හොද පොතක් පාඨකයාට ලබා දිම තමයි මගේ අරමුණ - Silva book shop නිර්මාතෘ අශාන් හරේන්ද්‍ර ද සිල්වා
අද පොත්මී සල්පිල විශේෂාංගයෙන් ඔබ හමුවට එන්නේ Silva book shop නිර්මාතෘ අශාන් හරේන්ද්‍ර ද සිල්වා.
1. මුලින්ම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරමු…?
මම අශාන් හරේන්ද්‍ර ද සිල්වා, පදිංචිය කුරුණෑගල. දැනට ඌව වෙල්ළස්ස විශ්වවිද්‍යාලයේ සත්ව පාළන විද්‍යාව හා අපනයන කෘෂිකර්මය පීඨයේ තෙවන වසරේ ඉගනුම ලබනවා.
2 මොකද්ද මේ “Silva book shop” කියන ඔබේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නෙ…?
පාඨකයින් සොයන්නේ ඔවුන්ට ගෙවන මුදලට කියවිමට අවශ්‍ය හොද පොතක් ලබා ගැනිම, ඒ වගේම වර්තමානයේ සැම පුද්ගලයකුම කාර්යබහුල ජිවිතයක් ගෙවන්නේ, කාලය කියන එක ඉතාමත් වටින දෙයක් වෙලා, ඇත්තටම මිනිස්සු පොත් කියවන එකෙන් ඇත් වෙලා කියලා සමාජේ මතයක් තියනවා ඇත්තටම පොත් කියවන එකෙන් ඇත් වෙලා නෙමේ, ඔවුන්ට කාර්ය බහුල ජිවිතය නිසා පොතක් මිලදී ගන්න පොත් හලකට යන්න වෙලාවක් නෑ. ඉතින් මේ වගේ පාඨකයන්ට නැවතත් පොත් කියවන්න හොද පොතක් කාලය ඉතුරු කරගෙන හොද පොතක් පාඨකයාට ලබා දිම තමයි මගේ අරමුණ.
3.අපි දන්නවා වර්ථමානයේදී පොත් ක්ෂේත්‍රය තුළ මේ වගේ ව්‍යාපාර ගණනාවක් බිහිවෙලා තියෙනවා. ඔබටත් මේ ව්‍යාපාරය පටන් ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද…ඒ වගේම ඔබේ මේ ව්‍යාපාරය කොහොමද අනෙකුත් මෙවැනි ව්‍යාපාර වලට වඩා වෙනස් වෙන්නෙ…?
මම කුඩා කල සිට පොත් කියවිම විනෝදාංශයක් මගේ. පොඩි කාලේ ඉදන් තිබ්බ ආශාවක් තමයි පොත් ගොඩක අයිතිකාරයෙක් වෙන එක. මේ නිසාම උසස් පෙළ ප්‍රථම වරට මුහුන දිලා කුරුණෑගල තියන ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතනයක් වගේම Book Shop එකකකට වැඩට යනවා.මේතනින් ලබපු අද්දැකිම් එක්ක එකතු කරගෙන පොත් අලවිසැලක් ඈරඹීමට ආස හිතෙනවා, නමුත් විශ්ව විද්‍යාල යැමට අවශ්‍ය නිසා ඒ ආසාව මග හැරෙනවා.
පරණ ආසාවට අයේ පණ දෙන්න අවස්ථාව ලැබෙන්නේ කොරෝනා පලවෙනි රැල්ලේදි, මම දැක්කා මිනිස්සු ගෙවල්වලට කොටු වෙලා ඉන්නවා, ආපහු මිනිස්සුන්ගේ පරණ පුරුදු පොත් කියවන්න නැඹුරුවෙනවා දැක්කා, සමාජ මාධ්‍ය හරහා පොත් සෙවිමට නැඹුරු වෙනවා දැක්කා ඒ වගේම පොත් විකිණීම පමණක් වෙනවා, පොතක් ඇහුවම පාඨකයාට හරි විදිහට පොතේ අන්තර්ගතය විග්‍රහයක් නැති එක දැක්කා, ගොඩක් පාටකයන් මේ පොත කොයි වගේද, වගේ අහනවා දැක්කා, ආයතන මට්ටමෙන් මෙහෙම විග්‍රහ කරන එක දැක්කේ නෑ, මේ නිසා මගේ අත්දැකිමුත් එක්ක පාටකයාට කැමති විදිහේ පොතක් ලබා දිම එහේම නැත්නම් පොත මිලදී ගත්තාම “අපෝ ඒ පොත හරි නෑ” කියන්න පාඨකයට අවශ්‍ය නොවන ගෙවන මිලට උපරිම වාසි වෙන විදිහට පොතක් ලබා දිම ඒ වගේ ලංකාවේ අලුතෙන් නිකුත් වෙන පොත් ඉක්මනින් පාඨකයන්ට හදුන්වා දිම නිසා තමයි අපි විශේශ වන්නේ.
