ලිංගයක් නැති මිනිහා Short story by Muthumudalige Nissanka

මගේ ජිවිතයේ අමතක නොවන කතා කිහිපයක් ඇත..එහින් එකක් මා ඔබට ලියන්නට යන මේ කතාවයි..හිතාමත් දිගු කතාවක් වන මෙය සංක්ෂිප්ත කොට ඔබට පැවසීමට මා වගබලා ගනිමී…

මනුස්ස ලෝකයේ ඉපදුනු තිරිසනුන්ව ඔබ දැක ඇතුවට සැකයක් නැත.සමහර තිරිසන්නු මනුස්සයින් කල හැක එහෙත් තවත් සමහරු තිරිසනුන් ලෙසම මුලු ජිවිත කාලයම ජිවත්වෙයි.මෙයත් එවන් කතාවකි..

 

Short story by Sri Lanka best seller Muthumudalige Nissanka

 

ඉවාන්, ඔහුව මට මුන ගැසුනේ මා පාසල් සිසුවියක් ලෙස සිටි අවසන් වසරේදීය…ඔහුගේ පියා කොමිතාස් නගරයේ ජිවත් වූ දේශපාලකයෙකු වු නිසාවෙන් ඔහු බුසෝෆ් උසස් පාසල තුල ජනප්‍රියම චරිතයක් විය.ඔහු කඩවසම්ය…ඔහුට කෙනෙකුව එක් වරම ආකර්ෂනය කර ගත හැකි තරම් වූ සිනහවක් තිබින..මගේ පියාට කොමිතාස් නගරයට මාරුවක් ලැබුනු නිසාවෙන් එහි තිබුනු බුසෝෆ් පාසලට ඇතුලත් වීමට මා හට සිදුවිය.

පාසලට පිටස්තරව පැමිනි කෙල්ලෙකු වූ නිසාවෙන් කිසිවෙකුත් මාව ගනන් ගත්තේ නැත…එහෙත් ඉවාන් මුල්ම දවසේ සිටම මා සමග කතා කලේය…අපි මුල්ම දින කිහිපයේම මිතුරන් බවට පත් වී සිටියේමු..

පාසැලට අලුතින් පැම්නි මමත් ඉවානුත් කතා කරමින් සිටිම බොහොමයක් කෙල්ලන්ගේ ඕපාදූපයට හේතුවු බව කිවයුතුය. කිසිවෙකුත් එය මගේ මුහුනට නොකීවත් ඔහුන්ගේ දෑස් වලින් එය පෙනින…පාසැලට අලුතින් පැමිනි කෙල්ලෙකු පාසැලේ ජනප්‍රියම කොල්ලෙකු සමග යාලුවීම ඔහුන්ගේ ඉරිෂීයාවට හේතුවී ඇතැයි මා මුලින් සිතුවෙමි..එහෙත් එය වැරදිය.

 

දිනක් මා පාසැල් කෑන්ටිමේ දිවාආහාරය ගනිමින් සිටියෙමි… මා හිදගත් මේසයට එහා පසින් වු තවත් මේසයක අප පංතියේම ගැහැනු ලමයින් දෙදෙනෙකු හිදගෙන සිටියාය…ඔහුන් නිතරම මගේ දෙස බලමින් එකිනෙකාට මොනවදෝ මිමිනු අතර ටික වෙලාවකින් එහින් එක් ගැහැනු ලමයෙකු ඇයගේ කෑම පිගානත් රෑගෙන විත් මගේ මේසයෙන් හිදගත්තාය… සතියක් ඉක්මව ඇතත් ඉවාන් හැරෙන්නට පාසැලේ කිසිවෙකුවත් මා අසල හිදගෙන නැතිබැවින් මා පුදුමයට පත් වුනෙමි…

“මම හන්නා ” ඇය මට ඇයව හදුන්වා දුන්නාය..

” මම සොෆී ” මා කීවෙමි..

