Leeniya.com Online Bookshop ව්‍යාපාරයේ නිර්මාතෘ සිතාරා ගයත්‍රි
අද පොත්මී “සල්පිල” විශේෂාංගයෙන් ඔබ වෙත එන්නේ Leeniya.com Online Bookshop ව්‍යාපාරයේ නිර්මාතෘ සිතාරා ගයත්‍රි.
1. මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු…?
මගේ නම සිතාරා ගයත්‍රි. මට වයස අවුරුදු 21යි. මම දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යයකු විදිහට ඉගෙනුම ලබනවා.
2 මොකද්ද මේ “Leeniya.com” කියන ඔබේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නෙ…?
අද කාලේ තාක්ෂණයත් සමග මිනිස්සුන්ට පොතපතට තියන උනන්දුව අඩුවෙලා තියෙනවා. leeniya එකේ අරමුණ වෙන්නේ මිනිසුන් තුළ පොත් කියවීමට ඇති ආශාව නැවත ඇති කිරීමත්, එමෙන් ම හොඳ ගුණත්වයෙන් යුතුව අඩු සහ සහනදායි මිලට පොත් ලබා දීමයි.
3.අපි දන්නවා වර්ථමානයේදී පොත් ක්ෂේත්රය තුළ මේ වගේ ව්‍යාපාර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද…ඒ වගේම ඔබේ මේ ව්‍යාපාරය කොහොමද අනෙකුත් මෙවැනි ව්‍යාපාර වලට වඩා වෙනස් වෙන්නෙ…?
මට අවශ්‍ය වුණා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඒත් මට හරි අදහසක් තිබුණෙ නැහැ මොකක්ද මම කරන්න ඕනි කියලා. ඊට පස්සේ මට හිතුනා මම පොඩි කාලේ ඉදලම ගොඩක් පොත් කියවන්න ආසයි. ඉතින් ඇයි මං ආස දේ පටන් ගන්නේ නැත්තෙ කියලා.. ඒ හින්දා තමයි මං මේ වගේ ක්ෂේත්රයකින්ම ව්‍යාපාරය ආරම්භ කරන්න පටන් ගත්තෙ. එතකොට මට නිතරම දකින්න ලැබෙන්නේ , ගණුදෙණු කරන්න සිදුවනේ මං ආසම දෙයක් වන පොත්පත් සමගයි.
ඒ වගේම ලීනියා කියන්නේ අනිකුත් ව්‍යාපාර වලට වඩා වෙනස් ව්‍යාපාරයක්. ඊට හේතුව අපි නිතරම බලන්නේ මිනිස්සුන්ට හොඳම ගුණත්වයෙන් යුතු, අඩු මිලකට පොත් ලබා දීමයි. ඒ විතරක් නෙමෙයි අපි අලුතින්ම වැඩපිළිවෙල පටන් ගත්තා. එහිදී සිද්ධවෙන්නේ යම්කිසි කෙනෙක් අපෙන් පොතක් මිලදී ගත්තොත් ඒ සෑම පොතකින්ම අපි රුපියල් පහක් මහරගම අපේක්ෂා රෝහලේ අරමුදලට බැර කරනු ලබනවා. ඉතින් අපි මුදල් පසුපස හඹා යෑමක් මෙහිදී සිද්ධ වෙන්නෙ නෑ . ඇත්තම කිව්වොත් අපි සමාජ සුභ සාධනය කෙරෙහි ලොකු අවධානයක් යොමු කරනවා.
4. මේ වන විට ලෝකල් බුක් ෂොප් ක්‍රමයට වඩා ඔන්ලයින් බුක් ශොප් ක්‍රමය වර්ධනය වෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද..?
වර්තමාන තත්ත්වය හා සසඳන කොට අද මිනිසුන් ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා .ඔවුන්ට ඔවුන්ගේ කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්වයක් උදා වෙලා තියනවා. ඉතින් මෙවැනි අවස්ථාවක ඔවුන්ට පොතක් මිලදී ගැනීමට පොත් හලකට යාම පවා ඉතාමත් අසීරු කාර්යයක් වෙලා. එවැනි අවස්ථාවක ඔවුන්ට පොත් කියවීමට ඇති ඔවුන්ගේ ආශාව ,කැමැත්ත ගිලිහිලා ගිහිල්ලා තියෙනවා . ඉතින් ඔවුන්ගේ කාර්යබහුල ජීවිතයේ ට පහසුවක් ලෙස මම ඔන්ලයින් ක්‍රමය දකිනවා. ඊට හේතුව ඔවුන්ට පොත් මිලදී ගැනීම සදහා පොත් හලකට නොගොස් online හරහා ම තමන් කැමති පොත් තමන්ගේ ගෙදරටම ගෙන්වා ගැනීමට එමගින් පහසුකම් සැලසෙනවා. ඒ තුළින් මිනිසුන් තුළ පොත් කියවීමට ඇති ආශාව නැවතත් ඇති වෙනවා.
5. පසුගිය කාලයේ ලෝකල් බුක් ෂොප් ක්‍රමය වර්ධනය වීමේදී පොත් ව්‍යාපාරය තුල ඒකාධිකාරයක් ගොඩනැඟුනා. එක්තරා ප්‍රසිද්ධ ආයතන කිහිපයක් පමණක් පොත් මාකට් එක පාළනය කරන්නට පටන් ගත්තා. ඔබ හිතන විදිහට ඔන්ලයින් බුක් ශොප් ක්‍රමයේදීත් ඒ වගේ දෙයක් සිදුවේවිද..?
