නැන්දම්මාට වස පෙවීම Sinhala Short Story by Muthumudalige Nissanka
මා ඔබට කියන්නට යන මෙම කතාව බර්න් නම් වූ කුඩා ග්‍රාමයේ තවමත් සුප්‍රසිද්ද කතාවක්… බර්න් වල වැසියන් තවමත් මෙම කතාව විවහා දූවරු ලේලීවරු සමග රහසේ මුමුනයි…
බර්න් නගරයේ වාසය කල ලිලියන්ගේ පුතා පේත්රෝ මනාලියකව කැන්දාගෙන ආවේය…
බැදපු අලුත ඕනැම කෙල්ලෙක් කීකරූ සුවච භාරීයකි… පේත්රෝ කෑන්දාගෙන ආපූ මීහා නම් වූ ගමේ කෙල්ලද එලෙසම ශාන්ත දාන්ත සුවච කීකරු කෙල්ලෙක් විය…
පේත්රෝගේ මව ලිලියන් සහා මීහා මුල් කාලයේ එකිනෙකා සමග සුහදව සිටියත් මාස කිහිපයක් ගත වෙත්ම තත්වය වෙනස් විය….
මීහා වෙනස් වී ඇතැයි ලිලියන් සිතීය…ලිලියන් කෲර වී ඇතැයි මීහා සීතීය…
කෙසේ හෝ මාස කිහිපයක් යත්ම නැන්දම්මා සහා ලේලී අතර ගැටුම් ඇතිවිය….කල් යත්ම ඒවා උග්‍ර වි දෙදෙනාම එකිනෙකාට සතුරන් බවට පත්විය.
” මදැයි ඉදලා ඉදලා තෝත් එකියක්ව කරගහගෙන ආවා… හිටියේ කොහොමද , දාහකින් ගනින්න බැරි ගානට..ඒකට දැන්… ඒකිගේ ගෑස් නිකන් අපි ඒකිව ගමේ ඉදන් බලෙන් එක්කගෙන ආව වගේ… ”
පෙත්රෝගේ මව නිතර නිතර ඔහුට දෙස් තියන්නට විය…
අනිත් පසින් ඔහුගේ බිරිද මීහාගේ බැනුම්ය….
” ඔයාගේ අම්මා යක්ෂනියක් වගේ මගේ ඇගේම එල්ලී එල්ලී එනවා… මම ආයේ ලෝකෝ වලට යනවා … ඔයාගේ අම්මත් එක්ක ඉන්න මට තියා දෙවියන්ටවත් බැහැ…ඒ ගැහැනී ඒ තරමටම දුෂ්ට ගැහැනියෙක්… “”
අම්මගෙත් , බිරිදගේත් මේ කාලගෝට්ටිය පේත්රෝට හිසරදයක් විය..සමහර දිනෙක ඔහු වැඩ අවසන් වී බාර් එකට ගොස් ඇති තරම් පදම් විය… පෑ දෙක තුනක් පරක්කු වී ගෙදරට එන්නට පටන් ගත්තේය…අඩුම තරමින් ඒ වෙලාවට ගැනීත් අම්මත් දෙන්නම නිදිය….
නින්දේදී සුරදූතියන් වගේ පෙනෙන ගැහැනූන් අවදිවූ විට යක්ෂනියන්ය… පෙත්රෝගේ ජිවීතය එහෙන් පිටින්ම අපායකට හැරී තිබින….
මේ සියල්ල මේ විදියට සිදුවෙද්දී නැන්දම්මාගේ කරදරයෙන් බේරීමට මීහා වෙනම ගැටයක් ගැහුවාය…මීහාගේ පියාගේ යාලුවෙකු සිටියේය…ඔහු දක්ෂ වෛද්‍යවරයෙකි…ඊටත් වඩා ඔහු පෞරානික වස විස ක්‍රමය ගැන හසල බුද්ධියක් ඇත්තෙකි… කෙනෙකුව නොමරා මරන්නත් …. මුලු සර්වාංගයම අඩපන කරන්නත් හැකි පාරම්පරිකව ගෙන ආ ප්‍රබල වස වට්ටෝරු ඔහු සතුව තිබින….
මීහාට , ලිලියන්ගේන් කරදරයෙන් කෙසේ හෝ බේරීමට අවශය විය… ඇයට නැන්දම්මාව යක්ෂනියකි..යක්ෂනියක්ව මෙල්ල කල නොහැක… මෙල්ල කලත් ඇය යක්ෂනිය…එහෙයින් කලත හැකි හොදම දේ මරා දැමීමයි…ඇය තීරනයක් ගෙන තිබින….