ඇය ඇයගේ යහලුවා දෙස බැලුවාය… ඇය යමක් මට කියන්නට යන්ත දරනු මට දැනින…ඇය ඇයගේ මුහුනට වැටුනු තබ පැහැ හිසකෙස් මදක් ඇත් කරගෙනම මා දෙසට වඩාත් ලන්විය.

” සොෆි…. මම… ” කියත්දිම කෑන්ටිමේ දෝර වේගයෙන් ඇසෙන හඩ ඇසුනෙන් ඇය තිගැස්සී එ දෙස බැලුවාය… ඉවාන් ඔහුගේ යලුවන් සමග කෑන්ටිමට ඇතුලුවෙනු දුටු ඇය ඇයගේ පිගානත් රෑගෙන ක්ෂනිකවම එතනින් නැගිට්ටාය…පිගානේ කෑම ටික කුනු බාල්දියට හිස් කල ඇය ඇයගේ යහලුවාත් සමගම කෑන්ටිමෙන් පිටතට දිව ගියාය…. ඒ මා ඇයව දුටු අවසන් වතාවයි…ජිවිතයටම අවසන් වතාවයි….

” මොකක්ද හන්නා කියන්නේ ” මා ලගට විත් හිදගත් ඉවාන් කෑන්ටිමෙන් ඉවතට දිවයන හන්නා දෙස බලා ඇසීය…

“නැහැ මුකුත් නැහැ” යි මා කිවෙමි..” ඇයි ඔයා එයාව දන්නවද ” මා ඔහුගෙන් ඇසිමි…

” ඔව්.. “ඉවාන් හිස වැනීය…. ” ඉස්කෝලේ ඉන්න සයිකෝ කේස් එකක් ” ඔහු සිනාසින…

ඔහුගෙ කතාව අසා සිටි ඔහුගේ මිතුරන්ද සිනා සින..

“සොෆී .. අද රෑට අපේ ගෙදර පොඩි පාටියක් තියෙනවා ඔයත් එන්න ඕනේ ” ඉවන් ඔහුගේ සුපුරුදු සිනහවත් සමග කීහ…

” පාටියක් ” මා ඇසුයෙමි..

“ඔව්… පොඩි එකක් ..අද හතට … ඔයා අනිවර්යෙන්ම එන්න ඕනේ… මේක විශේෂයෙන්ම ඔයාට ” ඔහු කීහ…

“ඇයි මට ” මා ඇසුයෙමි…

” ඔයා අලුත් නිසා ” ඔහු සිනාසින….

 

මා කලින් කීවක් මෙන් ඔහුගේ සිනහව පුදුමාකාර විදියට ආකර්ෂනීය එකකී..එලෙස සිනාසී කරන කිසිම ඉල්ලිමක් කිසිම කෙල්ලෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත..මටත් එය ප්‍රතික්ෂේප කල නොහැකි විය… අනිත් අතින් උසස් පාසැල්වල සාද පැවැත්වීම හිතාමත්ම සාමාන්‍ය දෙයකි.. ගිම්හාන නිවාඩුව ආරම්භයේදි පවත්වන විශාල සාද වලට අමතරව පිලිගැනීමේ සාදද පාසැලේ නිතරම සිදුවිය…එහෙයින් ඒ ගැන මම දෙවරක් නොසිතුවෙමි..

එදින හවස් වරුවේ මා කොමිතාස් වීදිය කෙලවරේ වූ ඉවාන්ගේ සුවිසල් නිවසට ගියෙමි.මා එහි යනවිටත් එහි තරුනයින් 4 දෙනෙකු සහා ගැහැනු ලමයෙකු විය… මා දුටු විගසම මා ඉදිරියට පැමිනි ඉවාන්

” සොෆ් ස්තුතියි ආවට ” කියමින් මාව වැලද ගත්තේය…

” මේ ඉන්නේ සොෆි” යැයි කියමින් මාව ඔහු වටා සිටි යහලුවන්ට හදුන්වාදුන් ඉවාන් ඔහුන් අතර සිටි ගැහැනු ලමයෙකු අසලට ගොස්