මෙහෙමයි මට හරියටම කියන්න බෑ ඒකාධිකාරයක් ගොඩනැගෙයි ද නැද්ද කියලා .සමහරවිට ගොඩ නැගෙන්නත් පුළුවන් ,නැති වෙන්නත් පුළුවන්. දැන් අපිට වුණත් දකින්න පුළුවන් ගොඩක් online bookshop තියෙනවා. ඉතිං එහෙම ඒකාධිකාරයක් දැනට මං ගොඩනැගිලා කියලා දැකලා නෑ. මිනිසුන්ගේ තේරීම මත තමයි ඒක තීරණය වෙන්නේ.
6. නූතන තාක්ෂණයත් එක්ක මේ වන විට බොහොමයක් දේවල් වෙනස් වෙමින් පවතිනවා. ඔබ හිතන විදිහට තාක්ෂණයේ දියුණුව පොත් වෙළඳාමට යම් කිසි පහරක් වේවිද…?
තාක්ෂණයේ දියුණුව නිසා පොත් වලට පහරක් සිදුවෙලා තිබේද නෙමේ දැනටමත් සිදුවෙලා තියෙනවා. ඊට හේතුව අද වන විට බොහෝ දෙනා pdf හරහා පොත්පත් කියවීමට පුරුදු වෙලා . මේක ගොඩක් හොඳ දෙයක් නෙමේ . මොකද ඒකෙන් සිදුවන්නේ අපි තවත් දුරකතනයට ඇබ්බැහි වීමක් විතරයි. ඉතින් වෛද්‍යවරු පවා නිර්දේශ කරන්නේ පොත්පත් කියවීම මනසට ඉතා හොඳ බවයි. නමුත් දුරකථනය අපේ ශරීරයට අහිතකර බවයි. මේ වගේ pdf වලින් පොත්පත් කියවන එක දිගටම කරගෙන ගියොත් දෘශ්‍ය ආබාධ , අධි රුධිර පීඩනය වැනි විවිධ රෝග වලටද ගොදුරු වෙන්න පුළුවන්.
7. ඔබ මේ ව්‍යාපාරය පටන් ගන්නෙ බොහෝම මෑතකදි. ඉතින් ඔබ පටන් ගත් ව්‍යාපාරයට වෙනත් ප්‍රකාශන ආයතන සහ විකුණුම් ආයතන වලින් ඔබට ලැබෙන සහයෝගය සහ මෙතෙක් ආ ගමනේදී ඔබට මුහුණපාන්නට සිදුවුණු අපහසුතා ගැනත් කතා කරමු…
මං පළමුවෙන්ම කියන්න ඕන අපිට පොත් මිලදී ගැනීම සදහා පොත් ප්‍රකාශන ආයතන වලින් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් අපිට අවශ්‍ය පොත් අවශ්‍ය විදිහටම ලබා දුන්නා. ඒ වගේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පොත්පත් ඩිලිවර් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපිට ලබාදුන්නේ koobiyo delivery ආයතනයයි. ඔවුන්ගෙන් ද අපිට ලොකු සහයෝගයක් ලැබුණා . අපි ලබාදෙන පොත් ඒ විදිහටම පලුදු වීමකින් තොරව පාරිභෝගිකයා අතට පත් කිරීම ඔවුන් නිවැරදිව සිදු කරනු ලැබුවා.
8. ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ පසුපසින් හිඳ උදව් උපකාර කල අයත් ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු…
ඔව් ඇත්තටම මට මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්නා මගේ පවුලේ අය . ඇත්තටම ඒගොල්ලො නැත්තං අද මට මේක මේ තරමින්වත් කරගන්න හම්බවෙන්නෙ නෑ. මුදල්මය වශයෙන් ද අනෙකුත් හැකි සෑම අයුරකින්ම මට උදව්කලා. ඒ වගේම මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා ඒ ගොල්ලො මට ලොකු සහයෝගයක් දුන්නා. ව්‍යාපාරය මේ තරම් මේ තරම් වත් සාර්ථක කරගන්න. ඇත්තටම මං හිතුවෙ වත් නැති පිරිස් මට උදව් කරා. ගොඩක් ස්තුතියි ඒ හැමෝටම.
9. ඉදිරියේදි ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය කොයි ආකාරයෙන්ද වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙන්නෙ ..?
ඉදිරියේදී මේ ව්‍යාපාරය ලොකු වෙනසක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉදිරියේදී හැමෝටම බලාගන්න පුළුවන් . ගොඩක් දේවල් වෙනස් වෙනවා ,ගොඩක් දේවල් එකතු වෙන්න ඉඩ තියෙනවා .මේ හැම දෙයක් ම අපිව විශ්වාස කරලා ඉන්න පාරිභෝගික පිරිසක් ඉන්නවා ඒ අය වෙනුවෙනුයි සිදු කරන්නේ. ඒ සියලු දෙනාගේම විශ්වාසය රැකගෙන ඔවුන්ට හොදම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
10. පාඨකයින්ට ඔබගෙන් මිළදීගැනීම් සිදුකිරීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම ගැනත් සඳහන් කරමු…
Leeniya.com අපේ website එකට ගිහින් අපෙන් ඕනම පොතක් මිලදි ගන්න පුලුවන්. නැතිනම් 0781003326 whatsapp හෝ අපේ facebook page එකට Message එකක් දැම්මොත් අපිව සම්බන්ධ කරගෙන ඕනම පොතක් මිලදී ගන්න පුලුවන්.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment