"ඕනෑම පොතක් නිවසටම" Online පොත් අලෙවි ව්‍යාපාරයේ නිර්මාතෘ අශාන් රවිශාද්
අද පොත්මී “සල්පිල” විශේෂාංගයෙන් අප හා එකතුවන්නේ “ඕනෑම පොතක් නිවසටම” Online පොත් අලෙවි ව්‍යාපාරයේ නිර්මාතෘ අශාන් රවිශාද්, මේ ඔහුත් සමග පොත්මී කල සාකච්චාව
1. මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු…?
මම අශාන් රවිශාද් . ගෙවල් මාකොළ . පාසල් ගියෙ මරදාන අසෝක විද්‍යාලයට . A/l වලින් පස්සෙ සමයවර්ධන පොත්හලේ අවුරුදු 3ක් , සංඛ පොත්හලේ අවුරුද්දක් , සුසර පොත්හලේ අවුරුද්දක් වගේ වැඩකලා.
2 මොකද්ද මේ “ඕනෑම පොතක් නිවසටම” කියන ඔබේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නෙ…?
ඕනෑම පොතක් නිවසටම කියන්නෙ ලංකාවෙ පළවෙනියටම පොත් අලෙවිය සදහා නිර්මාණය කරපු පේජ් එක. මම මේක නිර්මාණය කරන්නෙ 2018 මුළ ඒත් 2017 මැදක ඉදන්ම මම මගේ ප්‍රොෆයිල් එක හරහා පොත් වෙළඳාම් කලා..
3.අපි දන්නවා වර්ථමානයේදී පොත් ක්ෂේත්රය තුළ මේ වගේ ව්‍යාපාර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද…ඒ වගේම ඔබේ මේ ව්‍යාපාරය කොහොමද අනෙකුත් මෙවැනි ව්‍යාපාර වලට වඩා වෙනස් වෙන්නෙ…?
මම පොත්සාප්පු වල වැඩ කරන ගමන්ම තමා පේජ් එකක් පටන් ගන්න හිතිලා පටන් අරගෙන කරගෙන ආවෙ..මේකෙ විශේෂත්වය වෙන්නෙ පොත් කියවන අයට හොයාගන්න නැති පොත් හොයලා දෙන එක. ඒ වගේම එක අංශයකට පමණක් යටත් නොවූ සෑම අංශයකම පොත් විශේෂ වට්ටම් යටතේ මිළදීගන්න පුලුවන් තැනක් තමයි ඕනෑම පොතක් නිවසටම පේජය.
4. මේ වන විට ලෝකල් බුක් ෂොප් ක්‍රමයට වඩා ඔන්ලයින් බුක් ශොප් ක්‍රමය වර්ධනය වෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද..?
ඔව් ඇත්තටම ඔන්ලයින් ක්‍රමය ගොඩක් දුරට වර්ධනය වෙමින් පවතිනවා. ඒක ගොඩක් හොද දෙයක් මොකද ලංකාව වටේම ඉන්න අයට වගේම ලෝකෙ වටේම ඉන්න ලාංකිකයන්ට පවා ඔන්ලයින් හරහා ඇගිලි තුඩේ දුරකින් පොත් ගෙන්නගන්න පුලුවන්. ඒක හරිම වටිනවා.
5 පසුගිය කාලයේ ලෝකල් බුක් ෂොප් ක්‍රමය වර්ධනය වීමේදී පොත් ව්‍යාපාරය තුල ඒකාධිකාරයක් ගොඩනැඟුනා. එක්තරා ප්‍රසිද්ධ ආයතන කිහිපයක් පමණක් පොත් මාකට් එක පාළනය කරන්නට පටන් ගත්තා. ඔබ හිතන විදිහට ඔන්ලයින් බුක් ශොප් ක්‍රමයේදීත් ඒ වගේ දෙයක් සිදුවේවිද..?
ඔන්ලයින් ක්‍රමවේදයේදී කාටවත් ඒකාධිකාරියක් පවත්වාගන්න පුලුවන් වෙයි කියලා මමනම් හිතන් නෑ.. මොකද ඔන්ලයින් කරනකොට ගොඩක් අංශ ඔස්සේ පොත් වෙළඳාම් වෙනවා. ඉතින් ඒකාධිකාරියක් පවතී කියලනම් හිතන්න බෑ..
6. නූතන තාක්ෂණයත් එක්ක මේ වන විට බොහොමයක් දේවල් වෙනස් වෙමින් පවතිනවා. ඔබ හිතන විදිහට තාක්ෂණයේ දියුණුව පොත් වෙළඳාමට යම් කිසි පහරක් වේවිද…?
