයම වසා පැතිරී ඇත….මේ සොබාදහමේ විශිෂ්ටතම නිර්මානයයි… බයිබලයේ සදහන් වන ආකාරයට මහ ජලගැන්මෙන් පසු නෝවාගේ නැව නැවතුනේ අරාරාත් කදු මුදුනේය…මෙම සොහොන නිර්මානය කර තිබුනේ හරියටම අරාරාත් කදු පන්තිය පාමුල පිහිටි අරාරාත් නම් වූ සෝහොන් බිම තුලමය… සොහොන් පල්ලාට ස්තුති කල ඔහු එතැනින් නික්ම ගියේය…

 

එදිනම රාත්‍රියේ සිමියොන්ට අවසන් කිරීමට තවත් වැඩක් ඇත… සොහොන් බිමෙන් එන අතර තුරම ඔහු අරෙන් ට දුරකතන ඇමතුම් ගෙන ඔහු දැන්නම අර්ජූත් වෙත එන බව ඔහුට දැනුම් දුන්නේය..

කදු දෙකක් අතර පිහිටි නගරය යන අර්ථයෙන් එය අර්ජූත් ලෙස හැදින්විය.වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම එය හිතාමත් දැකුම්කලු නරගයකි.නගරයේ සිට පැය දෙකක් දුරින් පිහිටි අර්ජූත් වෙත යාමට ඔහු ඒ මොහොතේම පිටත් විය…

අරෙන් යනු අමේලීයාගේම සහෝදරයෙකි..නැකමටත් වඩා ඔහු සිමියොන්ට හිතාමත් ලග මිත්‍රයෙකු විය… අරෙන් විවහා වී දරුවන්ද සිටි අතර ඔහු තම බිරිදගේ ගම වූ අර්ජූත් වල ජිවත් විය…

එදින රාත්‍රියේ අර්ජූත් වල පිහිටි කුඩා ආපනශාලාවක ඔහුන් හමුවීමට තීරනය කොට ඇත…. තමා කරන්නට යන කටයුත්තෙ බරපතල කම නිසාම ඔහුන් නිවසින් පිට තැනක් මේ සදහා ඔහුන් සුදානම් කොට තිබින… මේ කරන්නට යන කිසිවක් අමේලීයා හෝ අරෙන්ගේ බිරිද දැනගත යුතු නැත..ඒ නිසා මේ සියල්ලම රහසිගතව හමාරවිය යුතුය….

සිමියොන්ව දුටු අරෙන් ඔහුව වැලද ගත්තේය…

” නංගී මට කෝල් කලා ..එයා ගොඩක් දුකින් ඉන්නේ ..” අරෙන් පැවසීය. සිමියොන් දිගුසුසුමක් හෙලීය…

ඔහු දෙස බලා සිටි අරෙන් ” දැන් සේරම හරිද” යි ඇසීය…

” ඔව් අද සොහොනේ වැඩ ඉවර කලා…” කී සිමියොන් ඔහුගේ සාක්කුවෙන් ලියුම් කවර දෙකක් ගෙන එකක් අරෙන් ඉදිරියෙන් තැබිය..

” උබට ඕක ඕනේ වෙයි ”

එහි ඇත්තේ කුමක් දැයි අරෙන් හොදාකාරවම දනී.එය කිහිප වරක්ම ඔහු ප්‍රතික්ෂේප කොට තිබින

“එපා මගේ ලග සල්ලි තියෙනවා ” කී ඔහු එය යලිත් සිමියොන් දෙසටම තල්ලු කලේය…

” නැහැ අරෙන් කරුනාකරලා මේක ගන්න .නැත්නම් මට සැනසිල්ලක් ලැබෙන එකක් නැහැ…මම සැලසුම් කරපු විදියටම මේ හැමදෙයක්ම සිද්ද වෙන්න ඕනේ ” කී ඔහු එය යලිත් අරෙන් දෙසටම තල්ලු කලේය… සුසුමක් හෙලූ අරෙන් සිමියොන් දෙස මොහොතක් බලාසිට එය ගෙන කෝට් සාක්කුවේ දාගත්තේය.

සිමියොන් ඔහු දෙස බලා මද සිනාවක් නැගීය. ඉන්පසුව තම අනිත් ලියුම් කවරයද ගත් ඔහු එය අරෙන්ට දිගු කොට මෙසේ පැවසීය

” මේක අන්නට දෙන්න … උබ දන්නවා කවද්ද කියලා ”

මධයම රාත්‍රියත් නික්මී තිබින… ඔහුගේ සංවාදයේ අවසානයට පැමිනි විට සිමියොන් නැගින අරෙන්ව තරයේ වැලද ගත්තේය.

