අභිසාරිකාවක් නොවේ මා සහා සිහිනයක් නුබ කෘතීන් රචනා කල රොෂානි අචලා අබේසිංහ අද පොත්මී සමග

අභිසාරිකාවක් නොවේ මා සහා සිහිනයක් නුබ කෘතීන් රචනා කල රොෂානි අචලා අබේසිංහ අද පොත්මී සමග

 

1. ” අභිසාරිකාවක් නොවේ මා ” කියන්නේ මුද්‍රිත මාධ්‍ය යෙන් පාඨකයින්ට පිදෙන ඔබේ දෙවැනි කෘතිය. මුලින්ම මේ කෘතියේ අන්තර්ගතය ගැන පොඩි හැඳින්වීමක් කරමු…
ඇත්තටම නංගී..මේ පොතේ නම දුටු ගමන් නම් ගොඩාක් අයට නොයෙක් අදහස් එන්න පුළුවන්..ගණිකාවක් සම්බන්ඳ කතාවක්දෝ කියලා හිතෙන්න පුළුවන්..එහෙම නෙමේ කියලා හිතෙන්න පුළුවන්..ඇත්තටම මේ කෘතියෙන් පැහැදිලි වෙන්නේ බොහෝ සේ ජීවිතයේ දුක් විදි, සමාජයෙන් සිදු වූ වරදකට නැගී සිටින්නට උත්සහ දරන යුවතියක් වටා ගෙතුනා වූ කතාවක්..නමුත් ඇය අසාධාරණයට එරෙහිව නැගී සිටින විට ආදරය කියන බැදීමෙන් ඇගේ සීමාවන් බැඳ දමන ,ඒ වගේම ජීවිතේ යම් විටක ඇය වැටෙන්න පුළුවන් දරන්නට අපහසුම දුක්බර සිදුවීම් ඇයට දරන්නට විදින්නට වෙන වෙනස්ම කතා තේමාවක් රැගෙන ආ කෘතියක් ..ඇත්තටම සමාජයේ ඇය වැනි දුක් විදින කතුන් අනන්ත අප්‍රමාණව ඇති..එවැනි ලඳුන් ගැන අකුරු කරන්නට ගත් උත්සහයක් හැටියට මේ කෘතිය හදුන්වා දිය හැකියි.

 

 

2. මේ කෘතිය මුද්‍රණය කිරීමේ කාර්යයේදී ඔබට බොහෝ දෙනා උදව් වෙන්නට ඇති .ඒ අය ගැනත් මේ මතක් කිරීමක් කළොත්…?
ඔව්..ගොඩාක් අය මට උදව් කළා..මෙම කෘතිය මිහිර ප්‍රකාශණ ආයතනය හරහා මුද්‍රණය වන කෘතියක්..මුලින්ම මම මිහිර ප්‍රකාශණ ආයතනයට ස්තූතිවන්ත වෙනවා..විශ්වාසයෙන් යුතුව මාගේ නිර්මාණයක් ඔවුන්ගේ පොත් අතරට එකතු කර ගැනීම සම්බන්දව..ඒ වගේම එදා ඉදන්ම මාත් සමඟම දුකට සතුටට සිටින මගේ දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ආදරෙන් මතක් කරනවා..ඒ වගේම නිතරම උපදෙස් දෙමින් මන් එක්කම එකම මගක ගමන් කරන ඉමන්ති දුනීෂා නැගනියත් ඇගේ මවත්,නිතරම ගුරු හරුකම් දී පැහැදිලි මාර්ගයක් නිහතමානීව විවර කර දුන් සචෙන්‍යා ප්‍රනාන්දු අක්කාටත් ඒ වගේම මාත් එක්කම සහෝදරත්වයෙන් කටයුතු කරන දිල්හානි ද සිල්වා නැගනිය,චතූ නංගී ,චමී නංගී,මින්දිකා අක්කා,සුමේධ මල්ලී,මගේ පාසල් මිතුරියන් තිදෙනා නිරෝෂා,චාමිකා,නිශාන්ති ආදරයෙන් සිහිපත් කරනවා..ඒ වගේම මේ කෘතියට ලස්සන කවර් එකක් නිර්මාණ කර දුන් නලීන් පීරිස් මල්ලිටත් ටයිප් සෙටින්ස් වලින් දායක වුණ හැමදාමත් මගේ අකුරු අරුත් බර කරන මිලානී ප්‍රනාන්දුපුල්ලේ අක්කාවත්,පාරමී මුද්‍රණාලයේ රංග අයියාවත් ආදරයෙන් මතක් කර සිටිනවා..ඒ වගේම මේ අවස්ථාව උදා කර දුන් පොත් මී පේජ් එකටත්, නංගී ඔයාටත් ආදරණීය ස්තූතියි පුද කර සිටිනවා.

