නුඹ මට හිමිව" කෘතියත් සමග ඔබ හමුවට එන ඉමන්ති දුනීශා විජේරත්න

අද පොත්මී “අලුත් පොතක්” සංවාදය “නුඹ මට හිමිව” කෘතියත් සමග ඔබ හමුවට පැමිනෙන ඉමන්ති දුනීශා විජේරත්න සමග

 

Imanthi Dunisha Wijerathna New Sinhala Book Online - Copy

 

1. “නුඹ මට හිමිව ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය‍යෙන් එන ඔබේ පළමු නවකතාව. මුලින්ම අපි මේ කතාවේ අන්තර්ගතය ගැන විස්තරයක් කරමු…?
නුඹ මට හිමිව කෘතියේ අන්තර්ගතය ගැන විස්තර කරොත් ඇත්තටම.. මේ කෘතිය තුල විවිධ චරිත සහ සමාජයේ විවිධ පැතිකඩයන් අන්තර්ගත වෙලා තියෙනවා..දරුවෙකුට මවකගේ ආදරය මෙන්ම පියෙකුගේ රැකවරණය කොයිතරම් අත්‍යවශ්‍යද කියන දේ මම මේ කෘතිය තුල විශේශයෙන් කතා කරලා තියෙනවා..ඒ වගේම මව්පිය සෙනෙහස සහ රැකවරණය අහිමි වීමත් සමඟ සමාජය තුල මුහුණ දෙන්නට සිදු වෙන ප්‍රශ්න සහ අරගල දේවල් විඳ දරා ගනිමින් කදුළු අතරින් සිනාසෙන්නට උත්සහ දරන තරුණියක් සහ දඩබ්බර තරුණයෙක් වටා ගෙතුණු ආදරය ගැන මේ කෘතියේ අන්තර්ගත වෙලා තියනවා.

 

2. කතෲ ප්‍රකාශනයක් විදිහට එළිදැක්වුන මේ කෘතිය මුද්‍රිත මාධ්‍යට ගෙන ඒමේ කාර්යට ඔබට බොහෝ දෙනා උපකාර කරන්නට ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු..
ඔව්..ඇත්තටම මගේ මේ කුළුඳුල් හීනය සෑබෑවක් කරගන්න මගේ ලඟින් ඉන්න ගොඩක් අය මට උපකාර කලා…මේ දේ පටන් ගත්‍ත මොහොතේ ඉදලා අවසන් වන තෙක්ම මගේ අම්මා මගේ සෙවනැල්ල වගේ මගේ පසුපසින් හිටියා..ඒ වගෙම මගේ ආදරණීය ස්වාමිපුරුෂයා..ඔහු මා ලඟ නැති වුණත් මම පසුපසට අඩිය තියන හැම වෙලාවකදිම මාව ශක්තිමත් කරමින් මගේ හීනයට තල්ලු කලේ ඔහු..ඒ විතරක් නෙමෙයි මගෙ නංගි,මල්ලි,අරවින්ද මල්ලි සහ සහොදරියන් තරමටම මට ලඟ මගේ මිතුරු කැල… ඇත්තටම නම් වශයෙන් කියන්න බැරි තරම් පිරිසක් මගේ පසුපසින් හිටියා මගේ මේ හීනය සැබෑ කරගන්න..ඔවුන් සියලු දෙනාගෙන්ම මට ලැබුණ උපකාරය සහ ආදරය නිසයි මේ කාර්ය මේ තරම් සාර්ථක කරගන්නට මට හැකි වුණේ.