” එහෙනම් මේක ඉවර වෙන්නේ මේ විදියටද සිමියෝන් ” අරෙන් ගේ දැසින් කදුලු කෑටයක් විත් පොලොවට වැටින…

” අමේලීයා වෙනුවෙන් ” සිමියෝන් අරෙන් ව යලිත් වැලද ගනිම්න් පැවසීය… ඒ වැලද ගැනීම විනාඩි කිහිපයක් පුරා තිබූ උනුසුම් වැලද ගැනීමක් විය.ඒ තමන්ගේ අවසන් වැලදගැනීම යැයි ඔහුන් දෙදෙනාම දැන සිටියේය…

 

පසු දින අමේලීයා ලුවිස්ට ගුවන් ගමන් කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබින..

සිමියොන් ඩේව්ඩ් මහත්තයා එක්ක කතා කරන්න පුලුවන්ද ”

” එයා දැන් මේ නැහැ ” අමේලීයා පිලිතුරු දුන්නාය..

” හා සමාවෙන්න… ටිකට් එකේ තියෙන්න මේ අංකය ඒකයි මේකට කෝල් කලේ”

” ටිකට් එකේ ”

” ඔව් ගුවන් ටිකට් එකේ ”

අමේලීයාගේ සිරෑර තරහින් වෙවුලා ගියේය ….

” සිමියොන් කියලා කෙනෙක් නැහැ ” කියු ඇය රිසිවරය බිත්තියට දමා ගැසීය.

 

සිමියොන් ඊලගට එලබෙන සියලුම දවස් වෙන් කොට තිබුනේ රෝහල වෙනුවෙනි..පසු දිනම රෝහලට ගිය ඔහු තමන්ගේ වෛද්‍යවරයා හමුවිය…

“එහෙනම් සේරම ලැස්තිද සිමියොන් “වෛද්‍යවරයා ඇසීය…

සිමියොන් හිස සොලවා ඊට පිලිතුරු දුන්නේය.

ඔහු දෙය මොහොතක් බලාසිටි වෛද්‍යවරයා ” සිමියොන් උබ මේ කරන්නේ මේ ලෝකේ කවුරුවත් කරන්නේ නැති දෙයක්..එහෙත් උබේ කෑමැත්ත ඒකනම් ඒක ඒ විදියටම සිද්ද වේවී… ” යැයි පැවසීය…

” ස්තුතියි ඩොක්ටර් ” සිමියොන් පිලිතුරු දුන්නේය..

 

ඒ ඔහුගේ සැලැස්මේ අවසන් පියවරයි…

 

මේ අන්ඩරදෙමලය කුමක්දැයි ඔබට දැන් සිතනවා නොඅනුමානය… එය හරිහැටි පැවසිමටනම් අප යලිත් කතාවේ මුලට යායුතුය…

සිමියොන්ගේ ජිවිතයේ ඔහුගේ ජිවිතයම වෙනස් කල දෛවෝපගත සිදුවීම් දෙකක් ඇත… එකක් නම් අමේලීයාගේ ආදරයයි…. (අමේලීයා ලුවිස් සහා සිමියොන් ඩේවිඩ් හමුවුනු ආකාරය මා ඔබට කියා ඇත) .

මා මේ කියන්නට යන්නේ අනෙක් සිද්දියයි…

මෙය සිදුවන්නේ මීට මාස කිහිපයකට කලිනි..

සිමියොන් සහා අමේලීයා හට ඔහුන්ගේ නිවසේ ඉදිරිපිට ඇති නිවසේ විසු වයසක යුවලක් රාත්‍රී ආහාරය සදහා ආරාධනා කලෝය…එම රාත්‍රී සාදයේදී සිමියොන් වඩාත් ප්‍රිය කල මත්පැන් බෝතලයක රස බැලීමට ඔහුට හැකිවිය.ඒ නිවසේම සාදන ලද වොඩ්කා විශේෂයකි…මෙම වොඩ්කා සාදා තිබුනේ මීපැනි සහා බෙරී එකට මිශ්‍ර කිරීමෙනී..ඒනිසා එය හිතාමත් ප්‍රනීත රසයකින් යුක්ත විය…

රාත්‍රීයේ යලිත් නිවසට පැමිනෙන විට සිමියොන් හොදටම වෙරි වී සීටියේය..වෙරි මතින්ම ඇදට ගිය සිමියෝන්ගේ හිස අනපේක්ෂිත ලෙස ඇදෙහි ඇති මිටෙහි වැදින…බීමත්ව සිටිනිසා ඔහුට එය ගානක් නොවීය..එසේම ඔහුට එය අමතක වී ගොස් තිබින…පසුදින සිට ඔහු සිය සුපුරුදු රාජකාරි වල නියැලින….