4. මේ වන විට ලෝකල් බුක් ෂොප් ක්‍රමයට වඩා ඔන්ලයින් බුක් ශොප් ක්‍රමය වර්ධනය වෙමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද..?
ඇත්තටම දැන් ලෝකයම online ක්‍රමයට හුරු වෙලා තියෙන්නේ, මම නම් කියන්නේ ලංකාවට ඔන්ලයින් බූක් ශොප් ක්‍රමය ආවා පරක්කු වැඩියි. මේ දැන් තියන ප්‍රවනතාවය ඇත්තටම හොදයි.පාඨකයාට වාසියි, තරඟකාරි වෙළඳපොලක් ඇති වෙනවා, මේ නිසා පාඨකයාට අඩුමුදලට පොත් ලබා ගන්නත් තියන හොදම ක්‍රමය මම දකින විදිහට ඔන්ලයින් බුක් ශොප් ක්‍රමයයි.
5. පසුගිය කාලයේ ලෝකල් බුක් ෂොප් ක්‍රමය වර්ධනය වීමේදී පොත් ව්‍යාපාරය තුල ඒකාධිකාරයක් ගොඩනැඟුනා. එක්තරා ප්‍රසිද්ධ ආයතන කිහිපයක් පමණක් පොත් මාකට් එක පාළනය කරන්නට පටන් ගත්තා. ඔබ හිතන විදිහට ඔන්ලයින් බුක් ශොප් ක්‍රමයේදීත් ඒ වගේ දෙයක් සිදුවේවිද..?
ඇත්තටම බෑ, කිසිම ආයතනයකට එකාධිකාරයක් පවත්වා ගන්න බෑ මේ ඔන්ලයින් බුක් ශොප් ක්‍රමය නිසා. මොකද දැන් මුද්‍රනයේ තියන පොතක් නම් පාඨකයාට හොයාගන්නවා කියන්නේ දැන් අසුරු සැනින් කරන්න පුලුවන් වැඩක්. හොඳම උදාහරනය 2020 තිබුනු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, එහිදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට පිළිගන්න වුනා ඔන්ලයින් බුක්ශොප් ලොකල් බුක්ශොප් ක්‍රමයට හොද තරගයක් දුන්නා කියලා. මම නම් කියන්නේ මේ වෙන කොට එකාධිකාරය ගොඩනගා ගෙන හිටපු ආයතනවලින් එය ගිලිහිගෙන යනවා වගේම අකමැත්තෙන් වුවත් ඔවුන්ටත් මේ ඔන්ලයින් ක්‍රමයට පරිවර්තනය වෙන්න වෙලා තියනවා.
6. නූතන තාක්ෂණයත් එක්ක මේ වන විට බොහොමයක් දේවල් වෙනස් වෙමින් පවතිනවා. ඔබ හිතන විදිහට තාක්ෂණයේ දියුණුව පොත් වෙළඳාමට යම් කිසි පහරක් වේවිද…?
පොත් වෙලදාමට පහරක් වදින්නේ නම් නෑ ඒත් භෞතික පොත් පරිශීලනයකරන පාඨකයාට නම් මේ ක්‍රමයෙන් පාඩුවක් වෙලා තියනවා. බෝහෝ විට ඉදිරියේදී මුද්‍රිත පොත්වල මිල ගනන් බොහොමයක් වැඩි වෙන්නත් ඊ බූක් අඩු මිලට මිලදි ගැනිමේ හැකියවත් ලැබේවි, හබැයි ලංකාවේ තව ටික කාලයක් යනකන් භෞතික පරිශිලකයන් නම් අඩුවෙන එකක් නැතිවෙයි. මොකද නූතන තාක්ෂනයට තාම හැකි වෙලා නෑ පොතක සුවද,පොතක් අල්ලනකොට දැනෙන ඒ හැගිම ලබාදිමට, ඒ නිසා මේ කර්මාන්තයට පහරක් නම් එල්ල වෙන එකක් නෑ.
