මම සමලිංගික
මුලින්ම ත්රිත්ව කෘතිය ලියපු මුතුමුදලිගේ නිශ්ශංක මහත්මයාට මගේ ප්රණාමය. මුතුමුදලිගේ නිශ්ශංක මම මුලින්ම දැනගන්න්නේ මුහුණු පොත හරහා 2017 දී.
මම මගේ ගැන කියන්නම්. මට වයස 34 ක් වන අවිවාහක සමලිංගික තරුණියක්. නිශ්ශංක මගේ හොද මිතුරෙක් බවට පත් වෙනවා. ත්රිත්ව කෘතිය මම මිලදී ගත්තත් මගේ කාර්යබහුලත්වය නිසා අද තමයි මම කියවලා ඉවර කලේ.
මම ත්රිත්ව කියවනකොට යශෝධා ගේ ඇතුලාන්තය තුලින් මම මාවම දැක්කා. මේ ත්රිත්ව නවකතාව නිසා අපි වගේ අය ගැන ගොඩක් අයගේ හිත් වල තිබ්බ අප්රසන්න සිතුවිල්ල නිශ්ශංක ගොඩක් දුරට නැති කරලා අපි වගේ අය දිහා හොද කෝණයකින් බලන්න සැලස්සුවාට ස්තූතියි.
මගේ ජිවිත අත්දැකීමෙන් කිව්වොත් 80 දශකයේ ඉපදුන මම සමලින්ගිකයෙක් වීම නිසා ගොඩක් මානසික පිඩාවන්ට ලක් වුනා. පවුලෙන් කොන් කලා , පාසලෙන් කොන් කලා. මට විෂාදය හැදුනා. අවංක ආදරය හොයනකොට ෆෙයිත් වගේ කෙල්ලෝ ලංකාවේ හිටියේ නැහැ. අද ලංකාවේ ගොඩක්ම ඉන්නේ යශෝධා වගේ කෙල්ලෝ. ගැහැණු ශරීරයක ජිවත් වෙන පිරිමි ආත්මයක් සහිත ගැහැණු. කණගාටුවට කරුණ නම් අපේ රටේ මාචෙලෝ වගේ මිනිස්සුයි වැඩි.ගොඩක් අය හදන්නේ ඒ වගේ කෙල්ලොන්ව හූරගෙන කන්න. එහෙම නැත්නම් තමන්ගේ වාසියට පාවිච්චි කරන්න.
ලෙස්බියන් කිව්වම ගොඩක් ගෑනු පිරිමි හිතන්නේ ගෑණු දෙන්නෙක් කරන ලිංගික කිරීයකාරකම් ගැන විතරයි. එක්කෝ අන්තර්ජාලයේ තියෙන වීඩියෝ බලලා 3සොමෙ කරන්න යෝජනා කරන ගෑනු පිරිමි තමයි බහුතරයක් ලංකාවේ ඉන්නේ. ලෙස්බියන් කිව්වම ආප්ප, මෝල් ගස් , බිම් ගෙයි කතා කියලා අපි වගේ අයට අපහාස කරනවා.ඒ තරම් ජරා සමාජයක් මේක.
යෝශධා වගේ හිතන පතපු කෙල්ලෙක් තමයි මම. මම අදටත් විවාහයක් කරගන්නේ නැත්තේ මට පිරිමි පාර්ශවය ගැන කුඩා කාලේ ඉදන් කිසිම හැගීමක් ඇති වෙලා නැහැ. සමාජය සතුටු කරන්න ඕන නිසා හැගීමක් නැතුව පිරිමි කෙනෙක් එක්ක විවාහ වෙලා ඒ පුද්ගලයාගේ ජිවිතේ විනාශ කරලා කාලකන්ණි කරන්න මම කැමති නැහැ .
අපේ රටේ හිතන්නේ ගෑනියෙක් වුනාම පිරිමියෙක් කසාද බදින්න ඕන කියලා. මේ පොත කියවලා ගොඩක් කොම්මෙන්ට් දාන ගොඩක් අය තමුන්ගේ කෙනෙක් , පවුලේ කෙනෙක් මෙහෙම වුනොත් පිලිගන්නවා හරි අඩුයි. එක තමයි ඇත්තම කතාව.
ආදරයක් කියන්නේ සමලිංගික වේවා එකත් ආත්ම දෙකක බැදීමක් මිසක් බහුතරයක් අපේ රටේ හිතනවා වගේ ලිගින්ගිකව එක් වීම නෙමෙයි. ත්රිත්ව කෘතියේ ඉන්න ලුසීලා වගේ අපේ හැගීම් තේරුම් ගන්න පුළුවන් අය තමයි අපේ සමාජයට ඕන.
මුතුමුදලිගේ නිශ්ශංකට මම සුබ පතනවා මේ වගේ උසස් නිර්මාණ වලින් අපි වගේ ලේබල් ගහපු මිනිස්සු ගැන හොද ධනාත්මක සිතුවිල්ලක් ඇති කරන්න උත්සහ කරපු එකට. එක මම අගය කරනවා. ස්තතියි.
මගේ නම ෂෙහානී,
(ඇත්ත නම කියන්න බැහැ. මම විතරක් නෙමෙයි ගොඩක් අය හැංගිලා ඉන්නවා මේ වගේ, අපි කොහොමද එලියට එන්නේ? හොයලම හිතන්නකෝ, පොතකට මෙච්චර බනිනවනම්, ඇත්තටම ජීවත් වෙන අපි ගැන මොන කතාද? )
මෙය මුතුමුදලිගේ නිශ්ශංකගේ ත්රිත්ව පොත වෙනුවෙන් ලැබුනු සටහනක් වන අතර එයට සබැදි ලිංකුව පහතින් දක්වා ඇත.
Comments
Post a Comment