 

හරියටම ඊට දින 4කට පසු බ්‍රහස්පතින්දා දිනෙක ඔහුගේ හිස පිටුපසින් දැඩි වේදනාවක් නැගින…ඔහු එය වැඩි පුර ගනන් නොගත්තේය.එහෙත් කල් යත්ම එම වේදනාව වැඩිවනන්ට විය…එක් සති අන්තයක එම වේදනාව තවදුරටත් වේදනානාශක පෙතිවලට පාලනය කල නොහැක්කක් බැව් ඔහුට වැටහින.එහෙත් ඒ සතිඅන්තය නිසා රෝහලට යාමට සදුදා වන තෙක් සිටින යුතුව ඇත…

සදුදා දින ඔහු පෞද්ගලික රෝහලකට ගියේය..එහිදි ඔහුගේ හිස පරික්ෂා කල වෛද්‍යවරුන් විසින් සිමියෝන්ගේ හිසෙහි හිතාමත් විරල පිලිකා ගෙඩියක් වර්ධනය වන බව සොයාගන්නා ලදී.එය සුවකිරිමේ හැකියාවද අනපේක්ශිත බව ඔහුන් පැවසීය…. එය සුවපත් කල හැකි මට්ටමට වඩා වර්ධනය වී තිබුනෙන් එය සුවපත් කිරීමනම් කිසිසේත්ම කල නොහැකි දෙයක් බව වෛද්‍යවරුන්ගේ අවසන් නිගමනය වී තිබින.

ඊලග මාස කිහිපය පුරාම ඔහුගේ රෝගය තවත් වර්ධනය විය. කෙමියෝ ප්‍රතිකාර වලින් ඔහු තවත් දුර්වල ව්ය.එයම අතකොලුවක් කරගත් ඔහු තමන් මත්ද්‍රවය වලට ඇබ්බැයි වී ඇති බව බිරිදට හේත්තු ගැන්විය… තම රෝගය ඔහු බිරිදගේන් සම්පූර්නයෙන්ම වසන් කර තැබීය.

තමන්ට ඉදිරියේදී මුහුන දීමට සිදුවන අන්ත දුක්ඛිත ජිවිතය ගැන ඔහු දැන සිටියේය. අමේලීයාව ඒ දුකෙන් සම්පූර්නයෙන්ම අහින් කර තැබීමට ඔහුව අවශය විය…. ඒ නිසාම තමන්ට අනියම් සම්බන්දයක් ඇතිබවට ඔහු අමේලීයාට හැගවුවේය..ඇයත් සමග නිතර නිතරම ආරවුල් ඇති කරගත්තේය…අන්තිමේදී ඇයට ඔහුව අන්තටම එපා විය…දිනක් දිගු ආරවුලකින් පසුව දෙනෙතේ කදුලු පුරවාගෙන ඇය ඔහුට මෙසේ පැවසුවාය.

” මට තවත් මේ විදියට ජිවත් වෙන්න බැහැ…මට දික්කසාද වෙන්න ඕනේ.. ”

එය සිමියෝන් අපෙක්ෂා කල දෙයම විය…. එය ඒ ආකාරයෙන්ම සිදුවින…

 

දික්කසාදයෙන් පසුව ඔහු යලිත් ජර්මනියට යනබව හේත්තු ගැන්වීමට ගුවන් ටිකට් පතට අමේලීයාගේ නිවසේ දුරකතන අංකය ලබාදුන්නේය.ඒ ගුවන් කාර්යාල සේවකයන් එම අංකයට අමතන බව ඔහු ඒකාන්තයෙන්ම දැන සිටි නිසාය.

