සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග
සෙනෙහස නුඹයි මගේ කෘතියෙන් ඔබ හමුවට පැමිනෙන දිස්නා සේනානායක, අද පොත් මී අලුත් පොතක් විශේෂාංගය සමග
1. සෙනෙහස නුඹයි මගේ කියන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයන්ට පිදෙන ඔබේ පළවෙනි කෘතිය. මේ කෘතිය එළිදක්වන්නට ඔබට සහයෝගය දැක්වූ අය ගැන මුලින්ම සඳහනක් කළොත්..?
ඒක දිග කතාවක්.මේ කතාව මුද්‍රණය වෙන්න යන පළවෙනි වතාව මේක නෙවෙයි .මීට කලින් මං පොත කරන්න ගිහින් හොඳටම වැටුනා. මිනිස්සු හරි පුදුමාකාරයි තමන්ගේ කියලා හිතපු මිනිස්සු මාව උපරිම ඇදලා බිමට,දැම්මා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නිසා.ඒත් අවසානේ මං ජය ගත්තා.ඇත්තටම මට මගේ හීනයට යන්න ලොකූ හයියක් වුනේ මගේ ලොකූ (විජිත නාමල් දබරේරා ) ඒ හීනය පාට කරන්න මට අත දුන්නේ කේෂී බුක්ස් .ඇත්තටම කේෂී සහා කේෂල අයියා නිසා තමයි අද මගේ හීනය පාට වෙලා තියෙන්නෙ .ඒ දෙන්න මුණ ගැහුණේ නිමල් උඩුගම මහත්මයා නිසා.ඉතින් මේ ටික දෙනාගේ සහායෝගයෙන් මං මගේ හීනේ පාට,කර ගත්තා.
2. ලේඛිකාවක් වීම ඔබේ සිහිනයක්ව තිබුනාද..? එහෙමත් නැත්නම් මේක අහම්බයක්ද…? කොහොමද ඔබ ලේඛන කලාවට යොමු වුනේ…?
කවදාවත් මට එහෙම හීනයක් තිබුනේ නෑ.මොකද මං ඒ තරම් ලොකු හීන දැක්ක කෙනෙක් නෙවෙයි කවදාවත්.ඉස්සර ඉදන් ලියන පුරුද්ද තිබුනා ඒත් ලේඛන කලාවට එන්න හීනයක් තිබුනේ නෑ.ඒක අහම්බයක්.ආසවට කියලා හිතලා මං නොමැකෙන සෙනෙහස කියන පේජ් එකට 2017 “සැබෑ වූ හීනයක්”මගේ පළවෙනි නවකතාව පළ කලා.ඒ තමයි පටන් ගැන්ම.ඒකත් සිද්ද වුනේ අහබුවක් විදිහට.
3. සෙනෙහස නුඹයි මගේ කෘතියේ අන්තර්ගතය ගැනත් සඳනක් කළොත්..?
සෙනෙහස ඔබයි මගේ කියන්නේ ප්‍රෙමවෘත්තාන්තයක්.නමුත් ඒ ආදර කතාව ඇතුලේ ගැහැණියක් ජිවිතේ කොයිතරම් ප්‍රශ්න වලට මුණ දෙනවද ගැහැණියක්ට කොයිතරම් දේවල් තමන්ගේ පවුල වෙනුවෙන් කරන්න පුලුවන් ද කියන එක අන්තර්ගත වෙනවා.අහිම් වුන හැමදේම තමන් සතු කර ගන්නට ගැහැණියක්ට අවශ්‍ය ආත්මශක්තිය විතරයි කියන දේ මලිති මේ කතාව පුරාවටම කියලා දෙනවා..
4. ඔබ මුහුණුපොත හරහාත් මේ කතාව කොටස් වශයෙන් පළකලා. කොහොමද එයට ලැබුණු පාඨක ප්‍රථිචාර…? ඒ වගේම මුහුණු පොත හරහා නිර්මාණ පලකිරීමේදී ලේඛක ලේඛිකාවන්ට විවිධකාර අපහසුතාවයන්ට පවා මුහුණ දෙන්නට සිදුවෙලා තිබෙනවා. ඔබටත් ඒ වගේ අත්දැකීම් තිබෙනවාද…?
ඔව් මේ කතාව 2017 නොමැකෙන සෙනෙහස කියන පේජ් එකේ පළ වු කතාවක්.ඇත්තටම මගේ ජිවිතේ වෙනස් කරපු කතාවක්.හීනෙකින්වත් නොහිතපු පාඨක ප්‍රඵචාර ලැබුනේ.අදටත් මං වටේ රොක්වෙලා ඉන්න පිරිස මට මේ කතාව නිසා ලැබුන අය.ඇත්තටම මට කවදාවත් අපහසුතාවයක් කියලා දෙයක් ඇවිත් නෑ.මොකද මං හරි හිමින් ආපු ගමනක් මේක.ඒ නිසා කිසිම කළබයක් තිබුනේ නෑ
5. ඔබ මුහුණුපොතේ කතා කිහිපයක්ම කොටස් වශයෙන් පළකරලා තිබෙනවා. ඉතින් “සෙනෙහස නුඹයි මගේ” කතාවම මුලින්ම මුද්‍රිත මාධ්‍යට ගෙන එන්නට තෝරා ගත්තේ ඇයි ..?