3. මේ කෘතිය ඔබේ පාඨකයින්ට මිළදී ගන්න පුළුවන් ආකාර ගැනත් සඳහනක් කරමු…
මේ කෘතිය මගේ රොෂානී අචලා අබේසිංහ කියන එෆ් බී එකවුන්ට් දෙක හරහා ඉන්බොක්ස් මගින් විමසීමක් කර කතෘ අත්සන සහිතව තැපැල් හෝ කුරියර් සේවාව මගින් මිලදී ගැනීමට හැකි අතර ඊට අමතරව 0771686559 අංකය හරහා වට්ස්ඇප් පණිවිඩයක් යොමු කිරීම මගින්ද මිලදී ගැනිමට හැකියි.මීට අමතරව මිහිර පොත් ප්‍රකාශණ ආයතනය හරහා දිවයින පුරා බෙදා හරින පොත් හල් තුලින්ද මිලදී ගැනීමට පුළුවන්.

 

 

4. මුද්‍රිත මාධ්‍යයෙන් එළිදැක්වුනු ඔබේ පළමු කෘතිය ගැනත් සඳහනක් කරමු…
මගේ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කල පළමු පොත සිහිනයකි නුඹ…බොහෝ පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති සිහිනයකි නුඹ කෘතිය පිළිබඳව ලැබුණ බොහෝ අදහස් වලින් ලැබුණ ප්‍රතිචාර නම් ගොඩාක් සතුටුදායක ප්‍රතිචාර..ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ පිළිබඳව..

5. ඔබ කොහොමද ලේඛන කලාවට යොමු වුනේ…? ලේඛිකාවක් වීම ඔබේ අරමුණක්ව පැවති දෙයක්ද…?
නැහැ..අරමුණක් තිබුණේ නැහැ..නමුත් කුඩා කල ඉදන්ම කවි නිසදැස් ලියන්න හැකියාව තිබුණා..පාසල් කලයේ කලාපයේ සියළුම පාසල් වලින් තිබුණ තරග කිහිපයකින්ම දෙවන තෙවන ස්ථාන ලබාගෙන සහතික තෑගී පවා මට ලැබුණා..සිංහල භාෂා දින තරග වලට පවා පාසල් කාලයේ මුහුණ දුන්නා..නමුත් ලේඛිකාවක් වන්නට ලැබෙයි කියලා සිතුන්නෑ..කතා අරණ ගෘප් එක හරහා මට විශාල පිටුවහලක් ලැබුණා සමාජ මාධ්‍ය ඔස්සේ නවකතාකරණයට යම් කිසි නමක් සාදා ගැනීමට..කතා අරණ ගෘප් එක ආදරයෙන් මතක් කරනවා..මගේ ගමනට ශක්තියක් ලබා දුන්නට..සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු කිහිපයක් පුරා අකුරු ගලපා හදා ගත්තා වූ පන්නරය මත තමයි මම මුද්‍රිත මාධ්‍යට අවතීර්ණය වුණේ..එහිදී මට මුල්ම පොත කරන්නට මඟ පෙන්නුවේ ආදරණීය ලේඛිකා මගේ ගුරුතුමියක් හා සමාන වන සචෙන්‍යා ප්‍රනාන්දු අක්කා..

 

6. ලේඛිකාවක් වීමට ඔබට සමාජ මාධ්‍යයෙන් ලැබුනු සහය වගේම සමාජ මාධ්‍ය තුළින් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔබට ඇතිවුනු අපහසුතා ගැනත් සඳහනක් කළොත්…?
ඇත්තටම සමාජ මාධ්‍ය තුළ අකුරු කරන්නට පටන් අරන් දැන් අවුරුදු හතරකට පහකට කිට්ටුයි..මුලින්ම ලිව්වේ කෙටි කතාවක්. ඒකට ලයික් එක්දාස් පන්සීයක් වැටුනාම මට දිගටම ලියන්න ආසාවක් ඇති වුණා..ඇත්තටම ලේඛිකාවක් වන්නට මූලික අඩි තාලම ලබා දුන්නේ සමාජ මාධ්‍ය තුලින්. ඒ වගේම අපහසුතාත් ඇති නොවුණම නෙමේ..සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුලින් නවකතාකරණයේදී හඳුන ගත්ත ඇතැම් අය බොහෝ විට හිත රිද්දන්න වට්ටන්න උත්සහ කල අවස්ථා නම් බොහෝමයි. ඒත් ඒ අය ගැන අදටත් තරහක් අමනාපයක් නැහැ.තවත් ශක්තිමත් උනා විතරයි වුණේ. සමාජ මාධ්‍ය තුළ හොඳ වගේම නරක පැතිත් තියනවා..ලියන්න හොද තෝතැන්නක්…ඒත් හොඳ කල්පනාවකින් ඉන්න ඕනී..අතේ ඇඟිලි පහ එක සමාන නෑ වගේ..මිනිසුන් එකම විදිහේ අය නෑ..එක් එක්කෙනා විවිධයි.අපි දැන ගන්න ඕනී හොඳ නරක දෙක තේරුම් ගන්න වගේම හොඳ දේ අරන් නරක දේ බැහැර කරන්න.