ඔහු අමේලීයාට හැම දේටමත් වඩා ආදරේ කලේය…ඔහුට දෙමව්පියන් නොවීය. අඩුම තරමින් සහෝදරයෙක්වත් නොවිය. ජර්මනියෙන් පැමිනි දා පටන් ඔහුගේ මුලු ජිවිතයම වුයේ අමේලීයාය…. පිලිකා ප්‍රතිකාර වලින් තමන් විරූපි වනු ඇත…ඊටත් වඩා ඇයට ඇයගේ ඉතිරි ජිවිත කාලයම පිලිකා රෝගියෙකුගේ බර දරන්නට වනු ඇත…එහින් ඇයගේ ජිවිතය අන්ත දුක්ඛිත එකක් වනු ඇත…ඇයට තවමත් දරුවන් ලැබිය හැක..හොද පවුල් ජිවිතයක් ගත කල හැක…තමන්ගේ බියකරු අනාගතයට ඇයත් වැටුනොත් ඇයට ඒ සියල්ලම අහිමි වනු ඇත…

සිමියෝන් කාත් කවුරුත් නැති තමන්ගේ මුලු ජීවිතයම ඇයගේ සතුට වෙනුවෙන් කෑපකලේය…. ඔහු මේ කරන්න යන්නෙත් එයමය…. ඇය තවත් විවහායක් කරගත යුතුය..සතුටින් ඉතිරි ජිවිතය ගත කල යුතුය…ඇයට ගතකල හැකි ජිවිතයක් ඇත..එහෙත් තමන්ට ඇත්තේ තවත් මාස කිහිපයක් විය හැක..මේ මාස කිහිපය වෙනුවෙන් ඇයගේ ජිවිතයත් අපායක් කිරීමට ඔහුට නොහැක… ආදරය යනු පරිත්‍යාගයකි…ඔහු ඒ පරිත්‍යාගය මුලු හදවතින්ම කිරීමට සුදානම් වී සිටියේය…

 

විවහා වු පසුව ඔහුන් තමන්ගේ ජිවිතයේ මුල්ම සතිය ගත කලේ අරාරාත් කදු පාමුල ඇති පුංචි තානායමකය…දිනක් අරාරාත් කදු පාමුල සිට අමේලීයා සිමියොන්ගේ අත අල්වාගෙන ප්‍රාර්ථනාවක් කලාය.

 

“සිමියොන් මට පොරොන්දු වෙන්න කවදා හරි මම මැරුනොත් මාව මේ කදු පාමුලම වලදානවා කියලා…මම පුංචි කාලේ ඉදන්ම මේ සුන්දර කන්දට ගොඩක් ආදරය කරපු කෙනෙක් ..මම ආසයි මරනයෙන් පසුවත් මේ සුන්දර භූමියේම ජිවත්වෙන්න ”

සිමියෝන් ඇයගේ දෑත අල්වාගේන ඒ තේජමාන කන්ද දෙස බලා ඇයට ඒ පොරොන්දුව දුන්නේය.

” ඔයත් එක්ක මගේ සිරෑරත් දවසක මෙතැනම තිබේවී .. එකම තැනක… එකට හිදගෙන අපි දෙන්නම මේ කන්ද දිහා බලාගෙන ඉමු”

 


වසර ගනනක් ගත වී ගියේය… සිමියොන්ගෙන් පසු අමේලීයා විවහා විය… ඇයට දරුවන්ද ලැබින… සිමියෝන් ප්‍රාර්ථනා කල ආකාරයටම ඇය හිතාමත් සුන්දර ජිවිතයක් ගෙවිය…

දිනක් ඇයට අරෙන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබින…තමා මරනයේ අභියස සිටින බැවින් කරුනා කර ඔහුව මුනගැසීමට පැමිනෙන ලෙස ඔහු ඇයට දන්වා තිබින…

ඇයගේ පුතෙකු විසින් ඇයව අර්ජූත් වෙත ගෙන ගියාය…. එහිදි අරෙන් සිමියොන්ට පොරොන්දු වූ විදියටම ඔහු දුන් ලිපිය අමේලීයාගේ අත මත තැබීය…

” අමේලීයා… මට සමාවෙන්න …. මමත් මේකේ පංගුකාරයෙක් වුනාට…එහෙත් සිමියොන්ට ඕනේ වුනා මේක මේ විදියටම වෙනවා දකින්න ” අරෙන් ඔහුගේ වියපත් දෑස් කදුලින් පුරොවමින් පැවසීය…

අමේලීයා ලියුම විවර කලාය..එය ලියා ඇත්තේ මීට අවුරුදු 25කටත් පෙරය…ඒ සිමියොන්ගෙනි…. එහි ඔහුගේ අත් අකුරු දකිද්දීම ඇයගේ දෑස කදුලින් තෙත්වී ගියාය….