සමහර දේවල් තියෙනවා එකේ වටිනාකම අඩු වුනත් අපේ ජිවිත වලට වාසනාව ගේන.අන්න ඒ වගේ තමයි මේකත්.මොකද සෙනෙහස ඔබයි මගේ කියන්නේ මගේ ජිවිතේට වාසනාව ගෙනාපු කතාව.දිස්නා සේනානායක කියන කෙනාව අදුන්වලා දුන්න කතාව.ඒ නිසා මං තීරණය කලා මට සතුට,සැනසීම දුන්න ඒ කතාවම මං මුළින්ම කරනවා කියලා .හැබැයි මං ලියපු කතා පහලවෙන් මං කැමතිම කතාව “දිලෙන තරුව ඇයයි”
6. ඔබ කැමතිම ලේඛ්කාව හෝ ලේඛකයෙක් ඉන්නවද…?ඒ වගේම ඔබ කියවන්නට කැමති කුමන ආකාරයේ පොත්ද…?
මං කැමති කීප දෙනෙක් ඉන්නවා.නමුත් මං පොත් බලන්න පුරුදු වුනේ චංදි කොඩිකාර මහත්මිය නිසා.මං නවකතා කියවන්න මුළ පිරුවේ එයාගෙන්.ඊට පස්සෙ ගොඩක් අය ඉන්නවා හිත ගත්ත .මං එහෙම මේ පොත කියවනවා මේක හොඳ නෑ කියලා බෙදාගෙන නෑ මගේ හිතට දැනුන නම් මං ඕනම පොතක් කියවනවා.
7. ඔබ හිතන විදිහට ලේඛිකාවක්ට /ලේඛකයෙක්ට කළ හැකි සමාජ මෙහෙවර කුමක්ද…?
මෙහෙමයි ලියන කෙනෙකුට තමන්ගේ අදහස් වලින් තවත් කෙනෙකුට ජිව්තේ කියලා දෙන්න පුලුවන් .අපි හැමෝම දන්නවා සමහර අය ඉන්නවා තමන් ආදරේ කරන ලේඛිකාවක් හෝ ලේඛකයකු ලියන පුංචි අකුරටත් ආදරේ කරන.සමහරු ප්‍රශ්නයක් ආවම කරන්නේ තමන් කැමතිම පොත අරන් බලලා ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න එක.මං හිතන්නෙ ලියන හැම කෙනෙකුගෙම වචන ඇතුලේ තව කෙනෙකුට ජිව්තේ කියල දෙනවා.ඉතින් ඒක පිළිපදින එක බලන අය අතේ තියෙන්නෙ .
8. ඉදිරි කාලයේ පාඨකයන් වෙත ලබා දෙන්නට නව නිර්මාණයක් ගැන ඔබට අදහසක් තිබෙනවාද…?
මං ආසවෙන් ඉන්නවා “දිලෙන තරුව ඇයයි” සහා “පුර්වී” සහා මගේ ස්ටයිල් එකෙන් පිට වෙනස්ම කතාවක් පාඨකයන් අතරට අරන් එන්න..
9. ඔබේ කෘතිය පාඨකයින්ට මිළදී ගන්නට හැකි ආකාර ගැනත් සඳහනක් කළොත්…?
ඔව් පුලුවන් “කේෂී බුක්ස් වෙබ් පොත් හල” හරහා සහා මාගේ මුහුණු පොත හරහා ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන් ..
10. ඔබ හිතන විදිහට ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තම නිර්මාණය තුල අදහස් ප්‍රකාශ කිරීමේදී යම් සීමාවක් තිබිය යුතුද එසේත් නැතිනම් ඕනෑම මාතෘකාවක් සම්බන්ධව සීමාවකින් තොරව නිදහසේ අදහස් දැක්වීම කළ යුතුද…?
මෙහෙමයි අපි හදා ගත්ත පසුබිමක් තියෙනවා .අපට ඕනම දෙයක් ලියන්න අයිතිය තිබුනත් එය සමාජෙට දෙන්න පුලුවන් දෙයක් වෙන්න ඕන.ඕනෑම මාතෘකාවක් සම්බන්ධව අපට ලියන්න පුලුවන් හැබැයි ඒ ලියන සිමාව අපි දැන ගන්න ඕන.මොකද පොත කියන දේ පොඩි දරුවගේ ඉදන් වැඩිහිටියා වෙනකම් බලනවා.ඒ හැමෝටම සතුටින් බලන්න පුලුවන් නිර්මාණයක් දෙන්න පුලුවන් වෙන්නේ ලේඛකයට විතරයි .
අවසාන වශයෙන් කියන්න කැමතියි අද දිස්නා සේනානායක කියන මට මේ ගමන ලස්සනට යන්න පාර,පෙන්නුවේ ආදරණීය ඔයාල.මගේ හැම නවකතාවක්ම කියවපු ආදරනිය පාඨකයන්. එයාල තමයි මගේ ශක්තිය.එයාල මට මේ දුන්න කිරුළ මං පරිස්සමින් ඉදිරියට අරන් යනවා.ඉතිම් මං වෙනුවෙන් මං ළගින්ම හිටපු ඔයාල හැමෝටම දිස්නා අක්කා හැමදාමත් ආදරෙයි .ඔයාල,නැත්නම් මං අද කොහෙද කියලවත් නෑ.
ඒ වගේම මට මේ අවස්තාව දුන්න පුෂ්පිකා මධුශානි විජේරත්න නංගි ඔයාලටත් ගොඩක් ස්තූතියි .
පොත්මී ප්‍රකාශන පුද් සමාගම
Comments
Post a Comment