පසුවදාම මීහා තම පියාගේ යහලුවෙකු වූ කලින් කී වස වෙලෙන්දව හමුවීමට ගියේය… ඔහුව මුනගැසී තමන්ට මුහුන දීමට සිදුවී ඇති කරදරත් …නැන්දම්මගේ කෲරත්වයත් ඇය ඔහුව කීහ… ඒ සියල්ලටම වඩා පෙත්රෝත්, නැන්දම්මගේ මේ ගෝරනාඩුවෙන් දුක් විදින බවත් තමන්ගේ මුලු විවහා ජීවීතයම එහෙන් පිටින්ම අපායක් වී ඇති බවත් ඇය ඔහු ඉදිරියේ දිගු චිත්‍ර කතාවක් මෙන් කියාගෙන කියාගෙන ගියාය…
මේ සියල්ලටම හොදින් ඇහුන්කන් දුන් ගොගෝ නම් වූ මේ විෂ වෙලෙන්දා මීහාට අපූරූ සැලැස්මක් ගැන කීහ…
” හොදයි මෙහෙම කරපු…හැබැයි මම මේ කියන දේවල් ඒ විදියටම කරන්න ඕනේ….මොකද මේක බොහොම භයානක වැඩක් …. පොඩ්ඩක් එහා මෙහා වුනොත් ඔය ලමයයි මමයි දෙන්නම ඉවරයි ..”
” හා ගොගෝ අංකල්… ඔයා කියන විදියටම මම කරන්නම් ” මීහා කීවාය…
” විෂ එකපාරම දීලා ඒ ගැනී මලොත් ඔය ලමයව මිනිස්සු සැක කරනවා… ඒ නිසා කාටවත් නොතේරෙන විදියට…අඩුම තරමින් ඒ ගැනිටවත් නොතේරෙන විදියට හිමිහිට මරන්න පුලුවන් කෙමක් මගේ ලග තියෙනවා… ”
ගෝගෝ කාමරයට ගොස් කුඩා කුප්පියකුත් රෑගෙන යලිත් පැමිනියේය…
” හැමදාමත් ඔය ලමයා හොද රසට උයලා .. ඒ ගැනීට දෙන බත් පිගානට මේ කුප්පියෙන් එක බින්දුවක් දාන්න… ඒවගේම ඒ ගැනීට කිසිම සැකයක් හිතෙන්නේ නැතිවෙන්න එයත් එක්ක හොදට ඉන්න ඕනේ…. රංඩු කරගන්න යන්න එපා … පුලුවන් තරම් හොදින් ඉන්න බලන්න… මොකද මේකෙන් මැරෙන දවසට මිනිස්සු දැනගන්න ඕනේ ඔයා ඒ මනුස්සයත් එක්ක සතුටින් සමාදානයෙන් හිටියා කියලා.. ”
” හරි ගෝගෝ අංකල් මම ඒ විදියටම කරන්නම් ” මීහා ගෝගෝට පොරොන්දු විය…
එතැන් සිට මීහා උපක්‍රමශීලී විය… ඇය සැම දිනෙකම නැන්දම්මට රසවත් කෑම පිලියෙල කලාය… නැන්දම්මා ගෝරනාඩුවට ආ දින වලත් ඇය කට වහගෙන නිශ්ශබ්දව සිටියාය…ඇය කියු සැම දේටම අවනත විය…. ඇයට කෝප යන අවස්තාවල ඒ කෝපය පුලුවන් තරම් පාලනය කර ගත්තාය… ගෝගෝ කිව්ව විදියටම සතුටින් සාමදානයෙන් ජීවත්විය…එහෙත් ඇය එක් දෙයක් අමතක නොකලාය…
සැම දිනෙකම ඇය නැන්දම්මාගේ බත් පිගානට අනිවාර්යෙන්ම වස බිංදුවක්නම් දැම්මාය..
මෙලෙස කාලයක් ගෙවී යත්ම ලිලියන්ගේ හිතේ මීහා ගැන තිබුනු නපුරු සිතුවිලි නැතිවී ගියේය…
“දැන් නම් ලේලී ගොඩක් හොදයි..ඉස්සර වගේ තරහා ගන්නේ නැහැ… කියන දේත් අහනවා…මට රස කෑමත් හදලා දෙනවා..මාත් එක්ක වාදෙට එන්නෙත් නැහැ.. ” ඇය දිනක් පේත්රෝට කියනු මීහාට ඇසින…මෙහින් පෙත්රෝ අන්දුන් කුන්දුන් විය… එහෙත් පෙරලුනු පිට හොදයි කියනවා වගේ පේත්රෝත් එහින් සතුටට පත්විය..කෙසේ හෝ නැන්දම්මා සහා ලේලියගේ කන්කරච්චලේ නැතිවෙනවනම් ඒකත් ලොකු දෙයකි.