” මගේ රත්තරන් අමේලීයා…

ඔයාට මම කොයිතරම් ආදරේ කලාද කියලා ඔයා කිසිම දවසක තේරුම් ගන්න එකක් නැහැ… මම මේ ලෝකේ තනි වුන මිනියෙක්…ඒ තනිකම සුන්දරත්වයෙන් පිරෙව්වේ ඔයා…ඔයාගේ ලස්සන හිනාව දකින හැම මොහොතකම මම ජිවිතයේ සුන්දරත්වය හැබැයින්ම වින්දා…. ඔයාගේ ආදරය , කිසිම දෙයක් නොතිබුනු මගේ ජිවිතයට හැම දෙයක්ම දුන්නා… ඒ සුන්දර හදවතට දුකක් දෙන්න මට බැහැ අමේලීයා…මම නැති කාලයක වුනත් ඔයාගේ ඔය ලස්සන හිනාව ඔය විදියටම ඔයා ලග රෑදෙන්න ඕනේ…. ඔයාට දරුවන් ලැබෙන්න ඕනේ..ඔයාගේ ජිවිතය ගොඩක් ලස්සන වෙන්න ඕනේ….එහෙත් තවදුරටත් ඔයා මගේ ලග හිටියොත් ඔයාගේ ජිවිතයත් දුක්ඛිත එකක් වේවී..මට ඔයාට ඒ තරම් වේදනාවක් දෙන්න බැහැ….

ඔයා මේක කියවන කොට මම මේ ලෝකේ නැහැ…. අරෙන් ඔයාට හැම දේම කියයි… ඒ කියන හැම දේම ඇත්ත…. මේ කතාව ඔහු හැරෙන්න වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ…

මගේ සොහොන මම ඔයාට පොරොන්දු වුනු විදියටම අරාරාත් කදු පාමුල ඉදිකලා…ඔයා වගේම අරාරාත් කදු පාමුල ඉදන් ඒ සුන්දරත්වය විදින්න මමත් ආස කලා….ඉතින් මම එතැන ඉදන් ඔයා එනකන් බලාගෙන ඉන්නවා… දවසක අපි දෙන්නම එකම තැනක ඉදගේන ඒ දිහා බලාගෙන ඉමු…

මගේ රත්තරන් … ඔයාව රිදවන හැම මොහොතකම මම ඔයාටත් වැඩිය දහස් වාරයක් දුක් වින්දා … එහෙත් ඒ හැම දේම කලේ ඔයා හැමදාමත් සතුටින් ඉන්නවා දකින්න මට ඕනේ වුන නිසා…

මට සමාවෙන්න…

– හැමදාමත් ඔයාටම ආදරේ කරන සිමියොන්


පසුවදන – මීට සති කිහිපයකට කලින් හොදටම බීලා ඇවිත් නිදාගන්න යද්දී ඇදේ ඔලුව වැදෙනවා…ඊට පස්සේ එතන පුදුමාකාර වේදනාවක් එනවා… මට අන්නව මුනගැහෙන්නේ පෙරෙදා ටුවර් එකකට බස් එකේ අර්ජූත් යද්දී … එයා බ්ලොන්ඩ් කොන්ඩයක් තියෙන නිල්පාට ලොකු ඇස්දෙකක් තියෙන වැඩිය උසක් නැති කෙල්ලෙක්. ඒ ලස්සනට මම ගොඩක් කෑමතියි… අපි මුලු ගමනම එක එක විකාර කතා කර කර යනවා..ඒ අතර මම එයාට මම ලියන ඩාර්ක් ෆෑන්ටසීස් ගැන කියනවා… බිලා ඇවිත් කරගත්ත දේත් කියනවා , එයා මට විහිලු කරනව ” උබව එහෙනම් මැරෙයිද දන්නේ නැහැ ” කියලා….

ඒ ගමනෙදීම මම ඔය සිද්දීන් කිහිපය එකතුකරලා කතාවක් ගොතනවා… ” අරාරාත් කාදු පාමුල හෙලූ අවසන් හුස්ම පොද”

මුතුමුදලිගේ නිශ්ශංකගේ කෙටි කතාවක්

 


2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්


Muthumudalige Nissanka's Book Collection

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න