ඔව් තාක්ෂණයේ දියුණුව අනිවාර්යයෙන්ම මුද්‍රිත පොත් වෙළදාමට පහරක් වදිනවා.. ඉදිරියට EBook කියවන පිරිස වැඩිවෙයි. නමුත් ඒකටත් පොත් ක්ෂේත්රයේ අයට අසාධාරණ නොවන විදියට ක්‍රමයක් හැදෙන්න ඕන. මොකද දැනටමත් ගොඩක් අය අවසරයකින් තොරව පොත් PDF කරලා අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා . ඒවටනම් නීතියක් ඇතිවෙන්න ඕන අනිවාර්යයෙන්ම .
7. ඔබ පටන් ගත් ව්‍යාපාරයට වෙනත් ප්‍රකාශන ආයතන සහ විකුණුම් ආයතන වලින් ඔබට ලැබෙන සහයෝගය සහ මෙතෙක් ආ ගමනේදී ඔබට මුහුණපාන්නට සිදුවුණු අපහසුතා ගැනත් කතා කරමු…
මම පටන් ගත්තු ව්‍යාපාරයට මූලිකවම තමන්ට හැකි පමණින් උපරිම උදව් කලා කිරිබත්ගොඩ සංඛ පොත්හලේ ප්‍රධානියාගේ සිට කාර්ය මණ්ඩලයේ හැම දෙනාම. සුසර පොත්හලේ කාර්ය මණ්ඩලයත් අමතක නොකරම බෑ. ඒවගෙම ව්‍යාපාරය පටන් ගත්තු මුල් දවස්වල මරදානට එන්න එපා කකුල් කඩනවා වගේ වචන පවා ෆේක් එකවුන්ට් වලින් මැසේජ් කරලා බැනලා තිබ්බා. කෝල් කරලා එහෙමත් බැන්නා.
8. ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ පසුපසින් හිඳ උදව් උපකාර කල අයත් ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු.
මම ඕනෑම පොතක් නිවසටම පේජය පටන්ගත්තට පස්සෙ ගොඩක්ම උදව් කලේ පවුලෙ අය වගේම පුස්ථක පේජ් එකේ අමල් අයියා . ඊට අමතරව අමතක කරන්නම බැරි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්.. රන්දික රාජපක්ෂ අයියා… මගේ දුරකතනය කැඩිලා කිව්වම දුරකථනයක් ගන්න පවා මුදලින් උපකාර කලා.. අනිත් කෙනා සමීර චින්තක කුමාරසිංහ අයියා එයාගෙනුත් ගොඩක් උදවු ලැබුණා පේජ් එක කරන් යන්න. තවත් උදව් වුන කෙනෙක් තමා මියුසස් ප්‍රකාශන ප්‍රධානී කවීෂ නඳුන් කග්ගොඩආරච්චි අයියා . නොදන්න දේවල් වගේම මේ ක්ෂේත්රයේ රැදී සිටින විදිය පවා කවීෂ අයියගෙන් අහගෙන ඉගෙනගෙන තියෙනවා.
9. ඉදිරියේදි ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය කොයි ආකාරයෙන්ද වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙන්නෙ ..?
මගේ ඉදිරි බලාපොරොත්තුව ඉක්මනින්ම සාමාන්‍ය මට්ටමේ පොත් සාප්පුවක් ඕපන් කරන එක තමා. මගේම කියලා එකක් පටන් ගන්න එක.
10. පාඨකයින්ට ඔබගෙන් මිළදීගැනීම් සිදුකිරීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම ගැනත් සඳහන් කරමු…
මගේ ඕනෑම පොතක් නිවසටම පේජය වගේම, මේ ලගකදි මගේ පේජ් එකට තවත් පේජ් එකක් එකතුවුනා ඒ තමා අමල් අගුණාවල අයියා මෙහෙයවපු පුස්ථක පේජ් එක. ඉදිරියට ඒකෙ වැඩ කටයුතු කරන්නෙත් මම . ඉතින් ඕනෑම් පොතක් නිවසටම හා පුස්ථක කියන පේජ් දෙකෙන්ම පොත් මිළදීගන්නවනම් මගේ දුරකතන අංකය 0719169192 ඇමතුමක් මගින් හෝ Whatsapp මගින් මාව සම්බන්ද කරගන්න පුලුවන්…
අවසානයට ඔයාලටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ පේජ් සමාජය ඉදිරියට ගෙනයාමට දරණ උත්සහය සම්බන්ධව.
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment