හැමෝටම Online පොත් ගන්න Dill Books නිර්මාණය කල ඩිලක්ෂි භාග්‍යා

පොත්මී “සල්පිල” විශේෂාංගයෙන් අද ඔබ හමුවට එන්නේ හැමෝටම ඔන්ලයින් ක්‍රමයට පොත් මිලදී ගැනීමට “Dill Books” නිර්මානය කල ඩිලක්ෂි භාග්‍යා, මේ ඇයගේ කතාව –

 

 

1. මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු…?

පළමුවෙන්ම මම කැමතී ස්තූතිවන්ත වෙන්න මේ අවස්ථාව ලබා දුන්නට මුතුමුදලිගේ නිශ්ශංක අයියට වගෙම පොත් මී ඔයාලා හැමෝටම.

මම ඩිලක්ෂි භාග්‍යා. දැනට පදිංචිය මාලබේ. වයස 23යි. දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධියක් හදාරනවා.

2 මොකද්ද මේ Dill Books කියන ඔබේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නෙ…?

මගේ මූලික අරමුණ තමයි තවත් කෙනෙකුට එක්තරා ආකාරයකින් දැණුම සැපයීම වගේම ජීවිතයට සතුටක් එක් කිරීම.

3.අපි දන්නවා වර්ථමානයේදී පොත් ක්ෂේත්‍රය තුළ මේ වගේ ව්‍යාපාර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද…ඒ වගේම Dill Books කොහොමද අනෙකුත් මෙවැනි ව්‍යාපාර වලට වඩා වෙනස් වෙන්නෙ…?

මේ කාලෙ ලංකාව විතරක් නෙමෙයි ලොකේ හැමෝටම ටිකක් අමාරු කාලයක්. ඒ වගේම තමයි ගෙවල් ඇතුළටම කොටු වෙලා ටිකක් මානසික මට්ටම තරමක වෙනස්කම් සිද්ද වෙලා තියෙනවා. ඉතිං ගොඩක්ම මට ඕන වුනා ගෙදර ඉදලා කරන්න පුලුවන් මගේ හිතට සතුටක්, සැනසීමක් ගෙන දෙන දේවල් කරන්න. චූටි කාලෙ ඉදලම මගේ තිබුන ආසාවක් තමයි මගේම කියලා නවකතා, කෙටිකතා, පරිවර්තන වගේ එකී නොකී මෙකී හැම පොතක්ම තියෙන සාප්පුවක් දාන්න. ඒත් මගේ ළඟ හැම පොතක්ම නම් නැහැ. නමුත් මම ගොඩාක් උත්සාහා කරනවා කෙනෙක් මගෙන් මොනවම හරි පොතක් ඉල්ලනවා නම් ඒ පොත කොහෙන් හෝ හොයලා දෙන්න.

4. මේ වන විට ලෝකල් බුක් ෂොප් ක්‍රමයට වඩා ඔන්ලයින් බුක් ශොප් ක්‍රමය වර්ධනය වෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද..?

ඇත්තටම මම නම් ඒකට කැමති. මොකද අපි සාමන්‍යෙන් Book Shop එකකට ගියාම අපිට හොයා ගන්න අවශ්‍ය වෙනවා එක්තරා පොතක්. ඉතිං අපිට ඒපොත හොයා ගන්න බැරි වෙන නිසා අපි එතන සේවය කරන අලෙවි නියෝජිතයෙක් ගෙන් උදව් ඉල්ලුවත් එයාලා දෙන ලේසිම පිළිතුර තමයි “මේ පොත් ටික විතරයි තියෙන්නෙ” අඩුම තරමින් එයාලගෙ දැනට තියෙන පොත් ලිස්ට් එකකින් කිසිම වගවිභාගයක් නැතිව දෙන ලේසිම උත්තරයක්.
ඒත් Online Boos Store එකක්දී අපිට පුලුවන් අපිට අවශ්‍ය පොත Search කරලා අපිටම හොයා ගන්න. රස්තියාදු වෙන්න අවශ්‍යත් නෑ. පොත ගෙදරටම ගෙනත් දෙනවා. කාර්‍යබහුල ගොඩක් අය ගොඩක් පොත් කියවීමෙන් ඈත් වෙලා තියෙන්නෙ එයාලට පොත් ගන්න එළියට යන්න බැරි නිසා වෙන්න පුලුවන්. අනිත් දේ තමයි, ලෝකයා අද දරුණු උවදුරකට මූණපාලා ඉන්න මේ වෙලාවේ මේ වගේ Online සේවාව නිසා හිතට දැනෙන යම් යම් මානසික පීඩා තරමක් හෝ දුරට මගහරව ගන්න පුලුවන් වෙලා තියෙනවා.

 

 

5. පසුගිය කාලයේ ලෝකල් බුක් ෂොප් ක්‍රමය වර්ධනය වීමේදී පොත් ව්‍යාපාරය තුල ඒකාධිකාරයක් ගොඩනැඟුනා. එක්තරා ප්‍රසිද්ධ ආයතන කිහිපයක් පමණක් පොත් මාකට් එක පාළනය කරන්නට පටන් ගත්තා. ඔබ හිතන විදිහට ඔන්ලයින් බුක් ශොප් ක්‍රමයේදීත් ඒ වගේ දෙයක් සිදුවේවිද..?

