තාත්තා
– මෙයත් යුරෝපයේ ජනප්‍රිය කතාවක්
ඉවාන්ගේ අම්මා නැතිවුනාට පස්සේ ඉවාන් තාත්තව එයාලගේ ගෙදරට ගෙනාවා…මොකද එතකොට තාත්තගේ මහා ගේ විකුනගන්න පුලුවන්නේ….හැබැයි මේ උප්පරවැට්ටියනම් ඉවාන්ගේ නෙමෙයි එයාගේ බිරිද මැඩී ගේ…
අර්සුමාන්යන් වීදියේ තිබුනු ඉවාන්ගේ ගෙදර ඒ තරම් ලොකු ගෙයක් නොවුනත් ගෙදර කුස්සිය ලග තිබුන පොඩි කාමරයක් ඉවාන් තාත්තට ලැස්ති කරලා දුන්නා…. තාත්තගේ ගෙය විකුනලා ගත්තු ඩ්‍රාම් ලක්ෂ ගානත් ඉවාන් එයාගේ බෑංකු පොතේ පුරව ගත්තා.
” තාත්තට ඒ තරම් ලොකු ගේක ජීවත් වෙන්න අමාරුයි…තත්තගේ උදව්වටත් කවුරු හරි ඉන්න එපැයි…. මේ හිටියම මැඩීත් ඉන්නවා උදව්වට…. ”
ඉවාන්ගේ තාත්තට ගොඩක් වයසයි…ශෝරා සිරෝබ්යාන්.අවුරුදු 80ක් විතර වයස..ශෝරගේ බිරිද මරීටා මැරුනේ මාසයකට විතර කලින්….ඒ දුකත් එක්කලා ශෝරත් පරලොව යන්න හිත හදාගෙන හිටියේ…ඒ නිසාම ජිවත්වෙන ඉතිරි ටික කාලයේ ඉවානුත් මුනුබුරාත් එක්කලා ජිවත්වෙන්න හිතාගෙන ශෝරා ඉවාන්ගේ ඉල්ලීමට කැමති වුනා..
කලින් කිව්වා වගේම ශෝරට ඉවාන් කුස්සිය ලග තිබුනු පුංචි කාමරයක් ලැස්ති කරලා දුන්නා…ඒ කාමරය කොච්චර පුංචිද කියනවනම් ඒකේ අඩි 10ක්වත් එහාට මෙහාට ඇවිදින්නවත් බැහැ. ඒ නිසාම ශෝරා එයාගේ මුලු දවසම ගත කලේ එතන තිබුනු බැල්කනි එකේ…බැල්කනියේ හිදගෙන එයා තමන්ගේ අතීතය ගැන කල්පනා කලා…. හැමවෙලාවෙම වගේ….
ඉවාන්ට පුංචි පුතෙක් හිටියා…වයස අවුරුදු 5ක විතර… එයාගේ නම ” ගෙගාම්”
මේ පුංචි දරුවා ශෝරාත් එක්ක හරිම එකමුතුයි.ශෝරගේ දවසේ තනිකම මේ දරුවා නිසාම ගොඩක් වෙලාවට අඩුවෙලා ගියා….
මෙහෙම කාලයක් ගෙවිලා ගියා…ශෝරා ටිකෙන් ටික තවත් වයසට ගියා….
දවසක් මැඩී සුප් එකක් හැදුවා… සේරම කෑම මේසයේ හිදගත්තා…. සුප් එක බොන්න ශෝරා හැන්ද අතට ගත්තා…එයාට ඒක හරියට අල්ලා ගන්න තරම් හැකියාවක් නැහැ…. අත වෙවුලනවා…ශෝරා හැන්ද සුප් එකට දාලා බොහෝම අමාරුවෙන් ඒක කටට දාගත්තා…. එහෙත් අතේ වෙවුලීම නිසාම සුප් එක මේසය හැමතැනම ඉහිරුනා…
” අර බලන්න ඔයාගේ තාත්තගේ වැඩ… මේසය සේරම ජරා කරනවා…දැන් ඉතින් මම එපැයි මේවා අස්කරන්න…” මැඩී ඉවාන්ගේ කනට කරලා කේන්තියෙන් කියෙව්වා…
ශෝරාගේ අතේ වෙවුලීම නිසාම අර සුප් භාජයනත් මේසයෙන් බිමට වැටුනා….ඒක බිදිලා ගියා.. ඒකේ තිබුන සුප් පොලව හැමතැනම..මැඩීට හොදටම තරහා ගිහින් ශෝරටත් ගස්සාගෙන කාමරේට ගිහින් මහා අයියෙන් කාමරයේ දෝර වහගත්තා…
මේ විදියට දවස් කිහිපයක් ගෙවුනා….ශෝරාගේ අතේ වෙවුලවීම දවසින් දවස වැඩිවුනා…. ඉවාන්වත් මැඩිවත් ශෝරව රෝහලට එක්කගෙනවත් ගියේ නැහැ…සල්ලි වියදන් වෙනවනේ….ශෝරගේ අතින් දවසින් දවස කෑම භාජන බිමට වැටිලා ඒවා බිදෙන්නට පටන් ගත්තා…
දවසක් කෑම කද්දී ඉවාන් මැඩී ට මෙහෙම කිව්වා
” මැඩී තාත්තට ඔයා කෑම කවන්න ..ඔයාගේ අතින් කෑවුවොත් එයාගේ අතින් පිගන් බිමට වැටෙන එකක් නැහැ “මැඩී හිරිකිතයෙන් වගේ ඉවාන් දිහා බැලුවා…
” ඔයාට පිස්සුද… ඊයා…. ඔයා කවන්න ඔයානේ එයාගේ පුතා… ” මැඩී කිව්වා….