එදා සිට පේත්රෝ බොන එක අතහැරියේය..කලට වෙලාවට නිවසට ආහ.. නිවසට ආ පසු අම්මත් බිරිදත් සමග සතුටින් කාලය ගත කලේය..
දිනක් ලේලීයගේ කීකරු කම ගැන ගොඩක් පැහැදුනු ලිලියන් ඇයට මෙසේ කීවායා..
” මටත් ඕනේ වුනේ ඔයා වගේම දුවක්ව…මට දැන් ගොඩක් සතුටුයි…. මට මම බලාපොරොත්තු වුනු දුවවම ලැබුන එක ගැන… ඇයගේ දෙනෙතෙන් කදුලක් කඩා වැටින..
මීහා ඇයව වැලද ගත්තාය…
” මට සමාවෙන්න අම්මේ ” ඇය ලිලියන්ට කීවාය..
” සමාවෙන්න මොකටද ” ලිලියන් ඇසුවාය..
මීහා වස ගැන ඇයට කීවේ නැත..එසේ කියත නොහැක.
“මම මෙච්චර කල් අම්මට නරක විදියට සැලකුවාට ..
මීහාගේ හදවතෙහි එතැන් සිට ලොකු බරක් විය… තව දින කිහිපයකින්ම නැන්දම්මා මිය යනු ඇත… ” අනේ දෙව්යනේ..මම මහා දුෂ්ට ගැහැනියක්…මහා පව්කාරියක්..ඇය ඇයටම දෝස් තියා ගත්තේය…ඇයගේ හදවතේ නැන්දම්මා ගැන අනුකම්පාවකුත් ආදරයකුත් ඇතිවී ඇත… කෙසේ හෝ නැන්දම්මාගේ ජිවීතය බේරාගත යුතුයැයි ඇය තීරනය කලාය..ඇය එදිනම ගෝගෝ නම් වූ ඒ වස වෙලෙන්දාව හමුවීමට ගියාය..
” අනේ ගෝගෝ අංකල් මට නැන්දම්මාව බේරලා දෙන්න…ඒ වස ඇයගේ ඇගෙන් අහින් කරන්න විදියක් කියලා දෙන්න..ඇය දැන් මගෙත් එක්ක ගොඩක් හොදයි..හරිම කරුනාවන්තයි… මගේම අම්මා වගේ..මට ඇයව නැතිකරගන්න බැහැ ..
ගොගෝ සිනාසින… සිනා සී මෙසේ කීවේය…
” ඇයගේ ඇගෙන් වස අහින් කරන්න දෙයක් නැහැ දරුවා…මෙච්චර කල් තිබ්බ වස ඔය දෙන්නගෙම ඇගෙන් විතරක් නෙමෙයි මනසෙනුත් දුරුවෙලයි තියෙන්නේ..වස තිබුනේ ඔයාගේම මනසේ …. ඔයා ඔයාගේ ආඩම්බර කම් හිතුවක්කාර කම් අහින් කරලා ඔයාගේ නැන්දම්මට ලං වුනා. හිතවත් වුනා… ඒකට පැහැදුනු ඔයාගේ නැන්දම්මත් එයාගේ හිතේ තිබුනු වස අහින් කරලා දැම්මා …. ”
” එතකොට ගෝගෝ අංකල් දුන්න අර කුප්පිය ? ” මීහා ඇසීය..
“ඒකේ තිබුනේ නිකන්ම නිකන් වතුර විතරයි … ” ගෝගෝ කිසිම ගානක් නැතිව කීහ.
– මුතුමුදලිගේ නිශ්ශංකගේ කෙටි කතාවක්
2018 වසරේ මා විසින් ලියා පලකල ලස්සන කෙටි කතා පනහක් පොතේ පලවූ තවත් කතාවක්. ලස්සන කෙටි කතා 50ක් ඔබට මෙතැනින් නොමිලේම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් > ලස්සන කෙටි කතා 50ක්
පසුවදන – මේක යුරෝපයේ සහා චීනයේ හිතාමත් ජනප්‍රිය ජන කතාවක්… එක් එක් රටවල් වල මේ කතාව කියන විදිය වෙනස්. ඉතින් මේ කතාව මුලින්ම මගේ බිරිද කියපු වෙලේ මට හිතුනා ඒකෙන් කෙටිකතාවක් නිර්මානය කරන්න. මේ කතාව නැන්දම්මලා සහා ලේලිලා වෙනුවෙන්.
Comments
Post a Comment