 

 

3. ඔබේ මේ කෘතිය පාඨකයින්ට මිළදී ගන්නට පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු.
මගේ අත්සන සහිතව පොතක් මිලදී ගැනීමට නම් මාගේ ෆේස් බුක් ගිණුම හරහා හෝ මෙම 0752992624 වට්සප් නොම්බරය හරහා මා සම්බන්ද කරගත හැකි. ඒ වගේම

1.මින්සර පොත්හල – ගම්පහ
2.සංඛ පොත් හල – කිරිබත්ගොඩ
3.දයාවංශ පොත් හල – මරදාන
4.සූරිය පොත් හල – මරදාන
5.සදීපා පොත් හල – බොරැල්ල
6.සරසවි සියළුම ශාඛා
7.ගුණසේන සියළුම ශාඛා
8.සම්පත් පොත් හල – කුරුණෑගල
9.සුරස පොත් හල – මරදාන
10.Online හරහා ගෙන්වා ගැනීමට නම්
www.Grantha.lk , www.Novels.lk , www.Nawakatha.lk , www.Sithuwilibooks.lk

 

4. ඔබ මුහුණුපොතේත් නිර්මාණ ඉදිරිපත් කරන කෙනෙක්. ඔබ වටා ලොකු පාඨක පිරිසක් මේ වන විටත් එකතු වෙලා ඉන්නවා. නමුත් “නුඹ මට හිමිව ” කියන්නේ ඔබ සමාජ මාධ්‍ය තුළ පළකරන ලද කතාවක් නොවෙයි. ඉතින් මුහුණු පොතේ පළකරන ලද ඔබේ ජනප්‍රිය කතා මුද්‍රිත මාධ්‍යට ගෙනෙන්නට අදහසක් ඔබට නැතිද…?
ඇත්තටම මම මේ ක්ශේස්ත්‍රයට පිවිසිලා ලොකු කාලයක් නැහැ.ඒ නිසා මුහුණ පොතේ මගේ නිර්මාණ බොහෝමයක් නැතත් මගේ අතින් මුහුණු පොතේ ලියවුණු දෙවන කතාව පාඨක ආදරය බොහොසෙයින් දිනා ගත්තා.මුහුණු පොතේ එය පලකෙරුණේ ‘ ස්නේහා ‘ යන නමින්.
ඉතින් ඉදිරියේදී පාඨකයන්ගෙන් ලැබුණ අදහස් සහ ඇගයීම්ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය කොටස් කතාවට එකතු කරමින් එය පොතක් ලෙසින් සංස්කරණය කර මුද්‍රිත මාධ්‍යට ගෙන ඒමට මං බලාපොරොත්තු වෙනවා..

 

5. ඔබ කොහොමද කොයි කාලෙයේදීද ලේඛන කලාවට යොමු වුනේ…?
මම ලේඛන කලාවට යොමු වුණේ 2019 වසරේ අග බාගයේදී… ඇත්තටම මං ලියන්න පටන් ගන්නේ ඊට ගොඩක් කාලයකට කලින් ඒත් මම ලියන කතා මං බෙදා ගත්තේ මගේ ලඟින්ම හිටිය මිතුරියන් සහ මගේ පවුලේ අය අතර විතරයි.මුහුණු පොතේ පලකරන්න ඒ දවස් වල මගේ ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ..ඔය අතරතුර මුහුණු පොතේ නවකතා සහ කෙටි කතා පල කරන ප්‍රසිද්ධ සමූහයක උපපරිපාලක වරියක් (මොඩරේට) විදිහට මට අරාධනයක් ලැබුණා.ඒ වෙද්දි මං මුහුණු පොතේ කතා නොලිව්වත් මං හොඳ පාඨකයෙක්..ඉතින් මං ගොඩාක් කැමැත්තෙන් ඒ ආරාධනය බාර ගත්තා..ඉතින් එතනදී මට මුණ ගැහෙනවා රොශානි අක්කා..ඇයත් ලේඛිකාවක්.බොහොම කෙටි කාලයකින් අපේ බැඳීම මිත්‍රත්වයකට පෙරෙලෙනවා..ඇය මං ලිව්ව කතාවක් කියවලා බලලා..බලෙන්ම මගේ කතාව මුහුණු පොතේ පල කරවනවා..ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං මේ ලේඛන කලාවට යොමු වුණේ…

 

 