“මට බැහැ ….මට ඕවා කරන්න ලැජ්ජයි ” ඉවානූත් ගානක් නැතිවම කරබාගත්තා….
එයාලගේ පුතා ගේගාම් මේ සේරම අහගෙන හිටියේ…එයා සීයා ලගට ගිහින් සීයට කෑම කවන්නට පටන් ගත්තා…එහෙත් එයා පොඩියිනේ…ඒ නිසා එයා කවද්දී සීයා කනවටත් වැඩිය හපන්…
එදා හවස මැඩී ෂොපින් ගිහින් එද්දී ලී වලින් හදාපු පිගානක් අරගෙන ආවා…
” මේවා මොනවටද ” ඉවාන් මැඩීගෙන් ඇහැව්වා…
“තාත්තට ..නැත්නම් එයා හැමදාමත් ගෙදර තියෙන පිගන් බිදිනවනේ.”
එදා ඉදන් ශෝරා කෑම කෑවේ ලී පිගන් වලින්….ඒවා කිහිප වාරයක්ම බිම වැටුනත් කෑඩුනේ නැහැ… මැඩී ඒ හැම මොහොතකම දෙයියන්ටත් බැන බැන පොලව පිහදලා දැම්මා…එහෙත් එයාගේ හිතේ පුංචි සතුටකුත් තිබුනා…
“ලී පිගන් කෑඩෙන්නේ නැහැනේ”
මෙහෙම ටික දවසක් ගෙවිලා ගියා…දවසක් ඉවානුයි මැඩී යි දැක්කා එයාලගේ පුංචි පුතා ගෙගාම් ලී කෑල්ලක් අරගෙන මොනවද කරනවා…දෙන්නම ගෙගාම් කරන දේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා….දෙන්නටම හිතාගන්න බැහැ පොඩි එකා මොනවද මේ ලී කෑල්ලත් එක්කලා කරන්නේ කියලා…
” මොනවද පුතා ඔය ලී කෑල්ලට කරන්නේ.. ? ”
බැරිම තැන මැඩී දරුවා ලගට ලං වෙලා ඇහැව්වා…
” මම ලී පිගානක් හදනවා” ගෙගාම් එයාගේ කටත් උලුක් කරගෙන උත්තර දුන්නා…
” ලී පිගානක් …. ඒ මොනවටද ? මැඩි ඇහැව්වා….
” අම්මයි තාත්තයි වයසට ගියාම කන්න දෙන්න ”
පොඩි එකාගේ කතාවට ඉවානුයි මැඩීයි දෙන්නට දෙන්නගේ මුහුන බලාගත්තා… දරුවට මොනව කියන්නද කියලා එයාලටත් තේරුම් ගන්න බැහැ….
පසුවදන – ජීවිතයේ අපිට ගොඩක් දේවල් පාලනය කරන්න පුලුවන් එහෙත් වයසට යන එක ?
අපි හැමෝම වයසට යනවා..
අද වැඩිහිටියන්ට ඔබ සලකන විදිය බලාගෙන ඉන්න ඔබේ දරුවනුත් ඔබ වයසට ගියාම ඒ විදියටම ඔබටත් සලකාවී… ඒ නිසා වැඩිහිටියන් වෙනුවෙන් ඔබ කරන කියන දේ ගැනත් විමසිලිමත්වෙන්න.
2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්
Comments
Post a Comment