ඒක ටිකක් වෙනස් දෙයක්. මොකද බොහෝ දුරට අපි වුනත් පොතක් හෝ වේවා ඇඳුමක් වේවා, නැත්නම් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවා අපි බලන්නෙ හොදම දේවල් ටිකක් හෝ අඩු වියදමකින් ලබා ගන්න. අනිත් දේ තමයි හොද සේවාවක්. කොයි කවුරු වුනත් බලාපොරොත්තු වන යම් දෙයක් තියෙනවා. හොදම දේ නිසි ආකාරයෙන් ලැබෙන තැනටයි අපි යොමු වෙන්නෙ. ඒ නිසා මං හිතන්නෙ ඒකට හොදම උත්තරයක් ලැබුණා.

6. නූතන තාක්ෂණයත් එක්ක මේ වන විට බොහොමයක් දේවල් වෙනස් වෙමින් පවතිනවා. ඔබ හිතන විදිහට තාක්ෂණයේ දියුණුව පොත් වෙළඳාමට යම් කිසි පහරක් වේවිද…?

පොත් වෙළඳාම නූතන තාක්ෂණයත් එක්ක වැඩි වෙලා කියලයි මට හිතෙන්නෙ. මොකද Online ක්‍රමය ගත්තාම අපිට අවශ්‍ය පොතක් ඕනම වෙලාවකදි කිසිම මහන්සියක් නැතිව ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. අලුත් පොතක් ගැන පූර්ව ප්‍රචාරය නිසා එයින් පොත් හිමියන්ට වගේම පාඨකයන්ටත් වාසියක් වෙනවා. නමුත් තවත් සමහර අය පොත් මිලදී නොගෙන pdf හෝ Online ක්‍රමයට කියවීමේ ක්‍රම සොයනවා. පාඨකයෙක් විදිහට නම් මං තරමක් දුරට ඒකට විරුද්ධයි. මොකද පොතක් කියන්නෙ පොතක් මිසක් ඒක මෘදුකාංගයක් නෙමෙයිනෙ.

7. ඔබ පටන් ගත් ව්‍යාපාරයට වෙනත් ප්‍රකාශන ආයතන සහ විකුණුම් ආයතන වලින් ඔබට ලැබෙන සහයෝගය සහ මෙතෙක් ආ ගමනේදී ඔබට මුහුණපාන්නට සිදුවුණු අපහසුතා ගැනත් කතා කරමු…

ඇත්තටම ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා ප්‍රකාශන ආයතන වලින්, රචකයන්ගෙන් වගේම පාඨකයන්ගෙනුත්. ඔවුන්ට පුලුවන් හැම උදව්වක්ම මට නොපිරිහෙලා ඉටු කරනවා මගේ මේ වෑයම සාර්ථක කර ගන්න.

ඒ වගේම තමයි කියන්න ඕනී එයට විරුද්ධ පාර්ශ්වයකුත් ඉන්නවා. ඒ නිසා ගැටලු රාශියකට මූණ දෙන්න සිදු වුණා පහුගිය අවස්ථා කිහිපයකදීම..

ඒත් ඒ හැම දෙයක්ම මගේ ගමනට ලොකු ශක්තිමත් ඉනිමගක් වුණා.

8. ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ පසුපසින් හිඳ උදව් උපකාර කල අයත් ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු.

පළමුවෙන්ම මං කියන්න ඕනී මගේ රත්තරං අම්මයි තාත්තයි ඒ දෙන්නා නිසයි මම අද මේ වගේ තැනක තනියම හිටගන්න මගේ අඩිතාලම, මගේ හැමදේම. ඒ වගේම මගේ ශක්තිය සදීශ උමයන්ග. ඒ වගේම මම අවශ්‍ය පොත් ඉල්ලන සැනින් මට පොත් සපයන සෑම ප්‍රකාශන ආයතනයක්ම, සෑම ලේකඛයෙක්ම, ඒ වගේම පාඨකයෝ හැමමෝම මේ වෙලවෙ මං ආදරෙයෙන් මතක් කරන්න කැමතියි.

 

 

9. ඉදිරියේදි ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය කොයි ආකාරයෙන්ද වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙන්නෙ ..?

මගේ මේ චූටි ව්‍යාපාරය දියුණු කීරීමේ වැඩකටයුතු, සැළසුම් මේ වෙනකොටත් කෙරීගෙන යනවා. ටිකක් වෙනස් ආකාරයේ සැළසුම් කිහිපයක්ම කෙරෙමින් පවතිනවා. ඒ පිළිබදව මම පසුවට දැනුම් දෙන්නම්.

10. පාඨකයින්ට ඔබගෙන් මිළදීගැනීම් සිදුකිරීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම ගැනත් සඳහන් කරමු…

මගේ පොත් ලබා ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.

1. පහත දැක්වෙන මගේ Dill Books නිල පිටුවෙන් අවශ්‍ය පොත් පිළිබඳව දැනුවත් කිරීම මගින්,
https://www.facebook.com/Dill-Books-110986684552235/

2. මගේ ෆේස්බුක් ගිණුම ඔස්සෙ කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින්,

3. Dill Books ව්‍යාපාරික දුරකතන අංකය 0781418110 ඔස්සෙ කෙටි පණිවිඩයක් හෝ Whatsapp කෙටි පණිවිඩයක් මගින් යන මේ සියලුම ක්‍රම ඔස්සෙ Dill Books මගින් අපගේ සේවාවලබා ගන්න පුලුවන්

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න