7. පොතක් ලියනවා කියන්නෙ ලෙහෙසි පහසු කාර්‍යක් නොවෙයි. එයට දැනුම අත්දැකීම් වගේම කලයත් වැදගත් වෙනවා. ඔබ කොහොමද මේ කරුණු සපයා ගන්නෙ…?
ඔව්..කාලය ගොඩාක්ම වැදගත්..ඇත්තටම රැකියාවක නිරත වෙන ගමන් මම ලියන්නේ..පැය අටේ රැකියාවක් නිසා හවස් කාලය යොදා ගන්නේ ලියන කටයුතු වලට..ඒ වගේම සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසා බොහෝ වෙලාවට ඒ දවස් වලට ලියන්න යොදා ගන්නවා…කතාවක් ලියන්න පටන් ගදිද්දී අදහස් එක දිගට ගලා එනවා..සමහර දේවල් අත්දැකීම්..සමහර දේවල් මනකල්පිත දේවල්..පෙලින් පෙලට පෙල ගස්වන් යන්න ඉතින් ටිකක් මනසට බැරෑරුම් කාර්‍යක්..ඒත් ලියන අයට නම් ඒක ලොකු සතුටක්…

8. ඔබ හිතන විදිහට නිර්මාණයක් තුල අදහස් දැක්වීමේදී සීමා සහිත විය යුතුයිද එහෙමත් නැතිනම් යම් යම් සීමාවන් තුල හිඳ තම අදහස් දැක්විය යුතුද…?
මගේ අදහස අනුව නම් සමහර දේවල් තියනවා..සීමා සහිත විය යුතු තැන්..අපට හිතට එන දේම ලියන්නට බැරි අවස්තාත් එනවා..ඒ තැන් සීමා සහිතව ලිවිය යුතුයි..මොකද සීමාවක් නොමැතිව සමහර කරුණු අකුරු කරන්නට ගියහොත් කතාවේ තේමාවට , කතාවට හානියක් නොවෙන්නත් බැරි නෑ…ඒ වගේම පාඨකයාගේ රුචිය ගැන අවධානය යොමු කොට කතාව පෙල නොගැස්සුවෝත් කතාව ගොඩ නගන්නට අපි දරපු උත්සහය නිකරුනේ අපතේ යනවා..තමාටම තමා යම් සීමාවන් පනවාගෙන අකුරු කරන විට ඒ ගැටළුව පැන නගින්නේ නැහැ.

 

9.මේ ක්ශේත්‍රයට පිවිසෙන විට ඔබට ඇතිවුනු ගැටළු වගේම ක්ශේත්‍රයේ ඇතුලතින් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද…
ක්ෂේත්‍රයට එනකොට නම් ලොකු ගැටළුවක් ඇති වුණේ නැහැ. ගොඩාක් අය ආදරයෙන් අකුරු කරපු කතා වැලද ගත්තා..මා එක්කම හිටියා…ඒ වගේම සහෝදර ලේඛික ලේඛිකාවන්ගෙන් ලැබුණ සහයෝගයත් ගොඩාක් වටිනවා..ඒ අතරින් ප්‍රවීණයන්ගෙන් ලැබුණා වූ අදහස්..උපදෙස් ගොඩාක් වටිනවා මේ ලේඛණ ජීවිතයට..ඒ වගේම ආදරණීය පාඪකයන් රැස නිසා තමා දෙවනි පොතත් එළි දක්වන්න වරම් ලැබුණේ..ආදරණීය ස්තූතිය පුද කරනවා ඒ හැමෝටම මට දක්වපු සහයට..

10. ඔබේ නිර්මාණ තුලින් සමාජයට ඔබ දීමට උත්සහ කරන්නෙ මොන වගේ පණිවිඩයක්ද…?
බොහෝ වෙලාවට , තමන්ගේ ශක්තියෙන් තමා ගොඩනැඟිය යුතුයි..මම ගොඩාක් විශ්වාස කරන්නේ ඒ දෙය. කොච්චර කොහොම කවුරු අපි ලඟින්ම හිටියත්,තමන්ට ශක්තියක් වෙන්නට පුළුවන් තමා සතු ආත්ම ශතියෙන් පමණයි..අද අපි ලඟ ඉන්න අය හෙට අපි ලඟ නොහිටින්න පුළුවන්..ඒ නිසා බොහෝ විට තමා ගොඩනැගිය යුත්තේ තමා තුලින්..ඒ තේමා පාඨය පදනම් කර ගෙන නොයෙක් කතා මන් තුලින් ගොඩ නැගේවී..කොහොම නමුත් එක් පණිවිඩයකට පමණක් කොටු නොවී නොයෙක් තේමාවන් ඔස්සේ සමාජයට පණිවිඩයක් ලබා දෙන්නට තමා ඉදිරියට උත්සහ කරන්නේ…

Comments

Popular posts from this blog

ත්‍රිත්ව මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න

ගෝහාර් මුල් පිටු කිහිපය මෙතැනින් කියවන්න