ඩිප්‍රෙෂන් සහා ජෝකර් යන ජනප්‍රිය කෘතීන් යුගල ඔබ වෙත ගෙන ආ ලේඛිකා ධනූ ජයසුන්දර
අද පොත් මී “අලුත් පොතක්” විශේෂාංගයෙන් ඔබ හමුවන්නේ ඩිප්‍රෙෂන් සහා ජෝකර් යන ජනප්‍රිය කෘතීන් ද්විත්වයෙන් ඔබ හදුනාගත් ලේඛිකා “ධනූ ජයසුන්දර” මෙනෙවිය.
ඔබේ අලුත්ම පොත “ජෝකර්” ළගදීම නිකුත් වෙනවා, මේ පොත මොකක් ගැනද?
ජෝකර් පොත .එහෙම නැත්නම් සහකාර පොලිස් අධිකාරි,කේතකී වික්රමාරච්චිගෙ දෙවෙනි විමර්ශනයක් තමා මේ පොතේ ඇතුලත් වෙන්නේ. සමාජයේ අපි සුදු චරිත කියල හඳුනගෙන ඉන්න බොහෝ පුද්ගලයන්ගේ ඇතුළාන්තයත් ඒ වගේම සුදුද කියලා දෙපාරක් හිතන්න පෙලඹවීමක් මේ පොත මගින් කෙරෙයි කියල මම විශ්වාස කරනවා. කුඩා දරුවන් සිටින දෙමාපියන් අනිවාර්යෙන්ම කියවිය යුතු පොතක් කියලා මම හිතනවා. හුදකලාවම ජීවත් වූ සුප්රසිද්ධ පුද්ගලයෙක් තමාගේම නිදන කාමරය ඇතුළේ ඝාතනය කෙරෙනව. පිටතින් නිවස තුළට,ඇතුලු වෙන්න බැරි ලෙස අගුලු ලා තිබූ නිවසක ඇතුළත සිදුවෙන මෙම ඝාතනයක්. ඝාතකයා කවුරුන්ද යන්න කිසිදු හෝඩුවාවක් ඇගිලි සලකුණක් නැහැ.මළ සිරුර අසල තීබි හමුවෙන, ජෝකර්වරයාගෙ, සිතුවමක් හැරුණු කොට අන් කිසිදු ශාක්ෂියක් නොමැතිව, පරීවේෂණීය ශාක්ෂි පදනම් කර ගනිමින් මෙම විමර්ශනය අරඹන්නෙ සහකාර, පොලිස් අධිකාරි කේතකී වික්රමාරච්චි. ඇය විසින් කුමන,ආකාරයේ අභිරහසක් අනාවරණය කර ගනී ද යන්න දැන ගන්න නම් ජෝකර් කියවලා බලන්න වෙනවා..
2) ඇයි එවැනි පොතක් ලියන්නට හිතුවේ, මොකක්ද මේ පොතේ තියෙන විශේෂත්වය?
මෙම කතාවට වස්තු බීජය වෙලා තියෙන්නෙ එක්තරා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් පිළිබඳව සහා ඔහු විසින් ගෙන ගිය දෙබිඩි ජීවිතය පිළිබඳව. අප නොදැනුවත්වම එවන් මානසික රෝගීන් අප අතර බහුළයි. ඒ පිළිබඳව මට සමාජයට පණිවිඩයක් දීමට අවශ්ය උනා.ඒකයි මෙහෙම පොතක් ලිව්වේ
3) ඔබ මීට පෙර පලකල කෘතීන් ගැනත් සටහනක් කලොත්?
කේතකීගෙ විමර්ශන නමින් මම ලියන මේ රහස් පරීක්ෂක කතා මාලාවෙ පලමුවෙනි වෙළුම තමා ඩිප්රෙශන්. එයත් මානසික රෝගයක් මුල් කර ගනිමින් ලියු කෘතියක්. රිද්මි වීරසිංහ නම් තරුණ යුවතිය විෂාදයෙන් පෙලෙන අතර ඇය සිය නිවසේදීම ගෙල වැලලාගෙන සිටිනව. ඇය සැබවින්ම විෂාදයෙන් පෙලීම නිසා සියදිවි නසා ගත්තද නැතහොත් කිසිවෙකු විසින් විෂාදයට මුවාවී ඇයගෙ ජීවන ගමන නිම කලෙහිද යන පැනය සමඟින් ලියවුණ කෘතියක්
4) ඉදිරියේදී ඔබ විසින් ලියන කෘතීන් මොන වගේ වෙයිද? ඒ ගැන අදහසක් තියෙනවද?
ඉදිරියේදී සමාජය හමුවෙ තියෙන එහෙත් කිසිවෙකු,කතා කිරිමට මැලිවන මාතෘකා පාදක කර ගනිමින් විවිධ මානසික රෝග පාදක කර ගනිමින් කෘති ලියවේවී. කේතකී වික්රමාරච්චි නැමැති දක්ෂ සුරුපී සහකාර පොලිස් අධිකාරිවරියගෙ විමර්ශන එකින් එක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
5) මේ වෙද්දිත් ඔබ වටා විශාල පාඨකයින් ප්‍රමානයක් එක් රැස් වී සිටිනවා. ඔහුන්ට ඔබේ අලුත්ම පොත මිලදී ගත හැකී ආකාරය ගැනත් සදහනක් කලොත්?
0714465490 දුරකථන අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන් හා රීඩින් ප්ලැනට් ගෘපයට පණිවිඩයක් යොමු කිරිමෙන් ජෝකර් පෙර ඇනවුම් කල හැකිය.
ජෝකර් ප්රකාශයට පත්කල රීඩින් ප්ලැනට්,ආයතනයටත් නන් අයුරින් උදව්,කල සියල්ලටමත් ස්තූතියි. මගෙ සොයුරිය නදීරා දිසානායකට විශේෂ,ස්තූතියක් පුද කරනවා .මන්ද යත් කේතකී ඇය නොසිටියනම් බිහි නොවන්නට තිබුණි. ස්තූතියි.
Comments
Post a Comment