” මේ සෙලීනා ” යි ඇයව මට හදුන්වා දුන්නේය

නිවසේ තිබුනු විශාල කාමරයක සාදය පැවැත්වු අතර එහි සිටියේ මා කලින් කී කිහිප දෙනා පමනකී …මා කිසිම දිනෙක මත්පැන් පානය කර තිබුනු කෙනෙකු නොවිමි..එහෙත් එදින ඉවාන්ගේ පෙරෑත්ත නිසාම මා හට එය කිරීමට සිදුවිය… සෙලීනා ද සිටින නිසා මා හට චකිතයක් නොවීය… අනිත් අතින් මා ඉවාන්ට ආදරය කරන්නට ඇත…. අපි හමුවී සතියක් වැනි කෙටි කාලයකදී වුවත් මා ඔහුට දැඩි සේ ආකර්ෂනය වී සිටින්නට ඇත…. ඒ විශ්වාසයට අදටත් මා මටම සාප කරගන්නෙමි…

 

මට සාදයේ අවසන් මතකයකට ඇත්තේ ඉවාන් මට ගෙනත්දුන් මත්පැන් වීදුරුව ගැන පමනී…ඉන් එහාට කිසිවක් ගැන මට මතකයක් නැත…මා යලිත් අවදි වූයේ පසුදින මගේ කාමරයේදීය…මා අවදිවන විට මගේ මව ඇදෙහි කොනක හිදගෙන සිටියාය…

” සොෆී … මොනවද මේ කරන්නේ …. ඔයාට මතකද ඊයේ ඔයා ගෙදර ආවේ කොහොමද කියලා ” ?

මා හට කිසිමදෙයක් මතක නැත… මගේ මව පැවසූ විදියටනම් තවත් ගැහැනු ලමයෙකු මාව නිවසට ගෙනවිත් ඇරලවා ඇත…මා හොදටම බීමත්ව සිට ඇත..පෙරදින ගත් මත් පැන් නිසා තවමත් හිසෙහි දැඩි වේදනාවක් ඇත..මා හිසට අත තබා ගතුයෙමි…

 

එදින මුලු දවසේම මා දැඩි හිසේ වේදනාවකින් ගත කලෙමි.මා හට පාසැලට යාමට නොහැකි විය..එසේම මගේ යටි බඩ ප්‍රදේශයෙන් දැඩි වේදනාවක් පැමිනියෙන් මා හට ඇවිදීමට නොහැකිව ඇදෙහිම මුලු දිනයම ගත කිරීමට සිදුවිය…සාදයත් මත් පැන් වලටත් අමතරව මා හට තවත් දෙයක් සිදුවී ඇත… එය මට නිශ්චිතය….

මම ඉවාන්ට දුරකතන ඇමතුමක් ගෙන ” ඉවාන් ඊයේ මොකක්ද වුනේ ” යැයි ඇසුයෙමි…

” මුකුත් නැහැ ” ඔයා බීලා වැඩිවෙලා සෙලීනා ඔයාව ගෙදරට ඇරලුවා ”

“එච්චරද ” මා ඇසිමි.

“ඔව් ඇයි ”

” නැහැ නිකන් ” කියු මා දුරකතනය විසන්දි කලෙමි…

 

එදිනට දවස් දෙකකට පසු මා යලිත් පාසැලට ගියෙමි… සියල්ලම සුපුරුදු පරිදි සිදුවිය..එහෙත් පාසැල අවසාන වීමට විනාඩි කිහිපයකට පෙර විදුහල්පතිගේ විශේෂ කතාවක් පාසැල් රේඩියෝවෙන් ප්‍රකාශයට පත් කලේය…

” අද බුසෝෆ් පාසැලට කනගාටු දායක දවසක්. අපේ පාසැලේ අවසන් වසරේ සිසුවියක වන හන්නා අද උදේ සියදිව් නසාගෙන ඇති බවට අපට ඇයගේ දෙමව්පියන් දැනුම් දි තිබෙනවා..මෙය පාසැලක් තුලින් අනුමත නොකරන ක්‍රියාවක් වුනත් ඇයගේ පවුලේ අයටත් ඇයගේ යහලුවන්ටත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා….”

