අම්මාගේ මරණයෙන් පසු
මගේ අම්මා වයස අවුරුදු 49 දී හර්ධා බාධයකින් මිය ගියාය.
හර්ධා බාධය ඇතුවූ විගසම අපි ඇයව රෝහල් ගත කලත් ඉන් පලක් නොවීය.රෝහලට ඇතුලත් කොට විනාඩි කිහිපයකින් ඇය අපෙන් සමුගත්තාය.ඒ වන විට වෙලාව පස්වරු 5 පමන වී තිබින.
ඇයගේ මාතෘ දේහය රෝහලේ මෝචරියට ගෙන ගිය අතර එය පහුවෙනිදා අප නිවසට යලිත් ගෙන ඒමට නියමිතව තිබින.සියලුම දේ සුදානම් කොට අපි රාත්‍රී 8ට පමන නිවසට ආවෙමි.
මමත් අක්කාත් අයියාත් නිවසේ මැද ශාලයේ හිදගෙන සිටියෙමු.කිසිවෙකුත් කිසිවෙකු සමග කතා නොකලහ.අපි වැලපුනෙමු.මගේ පියා මිය ගිය ගිය පසුව අපිට සිටියේ මව පමනකී.ඇයත් දැන් යන්නට ගොස්ය.ජීවීතයේ පුදුමාකාර තනිකමකුත් වේදනාවකුත් එදා දැනින.මම මගේ අක්කට මුහුනලාත් ,මගේ අයියා මට එහා පැත්තේ ඇති පුටුවකත් වාඩිවී සිටි අතර , ටික වෙලාවක් වේදනාව හිරකරගෙන සිටි මමත් අක්කාත් මහා හයියෙන් හඩන්නට විමු.
එක්වරම අම්මා අප ඉදිරියේ දර්ශනය විය. ඇය හරියටම අපි තුන් දෙනාගෙම මැද හිටගෙන සිටියාය…මා එය සහතිකවම දැක්කෙමි.ඇයගේ දෙනෙතෙහි තිබුනේ නිශ්චල බැල්මකි.සතුටක් හෝ වේදනාවක් එහි නොවීය.එය තනිකරම නිශ්ශබ්ද බැල්මකි.තත්පර කීහීපයක් අප ඉදිරියේ දර්ශනය වුනු ඇ නොපෙනී ගීයාය..
මාව එක් වරම පුටුවෙන් නැගිට්ටින.මගේ අය්යා සහා අක්කත් එසේ කලහ…අපි තුන් දෙනාම භීරාන්විතව එකිනෙකාගේ මුහුනවල් දෙස බලාගෙන සිටියෙමු.
” අම්මව දැක්කද ? අක්කා මගෙන් ඇසීය..
“ඔව්.. ” මා කීවෙමි.
අපි දෙදෙනාම අයියා දෙස බැලීය.
“ඔව් ..” ඔහු හිස වැනීය…
ඒ අපි තුන් දෙනා මවව දුටු අවසන් වතාවයි…ඇය යලිත් අපි ඉදිරියට ඒවී යයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු.එහෙත් එය කිසිම දිනෙක සිදුනොවීය…සමහරක් විට ඇය අවසන් වතාවට අපිව බලන්නට එන්නට ඇත
ඉන් දින කිහිපයකට පසුව අපි ඇයගේ භූමීදානය සිදුකලෙමු. එදින අපි යලිත් නිවසට එන විට නිවසට ඇතුලුවන තැන පඩිපෙලෙහි පාර්සලයක් විය.. එහි ” සෝෆී ” ලෙස නමක් සදහන් කොට ඇත.
සොෆී පාසැල් කාලයේ පටන් මගේ හොද මිතුරියකි.ප්‍රංශයේ ජීවත් වූ ඇය නිවාඩුවට බර්න් වලට එන සැම විටෙම මාව බැලීමටද පැමිනෙයි…අදත් ඇය පැමින ඇත.අපි නිවසේ නොසිටි නිසාවෙන් ඇය රැගෙන ආ තැගී පාර්සලය තබා ඇය යන්නටත් ඇත…නිවස තුලට ගිය මම ඇයට දුරකතන ඇමතුමක් ගත්තෙමි.
” සොෆී මට සමාවෙන්න …අපි ගෙදර හිටියේ නැහැ…. අපේ අම්මා … ” මා එසේ කියත්ම ඇය පෙරලා කතා කලාය..
“ඔයාගේ අම්මත් හරිම කෙනෙක් තමයි ලුසී…. එයා මට ගේ ඇතුලට එන්න දුන්නේ නැහැ .. ” ඇය කීවාය..
” මොකක් ” මා වික්ෂිප්ත වුනෙමි.
” ඔව්… එයා ගේ ඇතුලේ ඉදන් මන් දිහා බලාගෙන හිටියා විතරයි …දොර හැරියේ නැහැ… ”
ඇය කීවාය…
පසුවදන – මෙයත් මගේ බිරිද විසින් කියු ඇය මුහුන දුන් තවත් සත්‍ය කතාවක්…ඇයගේ අම්ම නැතිවෙන්නේ අවුරුදු 49 දී හර්ධාබාධයකින්.අම්මගේ මරනයෙන් පසුව ඇය මොහුන් තිදෙනා ඉදිරියේ දර්ශනය වෙනවා.මා මේ කතාවට තේමාව විදියට යොදාගන්නේ එම සත්‍ය සිද්ධියයි.
2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්
Comments
Post a Comment