ලස්සන කෙටි කතා පනහක් - නොමිලේ Download කරගන්න

Lassana keti katha 50k by muthumudalige nissanka

ආදරණීය පාඨකයිනී,

 

අලුත් අවුරුද්ද වෙනුවෙන්  මගෙන් ඔබට තෑග්ගක්.

මේ මා විසින් 2018 වසරෙදි මුද්‍රනය කරන ලද, ලස්සන කෙටි කතා 50ක්.

අදටත් ලස්සන කෙටි කතා පනහක් පාඨකයින් අතර අතීශයින් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය නිසාම මට මෙය යලිත් මුද්‍රනය කොට මුදල් උපයා ගත හැකි වුවත් මා එසේ නොකලේ හේතූ කිහිපයක් නිසයි.

  • මෙය මගෙන් තෑග්ගක්. වටිනා තෑග්ගක්. ඔබේ ජීවීතය දිනවිය හැකි ජීවීතය වෙනස් කරත හැකි තෑග්ගක්. මෙහි කෙටි කතා ඔබව දෛහීර්යමත් කරාවී, ඔබව වෙනම ලෝකයකට ගෙන යාවී. විශ්වයේ ඇති අපූරූ, අලංකාර සේම අදුරු හැගීම් පවා ඔබට දකින්නට සලස්සාවී. විටෙක එය ඔබව ත්‍රාසයෙන් සහා කුතුහලයෙන් මුසපත් කරාවී. ඉතින් මෙය කියවූ පසුව ඔබ සතුටු වේවී, ඔබ යලිත් හිතන්නට පටන් ගනීවී, ඔබේ ජීවීතයේ ඇති වැරදුනු තැන් යලිත් හදා ගනීවී. ඉතින් එයම මට සතුටක් නොවේද?
  • ලස්සන කෙටි කතා පනහක් හැමෝම කියවිය යුතු පොතක්. එය මගේ මුල්ම පොත වගේම මා ලියූ පොත් වලින් මා බොහෝම ආසාවෙන් ලියූ පොතක්. ඒ නිසාම මම කැමතියි හැමෝම එය කියවනවා දකින්න.

ඉතින් කියවන්න, කියවා තවත් අයෙක්ට බෙදා හරින්න. වට්ස් ඇප්, ටෙලිග්‍රාම්, ෆේස්බුක් ඕනෑම මාධ්‍යක් හරහා මෙය බෙදා ගන්න, බෙදා හරින්න.

ලස්සන කෙටි කතා පනහක් අද සිට ඔබට බාරයි.

 

එසේම,

පීඩීඑෆ් තුලින් හෝ ඔබ පොත් කියවනවානම්, දැනුමක් ලබා ගන්නවානම් මා සේම අනිකුත් ලේඛකයින්ද එයට කැමතියි. එහෙත් කිසිම විටෙක කතෘගේ පූර්න කැමැත්තකින් තොරව ඔහුගේ පොත් කිසිම විදියකින් පීඩීඑෆ් කොට බෙදා හරින්න එපා. ලේඛකයින්, ප්‍රකාශන ආයතන සේම, එම ප්‍රකාශන ආයතන වල සේවය කරන කම්කරුවන් පවා ජීවත් වෙන්නේ ඔබ පොතකට ගෙවන වටිනාකම වෙනුවෙන්. අද පීඩීඑෆ් හොරෙන් ගසා බෙදා හැරීම ජාවාරමක් තරමටම උඩුදුවා ඇති නිසා එවන් ජාවාරම් කරුවන් දුටු වහාම ඒ වෙනුවෙන් නීතීමය පියවර ගන්න. හැකිනම් එවන්නන් ගැන අදාල ප්‍රකාශන ආයතනයට හෝ කතෘට දන්වා සිටින්න. එවිට ඔහුන් ඒ සදහා නීතීමය පියවර ගනු ඇති. බුද්ධිමය දේපල පනත යටතේ කතෘගේ අනුමැතියෙන් තොරව පොත් පීඩීඑෆ් මගින් බෙදා හැරීම වසර පහකට ආසන්න කාලයකට සිර දඩුවම් ලැබිය හැකි  වරදක්. ඒනිසාම එවන් තැන් දුටු වහාම නිහඩව නොසිටීම ඔබට භාරයි.

 

NOTICE

“ලස්සන කෙටිකතා පනහක්” නම් වූ මෙම කෘතිය එහි කතෘ වන මුතුමුදලිගේ නිශ්ශංක වන මා විසින්ම මාගේ පූර්න කැමැත්තෙන් බෙදා හරින බවත්, මෙම “ලස්සන කෙටිකතා 50ක්” පොත විද්‍යුත් මාධ්‍යන් ඔස්සේ බෙදා හරින කවරෙකු හෝ වේවා ඒ සදහා ඔහුන්ට මාගෙන් අනුමැතිය හිමි වන බවත් මෙහින් මා දන්වා සිටිමී.

[pdf-embedder url=”https://pothmee.com/wp-content/uploads/2021/01/ලස්සන-කෙටි-කතා-50ක්-මුතුමුදලිගේ-නිශ්ශංක-BOOK-NEW-1.pdf” title=”ලස්සන කෙටි කතා 50ක් – මුතුමුදලිගේ නිශ්ශංක BOOK NEW (1)”]

පහත ඇති ලිංකුව මගින් ඩව්න්ලෝඩ් කරගත හැක

පොත කියවූ පසුව පොත ගැන ඔබේ අදහසත් මගේ “පොත් මී” ගෘපයට ලියන්න.

Poth Mee New Logo for Sinhala eBooks read or download online

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න