 

හන්නාගේ මරනයත් සමග සියල්ලම වෙනස් වූ බව කිව යුතුය….ඉවාන්ව ඊට පසු දවස් කිහිපයක්ම පාසැලේදි දක්නට නොලැබුනු අතර ඔහුගේ යහලුවන්ද හිතාමතාම මාව මග හරින බව පෙනින ..

හන්නාගේ අවසන් කටයුතු වලට මා සහභාගී වුයෙමි…එයට පාසැල් ලමුන් කිහිපදෙනෙක්ද පැමින සිටි අතර ඉවාන් හෝ ඔහුගේ යහලුවන් කිසිවෙකුත් එහි නොවීය..එහි සිටි එක් ගැහැනූ ලමයෙකුව මම හදුනා ගත්තෙමී..ඒ එදා හන්නා සමග සිටි ගැහැනු ලමයාය. අවමංගලය අවසානයේදි ඇය ලගට ගිය මා ඇය අසල හිට ගත්තෙමි…

” හන්නා එදා මට මොනවද කියන්න හැදුවා . එහෙත් හදිස්සියේම එයා එතැනින් යන්න ගියා … ” මා ඇයට කිවේමි .

ඇය මාදෙස බැලුවේය …

” ඔයා තවමත් ඉවාන්ගේ යහලුවෙක්ද ? ඇය ඇසීය

“ඇයි ” මා ඇසිමි ..

” ඉවාන් හන්නාව දූෂනය කලා… ඒකයි එයා සියදිවි නසාගත්තේ … ඉවාන් එයාට ඊටත් වැඩිය දේවල් කලා… එහෙත අපිට කිසිම දෙයක් කරන්න බැරි වුනා… හන්නා මේ දේවල් එයාගේ දෙමව්පියන්ට කියන්න බයෙන් හිටියේ … ඉවාන් හන්නාව නැති කලා..තිරිසනා ” කියු ඇය මගේ උරහිසට හිස තබා හඩාවැටෙන්නට විය…

” ඉස්කෝලෙට අලුතින් එන ගැහැනු ලමයින් හැම කෙනාටම වෙන්නේ මේ දේ … ඒ හැමෝගේ ජිවිත විනාශ වෙලා යද්දි ඉවාන් අදටත් සතුටින් ඉන්නවා.. එයාට සල්ලි තියෙනවා..එයාට අතක් තියන්නවත් කාටවත් හයියක් නැහැ…හැමෝම කට වහගෙන ඉවසගෙන ඉන්නවා.. ” ඇය කීවාය…

මා හට සාදය ගැන මතක් විය…ඉවාන් මාවද දූෂනය කර ඇති බවට මට සැකයක් නොවීය…එදා සාදයේදී මත් පැන් වලට ඔහු කුමක් හෝ දමන්නට ඇත…නැතහොත් මගේ මතකය සම්පූර්නයෙන්ම මෙලෙස අතුරුදහන් වීමට නොහැක… ඔහු මාව දූෂනය කර ඇත….එහෙත් ඊට විරුද්දව කිසිම දෙයක් කිරීමට මා හට නොහැකි විය..අඩුම තරමින් පොලීසීයට පැමිනිලි කිරීමටවත් කිසිම සාක්ෂියක් මා සතු නොවීය.. හන්නා වගේම දෙමව්පියන්ට මේ ගැන කීමට මමද බිය වුනෙමි.මට කලහැකි එකම දෙය වුයේ කොමිතාස් වල ඇති වෙනත් පාසැලකට මාරු වීම පමනකී…එයත් මා කලේ බොරු හේතුවක් ගොතා මිස ඇත්තම හේතුව දෙමව්පියන්ට පැවසීමෙන් තොරවය…