7. ඔබ මේ ව්‍යාපාරය පටන් ගන්නෙ බොහෝම මෑතකදි. ඉතින් ඔබ පටන් ගත් ව්‍යාපාරයට වෙනත් ප්‍රකාශන ආයතන සහ විකුණුම් ආයතන වලින් ඔබට ලැබෙන සහයෝගය සහ මෙතෙක් ආ ගමනේදී ඔබට මුහුණපාන්නට සිදුවුණු අපහසුතා ගැනත් කතා කරමු…
ඇත්තටම සමහර ආයතන තියනවා, මට දුරකතනෙන් ඇමතුමක් විතරයි දෙන්න ඔනේ, මගේ ඇනවුම් වෙන් කරලා තියනවා, මුදල් ගැන ප්‍රශ්නයක් නොකරගෙන පොත් නිකුත් කරන ආයතන තියනවා, ඒ වගේම අලුත් පොත් නව ප්‍රවනතාවයන් දැනුවත් කරනවා, සමහර ආයතන පොත් ටික ගෙදරටම ගෙනත් දිලා යනවා පොත් ස්වල්පයක් මිලදී ගත්තත් ,සමහර වෙලාවට ඔවුන්ගේ ඉන්ධන වියදම මම මිලදී ගන්න පොත් ප්‍රමානයේ වටිනාකම්ටත් වඩා වැඩියි. ඒ වගේ සහයෝගය දක්වපු ආයතන තියනවා, ඒ වගේම සමහරු ඔන්ලයින් කියපු ගමන් පොත් දෙන්න බෑ කියපු ආයතනත් තිබ්බා. ඔය වගේ ප්‍රශ්න ආයතනික මට්ටමින් තියනවා. පෞද්ගලිකව ගත්තොත් මගේ උපාධි පාඨමාලාවේ අධ්‍යන කටයුතු එක්ක සිදුවෙන අපහසුතා තමයි ප්‍රධාන වෙන්නේ…
8. ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ පසුපසින් හිඳ උදව් උපකාර කල අයත් ඇති. ඒ අය ගැනත් මතක් කිරීමක් කරමු…
ඔව් ඇත්තටම ඒ උපකාර කල පිරිස නොවෙන්න අද මට මෙහෙම සාර්ථක වෙන්න බෑ, මගේ අක්කා, එයා නිතරම මගේ අධ්‍යන කටයුතු වෙනුවෙන් මම නිවසේ නොමැති වෙලාවට සියලුම කාර්‍යන් බලාකියාගන්නේ මගේ අක්කා සහ අක්කගේ ස්වාමිපුරුෂයා වෙන කසුන් අයියා, ඒ වගේම ශොප් එක කරගෙන යන්න තැනක් නැති වෙලාවක සන්ජය අයිය මට ඔහුගේ නිවස කිසිදු අයකිරිමක් නැතිව බාරදුන්න ව්‍යාපාරය කරගෙන යන්න, සම්හර වෙලාවට මුල්‍යමය ගැටලු වෙන අවස්තාවලදි පවිත්‍ර මල්ලි, සුබොද අයියා උදව් වෙලා තියනවා, ඒ වගේම දිලුශා නංගි නිතරම අලුත් අදහස් ලබා දෙනවා, ඒ වගේම මගේ විශ්‍ව විද්‍යාලයේ සහෝදරත්වය අමතක නොකරම බෑ, ඔවුන් උපරිම සහය දක්වනවා මට. ඒ වගේම මගේ පාඨකයන් අතරේ හොදම පාඨකයා වෙන්නේ මගේ අම්මා, එයා අනිවාර්‍යෙන්ම පොතක් අලුතෙන් ආවොත් පොත ගැන හොද විචාරයක් එයා දෙනවා, එක මට ගොඩක් උදව්වෙනවා. පොත කොයි වගේද කියලා අදහසක් මම ඉස්සෙල්ලම ලබා ගන්නේ ඇයගෙන් තමයි. ඒ වගේම පොත්මී සමුහයත් මතක් නොකරම බෑ මගේ page එකේ මම share කරන post එකක්වත් මග නොහැර අනුමත කරනවා ,මේක අවස්ථාවක් කරගන්නවා එයටත් මම ස්තුති කරන්න.
9. ඉදිරියේදි ඔබ පටන් ගත් මේ ව්‍යාපාරය කොයි ආකාරයෙන්ද වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙන්නෙ ..?
ඉදිරියේදි මිට වඩා පාඨකයාට නවමු අත්දැකිමක් ලබා දෙන්න සැලසුම් කිපයක් තියනවා එවා ක්‍රියත්මක කරන්න අදහස් කරන් ඉන්නවා,ඒ වගේම පැමිණ පොත් තොරගන්න කැමති පාඨකයන් වෙනුවෙන් පොත් හලක් ඇරඹීමට සැලසුම් කරගෙන යනවා මේ දවස් වල.
10. පාඨකයින්ට ඔබගෙන් මිළදීගැනීම් සිදුකිරීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම ගැනත් සඳහන් කරමු…
0702399003 whatsapp Message හරි දුරකතන ඇමතුමක් දිමෙන් හෝ අපේ SILVA BOOK SHOP facebook page එකට Message එකක් දැම්මොත් අපිව සම්බන්ධ කරගෙන ඕනම පොතක් මිලදී ගන්න පුලුවන්. නැත්නම් කුරුණැගල අවට ඉන්නේ නම් නිවසටම ඇවිත් තෝරලා පොත් ලබාගන්න හැකියාවකුත් තියනවා.
SILVA BOOK SHOP – https://www.facebook.com/silvabookshop
පොත්මී ප්‍රකාශන (පුද්) සමාගම
Comments
Post a Comment