6. මේ ක්ශේත්‍රයට ආධුනිකයෙක් විදිහට පිවිසෙන විට ඔබට ඇති වුනු අපහසුතා වගේම ක්ශේස්ත්‍රයේ ඇතුලතින් ලැබුණ සහයෝගයත් කොයි විදිහද කියල කතා කරමු…
කොයි ක්ශේස්ත්‍රයෙත් අඩු වැඩි වශයෙන් ආධුනිකයන්ට බාධා සහ අපහසුතා තියෙනවා..මං හැමතිස්සෙම විශ්වාස කරන්නේ අපහසුතා වගේම බාධා කියන දේවල් ජීවිතේට අවශ්‍යයි..මොකද විභාගයක් නොතිබුණා නම් කවදාවත් අපිට අපි ඉන්න මට්ටම දැනගන්න ලැබෙන්නේ නැති නිසා….
ක්ශේස්ත්‍රයෙ ඇතුලතින් ලැබුණ සහයෝගයන් ගැන කතා කරොත්..මට අමතක කරන්න බැරි මගේ සාර්ථකත්වයේ පිටු පස සිටින ඒ දැවැන්ත චරිතේ..මගේ සහෝදරිය..මගේ ගුරුවරිය…සචෙන්‍යා ප්‍රනාන්දු…ඇය ප්‍රවීන ලේඛිකාවක්….බොහෝ ආධුනිකයන්ගේ සිහින සැබෑ කරන නිහතමානි චරිතයක්…ඉතින් මගේ ගමනට ඇයගෙන් ලැබුණ සහයෝගය නම් අනන්තයි අප්‍රමාණයි..ඉතින් මේ ගමනේ මා තව පොත් කොපමණ ලිව්වත් මගේ පලමු හීනය සැබෑ කරගන්න මට අත දුන් ගුරුවරියට මේ ගෞරවය සහ ස්තූතිය ඇයට දිය යුතුමයි…

 

7. ඉදිරියේ ඔබ සමාජ මාධ්‍ය තුළින් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයන්ට ගෙන එන්නට අලුත් නිර්මාණයක් ගැන මේ වන විට අදහසක් තිබෙනවාද..?
සමාජ මාධ්‍ය හරහා නම් දැනට නුරා වසන්තය නමින් කතාවක් කොටස් වශයෙන් පල කරනවා…
ඒ වගේම ‘විඳවන්නද මේ භවය පුරා’ කියන කෘතිය අගෝස්තු මාසයේදී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පාඨකයන් අතරට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා.

 

8. ඔබේ නිර්මාණ තුලින් සමාජයට මොනවගේ පණිවිඩද ඔබ දෙන්නට උත්සාහ කරන්නේ…?
මගේ නිර්මාණ තුලින් මං හැම මොහොතකම උත්සහ කරන්නේ සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්න…විශේශයෙන්..ජිවිතේ ප්‍රශ්න වේදනා අරගල හමුවේ ජීවිතය ජයගන්නට නම් ගැහැණියකට තිබිය යුතු ශක්තිය…දරුවන්ට දෙමවිපියන්ගේ ආදරය සහ රැකවරණය කොයිතරම් වැදගත් ද කියන දේ..දෙමව්පියන්ගේ වැරදි නිසා ඔවුන්ගේ ජීවිත වලින් සමාජයට වන්දි ගෙවන අසරණ දරුවන්ගේ විනාශ වුණ ජීවිත වල විවිධ පැතිකඩයන්…අද සමාජයේ තරුණ පරපුර ආදරය කියා සිතා රැවටෙන ඒ විකෘති මානසිකත්වයන් කොයි තරම් විනාශකාරිද කියන පණිවිඩ මම මගේ නිර්මාණ තුලින් සමාජයට දෙන්නට උත්සහ ගන්නවා.. එය කොයි තරම් දුරට සාර්ථකද කියන තීරණය තියෙන්නේ පාඨකයන් අතේ..

 

 

9. පොතක් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට දැනුම , අත්දැකීම් වගේම කාලයත් අත්‍යාවශ්‍ය වෙනවා. ඔබ කොහොමද පොතක් ලිවීමට අවශ්‍ය මේ කරුණු කාරනා සපයා ගන්නේ…?
ඇත්තටම ඔව්…පොතක් ලිවීම කොයිතරම් අමාරුද කියන දේ මං තේරුම් ගත්තේ නුඹ මට හිමිව කෘතිය ලියද්දි..පොතක් ලියද්දි ඔය කියන දැනුම,අත්දැකීම් සහ කාලය කියන හැම දේම අත්‍යවශ්‍යයි.දැනුම කියන දේට අපිට විවිධ අර්ථකථනයන් දෙන්න පුලුවන්..මං හිතන්නේ ලිවීමෙව්දි හැම මොහිතකම අප තෝරාගත් දර්ශනයේ එසේත් නැතිනම් සිද්දියේ අන්තර්ගතය පිලිබඳව පැහැදිලි අවබෝධයක් අපට තිබිය යුතුයි…ඒ වගේම කතාව ලිවීම්වෙදී සමහර සිද්ධීන් අපේම අත්දැකීම් විදිහට අපිට ලියවෙනවා..ඒත් සමහර අවස්ථාවල තවත් කෙනෙකුගේ අත්දැකීම් සහ අත්විඳීම් අපිට යොදාගන්නට සිද්ද වෙනවා…ඔය කරුණු වලින් මට නම් සපයගන්න අමාරුම දේ තමයි කාලය…මගේ ස්වාමිපුරුෂයා විදේශ ගතව සිටින නිසා නිවසේ ඔක්කොම රාජකාරි වෙන්නේ මගේ අතින්..ඉතින් දවල් දවස සම්පූර්ණයෙන්ම ගෙදර වැඩ වලට දරුවගේ වැඩ වලට වෙන් කරන්න සිද්ද වෙනවා..ඒ නිසා මං ගොඩක් වෙලාවට මගේ ලිවීමේ කටයුතු සිදු කරන්නේ වැඩ ඔක්කොම ඉවර කරලා රෑට තමයි…

 

10. සමාජ මාධ්‍ය තුල නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔබට ඇතිවෙලා තිබෙන ගැටලු වගේම ඔබට ලැබෙන පාඨක ප්‍රතිචාර හා අදහස් ගැනත් කතා කරමු.
සමාජ මාධ්‍ය තුල නිර්මාණ ඉදිරිපත් කිරීමේදී නම් ගැටලු ඕන තරම් ඇති වෙලා තියනවා..මොකද පොතක් වගේ නෙමෙයි..අද මම දාන කතාව හෙට තවත් කෙනෙකුට තමන්ගේ වගේ පල කරන්න පුලුවන්..කිසිම සහතිකයක් නෑ…මුලදි නම් ඒ වගේ සිද්දීන් වලදී නොයෙකුත් ගැටලු ඇති කරගත්තා ඒ ඒ අය සමඟ..ඒත් අවසානයේ ඔවුන් සමඟ වාද කරගෙන ගැටුම් ඇති කරගෙන ඵලක් නොමැති නිසාත් ඔවුන් වරද පිලි නොගන්නා බව තේරුම් ගත් නිසාත්..මමම නිහඬ වෙන්න තීරණය කරමින්..සමාජ මාධ්‍ය වල පල කරන්නට පෙර මගේ අතින් ලියවෙන කතාවට isbn අංකයක් ලබා ගන්නට කටයුතු කලා..

මම මුලදි සඳහන් කලා වගේ මං මේ ක්ශේස්ත්‍රයට අලුත්…ඉතින් මේ ලේඛන ගමනේ මං තාම ඉන්නේ දණගාමින් යන අවධියේ…ඒ නිසා මට ලැබෙන පාඨක ප්‍රතිචාර සහ අදහස් මට හොඳටම ප්‍රමාණවත් කියලා මං හිතනවා..ඒ වගේම මට මේ තරම් දුරක් එන්නට පුලුවන් වුණේ මගේ ආදරණීය පාඨකයන්ගෙන් මගේ අකුරු වලට සහ මට ලැබුණ ඒ ආදරේ නිසයි..ඒ ආදරේට හැමදාමත් වගේ මං ආදරෙයි…

සුසුමකින්..හදවතට…
ඉමන්ති දුනීශා විජේරත්න (දුනී)

 

 

පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න