 

සති කිහිපයක්ම ඉක්ම ගියේය මම ඉවාන්වත් අතර සිදුවූ සැම දෙයමත් අමතක කර දමන්නට වෙර දැරීය..ඉවාන් මට අපරාධයක් කර ඇත..එයට ස්වභාවදර්මයෙන්ම ඔහුට දඩුවම් දෙනු ඇත..එයට එරෙහිව නැගි සිටිමට තරම් මා ශක්තිමත් නොවිමි…

මාහට එමැනුවෙල්ව මුන ගැසුනේ මේ කාලයේදීය..අලුත් පාසැලේ ශිෂයෙකු වූ මමත් ඔහුත් අතර මිත්‍රත්වයක් ඇති විය… මා සිටි දැඩි වේදනාවෙන් සිත සැහැල්ලු කරගැනීමට මා හට ආදරයක් අවශය විය..ඒ ආදරය ඔහු මට සැබැවින්ම ලබා දුන්නේය…සියලු දෙයම යලිත් සුභවාදිව සිදුවෙද්දී මාහට ඉවාන්ගේන් දුරකතන ඇමතුමක් ලැබින..

” සොෆී …මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ……අද හවසට අපේ ගෙදරට එන්න” ඔහු කීහ..

මම එය ප්‍රතික්ෂේප කලෙමි.

” ඉවාන් උබ එදා කරපු හැම දේම මම දන්නවා… මට මගේ සැනසිල්ලේ ඉන්න දීලා මට කරදර නොකර ඉදපන්..මම උබට වෛර කරනවා..ආයේ උබව දකින්න තියා උබේ මුහුන දකින්නවත් මට ඕනේ කමක් නැහැ.. ” මා ඔහුට බැනවැදුනෙමී..

” මම උබට එන්න කිව්වේ උබත් එක්ක කතා කරන්නම නෙමෙයි.මට උබව ඕනේ නිසා.. හරී මාව දැක්කේ නැති වුනාට කමක් නැහැ… මම තව ටිකකින් උබට ඊට වැඩිය දකින්න හොද එකක් එවන්නම්.. ” ඔහු දුරකතනය විසන්දි කලේය…

ටික මොහොතකින් මගේ දුරකතනයට පනිවිඩයක් ලැබින..එහි තිබුනේ මගේ සම්පුර්න නිරුවත් පින්තූරයකී…එයට යටින් ඔහු මෙසේ ලියා තිබින.

“ඔය එකක් විතරයි…උබට දකින්න ඕනේ නම් විඩීයෝවත් මම එවන්නම් … ”

 

එතැන් සිට ඉවාන් මට යලිත් ඔහුව හමුවීමට එන ලෙස පවසමින් කරදර කරන්නට ගත්තේය…එසේ නාවොත් මේ පින්තූරත් වීඩීයෝත් කොමිතාස් වල ප්‍රසිද්ධ කරන බවට ඔහු මට තර්ජනය කලේය..එහෙත් මා ඉවසාගෙන සිටියෙම්.. මා ශක්තිමත් විමි….ඔහු හදන්නේ හන්නාට කලාක් සේම මාව බියට පත් කරන්නටය… එහින් යලිත් වරක් මාව ඔහු වෙත ගෙන්වා ගැනීමටය… මා එයට යටත් නොවිමී…. මෙය තවත් දුරදිග ගියහෝත් නිතිය ඉදිරියට යැමට පවා මා හිත හදාගෙන සිටියෙමි….

 

මේ කියන්නට යන සිද්දිය සිදුවූයේ ඊට දවස් කිහිපයකට පසුවය…

එදින මමත් එමානුවෙලුත් පාසැල අවසන් වී නිවස් බලා යමින් සිටියෙමි..එක් වරම විශාල ජීපයක් විත් අප ඉදිරියේ නැවැත්විය. එහින් බැස්සේ ඉවාන්ය..ඔහුගේ අතෙහි හොකී පොල්ලක් තිබින….එමැනුවෙල් ඉදිරියට පැමිනි ඔහු එහින් ඔහුට පහර දෙන්නට පටන් ගත්තේය… එමැනුවෙල්ව බිම ඇද වැටෙන තුරු ඔහුට පහර දුන් ඉවාන් බිම ඇද වැටුනු එමැනුවෙල්ගේ බඩට ඔහුගේ පයින් අනිමින් පහර දුන්නේය..මා ඔහුව තල්ලු කොට එමැනුවෙල්ව බේරාගැනීමට හැදුවත් එය ව්‍යර්ථ විය…

එමැනුවෙල් සම්පුර්නයෙන්ම අඩපන වුනු පසු මා වෙත පැමිනි ඉවාන් මාව මහමග වූ බිත්තයට තද කොට අල්වා ගත්තේය.

” බැල්ලී.. මට පිටුපාන්න තරම් තොට කොයේද හයියක් .. බලපන්… හොදට ඇස් හැරලා ..එකෙක්වත් මාව නවත්තන්න එන්නේ නැහැ…” ඔහු කිවේ සත්‍යකි..පාරේ වහාන කිහිපයක් ගියත් කිසිවෙකුවත් අපව බේරාගැනීමට පැමිනීයේ නැත.

“මේක අපේ පලාත යකෝ… තෝ මේ ඉන්නවන මම කියන විදියට හිටපන් නැත්නම් හන්නා වගේ මැරිලා පලයන්.. ” මාව තාප්පයට තදකරගෙන ඔහු බෙරිහන් දුන්නේය…

” මාව අත හැරපන් ඉවාන්…මාව අත හැරපන් . ” මා කෑගැසුයෙමී… මාගේ කටහඩත් සමග නැගිටගත් එමානුවෙල් දිව විත් ඔහුව ඉවතට තල්ලු කර දැමීය..

” සොෆී දුවන්න … දුවන්න ” එමැනුවෙල් කෑගැසුවේය …කුමක් කරන්න දැයි නොදැන මා අසරන විමි…. මා කොයිතරම් බියට පත්වී සිටියේද යත් මූත්‍රා වලින් මගේ යට ඇදුම් තෙත්වී තිබින..මා දුවන්නට පටන් ගත්තෙමි… එමැනුවෙල් ද මා පසුපසින් දුව එන්නට විය….

” නැවතියන් සොෆී නැවතියන් ” ඉවාන් කෑගැසීය…මා පිටුපස හැරි බැලීය. ජීපයේ දෝර විවර කල ඔහු එතුලින් කුමක් හෝ එලියට ගත්තේය ..

” නැවතියන් නැත්නම් මම මූව කුඩූ කරනවා ” ඔහු එමැනුවෙල් දෙසට එය දික් කරමින් පැවසිය… ඔහු අත වූයේ කුඩා බෝම්බයකි …. මා එක් වරම නැවතුනෙමී.. මා නැවතෙනු දුටු එමැනුවෙල් යලිත් කෑගැසීය ..” දුවන්න සොෆි දුවන්න ”

එහෙත් සමගම බෝම්බයේ කට්ට ගැලවූ ඉවාන් එය අප වෙත විසි කරන්නට වෙරදැරීය..එහෙත් එය ඔහුගේ අතින් ලිස්සා විත් ඔහු අසලටම වැටුනේය… මොහොතකින් ගිනි ජාලයක් සමග එය පුපුරා ගියේය…. සිදුවුයේ හෝ සිදුවන්නේ කුමක්දැයි නොදත් මා බියෙන් ත්‍රාසව බිම ඇද වැටින.. මා හට සිහිය එන විට මා සිටියේ රෝහලේය…

 

මේ සිද්දියෙන් මටත් එමැනුවෙල්ටවත් සුලු තුවාල සිදුවුනත් ඉවාන්ගේ තත්වය බරපතල විය.. ආරංචි වූ විදියට මෙහින් ඔහුගේ පාදයන් දෙකත් එක් අතකුත් නැති වී ඇත…. එසේම ඔහුගේ ලිංගයට සිදුවූ හානිය නිසා එයත් කපා ඉවත් කොට ඇත…


මෙය සිදුවුයේ මීට අවුරුදු 20කට පෙරයැයි මා ඔබට කිවෙමි…මෙයින් පසු අපි කොමිතාස් වලින් සදහටම මිදී වෙනත් නගරයකට පදිංචියට ආවෙමු…මමත් එමැනුවෙලුත් පසුකාලීනව විවහාවිය.අපිට දැන් දරුවන් දෙදෙනෙකුද ඇත.

මෙය අවසන් කිරිමට කලින් මා ඔබට තවත් රහසක් පවසමි… මා අදටත් සමහර දිනවලදි කොමිතාස් නගරයට යන්නෙමි..මෙය එමැනුවෙල්වත් දන්නේ නැත…කොමිතාස් වල වෙලෙන්දන්ගෙන් ” ලිංගයක් නැති මිනියා ඉන්නේ කොයේදැයි අසන්නෙමි ” ඉවාන් කොමිතාස් විදියේ ප්‍රසිද්ධ එම නමින්ය… ” ඒ කාලකන්නියා කෙරවලේ තියෙන ලුසාවෝර් පල්ලිය ඉස්සරහා හිගාකනවා ” ඔහුන් මට පවසයි..එහින් මගේ සිතට ඇතිවන්නේ සියුම් වූ තෘප්තියකී..

සමහර දිනවලදී මා ලුසාවෝර් පල්ලිය ඉදිරියටද යන්නේමි..ඒ මාවත් අනිකුත් ගැහැනූ ලමයින්වත් දූෂනය කල ඒ අමන තිරිසනාව දැකීමටය… මා ඔහු ලගට නොයමි..ඔහු මාව දුටුවත් හදුනා නොගනු ඇත..ඔහුට ඇතින් සිට ඔහු පල්ලියට යනෙන මිනිස්සුන්ගෙන් හිගාකන ආකාරය මා බලාසිටින්නේමි…ජරා ජීර්නව අපිරිසිදු කිලිටි වස්ත්‍රයන් ඇදගෙන පල්ලියට යනෙන මිනිසුන්ගේ දෙපාමුල වැදි වැටි හිගකන ඒ තිරිසනාව දකිමින් මම අදටත් සියුම් වූ සතුටක් විදිමි…ඔහු දුෂනය කල ඔහු නිසා මරනයට පත් වූ අනෙක් ගැහැනු ලමයින්ද අද සිටිනාම ඔහුන්ද මා මෙන්ම සතුටු වනු ඇත… ඒ සතුට මිලේච්ච සතුටකි..එය මා දනිමී.. එහෙත් ඒ සතුට තුල නිරාමිශ වූ තෘප්තියක් සැගව ඇත…

 

ඔබත් කොමිතාස් නගරයට යන්නේ නම් එහි ලුසාවෝර් දේවස්තාන විදියේ ඇති වෙලෙන්දන්ගේන් මෙසේ අසන්න

” ලිංගයක් නැති මිනිසා කොයේද ”

ඔබට ඔහුන් කාලයක් මනුස්ස වෙසින් සිටි තිරිසනෙකුව පෙන්නනු ඇත.

 

මුතුමුදලිගේ නිශ්ශංකගේ කෙටි කතාවක්

 


2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්


 

පසුවදන –

හන්නලා සහා සොෆීලා අදත් සමාජය තුල බහුලව ඇත…. සමහරු නිහඩය… සමහරු දෙවියන්ට සියල්ල භාර කොට අතීතය සගවා දමා ඇත… එහෙත් දෙවියන්වත් දඩුවම් නොකල ඉවාන්ලා අද තවමත් තමන්ගේ සුපුරුදු ජඩකමේම නියැලෙමින් සිටි.

 

Muthumudalige Nissanka's Book Collection

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න